IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රැඳවුම් නියෝග යටතේ පසුවන  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ අනිද්දා (8) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය .

ඔහුගේ ඉල්ලීම අනුව අවශ්‍ය පහසුකම් සලසා දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තුවට රැගෙන එඑන්නැයිද වේත්‍රධාරිවරයා දැනුම් දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බදියුදීන් මහතා පාර්ලිමේන්තු පිවිසුම් අසලට රැගෙන එනු ලැබීමෙන් පසුව පාර්ලිමේන්තු පිවිසුමේදී පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන්ට බාර දිය යුතු බවත් එතැන් සිට පාර්ලිමේන්තු සංකීර්ණයට ඔහු රැගෙන එනු ලබන්නේ එම නිලධාරීන් විසින් බවත් වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

රැඳවුම් නියෝග යටතේ පසුවන රිෂාඩ් බදියුදීන් මහතා මෙයට පෙර පැවැති පාර්ලිමේන්තු රැස්වීම්වලටද වේත්‍රධාරී වරයාගේ දැනුම්දීම අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහි රැගෙන එනු ලැබීය.

මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් පදනම් කරගෙනය.

 



අදහස් (6)

රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට

Sri Lanka Sunday, 06 June 2021 11:27 PM

මේ නිතිය හිරේ ඉන්න හැමෝටම අදාලද? මොකක්ද මේ නීතිය?

:       0       3

බද්රානි Monday, 07 June 2021 02:12 AM

ඔබතුමා අපේ පාර්ලිමේන්තුවට අවශ්‍යම පුද්ගලයෙක්. අනික අර රන්ජන් රාමනායකලා වගේ කැලෑ කපලා ත්‍රස්තවාදී වැඩකරලා නැහැනේ ඔබතුමා. සුළු වැරැද්දක් කළත් පර සිංහලයෙකුගේ කීමට තමයි ඒ සුළු වැරැද්ද කරලා තියෙන්නේ... මේ රට ගොඩ ගැනීම ඔබතුමාලට බාරයි. පරයන් සමග එකතු නොවී, ඔබගේ ජාතිය සමග එකට එකමුතු වී කටයුතු කරන්න. ජය වේවා!

:       3       5

සමිත සේනක අලුත්ගමගේ. Monday, 07 June 2021 07:59 AM

රිෂාඩ් ව තියාගෙන හැමදාම ප්‍රශ්න කිරීමෙන් පමණක් වැඩක් නැහැ.හිටපු සේමණක් පාස්කු ප්‍රහාරයට දඬුවම් දෙන්නට බැහැ.ඊට ඉහළින් තිබෙන බලය බිඳ හිටපු සේනාධිනායනාධිනායකයා සුවසේ නිදැල්ලේ.ඔහු තමන්ගේ වගකීම නිසිලෙස ඉටුකළේ නැහැ.රහස් පොලීසියට පකයා අත්අඩංගුවට ගත යුතුයි.රිෂාඩ් පමණක් ගෙන තබාගෙන සිටීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැහැ.

:       2       6

Nuwan Monday, 07 June 2021 11:08 AM

පෝට්සිටි අනුමත කරගන්න ඕනේ නිසානේ ඔය මනුස්සයාව ඇතුළට ගත්තේ... දැන් කොරගත්තනේ... තවත් විහිළු නොකර එළියට දාන්න සර්...!!!

:       2       7

fairoos Monday, 07 June 2021 12:23 PM

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රවෘත්තියක් එනවා කියන්නේ තවත් මොනවාහරි විකුණන්නද දන්නේ නෑ..!!!

:       0       2

BamunuarachchiWednesday, 09 June 2021 08:59 AM

ඇයි හොයනවට බයයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 87 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 83 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 190 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 205 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


දිස්ත්‍රික්ක 8 කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 06 67 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජනපති ට්‍රම්ප් ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 441 1

අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 33 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site