IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් අඩුවක්

අද පැවති උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදීම නිසා තමන් දැඩි අපහසුතාවට පත් වූ බවත්, පෙර වසරවලදී ආවර්ථිතා වගුව සිසුනට ලබා දුන් නමුත් මෙවර එය ලබා නොදෙන බව කලින්  දැනුවත් නොකළ බවත් සිසුහු කියති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ තරඟයක් පැවැත්වීමට කලින් එහි කෝන්දේසි පිළිබඳ තරඟකරුවන් දැනුවත් කළ යුතු බවයි. මෙවර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදෙන බවට සිසුන් දැනුවත් කර තිබුනා නම් ඒ සඳහා මුහුණදීමට සූදානමින් සිසුන්ට යාමට හැකියාව තිබූ බව ද හෙතෙම පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියනුයේ ප්‍රශ්නපත්‍ර සකස්කළ මණ්ඩලය විසින් මෙවර ආවර්ථිතා වගුව ලබා නොදෙන ලෙද නිර්දේශ කර තිබූ නිසා එය ලබා නොදුන් බවයි.



අදහස් (0)

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් අඩුවක්

පෙඩ්‍රික් - කටාර් Wednesday, 15 August 2012 04:14 PM

මේක මහ විහිළුවක්. හැමදාම ප්‍රශ්නපත්‍තරේ අඩුපාඩුවක්. ඇමතිතුමා නිදි ඇයි? (ත)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 08:29 AM

මේ සිංහල ජාතියට දාව මේ දු දරුවන් උපදින්නේ සංසාරේ වැටිච්ච ගිනි උගුලකින් බේරෙන්න, එහෙත් මේ මෝඩ දෙමව්පියන් කරන්නේ මේ දු දරුවන්ව ගින්නෙන් බේරගන්නේ නැතිව තවත් ගිනි ජාලයකට ඇද දැමීමයි. (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 15 August 2012 04:34 PM

ලොකු ලොක්කන්ගේ වැරදි නිසා ළමයි අසරණ වෙන්නේ...(ස)

:       0       0

ප්‍රභා Wednesday, 15 August 2012 04:34 PM

නිසි බලධාරීන් නිදිද? (නි)

:       0       0

කැමිලා Wednesday, 15 August 2012 04:42 PM

ඔය තියෙන්නේ ඕනෑ තරමි ලෝක වාර්තා. (නි)

:       0       0

ගෝපාල් Wednesday, 15 August 2012 04:54 PM

අපි ලිවුවේ 2003දී. අපි නම් විභාගේ ලිවුවේ ආවර්තිතා වගුව කට පාඩම් කරගෙන ගිහිල්ලයි. (නි)

:       0       0

දිලානි Thursday, 16 August 2012 08:57 AM

මෙහෙම දනෝදහසක් අමාරුවේ දාලා ඔබතුමන්ලා ඔය දේවල් වෙනුවෙන් ලබා ගන්නා මුදලේ වැඩක් තියෙයි කියලා හිතනවද? (නි)

:       0       0

ධර්මේ Thursday, 16 August 2012 09:21 AM

අපි උසස් පෙළ කලේ 2001. ඒ දවස්වල නම් ආවර්ථිතා වගුවක් ප්‍රශ්න පත්‍ර එක්ක දුන්නේ නැහැ. (ස)

:       0       0

විභූති Wednesday, 15 August 2012 05:39 PM

රට ඉවරයි! (නි)

:       0       0

ලලිත් Wednesday, 15 August 2012 05:55 PM

ඇමතිතුමා මේ ගැන මුකුත්ම කියන්නේ නැත්තේ ඇයි? (නි)

:       0       0

ගාමිනී Wednesday, 15 August 2012 05:59 PM

ප්‍රශ්නයක් ඇති වුණහම මෙහෙම උත්තර දීලා ඇඟ බේරා ගැනීම දැන් කොයි කාගේත් නිලධාරීන්ගේ සිරිතයි.ඒත් මේ හැම දේටම මුහුණ දෙන්නේ මේ රටේ අනාගතය භාර ගැනීමට ඉන්නා දරුවනුයි.එක්කො විභාග ක්‍රමය වෙනස් කරවන්න. නැත්නම් ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට කටයුතු සළසන්න. හැම දෙයක්ම අනන්න එපා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 August 2012 09:33 AM

