IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රෝසාගේ කුලුඳුල් දරුවා අවුරුදු 25කට පසුව හමුවෙලා

2016-10-26-ent-23

ප්‍රසන්න රෝසා කියන්නේ අද වන විට ලංකාවට බිහි වෙලා ඇති දක්ෂ ගිටාර් වාදකයෙක්නෙ. ඉතිං ඔහුගේ කුලුඳුල් දරුවා අවුරුදු 25කට පස්සේ නැවත හම්බෙලා කියලා තමයි දැන ගන්න ලැබුණේ. මේ ඒ පිළිබඳව ප්‍රසන්න රෝසා තම ෆේස්බුක් ගිණුම් සටහන් කර තිබුණේ මේ විදිහටයි.

තමාගේ කුලුඳුල් දරුවා තමුන්ගෙන් ඈත් වෙලා ඉඳල අවුරුදු 25 කට පසුව නැවතත් තමා ළඟට ආවාම දැනෙන සතුට කොයිතරම්ද.......?

මෙන්න මේකයි කථාව.......!

2016-10-26-ent-25හරියටම මීට අවුරුදු 25 කට කලින් ‘Marians’ලට join වුණේ, මට අද වගේ මතකයි මම නලින් පෙරේරා ගේ හලාවතම මහ ගෙදරට ගියවෙලේ මාව band එකට අරගෙන OK එක දීල මට කිවුවා “මචං රෝසා.. උඹට දැන් Guitar එකක් ගන්න ඕන ...”

1991, මම Marians ලට join වෙනකොට Marians ල play කළේ Sohan & the Experiments sounds වලින්, එතකොට එතන sound engineer තමයි ‘කරූ’ අපි එයාට කිවුවෙ sound කරූ කියල, නලින් call එකක් ගත්තා කරූ ට , “මචං කරූ....... අපිට lead guitar එකක් හොයල දීපංකො”...! එතකොට කරූ කිවුව ... “මචං නලියා..., Sohan ගෙ sister and brother in law, America ඉඳල ලංකාවට ආවා, ඒ එනකොට ගෙනාපු guitar එකක් තියෙනවා” කියල....ඒ තමයි මේක........Fender Stratocaster made in U S A.

ගත්ත ගණන් අහන්න නම් එපා හරිද...?

ඉතිං නලින් මේක අරන් දුන්න කියමුකෝ...ඉතිං අවුරුද්දක් දෙකක් ගහගෙන යනකොට පටන් ගත්ත රූකාන්ත සහ චන්ද්‍රලේඛාගේ ‘රූ සඳ රෑ:’ show එක, මට මතක හැටියට 1993 නේ අවසාන බාගේ වගේ. ඒ වෙනකොට අපි (marians) play කළෙ රත්නපුරේ ‘cey sounds’ වලින්, රූකගේ show එකේ අපිට play කරන්න තිබුණා ‘මේ දිගන්තයේ’ කියන song එක. අන්න එයා තමයි මේ කථාවේ turning point එක වුණේ. ඒ සින්දුවේ solo එක ගහගන්න මට නම් මේ fender guitar එකෙන් බැරි වුණා. ඒකට හේතුව වුණේ frets 22 ක් නිසා. ඒ නිසා මේක cey sound එකට දීලා අතිනුත් ගාණක් දීල ගත්තෙ aria pro 2, guitar එක.

(ඒ කාලේ fender වල වටිනාකමක් හරියට දැනගෙන හිටියේ නැ එකයි..)

පසුව මම මේක නැවත හොයන්න පටන් ගත්ත...අවුරුදු 20 කට විතර පස්සෙ.. මොකද මේක මගෙ පළවෙනි electric guitar නෙ, මේක සමරුවකට හරි මට තියාගන්න තිබුණානම් හොඳයි නෙ කියල, මීට සති ගණනකට ඉස්සෙල්ල cinnamon grand හොටෙල් එකේදි හම්බ වුණා cey sound එකේ පරණම සහ ප්‍රධානම ගෝලයා ‘කිත්සිරි’ ව ...අපි එයාට කිවුවෙ ‘කිත්ත’ කියල. මේ photo ඉන්නේ කිත්සිරි තමයි, මම කිවුවා “කිත්ත...., කෝ බං අර fender guitar එක?” කියල..., එතකොට කිත්ත කිවුව.,,, “රෝසා අයියේ ඒක මා ළඟ තියෙනවා” කියල. එතැනින් පස්සේ විස්තර ගොඩාක් තියෙනවා ..ඒ සේරම ලියල ඉවර කරන්න බෑ.... සතුට වැඩියි.

කෙසේ හෝ කිත්සිරිගෙ තිබුණ නිහතමානී ගතිගුණ නිසාත් එහි නියම උරුමක්කාරයා කවුද යන්න වග දන්නා නිසාත්, නැවත එය නොමිලේම මගෙ අතට පත්කළා.

මට මෙය මිල කරන්න බැරිය, එය හොඳින්ම කිත්සිරි විසින් පරිස්සම් කර ඇත.., මට මේක නැවත ලැබීම, මාගෙන් ඈත්වෙලා ඉඳපු මගේම දරුවෙක් නැවත මා සොයාගෙන ආව වගේ, කිත්සිරි....මා ඔබට සදා ණයගැතියි .......!

 

2016-10-26-ent-24
2016-10-26-ent-22



අදහස් (0)

රෝසාගේ කුලුඳුල් දරුවා අවුරුදු 25කට පසුව හමුවෙලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 115 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 142 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 154 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 564 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 897 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 269 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39761 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 384 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site