IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රිසානාගේ මවට පියාට අඬන්න කඳුළුත් නෑ

සෞදි අරාබියේදී මරණ දඬුවමට ලක්ව හිස ගසා මරා දැමුනු රිසානා නෆීක් ගේ මාපියෝද නංගී සහ මල්ලීද දැඩි ශෝකයට පත්ව සිටියහ.
මුතූර් සාපිනගර් ප‍්‍රදේශයේ රිසානාගේ නිවස පිහිටා තිබිණි. එය වටේට තහඩු ගසා පොල් අතු සෙවිලි කල මඩුවක් වැනි නිවෙසකි. අද (9) පස්වරුවේ අප එහි යනවිට එම නිවසේ සිටියේ රිසානාගේ මව ෆරීනා නෆීක් (43) සහ නැගණියන් දෙදෙනා වන රිෆ්නා සහ රිෆ්කා ද මල්ලී රිෆ්කාන් පමණි. රිසානාගේ පියා මීට තෙදිනකට පෙර උණ රෝගය වැළඳීම නිසා රෝහල් ගත කර සිටියි.
රිසානාට මරණ දඬුවම ලබාදීමේ ආරංචිය ලැබීමත් සමග සාපි නගර් ගමේ විශාල පිරිසක් රිසානාගේ නිවෙසට පැමිණ සිටියහ.
රිසානාගේ මව සහ ඥාතීන් කිසිත් කීමට නොහැකි තරම් ශෝකයකින් පසුවූ අතර අසල්වැසියකු වූ කබීබ් මොහොමඞ් තවුෆික් මහතා මෙසේ පැවසීය.
එයා රට යනකොට පොඩි ළමයෙක් රිසානා පවුලේ වැඩිමලා. ඒ අයට ගොඩක් ආර්ථික ප‍්‍රශ්න තිබුණා. රිසානා රට ගියේ ඒ ආර්ථික ප‍්‍රශ්න වලට විසඳුමක් සොයන්නයි.
රිසානා ගමේ ඉන්න කාලේ අපි කාටත් උදව් කළා. ගමේ පොඩි දරුවන් බලාගත්තා. ඔවුන්ට ආගම උගන්වන්නත් ඇය හරිම කැමතියි. ගමේ සියලූමදෙනා සමග ඇය ඉතා සුහදව ඇසුරු කළා. ඇගේ වෙන්වීම අපට අදහගන්නත් බැහැ.
ඇය රට ගිහින් අවුරුදු හත අටක් පමණ වෙනවා. සෞදියේදී මෙම වරදට හසුවීමෙන් පසුව ඇයට කවදාහෝ නිදහස ලැබේයැයි අප බලාපොරොත්තු වුණා. රිසානා අද හෝ හෙට ඒවියැයි අප හැමදාම බලාපොරොත්තු වුණා. ඒත් ඇය ආවේ නැහැ. ඇය දැන් ජීවතුන් අතර නැහැ. රිසානාගේ පවුලේ වගේම ගමේ අයගේ එකම බලාපොරොත්තුව රිසානාගේ දේහය හෝ ගමට ගෙන්වා ගැනීමයි. ඒ සඳහා උපකාර කරන ලෙස රජය ඇතුළු සියලූම අංශ වලින් ඉල්ලා සිටිනවා.
ඇය පණපිටින් ලංකාවට ගෙන්වාගැනීමට නොහැකි වුණත් ඒ සඳහා අවංකව කැපවූ පිරිසට අප ස්තුති කරනවා. රිසානාගේ පවුලේ අය වගේම මුළු ගමම ඇගේ වියෝවත් සමග එකම පවුලක උදවිය ලෙස ශෝක වෙනවා. අද මුළු සාපිනගර් ගමම මළ ගෙදරක් බවට පත්වෙලා.
රිසානාගේ තාත්තා ජීවත් වන්නේ කැලයට ගොස් දර කපා විකිණීමෙන්. රිසානාගේ මව රැකියාවක් කරන්නේ නැහැ. ඔවුන්ට තවත් දරුවන් තිදෙනකු සිටිනවා. ඒ පවුල දැන් ආර්ථික වශයෙන් මෙන්ම මානසිකව අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා.
ඔවුන්ට ඇති එකම සේසත ගොන් බානක් සහ කරත්තයක් පමණයි. ඔවුන් ජීවත්වන කුඩා ටකරන් මඩුව වැස්සට තෙමෙනවා. කුසගින්න නිවාගන්නෙත් බොහෝ අසීරුවෙනුයි. රිසානා රට ගියේ එම තත්ත්වයෙන් තමාගේ පවුල මුදවා ගන්නයි. නංගිලා දෙන්නාටත්, මල්ලීටත් ඉගැන්වීම තමාගේ එකම අරමුණ බව රිසානා රට යන්න පෙර අපට පැවසුවා. නමුත් ඒ බලාපොරොත්තු ඉටුකර ගන්නට ඇයට හැකිවුණේ නැහැ.

රිසානා ජීවත් වූ නිවෙස



අදහස් (0)

රිසානාගේ මවට පියාට අඬන්න කඳුළුත් නෑ

මාලි Thursday, 10 January 2013 01:40 AM

තමන්ගේ දරුවාව මරුවාට පස්සේ මොනතරම් කනගාටුවක් ඇතිද (දී)

:       0       0

ෆාරුක් Thursday, 10 January 2013 10:57 AM

ඔබට නිවන් සුව දුවේ (දී)

:       0       0

අසිරු මීගහතැන්න Wednesday, 09 January 2013 07:17 PM

පිහිටක් නැති සරනක් නැකි මේ සසර දනවිවේ.................... අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ............................... අපි රිසානාට නිවන් සුව පතමු...... (ස)

:       0       0

අල්විස් Thursday, 10 January 2013 01:45 AM

මට ඇත්තටම ඔබ දේපල ගැන කනගාටුයි (දී)

:       0       0

කුරුවිට Wednesday, 09 January 2013 07:17 PM

අරාබි අයට හිතක් පපුවක් නැද්ද ? (ස)

:       0       0

දුසන්ත යග්ගහව්ට Thursday, 10 January 2013 01:52 AM

රිසානාට අපි ගෙයක් හදලා දෙමු. (නි)

:       0       0

ඩොනල් Thursday, 10 January 2013 06:51 PM

නොකර වරදට ජීවිතෙන් වන්දි ගෙව්වා. දුවේ ඔබ සාමදානයෙන් සැතපේවා (ස)

:       0       0

රොහාන් Friday, 11 January 2013 12:31 AM

මෙවැනි දෙයක් මතු ආත්මයකදීවත් ඔබට නොවේවා. නිවන්සුව පතමි !! (ස)

:       0       0

රොහාන් ජිම් Wednesday, 09 January 2013 07:16 PM

මෙය ඉතාමත්ම කණගාටුදායක කතාවක්. අපේ රටේ ජනතාව රිසානාගේ පවුලට උදව් කළ යුතුයි. (ස)

:       0       0

මොහොමඩ් - බේරුවල. Thursday, 10 January 2013 11:12 AM

රිසානාට අත්වූ ඉරණම කිසිවෙකුටත් නොවේවායි ප්‍රාර්ථනා කරමි. ලෝවැසි ජනයා කම්පා කරමින් අවසන් ගමන් ගිය රිසානාට ස්වර්ගය හිමිවේවායි ද පතනෙමි. මෙරට නීතියවත් හරියට නොදන්න අප එරට නීතිය දන්නේ කෙසේ ද? ෂරීආ නීතිය මිනිස් වර්ගයාගේ යහපත පිණිසම මිස මිනිසා හිංසනයට ලක්කිරීමට නොවන බව පැහැදිලි වන්නේ එහි ඕනෑම වරදක වුවත් වරදට දඩුවම් කිරීමට වඩා ''සමාව දීම උතුම් යැයි'' සදහන් වන බැවිනි. ඕනෑම රටක දැඩි දඩුවම් පමුණුවා ඇත්තේ ද වරදින් මිදීම සදහාය, වරද කළොත් දඩුවම් විදිය යුතුය. නමුත් ෂරීයා නීතියට අනුව අගතියට පත් පාර්ශවය සමාව දුනහොත් දඩුවම් නොලැබේ. මෙවැනි අවස්ථාවක අගතියට පත් පාර්ශවය විසින් චූදිතට දඩුවම් කිරිමට වඩා සමාව දීම උතුම් යැයි කුරානය පුන පුනා කියා සිටී. ඇය බේරාගැනීමට උත්සාහ ගත් සියළුම දෙනාට පිං ලැබේවායි පතමු.... (නි)

:       0       0

චමී Thursday, 10 January 2013 11:09 AM

ඇත්තටම දුකයි . වැරැද්ද වුණෙ අත්වැරදීමකින් නම් වෙන දඩුවමක් ලබා දෙන්න තිබුණා නේද ? (ස)

:       0       0

සංජීවනී Thursday, 10 January 2013 02:12 AM

රිසානා නැගණියට අපගේ බලවත් ශෝකය! (නි)

:       0       0

අනුර ගුණවර්ධන Wednesday, 09 January 2013 07:25 PM

අපි හැමෝටම දුකයි. මේ වගේ කුඩා දරුවන්ට යහපත් අනාගතයක් උරුම කර දිය යුතුයි. (ස)

