IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


රසිකයන් මා හඳුනන්නෙ නැතත් මාගේ ගීත 100 කට අධික ප්‍රමාණයක් අහලා තියෙනවා

2016-09-06-ent-27

ප්‍රවීණ මෙන්ම නවකයන් වෙනුවෙන් ගීත නිර්මාණය කර දෙන ශයන් ප්‍රනාන්දු ශබ්ද ඉංජිනේරුවරයෙකු, සංගීතවේදියෙකු, ගායකයෙකු මෙන්ම වාදකයෙකු වෙයි. කුඩා කල සිට තමන් ප්‍රගුණ කළ සංගීතය හසුරුවමින් අනාගතයේ ගායන තරු බිහි කිරීමට සැරසෙන ශයන් "සාරවිට" සමගින් ඔහුගේ අත්දැකීම් බෙදාගත්තේ මෙලෙසිනි.

 

මුලින්ම කවුද මේ ශයන්?

2016-09-06-ent-30මොනවද මේ ශයන්ගේ දස්කම් විස්කම්? මම ශබ්ද ඉංජිනේරුවරයෙක්. සංගීතවේදියෙක්, ගායකයෙක් හා වාදකයෙක් ලෙස කටයුතු කරනවා. මගේම කියලා ශබ්දාගාරයක් ගොඩනගාගෙන නවක තරු බිහිකරන අතරම ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ සංගීත වැඩකටයුතු කරගෙන යනවා.

 

ශයන් කොහොමද සංගීත ගමනට මුලපිරුවේ?

මගේ පෙරපාසල් අවධියේ තමයි මම සංගීතයට මෙන්ම සංගීත භාණ්ඩ වාදනයට ආසාවක් ඇති වුණේ. පුංචි ඩොල්කියක් සහ ඕගන් එකක් මට තිබුණා. කනට ඇහෙන සෑම ගීතයකටම මම මේ වාදන භාණ්ඩ දෙක හසුරවන්න පුරුදු වුණා. ගීතයක් ඇහෙද්දී ඒ ගීතයේ වාදනය කර තිබෙන වාදන භාණ්ඩ වෙන වෙනම හඳුනාගන්න මට පුළුවන් වුණා. මම 2 වසර ඉගෙනුම ලබන විට (මහනුවර ශාන්ත අන්තෝනි පිරිමි විදුහල) පෙරදිග තූර්ය වාදක කණ්ඩායමට තම්මැට්ටම් වාදකයෙකු ලෙස මාව තෝරාගනු ලැබුවා. එම වසරේදීම දක්ෂම සංගීත සිසුවාට හිමි සහතිකයෙන් මම පිදුම් ලැබුවා. පාසල් සංගීත කණ්ඩායම්වලට සංගීතය සපයන්න මට අවස්ථාව ලැබුණා. ඒ අතරතුර රූපවාහිනී සංගීත වැඩසටහන්වලටත් ඉදිරිපත් වුණා. උසස් පෙළ අවසන් කළාට පසුව මට සියලු වාදන භාණ්ඩ වාදනය කරන්න මගේම හැකියාවක් තිබුණා. කිසිම ගුරුවරයෙක් නැතුව මම සංගීත භාණ්ඩ නිවැරදිව හසුරවන්න පුරුදු වුණා.

 

ශයන් අද ඔබ වෘත්තියක් වශයෙන් මෙය තෝරාගෙන තිබෙනවා. මේ වනතුරු ආපු ගමන් මග කොහොමද?

ඉතාම දුෂ්කර ගමන් මාර්ගයක් තමයි මට තිබුණේ. පාසල් අවධියෙන් පසු 2011 කොළඹ නගරයේ ස්ථාන කීපයක සංගීත පන්ති පැවැත්වූවා. එහිදී මට මුණගැසුණා Torana ආයතනයේ සේවය කරන ගීතදේව අයියා. ඒ හමුවීමෙන් පසුව තමයි මට ශබ්ද ඉංජිනේරුවරයෙක් වෙන්න කැමැත්තක් ඇති වුණේ. හෝමාගම ඔහුගේ පාඨමාලාවක් හදාරන්න මට අවස්ථාවක් ලැබුණා. ඔහුගෙන් මම ලබාගත් දැනුම සමගම මට දැවැන්ත ගමනක් යන්න පුළුවන් කියලා මට දැනුණා.

