IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව පොලිස්පතිට

(තරිඳු ජයවර්ධන)

උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා පත්‍රය පිටවුණැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

විභාගය අවසන් වී යමින් සිටි සිසුන්ට බෙදා හරින ලද අනුමාන ප්‍රශ්න පත්‍රයක සහ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් ඒ ආකාරයෙන්ම ගැළපෙන බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මීට අමතරව රසායන විද්‍යා බහුවරණ විභාග ප්‍රශ්න පත්‍රයේ තීබු ප්‍රශ්න කිහිපයක් අනුමාන ප්‍රශ්න පත්‍රයක ද තීබූ ප්‍රශ්නවලට සමාන බවට සිසුහු චෝදනා කරති.

(බෙදා දී තිබූ බව කියන අත් පත්‍රිකාව)

 



අදහස් (13)

රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර ගැටලුව පොලිස්පතිට

piyal Sunday, 20 August 2017 05:04 AM

අනුමාන ප්‍රශ්න වලින් ප්‍රශ්න පත්තරයේ ප්‍රශ්න පිටවුනා කියල කියන්න පුලුවන්ද? එතකොට අනුමාන කියල කියන්න බැහැනේ. අර පසුගිය වසරක සාමාන්‍යපෙළ විද්‍යා ප්‍රශ්න පිටවුණා විදිය වගේ දෙයක් නෙවේ නම් සමහර පළපුරුදු ගුරුවරුන්ට අවරුදු ගානක් ප්‍රශ්න පත්තර විශ්ලේෂණය කරලා අනුමාන ප්‍රශ්න කියන්න හැකියාව තියෙන්න පුළුවන්. මේ ටියුෂන් ගුරුවරයා තමුන්ගේ මාකට් එක වැඩිකරගන්න හදිස්සිවුනා වැඩි කියල හිතෙනවා. කොහොමටත් මේ ගැන සොයා බලන්න වෙයි.

:       0       0

thushari Hewagama Sunday, 20 August 2017 05:45 AM

මම නම් හිතන්නේ නෑ... දෙපාර්තමේන්තුවෙන් පිට වුණා කියලා. මේක ඒ ගුරුවරයා විභාගය ලියපු ළමයෙකුගෙන් හරි, පරීක්ෂකයෙකුගෙන් හරි හෝ අරගෙන ප්‍රින්ට් කරලා දෙන්න ඇති. කොහොම වුණත් ඉතා ඉක්මණින් පරීක්ෂණයක් පවත්වා ගුරුවරයා කියන පුද්ගලයා අත්අඩංගුවට ගත යුතුයි.

:       6       4

sam Sunday, 20 August 2017 06:57 AM

පොඩ්ඩක් ඉවසලා ඉන්න විභාග කොමසාරිස්තුමා... අර ලිෆ්ට් ඔපරේටර්ට මෛත්‍රී භාවනවා කරන හැටි උගන්වලා ඉවර වුණ ගමන් පොලිස්පතිතුමා මේ වැඩේට බහීවි...!!!

:       53       72

පුරවැසි Sunday, 20 August 2017 07:13 AM

ටියුෂන් සර්ගෙ කනට ගහයිද? සර් කෙනෙක්ගෙන් කෝල් එකක් එයිද? නීතිය නැවෙයිද? අපි බලා සිටිමු.

:       19       35

පිටිගල මිලානෝ Sunday, 20 August 2017 07:48 AM

කුමන අතපසුවීම් සිදුවුණත් පූජිත ජයසුන්දර හොඳ ඉතිහාසයක් ඇති දක්ෂ පොලිස් නිලධාරියෙක්.

:       76       26

ලපයාSunday, 20 August 2017 09:46 AM

බොරු කියන්න එපා... ඉතිහාසේ තිබුණාට අනාගතයක් නැහැ. පහුගිය කාලේ නීතිය නවන්න ගිහිල්ලනේ....

:       0       50

Jehaan Sunday, 20 August 2017 10:06 AM

මෙතුමාට දැනට තිබෙන රාජකාරි මදිවාටද? හොරු අල්ලන්න... නීතිය ක්‍රියාත්මක කරන්න විතරක් නම් මදැයි භාවනා කරන්නත් වෙලා තියෙද්දී, මේ කොහේද යන ප්‍රශ්න පත්‍ර අවුලකුත් කර උඩට වැටුණනේ..!!!

:       28       0

dewa Sunday, 20 August 2017 10:07 AM

මාස්ටර්ලා ආයෙමත් පරණ සෙල්ලම පටන්ගන්න වගේ...

:       0       16

jayantha Sunday, 20 August 2017 10:25 AM

මේ පොලිස්පතිතුමා වගේම හින්දි චිත්‍රපටිවල රඟපාන ජෝකර් නළුවෙකුත් ඉන්නවා. මෙතුමාටත් ඒ ජෝකර් ගතිය තියෙන බව කරන සමහර වැඩවලින් පේනවා.

:       0       1

Nuwan Sunday, 20 August 2017 10:39 AM

ඔය කොයි ප්‍රශ්න පත්‍රය හදන මහාචාර්යතුමත් ප්‍රශ්න ටික කොපි කරගන්නේ එක පොත් සෙට් එකකින්... හොඳ මීටරයක් තියන ගුරුවරයෙකුට වසර ගණනක ප්‍රශ්න එන රටාව අල්ලලා ඊළඟට කොපිකරන එක ගැන අනාවැකි කියන්න පුළුවන්... අපි උසස්පෙළ කරන කාලෙත් ඔය වගේ දෙයක් වුණා.. භෞතික විද්‍යාවට....

:       35       1

etarahelaya Sunday, 20 August 2017 11:54 AM

පොලිස්පති කියලා කෙනෙක් ඉන්නවද?

:       0       0

de silva Sunday, 20 August 2017 12:41 PM

මුදලට උගන්වන ටියුෂන් පන්ති නවත්වා දුප්පත් පොහොසත් සැමට අධ්‍යාපනයට එක හා සමාන නිදහස් අධ්‍යාපනයට අවස්ථාවක් ලබාදෙන්න කියලා, පෙරටු ගමියෝ ,සහ ජ.වි.පෙ පෙළපාලි යන්නේ උද්ඝෝෂණ කරන්නේ නැත්තේ මොකද?

:       7       0

Susil Monday, 21 August 2017 02:49 AM

මොනව උනත් ඒ පුද්ගලය මෙයා ලඟට ගේන්න නරකයි, ඒ මනුස්සයගෙ කණ පැලෙන්න ගහයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 244 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 190 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 365 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 149 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 323 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site