:       0       0

අජිත් Thursday, 10 January 2013 07:06 PM

පව් අසරණයෝ (දී)

:       0       0

දුමින්ද Thursday, 10 January 2013 11:14 AM

අපේ කනගාටුව (දී)

:       0       0

කුමාර Monday, 14 January 2013 08:56 PM

අල්ලා කියලා දෙවියෙක් ඉන්නවා නම් ඒ දෙවියාගෙ ඇස් අන්ධ වෙලා‍ද හිටියෙ මේ අසරණීගේ බෙල්ල කපලා දානකල්? ඒ කෙසේ වෙතත් මේ රටට අපේ රටේ මිනිසුන් යවන එක වහාම නවතා දැමිය යුතුය. අනික තානාපති පමණක් ගෙන්වලා වැඩක් නැහැ. සෞදියේ ඉන්න සියළුම ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙනවා ගැනීමට රජය ක්‍රියා කළ යුතුය. (නි)

:       0       0

සිසිර Sunday, 13 January 2013 01:26 PM

කෝ මේ මානව හිමිකම් ආයතන? (නි)

:       0       0

උපාලි Thursday, 10 January 2013 02:23 AM

‍අල්ලා දෙවියනි, සෞදි මිනිසුන්ට හදවතක් දෙන්න. (නි)

:       0       0

දිලානි Thursday, 10 January 2013 02:24 AM

කියා ගන්න වචන නැහැ (දී)

:       0       0

පෙඩ්රික් Thursday, 10 January 2013 02:28 AM

ලංකාවේ ආර්ථිකයේ ආශ්චර්යය! (නි)

:       0       0

රොෂාන් Friday, 11 January 2013 12:30 PM

අම්මේ අපි ලාංකිකයෝ. සැමදා අපි ඔබ සමගයි (දී)

:       0       0

සුනිල් Thursday, 10 January 2013 02:27 AM

සංවේදී අවස්තාවක් (දී)

:       0       0

සංජීව Thursday, 10 January 2013 11:29 AM

කවුරු මොනවා කීවත් නොවිය යුත්ත වෙලා ඉවරයි, බලධාරීන් මේකට මැදිහත් වෙනවා කියා දැක්ක වෙලාවේ ලොකු සතුටකට පත් වෙලා ක්මාන්ට් එකකුත් දැම්මා අංහිසක පුංචි දුවේ මතු උපදින කිසිම ආත්මයක මෙසේ වූ විපතක් නම් නොමවේවා ඔබට නිවන් සුව ලැබේවායි හදවතින්ම පතමි. (ස)

:       0       0

මාලා Thursday, 10 January 2013 03:56 PM

මේ අම්මා තාත්තා මොන දුකක් උහුලනවා ඇතිද (දී)

:       0       0

කොස්වත්ත Thursday, 10 January 2013 02:33 AM

අරාබියේ තියෙන්නේ අපේ රටේ තියෙන ඉස්ලාම් ආගමට වඩා වෙනස් එකක්ද? (නි)

:       0       0

මහින්ද Thursday, 10 January 2013 11:28 AM

සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නවත්වමු (ස)

:       0       0

ජයලත් Friday, 11 January 2013 05:23 PM

මොනවාද මේ කියන්නේ, ඒ තමන්ගේ ළමයනේ (දී)

:       0       0

චන්දිම Thursday, 10 January 2013 02:31 AM

මොනවා වුණත් ලංකාවේ කාන්තාවන් සෞදියේ ගෘහ සේවයට යැවීම නොකළ යුතුයි. (නි)

:       0       0

මහේන් Thursday, 10 January 2013 11:32 AM

මට ඇත්තෙන්ම කණගාටුයි. හැබැයි අපේ රජයට මේ ගෘහ සේවය නැවැත්වීම වෙනුවෙන් යමක් කළ හැකියි. (නි)

:       0       0

සනත් Wednesday, 09 January 2013 07:48 PM

රිසානා ව බේරගන්නවා කියලා බොරුවට කයිවාරු ගහපු සියලුම දෙනා රිසානගෙ දෙමව්පියන්ගෙන් සමාව ගත යුතුයි.වන්දි ලබාදිය යුතුයි. ජනපති තුමනි සවුදි අරාබියට කාන්තාවන් යවන ක්‍රියාවලිය වහාම නවත්වන්න.ගෑණු විකුනගෙන කන රටක් වෙලා තියෙන එක නවත්වන්න.(ස)

:       0       0

අනුලා Thursday, 10 January 2013 11:32 AM

ලංකාදීප මහත්වරුනි, මේ අම්මවයි තාත්තවයි සම්භන්ධ කරන්න පුළුවන් මාර්ගයක් අපිට දෙන්න, අපිට මේ අයට උදව් කල හැකියි එවිට (දී)

:       0       0

ලලිත් කටාර් Wednesday, 09 January 2013 07:49 PM

කියන්න දේවල් ගොඩයි. දැන් කියලවැඩක් නැහැ. (ස)

:       0       0

රංගශානි Thursday, 10 January 2013 02:45 AM

දැන්වත් ලංකාවෙන් සෞදියට අපේ කාන්තාවන් යවන එක නවත්වන්න (ස)

:       0       0

රංග Thursday, 10 January 2013 02:43 AM

මේ නීතිය මේ ලෝකෙට ඔබින එකක් නොවෙන බව හැමෝම මතක තියාගන්න (ස)

:       0       0

ජයී තිසර Thursday, 10 January 2013 02:58 AM

කිරි හිස්පොල්ලෙ ගිය දරුවෙකු රැක ගන්න..... ඉගෙනුම නොමැති අඩුවියෙ රිසානා වැන්න..... ඇයදුම් බැගාපත් නොතකා හිස සිඳින..... ම්ලෙච්චා නීති ඇති රට වැඩ වළකන්න (නි)

:       0       0

රසික Thursday, 10 January 2013 11:36 AM

රිසානා දියණියගේ අසරණ බලාපොරොත්තුව අපි ඉටුකරමු (ස)

:       0       0

ප්‍රදීප් Thursday, 10 January 2013 03:06 AM

මට හරිම කණගාටුයි රිසානා ගැන.. දැං පවුලට උදව් කරන්න ඕන..!(නු)

:       0       0

ප්‍රදීප් Thursday, 10 January 2013 11:39 AM

නමෝ බුද්ධාය ! රිසානා නැගණියනි ඔබට ඊලග භවයේදීවත් ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශණා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසරින් නිදහස් වන්නට වාසනාව ලැබේවා ! අප රැස් කරන සියළු පින් බලෙන් ඔබේ පරලොව ජීවිතය සුවපත් වේවා ! (ස)

:       0       0

ඉශාන් Thursday, 10 January 2013 11:45 AM

කනගාටුයි ඇත්තටම (දී)

:       0       0

අසන්ක Thursday, 10 January 2013 11:49 AM

රිසානාට මෙම ඉරණම ගෙනා දිළිදුකමින් ඇගේ පවුලේ අනෙක් අයව හෝ මුදාගැනීම බලධාරීන් සතු යුතුකමකි. (නි)

:       0       0

හෂාන් Thursday, 10 January 2013 03:28 AM

මේවා දරු දුක වෙනුවෙන් වැටෙන කදුළු (දී)

:       0       0

සරණි Thursday, 10 January 2013 11:47 AM

ඇත්තටම ගොඩක් දුකයි.. රිසානා ඔබට නිවන් සුව .......... (ස)

:       0       0

සිංහ Wednesday, 09 January 2013 08:07 PM

මාෂා අල්ලාහ්!!! (නි)

:       0       0

ශානිකා Thursday, 10 January 2013 11:51 AM

දරු සෙනෙහස කියන්නේ ඕකට තමයි (දී)

:       0       0

රංග Thursday, 10 January 2013 11:54 AM

අල්ලා දෙවියනේ, ඔබගේ අනුගාමිකයෙකුට ඔබගේ දේශයේ ඔබගේ අනුගාමිකයන් විසින් දුන් දඩුවම ඔබට අනුමත කළ හැකිද? සෞදියේ බොරු නීති වලට බයේ කට වහන්න ඉන්නද ඔයාලා හදන‍්නේ?. කෝ කට්ටියගේ කෑගහන කටවල් . (නි)

:       0       0

නාමල් Thursday, 10 January 2013 03:44 AM

ඔබට ලබන ආත්මෙදිවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා (දී)

:       0       0

අසන්ක Friday, 11 January 2013 02:14 AM

සෞදි රියල් 1 = රුපියල් 33.40 ඕකට තමයි මේ ඔක්කොම. (නි)

:       0       0

පවියා Friday, 11 January 2013 01:10 PM

ජිනා 2013-01-09 22:33:08 දැයට කිරුල සඳහා වැයකරන මිලියන ගණනක මුදල් මේ අහිංසක පවුලට සහ ජල ගැල්මෙන් අනාථ වුණ අයට දීමට රජය පියවර ගත යුතුයි. සෝබන වලට කරන නාස්තිය නවතා පවුල සහ රට වෙනුවෙන් සල්ලි හොයන්න ගිය දැරිවිට සහ අනාථයන්ට එම මුදල බෙදා දිය යුතුයි. හොර ඒජන්සියට දඬුවම් කළ යුතුයි (නි) කතාව නම් සම්පූර්ණ ඇත්ත ජිනා. නිකන් වියදම් කරන සල්ලි වලින් දුප්පත් අයට උදවි කරනව නම් කොච්චර දෙයක්ද (දී)