"අහිංසක ළමයින් අමාරුවේ දැමීමට උගතුන් දැන දැනම කරන වැඩක්ද කියලා සොයා බැලිය යුතුයි නේද? " එහෙම වැඩක් සංවිධානය වෙලා කරන්න තරම්, අහිංසක ළමයි එක්ක උගතුන්ට තියෙන වෛරය මොකක් කියලාද භද්‍රා හිතන්නේ? නිකම් හිතට එන එන පලියට කියන්න කලින් මේ බලධාරීන්ගේ නොහැකියාව එළිපිට පේන්න තියෙද්දී ඒක පිළිගන්න බලන්න. ඔය විදියට ඔයාට හිතෙන්නේ නැත්ද " බාල ඩීසල් ගෙන්වීම වාහන හිමියන් අසරණ කිරීමට පිරවුම්හල් හිමියන් කල වැඩක්ද...? විදුලිය කැපීම කර්මාන්ත කරුවන් අසරණ කිරීමට ඉංජිනේරුවන් කරන වැඩක්ද...? " කියලා? එතකොට යුද්ධය දිනපු එක විතරයි දේශපාලනය නිසා සිද්ධවෙලා තියෙන්නේ, එහෙමද? (ස)

:       0       0

බමුණුසිංහ Wednesday, 15 August 2012 06:10 PM

සිසිර, ඔබ හරියටම හරි. (නි)

:       0       0

ඩේවුඩ් Wednesday, 15 August 2012 06:08 PM

අනේ වැදලා කියන්නම්, මේවාට නිසි විසදුමක් දෙන්න. (නි)

:       0       0

බමුණුගම Wednesday, 15 August 2012 06:11 PM

ව්භාග ප්‍රශ්න පත්‍රයක් හරියට හදාගන්න බෑ...ඒත් කතාවනම්... (ස)

:       0       0

කවින්ද Wednesday, 15 August 2012 06:08 PM

සිසුන්ගේ අනාගතයත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්න එපා. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 15 August 2012 06:09 PM

ප්‍රශ්න පත්‍ර හැදිල්ල ඔහොම නම් පිළිතුරු බැලිල්ල කොහොම තියෙයිද? (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 15 August 2012 06:22 PM

අනේ මේ දරුවන්ට මොන වදයක්ද දෙන්නේ? (නි)

:       0       0

උපුල් Thursday, 16 August 2012 10:13 AM

සමන් රොහාන් රණසිංහ කියපු කතාව මටත් දැනුයි තේරුනේ. ඔය හරියටම හරි. අත්තටම මේක ගොඩාක් හිතන්න ඕන දෙයක් තමා. බොහොම ස්තුතියි සමන් මේක මතක් කරාට. (ස)

:       0       0

දීපානි Wednesday, 15 August 2012 06:41 PM

අපේ කාලේ නම් අපි ඔය කවුරුවත් මත යැපෙන්න බලා හිටියේ නැහැ. පාඩම් කරගෙන ගිහින් තමයි ලිවුවේ. ඒ කාලේ එහෙම වුණත් අද කාලේ ළමයි? අනේ මන්දා? (නි)

:       0       0

බද්‍රා සුභසිංහ Wednesday, 15 August 2012 07:06 PM

මෙය රජය අපහසුතාවට පත්නරනවාද, නැතිනම් අහිංසක ළමයින් අමාරුවේ දැමීමට උගතුන් දැන දැනම කරන වැඩක්ස කියලා සොයා බැලිය යුතුයි නේද? (ත)

:       0       0

කමල් Wednesday, 15 August 2012 07:07 PM

හරියට ප්‍රශ්න පත්‍රයක්වත් හදා ගන්න බැරුව තවත් මොනවා කියන්නද? (නි)

