(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු මව්බිම ජනතා පක්ෂයට අද (2) එක්වූහ.
බොරැල්ලේ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේ අද (2) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී හිටපු මන්ත්‍රීවරු තිදෙනා එම පක්‍ෂයේ සාමාජිත්වය ගත්හ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා ද එහිදී මව්බිම ජනතා පක්ෂයට එක්විය.
එහිදී රොෂාන් රණසිංහ මහතා එම පක්‍ෂයේ සභාපති ධූරයට ද, මහාචාර්ය චන්න ජයසුමන මහතා එම පක්ෂයේ උප සභාපති ධූරයට ද, මිලාන් ජයතිලක මහතා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස ද, පත් කළේය.
හිටපු පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා එම පක්‍ෂයේ කටාන ආසනයේ සංවිධායකයා ලෙස පත් කළේය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජන කරමින් පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත්වූ හිටපු ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට ද තරග කළේය.
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ මහාචාර්ය චන්න ජයසුමන මහතා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
මිලාන් ජයතිලක මහතා 2020 මහ මැතිවරණයේදී මහර ආසනය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රිකයෙන් පාර්මේන්තුවට තේර පත්විය.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
de silva Wednesday, 02 October 2024 03:01 PM
අපරාදේ ක්‍රිකට් ප්‍රශ්නෙට රනිල්ගෙන් ගේම ඉල්ලා හරි තැනක හිටගෙන හොඳ නමක් හදාගෙන සිටි රොෂාන් රණසිංහත් මේ කුණු ගොඩට එකතුවුණා... ඔහුට පොළොන්නරුවෙන් ස්වාධින අපේක්ෂකයෙක් ලෙස ඉල්ලුවත් දිනන්න පුළුවන්කම තිබුණා. මාලිමාව සමග හෝ සමගි බලවේගේ සමග එකතුවුණා නම් උඩින් දිනුම්... දැන් ඉතින් සොරිම තමයි... අපිට ඔයාවත් ගෙදර තියන්න වෙනවා කණගාටුවෙන් වුණත්...
sanath Wednesday, 02 October 2024 03:04 PM
හිතාගෙන ඉන්නේ අපි මෝඩයෝ කියලාද? හොරුන්ට ඡන්දෙ දීලා අමාරුවේ වැටෙන්න තරම් පිස්සුවක් අපට නැහැ, ඕකේ හොඳ ටිකක් හරි මිනිහෙකුට ඉන්නේ රොෂාන් රණසිංහ පමණි...
නම* Wednesday, 02 October 2024 03:07 PM
මැරුණු බල්ලෙකු හැර යන මැක්කන් එකින් එකා වෙන අතක් බලමින්...!
de silva Wednesday, 02 October 2024 03:34 PM
බල්ලා මැරුණාට පස්සේ මැක්කෝ ටික රොෂාන්ගේ ඇඟේ එල්ලිලා, රොෂාන් තවම ප්‍රමාද නැහැ. ඔයත් ඔය මැක්කෝ ඇඟේ එල්ලාගෙන දේශපාලන ජීවිතේ කාලකන්නි කරගන්නේ නැතිව, ස්වාධීන වෙන්න. එහෙම නැතිනම් කරන ව්‍යාපාරයක් කරගෙන නිදහසේ ජීවත් වෙන්න... ඔයා අරගෙන තියෙන්නේ ඔයාගේ ජීවිතේ ගත්තු මෝඩම දේශපාලන තීරණයක්...
දේවමිත්‍ර Wednesday, 02 October 2024 05:54 PM
ආයේ ආණ්ඩු පක්ෂයක ඉන්නවා බොරු. මේ අය බොරැල්ලෙම ඔෆිස් එක දාන්න ඇත්තේ ඒ බව තේරිලා වෙන්න ඇති.
සමන් විමල් Wednesday, 02 October 2024 06:31 PM
සිල්වා උන්නැහෙ හිතන්නේ රැල්ලට ගවයින් ගාල් කරාට සිංහයෝත් දක්කන්නට පුලුවන් කියල .
gunda Wednesday, 02 October 2024 06:31 PM
හරිම තොරතුරු නොදන්න තවත් කෙනෙකුට ගරහන නින්දා කිරිම ආදී සිංහලයන්ගේ සිට පැවත එනවෝ කැත පුරුද්දකි
අලබොන්ඩාThursday, 03 October 2024 01:48 PM
@gunda, ඔයා මේක ආදි සිංහලයන්ගේ සිට එනව කියල දැනගත්ත එක හොයාගත්ත මූලාශ්‍ර මොනවද කියල දැනගන්න පුළුවන්ද?