:       0       0

සිල්වා Thursday, 10 January 2013 03:52 AM

මේකද මුස්ලිම් නීතිය? (නි)

:       0       0

නිපුන Friday, 11 January 2013 02:43 AM

දරුවා වෙනුවෙන් කොච්චර අඩුවත් මදි (දී)

:       0       0

හේරත් Wednesday, 09 January 2013 08:10 PM

කදුළු කොහෙන්ද දෙයියනේ (දී)

:       0       0

ඉස්බේ Thursday, 10 January 2013 04:16 AM

මම මේ අසරණ පවුලට උදවු කරන්න කැමතියි. (නි)

:       0       0

සෝමා Thursday, 10 January 2013 04:18 AM

කෝ හලාල් කට්ටිය? (නි)

:       0       0

දමයන්ත Thursday, 10 January 2013 12:00 PM

පව් දෙයියනේ (දී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 10 January 2013 04:34 AM

කවදාහරි අපිටත් වාරයක් ඒවි. (නි)

:       0       0

නිමල් සෞදි Thursday, 10 January 2013 04:41 AM

සෞදි රජය නීති හදලා තියෙන්නේ සුද්ධවූ අල්ල කුරාණයට අනුකූලවයි. එම නීති වෙනස් කරන්නට කිසිවෙකුටත් ඉඩක් නැහැ..!(නු)

:       0       0

චන්න Friday, 11 January 2013 02:50 AM

අත්තටම හරිම කනගටුයි , සෞඩි රජයෙන් මෙවෙනි දෙයක් කරපු එක ගෙන හරිමදුකයි , අපෙ මිනිස්සු එහෙ වැඩ කාර කමට යවන එක නවත්වන්න ඔනෙ වහාම ,(දී)

:       0       0

පාලිත Friday, 11 January 2013 02:54 AM

මට ඇත්තටම කනගාටුයි (දී)

:       0       0

අමර Wednesday, 09 January 2013 08:24 PM

රිසානා බේරාගැනීමට දායක වූ අතිගරු නායකතුමනි මොනවා වුනත් ඒ අසරණ දෙමාපියන්ට ගෙපල සදන්න උදව් කරන්න. (ස)

:       0       0

තිස්ස උඩුවන Thursday, 10 January 2013 04:57 AM

මේවට මානව හිමිකම් නැද්ද? කෝ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය.. මේවා හැමදාම දුප්පත් රටවල් වලට විතරයි වලංගුවෙන්නේ.. දියණියට මෙවන් දුකක් නොවේවා..!(නු)

:       0       0

ගාමිණි Thursday, 10 January 2013 12:04 PM

ඇයට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රූපා Thursday, 10 January 2013 05:00 AM

රට රස්සාවලට යන අය මේක හොද ආදර්ශයකට ගන්න (දී)

:       0       0

හිල්මි Thursday, 10 January 2013 05:04 AM

අපි හැමෝම දුකින් ඉන්නෙ මේ මරණය ගැන. (නි)

:       0       0

නියාස් Thursday, 10 January 2013 12:06 PM

අපි සෞදි රජයෙන් දුන් මෙම තීන්දුව දැඩි ලෙස හෙළා දකිමු. (නි)

:       0       0

පාලින්ද Friday, 11 January 2013 03:20 AM

ඔබේ දුවට අපි නිවන් සුව පතමු (දී)

:       0       0

චාමර Friday, 11 January 2013 01:37 PM

රිසානා..!, ගොඩක් දුකයි නැගණියේ නුඹගැන.., ෂරියා නීතිය පිළුකුල් කරමී.. මෙහි අදහස් පළකර ඇති මුස්ලිම් වරුන් ගේ දැනුම ගැන හිතා ගන්න පුළුවන්. ඔබට නිවන්සුව රිසානා නංගියේ...!! (ස)

:       0       0

චාමර Friday, 11 January 2013 01:37 PM

රිසානා, ගොඩක් දුකයි නැගනියේ නුඹ ගැන. මුස්ලිම් ෂරියා නීතිය පිළිකුල් කරමි. මෙහි අදහස් පළකර ඇති මුස්ලිම්වරුන්ගේ දැනුම ගැන හිතාගන්න පුළුවන්. ඔබට නිවන් සුව රිසානා නංගියේ...!! (නි)

:       0       0

සංජීව Thursday, 10 January 2013 06:10 AM

මෙම මරණය ඉතාමත් ඛේදනීයයි. (නි)

:       0       0

නිශාන්ත Friday, 11 January 2013 11:33 PM

අසරණ දෙමවුපියන් (දී)

:       0       0

නිලන්ති Friday, 11 January 2013 11:30 PM

එහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (දී)

:       0       0

ප්‍රියන්ත Thursday, 10 January 2013 12:20 PM

මවු සෙනෙහසට තරා තිරමක් නැහැ (දී)

:       0       0

රනිල් Thursday, 10 January 2013 08:10 PM

අසරණ දෙමවුපියන් (දී)

:       0       0

ප්‍රසාද් Thursday, 10 January 2013 06:24 AM

ඇයි මේවාට මානව හිමිකම් කතාකරන්නේ නැත්තෙ? විදේශීය ආයතනයෙන් රිසානගේ පවුලට රක්ෂණය ගෙවන්නෙ නැද්ද? හැමෝම රට යනකොට ඒකට ගෙවලනෙ යන්නේ.?(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 10 January 2013 12:23 PM

මට නම් පුදුම තරහක් දුකක් නොදුටු ඒ සොයුරි වෙනුවෙන් තියෙන්නෙ... හැම දිනම පැතුවෙ සිහින මැවූ ඒ කටුනායකට පැමිණේවි කියලායි.. කවුද ගිය සතියේ ඇයට නිදහස දෙනවාය කියා මාධ්‍යවලට කිව්වෙ.. මෙයාලා එක්වරකුත් මරණ දඩුවම දුන් අපේ සොහොයුරෙකුටත් මරණ දඩුවම දුන්නා.. මිනිසුන් ආගමට මුවා වෙලා කරන මේවගේ නරක වැඩ තමයි මේ.. අපරාදෙ එහෙ රජතුමා හරසරින් පිළිගත්තෙ..!(නු)

:       0       0

ෂෆීක් Thursday, 10 January 2013 12:23 PM

ජාති භේද නොතකා මෙහි පළවූ අදහස් දැකීමෙන් ඇතත්තටම සතුටුයි.. එයාගේ පවුල වෙනුවෙන් අපටත් යමක් කරන්න පුළුවං නම් හොදයි.. ලංකාදීපයට සහ ඒ සදහා යම් තොරතුරක් ලබා දිය හැකිවෙනවානම් පිං..!(නු)

:       0       0

අසංක Thursday, 10 January 2013 12:25 PM

අනේ රිසානා ඔයාට ඔයාගේ ආගමේ හැටියට කියලා කියන්න දෙයක් නැහැ.. මොකද ඒ ආගම මයි ඔයාට දඩුවම් කළේ.... ඔබට නිවන් සුව.!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 10 January 2013 12:27 PM

අපිට එයාලගේ සල්ලි තෙල් ඕන නැහැ.. අපි එයාලා එක්ක තියෙන සම්බන්ධය නවත්වමු..!(නු)

:       0       0

සනත් හේරත් Wednesday, 09 January 2013 08:43 PM

කොන්ද පණ තියෙන ලාංකිකයෝ එකතු වුනානම්.............. !!!!!!!!!!!! (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 10 January 2013 12:31 PM

බලධාරීන්ගේ මේ වෙනුවෙන් ඉදිරිපත්වීම මදිද කියලත් හිතෙනෙවා (ස)

:       0       0

සහභීන් Thursday, 10 January 2013 07:02 AM

ෂර්යා නීතිය තියෙන්නේ සැබෑ අපරාධකරුවන්ගෙන් සාමාන්‍ය ජනතයා බේර ගන්න. රිසානාට සමාව නොදුන් ඒ රටේ රිසානා අතින් මිය ගිය දැරියගේ මව හිත් පිත් නැති කාන්තාවක්..!(නු)

:       0       0

දිනේෂ් Thursday, 10 January 2013 08:18 PM

ලඟදිම සෞදියටත් විශාල කරදරයක් ඇති වෙනවා (ස)

:       0       0

රජිත Thursday, 10 January 2013 12:34 PM

දැං ඉතිං මේ දේ තව දවසකින් දෙකකින් අමතක කරලා දාන්නෙ නැතිව රිසානා දියණියට ඕන උන විදියට මේ අසරණ පවුලට මොනවා හරි රකන්න පුළුවං දෙයක් කරලා මේ මිනිසුන්ට පිහිට උනොත් මොකද? ඒක අපි හැමෝගෙම වගකීමක්..!(නු)