:       0       0

රනිල් Thursday, 16 August 2012 04:21 PM

අර්වර්තිතා වගුව තාම කටපාඩම්,අපිට දුන්නේ නෑ ඒ නිසා මේ ළමයින්ටත් දුන්නේ නැති 1හරි කියන අය තේරුම් ගන්න,අපි 1ක කටපාඩම් නොකලේ බැරි කමට නෙමේ,ඒක විභාගෙදි දෙනවා කියපු නිසා,එහෙම දෙන 1ක් පාඩම් කරන්න තරම් මොලේ අමාරුවක් අපිට නෑ,දැන් ඊට වඩා ගොඩක් දේවල් තියනවා පාඩම් කරගෙන යන්න,මෙහෙම කරනවා නම් ඒවා කලින් කියන්න තිබ්බ,නැත්නම් ඒක ආකෘති ප්‍රශ්න පත්තරේ දන්න තිබ්බ. (ස)

:       0       0

රාජා සෞදි Thursday, 16 August 2012 11:19 AM

ඇමතිවරැ දෙන්නෙක් මදි. විභාග වලට වෙනම (උපෙ/සාපෙ)කියල දෙන්නෙක් පත් කලොත් හරියයි. ඉහල තැන්වල අවදානය යොමුවෙත්වා.(නු)

:       0       0

ගයා Wednesday, 15 August 2012 07:50 PM

ආවර්ථිතා වගුව මතක නැත්නම් ඒ සිසුන්ට මොන රසායන විද්‍යාවද?

:       0       0

ගිරිගෝරිස් අප්පුහාමි Wednesday, 15 August 2012 07:52 PM

දැන් ඕවා ගැන කතා කොරලා වැඩක් නෑ අයිබෝවන්.........වෙන්න තියෙන ඔක්කොම වෙලා ඉවරයි....කනගාටුයි කියන්න ඒත් දැන් වයිමා ගොඩ ගන්න බෑ. (ත)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 15 August 2012 08:06 PM

අධ්‍යාපන ඇමතිට අපහසුවක් දැනේ නම්, තෙල් ඇමතිගෙන් මෙන්න උත්තරය... "ප්‍රශ්න පත්තර හදන්නේ මම නොවෙන බැවින් මා වගකීමට බැදී නැත.." හරිගිය යුද්දෙට නම් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. මේ වගේ අනාගන්න ඒවාට කවුරුවත් නැහැ.. (ත)

:       0       0

kasuranga Wednesday, 15 August 2012 08:09 PM

මේක මහ විහිළුවක්ඩ(අ)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 11:48 AM

උසස් පෙළ රසායන විද්‍යා විභාගයට ආවර්තිතා වගුව දෙනවානම්.. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට ගුණිත වගුව දෙන්න ඕන.. පොඩි ළමයි ගොඩක් අමාරුවෙ වැටෙනවා චක්කරය බැරිව..!!(නු)

:       0       0

හිරුනි Thursday, 16 August 2012 05:12 PM

ප්‍රවීන්, ධර්මේ, සමන් රොහාන් රණසිංහ , අමිල කටුනායක, දීපානි, ගෝපාල්, ගයා , මේ ගොල්ලොන්ට මොළයේ මොකක්හරි අවුලක්, නැත්තම් සිංහල කියවලා තේරුම් ගන්න බැහැ.මේකේ පැහැදිලිවම කියලා තියෙනවා පෙර වසරවලදී ආවර්ථිතා වගුව සිසුනට ලබා දුන් නමුත් මෙවර එය ලබා නොදෙන බව කලින් දැනුවත් නොකළ බව සහ මෙවර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව ලබා නොදෙන බවට සිසුන් දැනුවත් කර තිබුණා නම් ඒ සඳහා මුහුණදීමට සූදානමින් සිසුන්ට යාමට හැකියාව තිබූ බව.මේ තරම් පුංචි දෙයක් කියවලා තේරුම් ගන්න බැරි කට්ටිය යනවා රට හදන්න. රසායන විද්‍යා විෂය නිර්දේශය අරගෙන බලන්න මොන තරම් දේවල් පාඩම් කරන්න දැන් තියෙනවද කියලා.ඔය 2003 කරපු කට්ටියට තිබ්බ ලොකුම අභියෝගය ආවර්තිතා වගුව පාඩම් කරන එක වෙන්න ඇති.පාඩම් කරන්න තියෙන දේවලුත් එක්ක දැන් ආවර්ථිතා වගුව පාඩම් කරන එක මහලොකු දෙයක් නෙමෙයි.ලංකාවේ මිනිස්සු දන්න එකම දේ පම්පෝරි ගහන්නයි කතා හදන්නයි විතරයි.මෙලෝ දෙයක් කරගන්න බැ.මේ වගේ පුංචි දෙයක් කියවල තේරුම් ගන්න බැරි කට්ටිය ගැන තව මොන කතාද? (නි)

