
(යොහාන් භාසුර)
රසායනික, න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පුහුණු අභ්‍යාසයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ කොළඹ ජාතික රෝහල එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී අද (11) පැවැත්වීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ එක්ව මෙම පුහුණු අභ්‍යාසය සංවිධානය කළේය.
එවැනි හදිසි ආපදාවකදී අවම කාලයක් තුළ රෝගීන් ගුවනින් හෝ ගොඩබිමින් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රතිකාර ලබාදීමේ පුහුණුව මෙම අභ්‍යාසයේ මූලික අරමුණ විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක න්‍යෂ්ටික සහ පුපුරන ද්‍රව්‍ය පක්ශාංගයෙ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්ය මණ්ඩලය මෙම අභ්‍යාසයට සහභාගි වූහ.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම පුහුණු අභ්‍යාසය පැවැත්විණි.

2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රසායනික ප්‍රහාරයකට මුහුණ දෙන්න පෙරහුරුවක්
Nandasena gr Friday, 12 May 2023 05:49 AM
දැන් කවුද අපිට රසායනික අවි වලින් ගහන්න එන්නෙ.බංකොලොත් වෙච්ච රටකට රසායනික අවි වලින් ගහලා මොනා ගන්න ද?විකාර වැඩ.