:       0       0

මාලනී Monday, 14 January 2013 03:46 AM

මේ හැමදේටම මුල දරිද්‍රතාවය නොවේද? (නි)

:       0       0

සුනිල් Thursday, 10 January 2013 12:36 PM

මේ අහිංසකාවියගේ ගෙදර හැටි දැක්කව අපේ ආශ්චර්‍යය ගැන කියන්න වචන නෑ (ස)

:       0       0

ධනේෂ් Thursday, 10 January 2013 07:15 AM

අන්තගාමී ක්‍රියාවක් (ස)

:       0       0

ජගත් Thursday, 10 January 2013 04:40 PM

ඔබලාට් අපි ඉන්නවා (දී)

:       0       0

සුමනා Thursday, 10 January 2013 07:17 AM

මේ අහිංසක දුප්පත් දරුවා වෙනුවෙන් අපිට කිසිදෙයක් කරගන්න බැරිවුණා. තවදුරටත් ගැහැණු රට යවලා ඒ මුදල් වලින් අනෙක් අය විනෝද වෙනවාද? කාන්තා සංවිධාන, මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔය කවුරුවත් මේ වෙනුවෙන් කථා ක‍ළේ නැද්ද? (නි)

:       0       0

ආශා Thursday, 10 January 2013 04:43 PM

කවදාවත් අම්මා කෙනෙකුගේ කඳුළු ඉවර වෙන්නේ නැහැ දරුවන් වෙනුවෙන් අඩන්න (දී)

:       0       0

අශෝක Thursday, 10 January 2013 07:20 AM

ලංකාවෙන් සෞදියට මිනිස්සු යවනඑක තහනම්කළ යුතුයි.. ජනාධිපතිගෙ ඉල්ලීමත් අහකදාපු රටක්නෙ.. බොහොම දුකයි..!(නු)

:       0       0

නිමල් Thursday, 10 January 2013 12:37 PM

දැන් තේරෙනවනේ මිනිස් ජීවිතවලට වඩා ලොකු වුණේ නීතිය (ස)

:       0       0

ජයන්ත Thursday, 10 January 2013 04:43 PM

ඔබ වෙනුවෙන් අපි ඉන්නවා (දී)

:       0       0

පද්මි Thursday, 10 January 2013 12:41 PM

මෙම පවුලේ අටය නිවසක්, දරුවන්ට අධ්‍යාපනල ලබා දෙන්නට අපේ බලධාරීන් කටුයතු කරන්න..!(නු)

:       0       0

සුජිත් Thursday, 10 January 2013 12:41 PM

රිස්නා රට ගිහිං බලාපොරොත්තු උන දේ රිස්නාගෙ පවුලට ලබාදෙන්න පුළුවං උනොත් ඒක එයාගේ ආතක්මයට වත් සැනසීමක් වෙයි.. ඒකට අපි ඔක්කොම උදව් කරමු..!(නු)

:       0       0

සංජිව Wednesday, 09 January 2013 08:49 PM

මට ඔබ වෙනුවෙන් උදවු කරන්න ඕනේ (දී)

:       0       0

හෙට්ටිආරච්චි Thursday, 10 January 2013 08:27 PM

පාරවල් දිගේ ඇමරිකාවට විරුද්ද ව උද්ගෝශනය කරන මුස්ලිම් සහෝදරවරු මේකට මොකද කියන්නෙ ? (ස)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 09 January 2013 09:06 PM

අල්ලා දෙවියනේ ඔබගේ අනුගාමිකයෙකුට ඔබගේ දේශයේ ඔබගේ අනුගාමිකයන් විසින් දුන් දඩුවම ඔබට අනුමත කළ හැකිද?(නු)

:       0       0

ලසන්‍යා Thursday, 10 January 2013 08:31 PM

මේ වගේ පවුල් ගැන ආගමික ස්ථාන වලින් බලන්නෙ නැද්ද? (ස)

:       0       0

නිමල් Wednesday, 09 January 2013 09:14 PM

ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම මේ ගැන දුක්වෙනවා. ඒත් තානාපති සහ රජය මීට වඩා මැදහත් වුනානම් මේ ළමයාව බේරා ගන්න තිබුණා. ඒ වගේම ලංකාවේ කාන්තාවන්ට නොයෙකුත් හිරිහැර මේ රටවලදී වෙනවාඒවා හෙළි කරන්නෙ නෑ. එහෙම වුනොත් කවුරුත් ඔය රස්සාවට යන්නේ නැ. ඔය රටවල ගිහින් විදින දුක් වලින් බාගයක් මෙහෙ මහන්සි වුනානම් ඊට වඩා දියුණු වෙන්න පුළුවන් කියලා හිතන්න බැරි ඇයි. ? (ස)

:       0       0

සමන් Thursday, 10 January 2013 08:15 AM

රිසානා නිදහස් කර ගන්නවා කියලා එක්කෙනෙක් කිවුවා නේද? (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 10 January 2013 01:00 PM

එහෙම අය නැහැ සනත් හේරත් මහත්තයෝ..! (නු)

:       0       0

ආනන්ද ආර් Thursday, 10 January 2013 08:23 AM

මද පෙරදිග රැකියාවලට යන බොහෝ කාන්තාවන්ට තමන්ගේ චරිත සහතිකය ඉරා දමා මරණ සහිතකය අතට ගන්න වෙනවා.!(නු)

:       0       0

මොහොමඩ් Thursday, 10 January 2013 01:03 PM

නීතිය කාටත් පොදුයි.. එක් එක්කෙනාට ඕන විදියට වෙනස් කරන්න ගියොත් ලංකාවෙ වගේ වෙයි.. (නු)

:       1       0

මහේෂ් Thursday, 10 January 2013 01:04 PM

හිතක් පපුවක් නැති අය ව‍ගේ (ස)

:       0       0

අශෝක Thursday, 10 January 2013 08:24 AM

මෙවන් කතා නැවත අපිට අසන්නට නොලැබේවා (දී)

:       0       0

වසන්ත Thursday, 10 January 2013 01:13 PM

රිසානාට නිවන් සුව!!!!!!!!! (ස)

:       0       0

උපාලි Thursday, 10 January 2013 08:28 AM

අල්ලා දෙවියනි, සෞදි අරාබියට සමාව දෙන්න එපා. (නි)

:       0       0

සමින් මුබාරක් Thursday, 10 January 2013 08:45 PM

අම්මේ තාත්තේ අය්යේ අක්කේ නංගියේ මල්ලියේ බඩගින්නේ මැරිලා වැටුනත් එන්න එපා මේ වගේ රටකට මේවයේ නීති වෙනස් කරන්න අපිට බැහැ රිසානාගේ අහිංසක බලාපොරොත්තු ඉටු කරන්න අපි උත්සහ කරමු මේ ආයාචනය අපේ ලංකික සිංහල සහෝදරවරුන්ගෙන් මම ඉල්ලන්නේ ඇයගේ පව්ලේ ඇයට නිවසක් හදන්න ඒ ළමයිට ඉගෙනගන්න උදව් කරමු ලංකාදීප පෙරමුණ ගෙන බැංකු ගිණුමක් ආරම්භ කරන්න අපි හැමදෙනාම දයකවෙමු රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රටට අපේ අය එවන එක දැන්වත් නතර කරන්න .....රිසානා නැගනියේ ...ඔබට නිවන් සුව ... (දී)

:       0       0

ගිහාන් හොරණ Friday, 11 January 2013 07:37 AM

කෝ මේ මානව හිමිකම් සංවිධාන.

:       0       0

මන්ජුල Thursday, 10 January 2013 08:44 AM

අපේ මුස්ලිම් සහෝදර වරුනේ මේ ගැන ඔයාලගේ අදහස කුමක්ද ???? (ස)

:       0       0

අරවින්ද Thursday, 10 January 2013 08:45 AM

නැවත මෙවන් දෙයක් නොවෙන්නට අපි වග බලා ගනිමු (දී)

:       0       0

සුගත් Thursday, 10 January 2013 08:53 AM

රිසානාගේ සිහිනය අපි සැබෑ කර දෙමු (දී)

