රුසියාව සමග එක්ව යුක්රේනයට එරෙහිව සටන් වැදුණු වැග්නර් කුලී හමුදාවෝ රුසියාවට එරෙහිව යුද්දයකට සැරසෙති.
වැග්නර් කුලි යුද සේනාංක මොස්කව් නගරයේ සිට කිලෝමීටර් 1,100ක් දකුණින් පිහිටි රොස්තව් - ඔන් - දොන් නගරයට යුක්‍රේනයේ සිට රුසියානු දේශ සීමා හරහා ඇතුළු වී ඇත.
වැන්ගර් කුලී සේනාංක යනුවෙන් හඳුන්වන්නේ යුක්‍රේනය තුළ රුසියානු හමුව සමග එක්ව මෙහෙයුම්වලට එක් වූ කුලී යුද සේනාංකයකි.
වැන්ගර් කුලී හමුදාව රුසියාව තුළ කැරැල්ලක් ආරම්භ කරන බව ප්‍රකාශ කිරීමත් සමග රුසියාවේ ආරක්ෂාව තර කළේය. මොස්කව් ඇතුළු නගර කිහිපයක රුසියානු බලධාරීහු පියවර ගත් බව විදෙස් ප්‍රවෘත්තා වාර්තා කරයි.
කෙසේවෙතත් එම නගර වැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙස රුසියානු බලධාරීන් උපදෙස් ලබාදී ඇත.
එම සේනාංක රුසියාවට එරෙහිව යාමත් සමග ජාතිය අමතමින් රුසියාව දැන් පාවා දීමකට මුහුණ දී සිටින බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.
" අපි දැන් මුහුණ දී සිටින්නේ පාවාදීමකට. අප මේ මොහොතේ නිර්භීතව කටයුතු කරමු කියා මා බලධාරීන්ගෙන් සහ වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි මේ සටන් කරන්නේ අපේ මිනිසුන් වෙනුවෙන්.
අපේම වැසියන්ගේ අනාගතය වෙනුවෙන් කරන මෙම සටනේදී හැමෝද එක්විය යුතුයි. ජාතියක් ලෙස අපිට මෙය තර්ජනයක්.
මෙම කැරැල්ලෙන් රට ආරක්ෂා කරගැනීමේදී අප දැඩි පියවර අනුගමනය කරන්නවා. කැරලි කරුවන්ට දැඩි දඬුවම් දෙන බව ද පුටින් ජාතිය අමතමින් කියා සිටියේය.
වැග්නර් ග්‍රහණයට නතුවූ රස්තොව් ඔන් දොන් නගරයට රුසියානු සේනාංක සහ පුටින් හිතවාදී චෙක්චන්ස් හමුදා ළඟා වෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුසියා හිතවාදිහු රුසියාවට එරෙහි වෙති
පැරකුම් Sunday, 25 June 2023 02:38 AM
කල කල දේ... ඵල ඵල දේ කිව්වෙ නිකං කට කහනවාට නොවේ…!