සංගීත පරපුරේ පුරුකක් වන ඉසුරු ජයරත්නගේ නවතම ගීතයක් පසුගියදා එළිදැක්වීය. ටී.එම්. ජයරත්නගේ පුත්‍රයා වන ඉසුරු ජයරත්න සමග එක්වූ මොහොතකි මේ.
අලුත් තොරතුරු මොනවාද?
මගේ අලුත් ගීතය රංගන කියලා මල්ලි කෙනෙක් ලිව්වා. එයාම විෂුවල් කළා. ලක්ෂ්මන් හිල්මි තමයි සංගීතවත් කළේ. රංගනගේ උනන්දුව මත තමයි මේ හැමදේම වුණේ. හොඳ නිර්මාණයක් හැටියට මම ඒ දේ අගය කරනවා. ඉතිං බලන්න ඕනේ රසික ප්‍රතිචාර කොහොමද කියලා.
වෙනත් වැඩ කටයුතු කොහොමද?
පසුගිය දවස්වල ප්‍රසංග කිහිපයක් තිබුණා. ඊට අමතරව විශේෂයෙන් කියලා දෙයක් නැහැ. ගුරු වෘත්තිය කරගෙන එදිනෙදා වැඩ ටිකත් එක්ක කාලය ගෙවනවා.
දැනට ගීත කොපමණ ප්‍රමාණයක් එළිදක්වලා තියෙනවාද?
දැනට ඒක පුද්ගල ගීත තිහකට ආසන්න ප්‍රමාණයක් එළිදක්වලා තියෙනවා. විවිධ තේමාවලට වරින් වර කරපු ගීත ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නෙ දැනට අවුරුදු පහළොවක් තිස්සේ කරපු දේවල් තමයි. නමුත් රසිකයන්ගේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ පියාගේ ගීතයි. ඒ නිසා අපේ දේවල්වලට වැඩිය තාත්තාගේ දේවල්වලට තියෙන්න ඉල්ලුම වැඩියි. අපිනේ ඒ දේත් ඉස්සරහට ගෙන යන්න ඉන්නේ. ඒකනිසා බැහැයි කියලා වෙන දෙයක් කිව්වොත් හරි නැහැ කියලා හිතනවා. ඒක නිසා තාත්තාගේ ගීත පහක්, හයක් කියන කොට අපේ ගීත දෙකක් තුනක් වගේ තමයි කියන්න වෙන්නේ.
ඔබගේ ඉදිරියට මේ කාරණාව බලපානවාද?
එහෙම්මම කියන්න අමාරුයි. තරාදියක තියලා කිරණවා වගේ වැඩක්. ටී.එම් ජයරත්නගේ පුතා කියලා තමයි ඉසුරු ජයරත්නව දන්නේ. මම ක්ෂේත්‍රයට ආවේ 1999 හෝ 2000 වර්ෂයේදී වගෙයි. ඒ "චන්ද්‍රමණ්ඩලයෙන් පායා එන්න සිනා සී" කියන ගීතය හරහායි. නමුත් තවමත් ප්‍රතිචාර තියෙන්නේ තාත්තාගේ ගීත නිසා ප්‍රසංගවලදී 90% ක්ම ගායනා කරන්න වෙන්නේ තාත්තාගේ ගීතයි. හරි අමාරුවෙන් තමයි අපේ ගීතයක් ගායනා කරන්නේ. වෙලාව සහ වාසනාව තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. අපි කරන ගීත හිට් වෙන්නත් ඕනේ. තාත්තාගේ ගීත නැති කරගන්නෙ නැතුව ඉන්නත් ඕනේ. ලංකාවේ ගොඩක් අය ටී.එම්ගේ පුතා කියන ආදරයත් එක්කයි බලන්නේ. පොඩි ලේබල් එකකුත් වදිනවා. ඒක කඩාගෙන වෙනත් ගායකයෙකු ලෙස ඉදිරියට යන්න බැහැ. ඉසුරු ජයරත්න කියලා විතරක් අනන්‍යතාවකින් එන එක බාධා වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රසිකයන්ගේ ගොඩක් ඉල්ලුම තියෙන්නේ පියාගේ ගීතයි