:       0       0

ජෝයි ඩයස් Saturday, 12 January 2013 01:41 PM

මෙතරම් දියුණු ලෝකයක තාමත් සෞදි අරාබිය ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ ආගමට අනුව සිදුවන්නකි.නමුත් එය ඔවුන්ගේම වාසියට නීතිය ක්‍රියත්මකවීම පිලිකුලෙන් හෙලාදකිමි.ශ්‍රි ලංකාවේ කාන්තවන් කිදෙනෙක් කොදු කඩාගෙන,පුච්චල,ඈණ ගසලා,තට්ටු වලින් පහලට දමලා.අසාධාරණයට ලක්වෙලා තියෙනවාද? එතකොටත් ඔය නීතිය ක්‍රියත්මක උනාද?ඇස් දෙකත් වසාගෙන පොරෝගෙන සිටින කාන්තවන් යුරොපයේ ග්‍රීස්ම සෘතුවේදී සරල ඇදුම් ඈදගෙන හිරුඑලිය ගන්නේ නිදහස භුක්ති විදිමටයි.යුරෝපයේ දී ෂරියාව බලනොපාන බෑවිනි.ආගම පෙන්වා ඒතුල නීතිමාලාවක් දමා එයට ෂරියා නීතිය කියා මිනිසුන් පාලනය කිරිමට රජතුමාට ඉතාම පහසුබව සෞදි අරාබි තරුණයින් අපසමග අවන්හල් තුලදී, මුහුදු වෙරලේදි නිදහස් සුව භුක්ති විදිමින් කියා සිටියහ.මිනිසුන්ට කූර වදහිංසන පමුණුවන ෂරියා නීතියට මුලු ලෝකයේම විරෝධය පාන දිනය වෑඩි ඈතක නොවේ.එයට විරෝධය අරාබි තරුණයන් තුලින්ම අරාබි දේශයෙන්ම නැග ඒවි.රිසානා දුවේ ෂරියා නීතියේ නුබේ ඝාතණය ලෝක කාන්තා සංවිධාන වල ,ජාත්‍යන්තරය තුල දැනටමත් පුංචි ගිනිපුපුරක් දල්වා හමාරයි.ගරු විදේශ සේවා නියුක්ති කාර්යාංශය භාර ඇමති තුමෙනි රිසානා දැරිවිය වෙනුවෙන් ඔබතුමා කරන යුතුකම විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයා දෑස් දල්වා බලාසිටී. (ස)

:       0       0

සෑම් Thursday, 10 January 2013 08:55 AM

දෙවියන්ගේ කැමැත්ත අනුව එය සිදුවිය. (නි)

:       0       0

වරුණ Thursday, 10 January 2013 08:57 AM

මෙයාලා ඔහොම්මම තමයි (ස)

:       0       0

තිලක් Wednesday, 09 January 2013 09:40 PM

ඇයි රිසානා මැරුවේ. (ස)

:       0       0

සරත් Thursday, 10 January 2013 08:58 AM

අපි එයාට නිවන්සුව පතමු. බලධාරීන්ට කුමක් ප්‍රකාශ කලත් වැඩක් නෑනේ (ස)

:       0       0

ජයරත්න Thursday, 10 January 2013 05:07 PM

මේ ගසා දැමුවේ රිසානාගේ හිස නෙමෙයි. ලංකාවේ හිසයි (ස)

:       0       0

පද්මිණි Thursday, 10 January 2013 08:56 AM

පවු...... (දී)

:       0       0

පාලිත Thursday, 10 January 2013 09:07 AM

දරු කැක්කුම තමන්ගේ දරුවා වෙනුවෙන් විතරද ? තමන්ගේ දරුවා වෙනුවෙන් මරණයට පත් ක‍ලේ තවත් දරුවෙක් නේද ?(ස)

:       0       0

දිනුක Thursday, 10 January 2013 09:09 AM

තමුන්ගේ අය ගැනවත් හිතන්නේ නැද්ද මෙයාලා (ස)

:       0       0

නිහාල් Thursday, 10 January 2013 09:11 AM

කොහොමද ෂරියා නීතිය (ස)

:       0       0

කුරුවිට Thursday, 10 January 2013 09:12 AM

නාලනී , රිසානා රට ගියේ ඊයේ නෙමෙයි 2004 දී (ස)

:       0       0

ෆලීනා Thursday, 10 January 2013 09:12 AM

ජනපතිතුමණි, රිසානා වගේ මල් කැකුළු අපට අහිමිකර හොර ඒජන්සි කරුවන්ට දැඩි දඩුවම් ලබා දෙන්න (ස)

:       0       0

සිරිපාල Thursday, 10 January 2013 09:14 AM

අමු අමුවේම පොඩි එකෙකුගේ බෙල්ල කපලා දාල මරලා දෙනෝ දාහක් ඉස්සරහා.... ම්ලේඡ්ච ශාරියා නීතිය ඕන කිව්ව අය කෝ දැන්... (ස)

:       0       0

ඉන්තික Thursday, 10 January 2013 09:15 AM

මේ පවුලට ජනසවිය වත් දෙන්න (ස)

:       0       0

යෝෂිත Wednesday, 09 January 2013 09:59 PM

කාටද මේ දුක කියන්නේ (දී)

:       0       0

පද්මා Thursday, 10 January 2013 09:19 AM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)

:       0       0

මැණික් Thursday, 10 January 2013 09:20 AM

කුමන ජාතියක වුවද දෙදෙනාම දරුවන්ය. දිනෙන් දින දරුවන්ට අපලම ගෙන දෙන අකාලයකි මේ. දෙමාපියන් වශයෙන් ආර්ථික අගහිඟකම් වලින් තෙරපෙමින් දිවි ගෙවන්නට සිදුවීමම අපි හැමෝම එක්ව කර ඇති මහා පාපකර්මයක අනිටු විපාකයක් ඵලදීමක් නොවේද? බල ඇති, කොඳු ඇති නිළධාරියනි, නිවැරදි තීරණ නොගතහොත් පසු ආත්මය මීට වඩා දරුණු විය හැක්කේ ඔබටය. (නි)

:       0       0

වසීර් Wednesday, 09 January 2013 05:41 PM

දැංවත් පිටරටවලට ගෘහසේවිකාවන් යැවීම නවත්තන්න..!(නු)

:       0       0

සමින්ද Wednesday, 09 January 2013 05:41 PM

රිසානා දුවේ ඔබට දුන් දඩුවමට අපගේ කණගාටුව..(නු)

:       0       0

සේවුමිනි Wednesday, 09 January 2013 10:18 PM

ඔබලාට දෙවි පිහිටයි (දී)

:       0       0

පද්මා Thursday, 10 January 2013 09:24 AM

ඇත්තටම කණගාටුදායක පුවතක්..!(නු)

:       0       0

නිමල් ලලිතා Thursday, 10 January 2013 09:27 AM

රිසානා අඩු වයසින් රට යැවීමට එකතුවුණු හැම දෙනාටම දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.. රිසානා බේරගන්නවා යැයි කිව් අය කෝ.. මමත් සෞදියෙ ඉන්නෙ කුවේට්වලත් ඉදලා තියෙනවා.. රියදුරෙක් වැඩ පරීක්ෂකයෙක් වශයෙන්.. ඉතිං මම දන්නවා මෙයාලා මිනිසුන්ට සළකන හැටි..!(නු)

:       0       0

ධනුෂ්ක Thursday, 10 January 2013 09:31 AM

සෞදියට කාන්තාවන් යවන එක තහනම් කරන්න ඕන..!(නු)

:       0       0

රෝෂිණි Thursday, 10 January 2013 01:58 PM

සෞදියට යෑම තහනම් කළා නම් මේ කිසිවක් නැහැනේ. (නි)

:       0       0

කුසල සමරවිකම Wednesday, 09 January 2013 10:30 PM

ඇගේ ජීවිතය සදහටම නැවතුණා දෙවියනේ. මගේ ජීවිතය මොහොතකට නැවතුණා දෙවියනේ (ස)

:       0       0

ලක්මාල් Thursday, 10 January 2013 09:31 AM

අද ඇයි ගොඩක් අය නිහඩ...!(නු)

:       0       0

ජිනා Wednesday, 09 January 2013 10:33 PM

දැයට කිරුල සඳහා වැයකරන මිලියන ගණනක මුදල් මේ අහිංසක පවුලට සහ ජල ගැල්මෙන් අනාථ වුණ අයට දීමට රජය පියවර ගත යුතුයි. සෝබන වලට කරන නාස්තිය නවතා පවුල සහ රට වෙනුවෙන් සල්ලි හොයන්න ගිය දැරිවිට සහ අනාථයන්ට එම මුදල බෙදා දිය යුතුයි. හොර ඒජන්සියට දඬුවම් කළ යුතුයි (නි)

:       0       0

නිහාල් Thursday, 10 January 2013 09:32 AM

කිසිවෙකුටත් මෙවන් විපතක් සිදු නොවේවා (දී)

:       0       0

පද්මා Thursday, 10 January 2013 09:36 AM

මොකටද මෙච්චර කල් හිරේ තියාගත්තේ ඒ ළමයව(ස)

:       0       0

මෝරාළ Thursday, 10 January 2013 09:37 AM

ආනන්ද, ඔයා මොනවද මේ කියන්න හදන්නේ? (නි)

:       0       0

නෆ්හාන් Thursday, 10 January 2013 02:11 PM

අගතියට පත් පාර්ශවය විසින් සමාව දීම හැර සෞදි රජුටත් එසේකිරීමට පුළුවන්කමක් නැත. වරදට සමාව දුන් තැනෙත්තා දෙවියන් ඉදිරියේ ශ්‍රේෂ්ටය. ෂරියා නීතිය අනුව වරදක් සිදු නොවී මෙසේ මරණ දඬුවමට ලක්වුයේ නම් ඇය මරණින් මතු ජීවිතයේ නිදහස් වුවද ඇයව මරණ දන්ඩනයට ලක් කළ අයගේ මරණින් මතු ජීවිතය ඛේදයකි. (ස)

