IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට තම පුර්ණ සහාය ලබා දෙන බව රිෂාඩ් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිත පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් අද පැවැසුහ.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි  අලිකාන් ෂෙරිෆ් (Alikhan Sherif , මුසලි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුබිහාන්(AGH Subihan) යන මහත්වරුන්  ඇතුළු මුසලි ප්‍රාදේශීය සභාවෙ හිටපු  මන්ත්‍රීවරුන් වන ඒ.ආර්.එම්. රස්මින්, හනීෆ් මක්බූල්, එම්.එච්. එම්. කාමිල් අෂ්-ෂේක් අබ්දුර් රහ්මාන්  සහ මුසලි උලමා  සභා  හිටපු සභාපති එම්. තව්ෆීක්  යන මහත්වරුන් ඇතුළු  පක්ෂ ක්‍රියාකාරීහු රැසක් අද (09) කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවී මේ බව ප්‍රකාශ කළහ.

උතුරේ මුසලි ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රීවරයකු හැර සෙසු සියලු දෙනා ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයා වෙත සහාය පළ කිරීමට  ඉදිරිපත්ව සිටින බව මෙහිදී පෙන්වා දුන් එම නියෝජිතයන් පසුගිය ආර්ථික අර්බුදයෙන් රට  මුදාගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දිය යුතුය යන ස්ථාවරයේ සමස්ත ලංකා මහජන කොංග්‍රස පක්ෂය මුල සිටම සිටි බවත් පක්ෂ නායකත්වය ද එම ස්ථාවරයේ සිටි බවත්  පෙන්වා දුන්හ.



අදහස් (2)

රිෂාඩ්ගේ පිරිසක් රනිල්ට

nimilasiri Monday, 09 September 2024 07:39 PM

මේක හරියට ඉස්කෝලේ පොතේ තිබුණු හතර රියන් සහ දෙරියන් එළදෙන බෙදා ගත්තු කවි පන්තිය වගේ.... කන්න දෙන්න ඕන, වගා පාලුවට දඩ ගෙවන්න ඕන ඉස්සරහ බාගෙ ගත්ත හතර රියන්. ගොම, පෝර, කිරි ටික පස්ස කොටස ගත්තු දෙරියන්ට...!

:       29       14

සෙනෙවිරත්න Tuesday, 10 September 2024 09:02 AM

මේකෙන්ම පේනවා මෙයාලා බෙදුනාට රටේ ජනතාව ඔය අයගේ පස්සෙ යන්නෙ නැති බව ,සාමාන්‍ය ජනතාව මේ ගෙබි ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරලා ජාතික ජනබලයට සහයෝගය දෙනවා ඒකාන්තයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 52 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 90 0

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


රැජිනගේ ඉතාලි මාලිගය කෝටි 1660කට විකුණයි
2024 සැප්තැම්බර් මස 17 808 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ’’පල්මියෙරි විලා’’ ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට ත


ස්පාවකින් බලෙන් සල්ලි ගත් කොස්තාපල් අත් අඩංගුවට
2024 සැප්තැම්බර් මස 17 385 0

සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන පොලිස් කාන්තාවක සමග වැටලීමකට ආවැයි පවසා අනුරාධපුර සම්බාහන (ස්පා) මධ්‍යස්ථානයකට ඇතුළුවී එම ආයතනය සෝදිසි නොකර සිටීමට රුපියල්


නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 17 445 0

ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍ර


අනුන්ගේ වේදිකාවට නැග්ග තවත් අපෙක්ෂකයෙක් බස්සයි
2024 සැප්තැම්බර් මස 17 1306 0

ස්වාධීන ජනාධිපති අපේක්ෂක පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා පොළොන්නරුව පුලස්තිගම 400 නගරයේදී පැවැති සමගි ජන බලවේ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 91 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2151 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 998 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site