:       0       0

සම්පත් Thursday, 16 August 2012 12:07 PM

අපේ ඇමතිවරු රසායන විද්‍යාව දන්නේ නැහැ.. ඇමතිවරු නෙමෙයිනෙ ප්‍රශ්ණපත්‍ර හදන්නෙ..මේවා හදන්නේ මහාචාර්යවරු නේද? වැරදියට හදන අයගේ පදවියෙන් ඉවත් කරන්න ඕන.. දඩුවම් දිය යුතුයි.. ඇමතිතුමා මෙයාලට දඩුවම් දෙන්නේ නැත්නම් ඇමතිතුමාට දඩුවමක් දෙන්න ඕන..!!(නු)

:       0       0

පාලිත Wednesday, 15 August 2012 09:13 PM

අපේ රටේ අනාගත බාරගැනීමට සිටින මේ දරුවන්ගේ ජිවිත් සමග සෙල්ලම් කරන එක් කවදද නවතීද? (අ)

:       0       0

ඉෂාර Wednesday, 15 August 2012 10:03 PM

ඹ්කේ විතරක් අවුලක් තිබ්බෙ නැත්තමි එකත් අවුලක්නේ.. නුසුදුස්සන්ට පට්ටමි දුන්නහම ඹහොම තමා.. (ත)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 10:41 PM

ආවර්තිතා වගුව මට තවමත් පාඩම්ය. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 10:41 PM

උසස් පෙළ සිසුන් ආවර්තිතා වගුව දැනගත යුතුය. ඕක මහ ලොකු දෙයක්ද? (නි)

:       0       0

සමන්ත Thursday, 16 August 2012 12:39 PM

අපි යන කලෙත් අපිට ආවර්ථිතා වගුව දුන්නෙ නේ අපි නම් කටපාඩමින් තමයි මතක තිය ගත්තේ (ස)

:       0       0

ගුණරත්න Wednesday, 15 August 2012 11:04 PM

අධ්‍යාපන නිලධාරීන්ට මොනවා වෙලාද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉෂාර Wednesday, 15 August 2012 11:35 PM

මෙතන මේ පිටින් පේනවට වඩා ලොකු කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙන බව පේනවා. කවුරු වුණත් මේ සෙල්ලම් කරන්නේ අපේ ජීවිතත් එක්ක කියන එක මතක තියාගන්න. (නි)

:       0       0

අනුර Wednesday, 15 August 2012 11:58 PM

මේ ගැටළු වලට විසදුමක් ඇත්තෙම නැහැ වගේ. මේ විනාස කරන්නේ ජාතියේ අනාගතය. රට විනාශ කිරීමද සැමගේ අවශ්‍යතාවය? මේවා කාට කියන්නද? බීරි අලින්ට වීණා ගහලා වැඩක් නැතිලුනේ. (නි)

:       0       0

දීපානි Thursday, 16 August 2012 06:28 PM

හිරුණි, මොළය අවුල් කාගේද කියලා හොදටම පැහැදිලියි. දැන් ඉන්නේ විෂය කරුණු අවබෝධයෙන් ලියන ළමයි නොවෙයි. ගිරවු. (ස)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 16 August 2012 03:32 AM

කේන්ති ගන්න ඉස්සර මේ ගැන හරි තේරුමක් ගත යුතුයි. මෙවර රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය සමග ආවර්ථිතා වගුව නොදීම එම විභාගයට අදාල දෙයක්. මන්ද එය ප්‍රශ්න පත්‍ර සකස් කළ මණ්ඩලය විසින් ගත් තීරණයක්. අන්න අනිවාර්ය්‍යයෙන්ම දියයුතු දෙයක් සිසු දරුවන්ට නොදුන්නා නම් කේන්ති ගත්තාට වරදක් නැහැ. අපේ කට්ටිය ලිපියේ මාතෘකාව දැක්ක හැටියම ඇමතිතුමාගෙයි, ගෝල බාලයින්ගෙයි පතුරු අරිනවා, ලිපිය මුල සිට අගට කියවන්නෙ නැතිව. (නි)