:       0       0

චතූ Thursday, 10 January 2013 09:39 AM

රටක් විදියට, මනුෂ්‍යයින් විදියට අප ලැජ්ජා වෙන්න ඕනෑ. වසා දැමු ගව මස් කඩේ ඇරලා දෙන්න කියලා ඉල්ලීම් කරන මුස්ලිම් ජනතාව මේ වගේ දේවල් වලදි කට පියා ගෙන ඉන්න එක නින්දිතයි. කාන්තාවනි, මැද පෙරදිග යාමට පෙර තවත් සිතන්න. රට රටවල් වල එක එකාගෙ බැල මෙහෙවර කරනවාට වඩා අපේ රටේ හිගාකෑවත් සැපයි නේද? (නි)

:       0       0

ධනුකේ Wednesday, 09 January 2013 05:53 PM

ඇත්තටම ගොඩක් දුකයි.. මම ගොඩක් සතුටු උනා මෙයා නිදහස් උනා කිව්වාම. ඒත් දෙවියෙන් මොකද්ද මේ උනේ.. පව් අර හිංසක පවුල.. මොවුන්ට හැකි පමණනින් උදව් කරන්න බලමු..!(නු)

:       0       0

ගාමිණි Thursday, 10 January 2013 09:39 AM

රිසානාලට උදව් කලයුතුයි, නැත්නම් කියන්න අපි එකතුවෙලා කරන්නම්. (ස)

:       0       0

ගාමින්ද Thursday, 10 January 2013 09:37 AM

අපි පරක්කු වැඩි (දී)

:       0       0

හාෆිස් Thursday, 10 January 2013 05:42 PM

දැන් ඉතින් මොනවා කරන්නද අපි ඔබලා සමගයි අම්මේ තාත්තේ (දී)

:       0       0

හේරත් Thursday, 10 January 2013 09:41 AM

කෝ මේ මුස්ලිම් අය? මේ මරලා තියෙන්නේ ඔයාලගේ ආගමේ දරුවෙක්. මේ අපරාදේ වෙනුවෙන්වත් කථාකරපල්ලා... අපේ රටේ දරුවෙක් නිසා ආගම මොකක් වුණත් අපිට කැක්කුමක් තියෙනවා. (නි)

:       0       0

සිසිර Thursday, 10 January 2013 02:18 PM

අපේ කනගාටුව (දී)

:       0       0

මාලි Saturday, 12 January 2013 07:22 PM

ගොඩාක් දුකයි (දී)

:       0       0

සශිනි Sunday, 13 January 2013 10:18 AM

මේ කතාව ගොඩාක් දුක හිතෙන කතාවක් (දී)

:       0       0

චානක Thursday, 10 January 2013 09:41 AM

අපි පවා වග කියන්න ඕනේ මේ දේට (දී)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Wednesday, 09 January 2013 10:51 PM

පසිඳු, කියන්න වචන නැත. තිබුණත් කීමට හැකියාවක් නැත. සිංහල සහෝදරවරුනි, ජාතිය කෙසේ වෙතත් අප රටේ කෙනෙකුට විපතක් වන විට සියලු දෙනා එකතුවීම ගැන ගොඩක් ආඩම්බරයි. පවුලේ සාමාජිකයන්ගේ අනාගතය වෙනුවෙන් මා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

රොෂාන් Thursday, 10 January 2013 09:42 AM

කාවෙන් වැඩක් නෑ දැන්. දුප්පත් රිසානාගේ පවුලේ අයට උදව් කරමු (ස)

:       0       0

රෝහන්ත Thursday, 10 January 2013 09:45 AM

මින් ඉදිරියට ගෘහ සේවය සදහා සෞදියට කාන්තාවන් යැවිය යුතු නැහැ. (නි)

:       0       0

පාලින්ද Thursday, 10 January 2013 09:34 PM

ජිවත් වෙන්න සටන් කලේ. ඒ සටනින් රිසානා පරාජය උනා, දුවේ නුබට නිවන් සුව ලැබේවා (දී)

:       0       0

ආනන්ද Wednesday, 09 January 2013 10:56 PM

අන්වර් මනතුංගගෙන් මේ අහන්නේ. පොඩි දරුවා මැරුනේ දෙයියො නිසා. රිසානා මැරුනේත් දෙයියො නිසා. රිසානා දුප්පත් වුණේත් දෙයියො නිසා. මේවා තේරුම් ගන්න බැරිත් දෙයියො නිසාද? (නි)

:       0       0

අයේෂ් Thursday, 10 January 2013 09:52 AM

දන්නවාද දරුවෙකු වෙනුවෙන් දෙමවුපියන් විදින දුක (දී)

:       0       0

සම්පත් Thursday, 10 January 2013 09:53 AM

රිසානා ඔයාට නිවන් සුව.. හැමෝම එකතුවෙලා රිසානාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරමු.. ඔවුන්ට ඉන්න තැනක් නංගිලාට මල්ලිලාට හොද අනාගතයක් හදමු.. කටින් බතල හිටවන අයගෙන් වැඩක් වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

ආනන්ද Thursday, 10 January 2013 02:41 PM

දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි... (නි)

:       0       0

ශිහාන් Thursday, 10 January 2013 09:54 AM

ශර්යා නීතිය ලංකාවට ගේන්න කෑ ගහපු අයත් හිටියා මේ අතර...!(නු)

:       0       0

සුරංග Friday, 11 January 2013 09:36 AM

මවකගේ කඳුළු (දී)

:       0       0

බන්දුල Wednesday, 09 January 2013 11:12 PM

තමන්ගේ ළමයා මිය ගියාට පස්සේ කොහොමද ඉවසාගෙන ඉන්නේ (දී)

:       0       0

ජෝවු Wednesday, 09 January 2013 06:11 PM

අනේ! හදවත කම්පා වුණා. ඒ දුප්පත් දරුවාට මොනවා හිතෙන්න ඇද්ද අන්තිම මොහොතේ? මේ වගේ රටවල් වලට යන හැමෝටම හිතන්න බොහෝ දේ මේ දරුවා ඉතිරිකරලා යන්න ගියා. දියනියණි, ඔබට නිවන් සුව පතමු! (නි)

:       0       0

හේරත් Thursday, 10 January 2013 09:59 AM

අපි රිසානාගේ සිහිනය සැබෑ කරමු (දී)

:       0       0

හර්ශන Wednesday, 16 January 2013 08:01 PM

ශරිය නීතිය අවශ්‍ය අය කරුණාකරලා තමන්ට අවශ්‍ය රට රටවලට යන්න. මෙහෙ තියෙන්නෙ ලංකාවෙ නීතිය. රිශානා ඔබට නිවන් සුව! (නි)

:       0       0

සෑම් Wednesday, 09 January 2013 11:23 PM

ඔය පැත්තේ ඉන්න දෙමාපියන්ගේ වැරැද්ද... දෙමාපියන්ට ළමයින්ට කන්න, අඳින්න දෙන්න බැරිනම් ඇයි ඔච්චර ළමයි හදන්නේ? ළමයින් අපායක ජීවත් කරවනවා..... මෙයාලාට පවුල් සැලසුම ගැන කියලා දෙන්න කව්රුවත් නැතිද? (ස)

:       0       0

රොශාන් Thursday, 10 January 2013 09:56 AM

රිෂාන ඔබට නිවන්සුව .......මෙවැනි නීතියක් තියන රටක අප නොඉපදේව .... (ස)

:       0       0

සනත් Wednesday, 09 January 2013 06:14 PM

මටත් කඳුළු එනවා

:       0       0

මනෝජ් Wednesday, 09 January 2013 11:24 PM

මේකත් අධිරජයවාදී කුමන්ත්‍රණයක් කියලා මෝඩ කතා කියන්න එපා(ස)

:       0       0

මුදේෂ් Wednesday, 09 January 2013 06:19 PM

දැන් අඩලා වැඩක් නැ. රට යවන්න කලින් ඕවා හිතන්න තිබුණා. (නි)

:       0       0

දම්මි Wednesday, 09 January 2013 11:31 PM

රිසානාගේ අම්මේ තාත්තේ අපි ඔබව තනි කරන්නේ නැහැ (දී)

:       0       0

අචිනි Thursday, 10 January 2013 10:06 AM

කඳුළු නැති කරන්න අපි මිනිස්සු හැටියට ඒ කට්ටියට උදවු දෙමු (දී)

:       0       0

ගයාන් Thursday, 10 January 2013 03:02 PM

පව් අහිංසක දරැවා.,!(නු)

:       0       0

මොහොමඩ් Wednesday, 09 January 2013 11:34 PM

ගෘහ සේවිකාවන් පිටරට යැවීම නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

උදය Thursday, 10 January 2013 10:07 AM

අපි සමාජයක් විදිහට ඒ දෙන්නාට උදවු කරන්න ඕනේ (දී)

:       0       0

දීපාල් Thursday, 10 January 2013 10:07 AM

දරු දුක කියන්නේ ඕක තමයි (දී)

