රුසියාවේ මොස්කව් අගනුවර රඟහලකට ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවු දෙනකු පැමිණි බව පොලිසිය කියයි. ප්‍රහාරයෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු අතර 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
ප්‍රහාරය එල්ල වූයේ ක්‍රොකස් නගර සභා රඟහලේ රොක් සංගීත ප්‍රසංගයක් ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය. තුවක්කුකරුවන් හිටිහැටියේ රඟහලට කඩා වැදී වෙඩි තැබීමට පටන් ගත් බව සිද්ධිය දුටුවෝ පවසති.
එල්ල වුණු ප්‍රහාරයෙන් රඟහලට ගිනි ඇවිලුණු බවත්, රඟහල වහලේ කොටසක් කඩා වැටුණු බවත් වාර්තා වේ. මියගිය සහ තුවාල ලැබූවන් අතරේ කුඩා දරුවෝ ද වෙති.
ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරය එල්ල කරන්න ඇතැයි සැක කෙරේ. මීට සති දෙකකට පෙර, ඇමෙරිකන් බුද්ධි අංශ කළ අනතුරු ඇඟවීමක් අනුව, රුසියාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය පවසා තිබුණේ ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මොස්කව් අනුවරට රැස්වී සිටින බවය.
(බීබීසී)
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියාවේ රඟහලකට ප්‍රහාරයක්: 40 ක් මරුට
කල්ප Saturday, 23 March 2024 06:14 AM
එහෙත් හිටං කෙනෙක් ඉඳලා තියෙනවා එහෙනම්... ඔච්චර බුද්ධි අංශ අනතුරු ඇඟවීම් තිබිලත් ඇක්ෂන් අරන් නැත්තේ ඒකයි.
යෝගා Saturday, 23 March 2024 01:45 PM
මෙහෙත් රුසියන්කාරයෝ ටාගට් කරලා පහර දෙන්න පුළුවන්. කල්පනාවෙන්...!
Nandalal DE SILVA - France Saturday, 23 March 2024 03:47 PM
මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් පිටරටින් ඇවිත් රුසියාව ඇතුලේ කරන්න බැරි බව අද උපන් දරුවෙකුට නොතේරුණත්, හැමෝටම තේරෙන දෙයක්... යුක්රේනයට එරෙහිව පුටින් කාරයාගේ පහරදීම් වැඩිකිරීම සඳහා රුසියානු බුද්ධි අංශ දියත් කරපු නිහීන ප්‍රහාරයක් බව දැන් මුළු ලෝකයම දන්නා කාරණයක් වී තිබේ. මේ දැන් ලැබුණු ආරංචි අනුව මරණ සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබේ..
HelayaSaturday, 23 March 2024 08:55 PM
කණපිට පෙරළන ලාංකීය මනස දිය යටින් ගින්දර ගෙනියන්න පුළුවන් ලෝකයේ ජනකොටස...