සති කිහිපකට පෙර මුදල් අමාත්‍ය රවී කරුණානායක අන්තර්ජාතික මූල්‍ය අරමුදල නව දිල්ලියේ සංවිධානය කර තිබූ වැඩසටහනකට සහභාගී විය.
වැඩසටහන අවසානයේ ඉන්දියා ආර්ථික අමාත්‍යංශයේ නිලධරයෝ රවී කරුණානායක මහතා සෙවූහ.නමුත් ඔහුව සොයාගැනීමට නොහැකිවිය.
සියලුදෙනාම කලබලයට පත්වූහ.රටක අමාත්‍යවරයකු අතුරුදන්වීම යනු සුළුකොට තැකිය හැක්කක් නොවේ.
නමුත් පසුව අනාවරණය වූයේ රවී කරුණානායක ඉන්දියාවේ තම සගයා වන එරට මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරතව සිට ඇති බවය.ඔහු එම සාකච්ඡාවට ගොස් ඇත්තේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසාන වීමත් සමගම බවද හෙළි විය.
කෙසේවුවත් මෙම හමුව පැවැත්වුණු බව නිල වශයෙන් තහවුරු කෙරෙන තොරතුරු හෝ ඡායාරූප හෝ කිසිවක් නොමැත.එය රහසිගතව පැවැත්වී ඇති බවක් සැකකළ හැකිය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රවී හොයන්න දිල්ලි මෙහෙයුමක්
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 20 March 2016 08:03 PM
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන අවසාන වුණාට පස්සේ එයා කොහේ ගියත් ප්‍රශ්නයක් නැහැනේ. නමුත් මෙහිදී පෙනෙන්නේ ඉන්දීය නිලධාරීන්ගේත්, ආරක්ෂක අංශවලත් ඇති දුර්වලකමය (නි)
ගීතාංජලී Tuesday, 29 March 2016 09:20 AM
මොන තරම් රට විනාශ කරන පුද්ගලයෙක්ද කියල දැන ගන්න පුළුවන් වුනේ අපි පිට රට ඉන්න හින්දා දැන් මේ මිනිහ මුළු රටම පවා දෙනවා (බ)
ගගන Wednesday, 23 March 2016 10:38 AM
මසාජ් එකක් දාගන්න යන්න හොඳම අවස්ථාවනේ ? (බ)
බන්දු Wednesday, 23 March 2016 10:23 PM
ඇයි ඉන්දියාවට ඔච්චර බය? ඔව් ටිකක් බයයි වැසිකිලි උවමන නැහැ කියන උපදෙස අවොත්? එකත් අපේ අය බාරගනීවී සංහිදියාව අතිකොරන්න. (අ)
බෙන්තර මහේෂ් Sunday, 20 March 2016 11:26 AM
කවදාද කොළ හෝ නිල් ආණ්ඩුවක ප්‍රසිද්ධියේ කරන සැළසුම්, සාකච්ඡා තිබුණේ? කොහෙවත් යන කෝටිපතියෝ හරි විදේශිකයෝ හරි ටිකක් එකතු කරගෙන හොරෙන් ප්ලෑන් ගහලා අන්තිමේදී ජනතාවගේ ඔළුවට දාන එක නෙමෙයිද කළේ? (නි)
ජනක Monday, 21 March 2016 03:09 AM
නිම්මි, නොදන්නා දේවල් ගැන අදහස් පළනොකර අපි වාගේ නිහඬව ඉන්න.ඔයා දන්නවා නම් වෙනසක් තියෙන අයවැයක් හදලා පෙන්වන්නකො. (නි)
ඇන්ජලෝ Monday, 21 March 2016 08:38 PM
ඇයි ඉන්දියාවට ඔච්චර බය? (නි)
පිටිගල මිලානෝ Wednesday, 23 March 2016 01:35 PM
මිලානෝ පැමිණි ඉස්සර රත්තරන් ඇමැති කෙනෙක් සහ ලේන්සු දේශපාලකයෙක් ආව ගිය තැන් අපිත් එක්ක කියන්නේ ඒවාට අරන් ගිය අයම තමයි. කවුරුත් ප්‍රමාණයට වඩා විශ්වාස කරන්න හොඳ නැහැ. (බ)
උපේන්ද්‍ර Monday, 21 March 2016 04:02 AM
කාටවත් දැන ගන්න බැරි විදියට කතාකරන්න දේවල් තියෙන්න ඇති .කොහොමත් මෙයාල ඉන්දියාව කියන දේවල් නේ දැන් කරන්නේ. (බ)
නිම්මි Wednesday, 23 March 2016 02:58 PM
අනේ ජනක පොඩි ළමයෙකුත් ඔයිට වැඩිය හොඳයි. අනිත් එක මම දැම්මේ මගේ අදහස. ඔයා නිකම් කඩේ නොයා ඉන්න. අය වැය ඔච්චර හොද නම් මොකද ඒ දවස් වල ඔක්කොම පාරේ හිටියේ? (කෞ)
සයුරි Tuesday, 22 March 2016 09:53 AM
හොර සාකච්ඡාවකට ගිහින්ද?(හේ)
දුමින්ද Monday, 21 March 2016 06:26 AM
දෙවියනේ ඉන්දියාව උපදෙස් ගන්නවාද (බ)
නිම්මි Sunday, 20 March 2016 03:59 PM
හිටියා කියලත් වැඩි වෙනසක් නැහැනේ. එයා අයවැය හදන හැටි හිතනවා ඇති කොහෙටෙහරි වෙලා. (නි)
ආරච්චිගේ Sunday, 20 March 2016 06:12 PM
මං බය වුණා සුදු වෑන් සංස්කෘතියක්වත් ඉන්දියාවටත් බෝවෙලාද කියලා. (නි)
රමණි Tuesday, 22 March 2016 12:48 PM
මොකක්ද හොර මෙහෙයුම.(හේ)
සේන Tuesday, 22 March 2016 04:59 AM
මම හිතන්නේ අර මොකක්ද ගිවිසුම හදන්නේ කොහොමද කියලා උපදෙස් ගන්න යන්න ඇති.(ම)
චින්තක Thursday, 24 March 2016 06:46 AM
සතොසක් තියෙනවාද කියලා සොයන්න යන්න ඇති (නි)