:       0       0

රජීන් Thursday, 10 January 2013 03:04 PM

ජාති ආගම් භේදයකින් තොරව ලාංකික කාන්තාවකට වූ අවාසනාවන්ත ඉරණම ගැන අප සැවොම දුක්වෙමු. තම ජාතිය ආගම වෙනුවෙන් පණ වුවත් දෙන්නට සූදානමෙන් සිටින ඔබලාගේ දේශාපාලන හා ආගමික පිරිස අවුරුදු 7ක් තිස්සේ මොනවද කළේ?. හරිහැටි ඉන්නට ගෙයක් හදා දුන්නාද? කිව්වට තරහ ගන්න එපා, ඉස්ලාම් භක්තියකන්ට මුස්ලිම් ජාතියකයන්ට වඩා සිංහල අය අද දුක්වෙනවා. එසේම රන්ජන් රාමනායක මහතා කල උත්සහයද අගයමු.(නු)

:       0       0

පද්මා Thursday, 10 January 2013 10:04 AM

අපි ඔබ සමගයි (දී)

:       0       0

රූපසිංහ Wednesday, 09 January 2013 11:44 PM

අනේ අපේ කෙල්ල (දී)

:       0       0

අශෝක Thursday, 10 January 2013 10:07 AM

අපි ඔක්කොම එකතුවෙලා මේ අසරණ පවුලට උදවු කරමු. අපි හැමෝම ලංකාවේ සහොඳර ජනතාවයි (ස)

:       0       0

ඒකනායක Thursday, 10 January 2013 10:07 AM

අපේ බලධාරීන් මීටවැඩිය උනන්දු වුණා නම් ඇයගේ ජීවිතය බේරාගන්න තිබුණා. (නි)

:       0       0

අනුර Thursday, 10 January 2013 06:12 PM

දුවේ...ඔයාට නිවන්සුව පතමි (ස)

:       0       0

සිරී Thursday, 10 January 2013 12:00 AM

අනේ දැන් වුණ ‍දේ වුණා. අපි දැන් මේ අහිංසකාවියගේ ගෙදර හදලා දෙමු (ස)

:       0       0

සෝමා Thursday, 10 January 2013 06:13 PM

අපි පිලි ගන්න ඕනේ (දී)

:       0       0

කුමාර Thursday, 10 January 2013 03:08 PM

කොහොම උහුලන් ඉන්නවාද මේ දුක (දී)

:       0       0

ජිවක Wednesday, 09 January 2013 11:59 PM

ඔබට නිවන් සුව ලැබේවා

:       0       0

රොහාන් Thursday, 10 January 2013 10:08 AM

අපි මේ දුප්පත් පවුල නගාසිටුවිය යුතුයි. ඒ සඳහා හැමෝම එකතුවෙමු (ස)

:       0       0

පාලිත Friday, 11 January 2013 10:29 AM

මොනවාද මේ කතා කරන්නේ, දුවනේ (දී)

:       0       0

වන්නි Thursday, 10 January 2013 10:11 AM

මොනවාද මේ කතා කරන්නේ (දී)

:       0       0

නිරංජන් Thursday, 10 January 2013 12:11 AM

ජනපතිතුමා දෙවරක් සෞදි රජයෙන් ඉල්ලිම් කළා රිසානාව නිදහස් කරන්න කියලා. නමුත් කෑ මොර දෙන මුස්ලිම් නායකයන් මේටික වෙනකල් නිදාගෙන හිටියද? සියලුම ලාංකිකයන් සෞදියට සේවය සදහා යැවීම වහාම නතර කළ යුතුයි. (නි)

:       0       0

අනුර ගුණවර්ධන Thursday, 10 January 2013 10:11 AM

ලංකාදීපය පෙරමුණ ගන්න මේ පවුලට උදව් කරන්න බැංකු ගිණුමක් විවෘත කරන්න.. කැමති පුද්ගලයන්ට මේ සදහා මුදල් පරිත්‍යාග කරන්න..!(නු)

:       0       0

සිල්වා Thursday, 10 January 2013 12:22 AM

ජිවිතයේ අහපු කනගාටුම පුවත (දී)

:       0       0

ෂෙල්ටන් Thursday, 10 January 2013 10:22 AM

හදවතින්ම කණගාටු වෙනවා. රිසානා, ඔබට නිවන් සුව! (නි)

:       0       0

වීරසිංහ Thursday, 10 January 2013 12:32 AM

රිසානා දුව ගැන මට දුකයි (දී)

:       0       0

සම්පත් Thursday, 10 January 2013 10:25 AM

කණගාටුදායක සිද්ධියක්. (නි)

:       0       0

පද්මා Thursday, 10 January 2013 12:32 AM

මගේ කනගාටුව

:       0       0

චමත් Friday, 11 January 2013 04:13 PM

එහෙම නොව්නොත් තමා පුදුමේ (දී)

:       0       0

මුෆාසල් Thursday, 10 January 2013 10:30 AM

මෙහි ඇති අදහස් දුටු විට හැගීයන්නේ අතළොස්සක් හැරෙන්නට බහුතර සිංහල ජනයා ජාතිවාදීන් නොවන බවයි. (නි)

:       0       0

අතුල Wednesday, 09 January 2013 06:47 PM

මම මගේ කනගාටුව ප්‍රකාශ කරනවා (දී)

:       0       0

ජනක Thursday, 10 January 2013 10:27 AM

ඔබලා ලඟ සමාව දීමේ ගුණය ඇත්තෙම නැද්ද ? (ස)

:       0       0

සනත් Thursday, 10 January 2013 10:28 AM

නිමල් මහත්මයා, ඔබේ කතාව හරියට හරි. 100%ක් එකඟ විය හැකියි. නාලිනී,ඔයා රිසානා වෙලා අවුරුදු 7ක් හිරේ ඉඳගෙන නොමැරී මැරෙන්න වෙලා හිටියා නම් ඕනෑ බද්දක් ගෙවාගෙන, ඕනෑ දුකක් විඳගෙන අපේ රටේ ඉන්න එකහෙලාම කැමති වෙනවා ඇති. කරුණාකරලා ඔය අකරුණාවන්ත රට අත්හැරලා සෞදිය වගෙ ඔයාලට ගැළපෙන රටකට එන්න. (නි)

:       0       0

නාමල් Friday, 11 January 2013 10:52 AM

සෞදියට කාන්තාවන් යවන එක තහනම් කරන්න ඕන.. (දී)

:       0       0

රානි Thursday, 10 January 2013 06:35 PM

අසරණ දෙමවුපියෝ (දී)

:       0       0

නාමල් Friday, 11 January 2013 10:54 AM

අපිට එයාලගේ සල්ලි තෙල් ඕන නැහැ.. අපි එයාලා එක්ක තියෙන සම්බන්ධය නවත්වමු..! (දී)

:       0       0

දහම් Thursday, 10 January 2013 10:34 AM

මේ දරුවාට මනුෂ්‍යත්වයේ නාමයෙන් නිදහස දෙන්න තිබුණා..!(නු)

:       0       0

සුසන්ත Thursday, 10 January 2013 11:02 PM

ජාති ආගම් භේදයකින් තොරව ලාංකික කාන්තාවකට වූ අවාසනාවන්ත ඉරණම ගැන අප සැවොම දුක්වෙමු. කවුරු මොනවා කිවුවත් නොවිය යුත්ත වෙලා අවසන්. ඇය නිදහස් වෙතියි අපි අවසානය තෙක් සිතුවෙමු. තවදුරටත් ගැහැණු රට යවලා ඒ මුදල් වලින් අනෙක් අය විනෝද වෙනවාද? ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම මේ ගැන දුක්වෙනවා. මුස්ලිම් අයගෙ සමහර අදහස් හරිම පිළිකුල්සහගතයි. හරිම දුකයි. ඔබට නිවන් සුව ලැබේවායි හදවතින්ම පතමි! මේ අසරණ පවුලට මොනවා හරි කරන්න බලමු. ඒක අප කාගෙත් වගකීමක්. (නි)

:       0       0

නාමල් Friday, 11 January 2013 10:57 AM

අපිට එයාලගේ සල්ලි තෙල් ඕන නැහැ.. අපි එයාලා එක්ක තියෙන සම්බන්ධය නවත්වමු..! (දී)

:       0       0

කේ.එච්.ආර්. දිසානායක Thursday, 10 January 2013 10:34 AM

අද මොකද මේ කට්ටියගේ කතා අඩු..!(නු)

:       0       0

දිසානායක Thursday, 10 January 2013 10:37 AM

සෞදියේ බොරු නීතිවලට බයේ කට වහන්න ඉන්නද ඔයාලා හදන‍්නේ. කෝ කට්ටියගේ කෑගහන කටවල් (ස)

:       0       0

උදය Wednesday, 09 January 2013 06:54 PM

මගේ කනගාටුව

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Thursday, 10 January 2013 10:37 AM

ලංකාවෙ ඉන්න මුස්ලිම් අය රිසානා බේරාගැනීමට මොක්ද්ද කරපු උත්සාහය.. (නු)

:       0       0

දිනේෂා Thursday, 10 January 2013 12:59 AM

කොන්ද පණ ඇති ශ්‍රීලාංකිකයෝ දැන්වත් එකතුවෙමු..(ස)