ඉන්පසුව 2014 වර්ෂයේ මගේම කියලා මගේ නිවසේ කොටසක් බොහොම අමාරුවෙන් දුෂ්කරතා මැද පුංචි ශබ්දාගාරයක් ගොඩනගා ගත්තා. ඒ පටන්ගත්ත ගමනෙන් පසු මොනතරම් අවහිර බාධක පීඩා මැදින් ආවත් මට අධිෂ්ඨානයක් ඉලක්කයක් තිබුණා. නවකයන් සමග ගීත රැසක් කළා. ඊට අමතරව ගුවන් විදුලි නාළිකා කීපයක් සමග සම්බන්ධ වී වැඩ කළා. ඉන් පසුව PLANET ආයතනයේ ශබ්ද ඉංජිනේරුවරයා ලෙස සේවය කළා. මේ දිනවල Illution ආයතනයේ මගේ Universal Ray Audio Lab එකේ නවකයින් රැසක් හා ගායික ගායිකාවන් රැසක් සමග වැඩ කරගෙන යනවා. සංගීත පන්තිත් ආරම්භ කර තිබෙනවා. රූපවාහිනී නාළිකාවක් සමග වැඩ කටයුතු කරගෙන යනවා.

 

මේ සංගීත ජීවිතේ ගැන යමක් කීවොත්?

ඇත්තටම මම හරිම සතුටින් මේ වැඩ කරගෙන යන්නේ. සංගීතවේදියෙක්, ශබ්ද ඉංජිනේරුවෙක් විදියට මම හරිම සැහැල්ලුවෙන් හුදෙකලා ජීවිතයක් ගෙවනවා. සිතට බලපාන දුක් කරදර චිත්ත පීඩා සියල්ල මොහොතකට හෝ මගහරවා ගන්න වයස සීමාවක් නැතිව මේ සංගීතය රසය විඳින්න කිසිම කෙනෙකුට තහනමක් නෑ. ඒ ගැන හිතලත් මම සතුටු වෙනවා.

 

ශයන් ඔබ දැනට ගීත කීයක් විතර නිර්මාණය කර තියෙනවද?

මම කරපු ගීත දැනට 100කට වඩා තියෙනවා. ඒ අතරින් ජූඩ් රොගන්ස්ගේ "අහස් ගව්ව", නිලූක වීරසිංහගේ "තව කඳුළු නෑ", සනත් උඩුගමගේ "අසංවර දෑස" වැනි ගීතද, මම ගායනා කරන "වේදනා දුක දරා", "හුස්මක් පුරා", නවකයින්ගේ "හිතක් නැති කෙනෙක්", "නෑ කඳුළු ආයේ", "රවටන්න තව මාව", "සමනලියේ මගේ" වැනි රසික රසිකාවියන් අතරේ ජනප්‍රිය වූ ගීත කීපයක්. විශේෂයෙන්ම කියන්න ඕනි ගොඩක් දෙනා මාව හඳුනන්නේ නැති වුණාට මගේ ගීත අහනවා. මොකද දැනට ලංකාවේ ඇහෙන සිංදුවලින් කොටසක් මගේ නිර්මාණ නිසා.

 

මේ දිනවල හා ඉදිරි දිනවල වැඩ කටයුතු?