:       0       0

සපුමල් Thursday, 16 August 2012 04:29 AM

ඕකේ අරමුණ හරිම පැහැදිලියි. නිදහස් අධ්‍යාපනය විනාශ කරලා පුද්ගලික පාසල් විශ්ව විද්‍යාල හොදයි කියන මතය ඇති කරන්න ඔය හදන්නේ. මේක බොහොම සුක්ෂම ලෙස කරන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 05:27 AM

රට දැන් යන විදිහට නම්, තව ටික දිනකින් ළමයි විභාගයට කලින් උත්තර පත්‍රයත් ඉල්ලයි වගේ නේද? (නි)

:       0       0

ජයකොඩි Thursday, 16 August 2012 06:01 AM

"ආවර්ථිතා වගුව මතක නැත්නම් ඒ සිසුන්ට මොන රසායන විද්‍යාවද?" මුකුත් නොදන්න පිටින් ඉදන් බලන කෙනකුට තේරෙන්නෙ ඔහොම තමයි. එහෙත් ඔය කතාව වෑරදියි. විභාගයේදි ළමයා සුදානම් වෙලා ඉන්නෙ ඔය වගුව ඈතිව ලියන්න. ප්‍රශ්න පත්තරය අතටගත් මොහොතෙම එක නැහැයි කියල දෑන ගත්තම විශාල කම්පනයක් මේ වගේ තිරණාත්මක මොහොතක ඈති වෙනවා.ළමයා මානසිකව පසුබෑමකට ලක් වෙනවා.කාල කළමනාකරනය වෑනි නොයෙක් ගැටලු වලට ළමයා මුහුණ දෙනවා. (නි)

:       0       0

තුසිත් Thursday, 16 August 2012 07:17 AM

අනේ ඇත්තට, අපට කරදර නොකර අස්වුණා නම් හරිනේ. (නි)

:       0       0

වරුණ Thursday, 16 August 2012 07:23 AM

මේ රටේ මිනිස්සු තනිකර.... සිංදුව හොද නැහැ කිවුවට අද කාලෙට ගැළපෙන්නේ ඒකම තමයි. (නි)

:       0       0

සමන් Wednesday, 15 August 2012 04:00 PM

z කෝර් රටට හදුන්වා දුන්නේ කවුද ?දැන් මේවා කතාකරලා වැඩක් නෑ..කෙටියෙන් කියනවානම් රට ඉවරයි....(ස)

:       0       0

සිසිර කුමාර Wednesday, 15 August 2012 04:01 PM

දැන් නිලධාරින්ගේ වැඩේ මොනව හරි කියල ඇඟ බේරා ගැනීමයි. (ත)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 08:06 AM

මේ වැරදි කාගේවත් පිට පටවලා වැඩක් නැහැ. මේ ප්‍රශ්ණයේදී සම්පුර්ණ වැරදි කාරයන් වන්නේ දෙමවුපියන්. මොකද ළමයින් ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම සමහර මෝඩ දෙමව්පියන් ළමයින්ගේ ඔළුවට අනවශ්‍ය කුණු කන්දල් දාලා ළමයින්ගේ මනස විකෘති කරනවා. ලංකාවේ සිංහල භාෂාව තිබියදී ළමයාගේ ඔළුවට දානවා ඉංග්‍රීසි හාෂාව, දෙමළ හාෂාව යනාදී නොයෙකුත් තවත් තවත් හාෂාවන්. ළමයා බුද්ධිමත් කරන්න කියලා කළත් ඒකෙත් වන්නේ, ළමයා මැටිමෝල් වෙන එකයි. මම දැනට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, මට බොහෝම කණගාටුයි කියන්න, ලාංකිකයෙක් එක්ක සිංහලෙන් කථා කළහොත් උන්දැලා මගෙත් එක්ක කථා කරන්නේ ඉංග්‍රීසියෙන්. ඇත්තටම කියනවනම් ලාංකිකයන් බොහෝමයක් තමන්ගේ දරු පවුල් සමග තිරිසන් තත්වයට පත්වෙලා. මේ සේරටම වග කියන්න ඕනේ දෙමව්පියන් නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 161 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5660 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1193 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2128 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2069 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site