:       0       0

දිනිත් Thursday, 10 January 2013 10:35 AM

රිසානා ඝාතනය කරපු එකට ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි දැඩි ලෙස කම්පා වෙනවා.නමුත් එරට රජය නීතිය පොදුවේ කාටත් එක හා සමානය .ඒ නීසා තමා ඒ රටවල් අපිට වඩා ඉස්සරහින් ඉනනේ.අපෙ රටෙත් නිතිය කාටත් එක සමානව තියෙනවනම් ..................... රිසානා ඔබට නිවන් සුව . (ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 09 January 2013 06:57 PM

රිසානා ගැන කණගාටුයි. රැකියා ඒජන්සිය ගැන රජය මීටවඩා නීති ක්‍රියාත්මක කළ යුතුයි. (ස)

:       0       0

දිල්ශාන් Thursday, 10 January 2013 01:04 AM

මට මට ඔබ ගැන කනගාටුයි (දී)

:       0       0

හේරත් Thursday, 10 January 2013 10:39 AM

රිසානා ඔබට නිවන් සුව .මතු ආත්මයේ මේවන් දුකක් අත් නොවේවා . පවුලේ අයට අපගේ ශෝකය (ස)

:       0       0

හේරත් Thursday, 10 January 2013 10:36 AM

රිසානා ඔබට නිවන්සුව . මතු භවයක මෙවන් විපතක් නොවේවා (ස)

:       0       0

චාමර Thursday, 10 January 2013 06:41 PM

ඔය වගේ රටවල් වලට අපේ ජනතාව යවන්න එපා (ස)

:       0       0

රොෂාන් Wednesday, 09 January 2013 06:58 PM

දුක්බර පුවතක්, දැන් කරන්න දෙයක් නැහැ. රජය හෝ මැදිහත් වී පවුලේ ළමුන්ට ඉගෙනීමට සැලසුවොත් ලොකු පිනක්. (ස)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 10 January 2013 10:38 AM

ඕනෑම මරණයක් සිදුවූ විට එම මරණය ගැන දැඩි ලෙස කම්පා ශෝකයට පත්වන්නේ ඒ මරණයටපත් පුද්ගලයා සමග බැඳීමකින් සිටි අයයි. සෞදි පුංචි දරුවාගේ මරණය වෙනුවෙන් දරුවාගේ පවුලේ උදවිය වගේම රිසානාගේ මරණය වෙනුවෙන් එක රටක් එක ජාතියක් වශයෙන් අපි සියළු දෙනාම දුක්වූයෙමු. ඇය බේරාගැනීම සඳහා අපි සියල්ලෝම ප්‍රාර්ථනා කෙළෙමු. ඒ සමග විවිධ සංවිධානයන් රිසානා බේරාගැනීමට උත්සාහයන් දැරූ බව අපි දනිමු. ඇය නිදහස් වෙතියි අපි අවසානය තෙක් සිතුවෙමු. අපගේ ප්‍රාර්ථනා සියල්ල සුළඟට හසුවී ගසාගෙන ගියා සේම කඳුලින් ඉපිද අන් අයට කඳුලක් ඉතුරුකර ලොව හැර යෑමට තරම් රිසානාගේ දෛවය නපුරුවිය. ඇගේ එම ඉරණම වෙනස් කිරීමට තරම් අපි බලවත් නොවූයෙමු. මෙම ශෝචනීය සිදුවීම අපේ රටට හොඳ පාඩමක්. අන් රටවල්වල නීතිය විවේචනය කිරීමෙන් ඇති ඵලක් නැත. දැන්වත් අපේ රටේ කාන්තාවන් පිටරට පැටවීම නවත්වමු. අප ඉදිරියේ දැනට ඇති කාර්යය වන්නේ ඇය වෙනුවෙන් හා ඇයගේ පවුලේ අය වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම සහ යම් සත්කාරයක් ඇය වෙනුවෙන් ඉටුකිරීමයි. (නි)

:       0       0

ෂෆීක් Wednesday, 09 January 2013 07:01 PM

මේ සොයුරියව නිදහස් කරගැනීමට තිබුණු එකම මග එම කුඩා ළදරුවාගේ දෙමාපියන් විසින් රිසානාට සමාව දීම පමණි. සෞදි රජයෙන් එම දෙමාපියන්ගෙන් මේ ගැන සලකා බලන ලෙස කීවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කර ඇත.එම දෙමාපියන් සමාව දුන්නේනම් රිසානා අද ලංකාවේ. හරිම කණගාටුයි. (ස)

:       0       0

රංග Thursday, 10 January 2013 03:33 PM

අපි දුවේ නිබට නිවන් සුව පතනවා (දී)

:       0       0

සුරත් Wednesday, 09 January 2013 07:05 PM

සෞදි තානාපති ඉදලා ලංකාවෙන් ලංකාවෙන් ඉවත් කළ යුතුයි. (ස)

:       0       0

පසිදු Wednesday, 09 January 2013 07:02 PM

ඉස්ලාම් සහෝදරයන්ට මොකද වුනේ. කෝ එයාලගේ අදහස් නැද්ද (ස)

:       0       0

පාලිත Thursday, 10 January 2013 03:35 PM

ඔබලා ගැන මට දුකයි (දී)

:       0       0

හසිත Thursday, 10 January 2013 01:17 AM

අපේ ඇසෙත් කඳුළු නැහැ (දී)

:       0       0

මංජුල Thursday, 10 January 2013 10:48 AM

ඔබට නිවන්සුව ලැබේවා මෙවන් විපතක් මතු ආත්මයකදීවත් නොලැබේවා (ස)

:       0       0

සුමනා Thursday, 10 January 2013 10:51 AM

එක මුස්ලිම් කෙනෙක්වත් මේ වෙනුවෙන් උද්ඝෝෂණයක් කළාද? අඩුම තරමේ තානාපති කාර්යාලට ලිපියක්වත් දුන්නද? මහ ලොකුවට සහෝදරකම් ගැන කථා කරනවා. මෙයා වැරැද්ද කරන වෙලාවේ ළමයෙක්නේ. ඒත් මැරුණු ළමයගේ මරණයට හේතුව ඇත්තටම මොකක්ද කියලා හොයලා බැලුවද? කොහොමත් දැන් කථාකරලා වැඩක් නැහැ. දුප්පත්කම නිසා තමයි ඔක්කොම. සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් දුප්පත් අපිට තමයි ඔක්කොම කරදර. මේකද දෙවියන්ගේ කැමැත්ත. (නි)

:       0       0

චන්දන Thursday, 10 January 2013 10:49 AM

පබා නංගි මේකත් හරිද? පල්ලිහදන්න සල්ලි දෙන අය මෙයාලට ගෙයක් හදලා දෙන්න ආදායම් මාර්ගයක් හදා දෙන්න.!(නු)

:       0       0

නිරෝෂාන් Thursday, 10 January 2013 10:54 AM

ඇත්තටම කණගාටුයි (ස)

:       0       0

ශාන් Friday, 11 January 2013 11:49 AM

අසරණ ආම්මා කෙනෙක් (දී)

:       0       0

දිනුක Thursday, 10 January 2013 01:29 AM

තමන්ගේ පවුල වෙනුවෙන් ජීවිතය පුද කල් තරුණියක් (දී)

:       0       0

අනුර එල්.එස්. Thursday, 10 January 2013 10:52 AM

නාලනී ගේ අදහස හරි උනත් මෙතන තිබෙන්නේ වනෙත් ප්‍රශ්නයක් රිසානගේ නමින් නිවසක් ඉදිකරමු.. මේකට ලංකාදීප මැදිහත් වෙන්නවා නම් අපි සූදානම්.. කරුණාකර පොදුවේ ඉල්ලීමක් කරන්න.. ජනපති අරමුදලින් ආධාරයක් ලබා ගන්නත් පුළුවං...!(නු)

:       0       0

නාලනී Thursday, 10 January 2013 01:30 AM

මොන කරදර තිබුණත් දැන් ලංකාවේ ඉන්න එක භයානකයි. අනෙක ජීවත් වෙන්න ආමරුයි. බදු මිල වැඩිවෙලා. එදා වේල කන්න සල්ලි නැහැ. ඉතින් බෙල්ල ගසා දැම්මත් සෞදි වල මේ වගේ රස්සාවකට ගිහින් ඉන්න එක තමා හොඳ. එයාලට ලම්බෝගිනි, අපිට බඩගිනි. (නි)

:       0       0

අතපත්තු Thursday, 10 January 2013 01:32 AM

අම්මා කෙනෙකුගේ දුක මට තේරෙනවා (දී)

:       0       0

හසින් රියාද් Thursday, 10 January 2013 10:54 AM

මරන්න ශ්න කියන චේතනාවෙන් නොකරපුවගේම වයස ගැන හිතලා හරි මනුෂ්‍යත්වයේ නාමයෙන් සමාව දෙන්න තිබුණා.. උණුවෙන හිත් ඇති සිංහල සහෝදරයන්ට මාගේ ප්‍රණාමය.!(නු)

:       0       0

මලිත් Thursday, 10 January 2013 01:32 AM

අපිට රිසානා වෙනුවෙන් ඔබලාට උදව් කරන්න පුලුවන්ද (දී)

:       0       0

අනුර Thursday, 10 January 2013 10:59 AM

අපිටත් එහෙමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 897 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2016 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 662 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 369 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 944 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1526 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39105 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25576 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 322 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1083 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site