මේ දිනවල මියුසික් වීඩියෝවල වැඩ වගයක් කරගෙන යන අතර, මම කරන සෑම ගීතයකටම රූපමය රචනාවක් කිරීමත් ආරම්භ කර තිබෙනවා. ඒ සමගම ඇමෙරිකාව, එංගලන්තය, ඩුබායි, ඉතාලිය යන රටවල්වල ඉන්න ශ්‍රී ලාංකිකයනක් රැසක් මගේ ශබ්දාගාරය හරහා ගීත නිර්මාණය කරගෙන යනවා. මේ නිසා මොනම රටක හිටියත් මා සමග සම්බන්ධ වී තමන්ගේ ගායන කුසලතාව එළි දැක්වීමට අවස්ථාවක් ලබාදීමටද මම සූදානමින් සිටිනවා. ගායක ගායිකාවන් රැසකගේත්, නවකයින් රැසකගේත් ගීත රැසක් ඉදිරියේදී රසිකයන් අතරට යැවීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අතරම මම නිතර උත්සාහ කරන්නෙ වෙනස් විදියේ නිර්මාණ නිකුත් කරන්න සහ රසිකයන්ට උපරිම වින්දනයක් ලබාදෙන්න. දැන් ලංකාවේ යන සංගීත රටාවන් සමග ලොකු තරගයක් තියනවා සින්දුවක් ජනප්‍රිය කරගන්න. නමුත් ලොකු වෙනසක් සමගම වෙනස් නිර්මාණයක් කළොත් ඒක නිරන්තරයෙන්ම ජනප්‍රිය වෙනවාමයි.

 

විශේෂයෙන් සිහිපත් කිරීමට අය ඉන්නවාද?

ඇත්තෙන්ම ඔව්, පළමුවෙන්ම මගේ අම්මා, මගේ හැම සාර්ථකත්වයටම අත්තිවාරම ඇයයි. අද මාව මෙතනට ගෙනාවේ සෑම අභියෝගයක්ම ජය ගැනීමට ශක්තිය දුන්නේ ඇයයි. මගේ පළමු ගීතය පද රචනය කළෙත් මගේ අම්මා. ඇයගේ ශක්තිය ආශීර්වාදය මම පළමුවෙන්ම සිහිපත් කරනවා.

තවද මාගේ ගීතයන්ට ගායනයෙන් සහය වන මාගේ සෙවණැල්ල මෙන් ළඟ ඉන්න මාගේ අක්කා රංගි ප්‍රනාන්දු වගේම, මගේ දුක සැප දෙකේම ළඟින් ඉන්න ඇයගේ සහකරු නන්දන අයියාත් මම සිහිපත් කරනවා.

විශේෂයෙන්ම මගේ පුංචි (සුමිත්‍රා කුමාරි හේරත්), එරික් ප්‍රසන්න වීරවර්ධන මැතිතුමා, ප්‍රගීත් අයියා, ලක්මාල් අයියා, එරංග අයියා, නුවන් අයියා, රොෂාන් ඈපාසිංහ, ප්‍රසන්න, රොෂාන් අයියා, රුසිරු, නිලූක, ශානුක, මා සමගින් ගීත නිර්මාණය කරපු සෑමදෙනාටමත් නන් අයුරින් සහාය දුන් සියලු දෙනාටත් ස්තූති කරනනට මෙය මං අවස්ථාවක් කරගන්නවා.

විශේෂයෙන්ම මේ සියලු කටයුතු ඉතාමත් සාර්ථක කරගැනීමට මා ළඟින්ම සිටින මගේ ආදරණීය බිරිඳ ශයනි සහ මෙම ලිපිය කියවන පාඨක ඔබ සැමටත් මාගේ අවංක ස්තූතිය පිරිනමනවා.

මා සම්බන්ධ කරගැනීම සඳහා 076-7200699‘, 077-6100699 දුරකථන අංක ඔස්සේ හෝ Shayan Fernandoz ෆේස්බුක් ගිණුම මෙන්ම මාගේ E-mail – [email protected] හරහාද රසික රසිකාවියන්ට විස්තර ලබාගත හැකිවේවි.

2016-09-06-ent-29
2016-09-06-ent-28



අදහස් (0)

රසිකයන් මා හඳුනන්නෙ නැතත් මාගේ ගීත 100 කට අධික ප්‍රමාණයක් අහලා තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 17 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 628 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1246 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2874 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3245 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 378 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site