IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘රස්සාවක් කරනවට අම්මලා කැමති නැහැ’

 

 

අද තාරුණ්‍යයේ බොහෝ දෙනා ඇය  ගැන කතා කරන්නේ රූපවාහිනි තරුවක ලෙසය. හසිනි ගෝනගල වන ඇය රූපවාහිනි තරුවක වූයේ රංගනය නිසා නොවෙයි. ගායිකාවක නිසාද නොවෙයි. නර්තන ශිල්පිනියක ලෙසයි  රූපවාහිනි ප‍්‍රසාංගික කලාවට සුන්දර රිද්මයක් ගෙනා ඇය ගැන මුලින්ම කතා කළේ සිරස ඩාන්සින් ස්ටාර් සමගයි. අද ඇය ගැන කතා කරන්නේ දෙරණ ඩාන්සින් ස්ටාර් දී අල්ටිමේට් ලෙවල් නිසයි. එලෙසින් රූපවාහිනි නර්තනයට අපූරු හැඩයක් ගෙනා හසිනිට දැන් සිනමාවේ රඟපෑමට වරම් ලැබී තිබෙනවා. නැටුමට දඟකාර වූ මේ හැඩකාරිය සමඟ අද අපි ඒ  විස්තර කතා කරමු.

 

 
 


 හසිනි ඇයි ඔබ නැටුමට වැඩිපුර තැන දෙන්නෙ?
කුඩා කාලයේ ඉඳලාම නැටුමට හරි කැමතියි. ඒ නිසයි එම අංශයෙන් ඉදිරියට යන්නෙ.

 


 රැකියාක් කරනවද?
රැකියාවක් කරනවට දෙමාපියන් කැමති වුණේ නැහැ. මගේම ව්‍යාපාරයක් අරඹන්න  උදව් කළා. සිටි ඇන්ඞ් ගිල්ස් පාඨමාලාව හමාර කරලා මගේම කොණ්ඩා විලාසිතා හා රූපලාවන්‍ය කටයුතු සිදුකෙරෙන ව්‍යාපාරයක් දැන් පවත්වාගෙන  යනවා.

 


 කොහොමද ඔබේ නර්තනයට ලැබෙන ප‍්‍රතිචාර?
මෙතෙක් කාලයක් මේ වගේ නර්තන ශිල්පීන් බොහෝ විට දැක ගත්තේ බොලිවුඞ් තරු වෙතින්. ඒත් දැන් අපට අපේම දක්‍ෂ තරුණ පරපුරක් සිටින්නේ කියලා හැමෝම කියන දෙයක්. මේ ප‍්‍රතිචාර නිසා ප‍්‍රාසාංගික නැටුමට ජාත්‍යන්තරව යමක් කිරීම මගේ අරමුණයි.

 


ලංකාවේ සම්ප‍්‍රදාය මත නර්තනය රකින ප‍්‍රවීණ පරපුර මේ නර්තන තරු තරග අගය කරනවාද?
 චන්න විජේවර්ධන සර් වගේ ප‍්‍රවීනයකු නිතරම අපට උපදෙස් දෙන්නෙ අපේ දේ රැකගෙන ජාත්‍යන්තරයට අලූත් යමක් නිර්මාණය කරන්න කියන එකයි. මම මුලින්ම නර්තනය හැදෑරුවෙ කුලසිරි බුදවත්ත සර් යටතේ. පසුව චන්න සර්ගෙන් ඉගෙන ගෙන බැලේ, හිප්පොප්, ලැටින්, ඉන්දියන් නර්තන අංශයත් ප‍්‍රගුණ කළා.

 


රූපවාහිනි නර්තන කලාවට ඔබ ආවේ දුෂ්සන්ත් වීරමන් එක්කයි. දැන් ඔහු සමග නර්තනය කෙරෙන්නෙ නැත්තෙ ඇයි?
”දුෂ්” නැටුමට වඩා එයාගෙ ගායන අංශයට මුල් තැනදීලා තියෙන්නේ. මම නර්තනයට වැඩිපුර තැන දීලා. මේ ඒ නිසා අප දෙන්නා නිතරම එකට දකින්න ලැබෙන්න නැහැ. ඒත් ”දුෂ්” මොනවා හරි කරනවා නම් මට කියනවා. ළඟකදී ඒ වගේ නිර්මාණයක් කළේ නැහැ.

 


 ඔබ නර්තනය කරන්නේ මොනවගේ අරමුණක් ඇතිවද?
තවම මගේ  වයස අවුරුදු 21යි. ප‍්‍රවීණත්වය  කරා යන්න තව බොහෝ දේ ප‍්‍රගුණ කරන්න තියෙනවා. ඉන්පසුව නර්තන පාසලක් ආරම්භ කිරීම මගේ අවසාන අරමුණයි.

 


 ඇයි ටෙලි නාට්‍ය රංගනයට එක් නොවුණේ?
ඒ වෙනුවෙන් විශාල කාලයක් වැය  කරන්න  ඕනෑ. ඒ නිසා එම අංශයෙන් ආරාධනා ලැබුණත් බාරගත්තේ නැහැ. චිත‍්‍රපට රංගනයට නම් කැමතියි.

 


ඒ නිසාද චිත‍්‍රපට රංගනයට පිවිසුණේ?
ඔව් සනත් ගුණතිලක මහතාගේ නව චිත‍්‍රපටයක චරිතයක් රඟපෑවා. ඒ වගේම සුනිල් ටී. චිත‍්‍රපට සමාගමේ නවතම චිත‍්‍රපටය වන ”මහරජ අජාසන්ත” චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් රඟපානවා.

 


හසිනිගේ බෝතල් මුඩි ගවුම

හසිනි ගෝනගල හැඩවී සිටින මෙම ගවුම සාමාන්‍ය ලෙස නිමවුවක් නම් නොවෙයි. රැෆල්ස් ජාත්‍යන්තර පාසලේ විලාසිතාකරණය ගැන හදාරමින් සිටින රන්නිලූ සිංගප්පුලිගේ ශිල්පිනිය විසින් නිමකරන ලද අපූරු නිර්මාණයකි. එය නිර්මාණය කළ විදිය ගැන රන්නිලූ විස්තර කළේ මෙලෙසිනි.

”ඉවතලන ද්‍රව්‍ය යොදා ගෙන නිර්මාණයක් කිරීමට අපට ලැබුණාම ඒ සඳහා මාතෘකා වගේම යොදාගන්නා අමුද්‍රව්‍ය ගැනත් රැෆල්ස් ජාත්‍යන්තර පාසලෙන් කියා තිබුණා. බෝතල් මූඩි යොදා ගැනීම ගැන කියලා තිබුණේ නැහැ. නමුත් මා එය යෝජනා කළාම බලධාරීන් ඊට ඉඩ ලබාදුන්නා. ඒ අනුව ගවුම නිමකළේ ඉවතලන බෝතල්  මුඩි 6000ක් විතර යොදා ගෙනයි ඒ සඳහා විවිධ වර්ණයෙන් යුතු ඒවා යොදා ගත්තා. ඒවා තලලා සෑම එකක්ම සමාන සිදුරු හතරකින් නිම කරන්න සිදුවුණා. මාලය සඳහා මුඩි පහළොවක් විතර යොදා ගත්තා. කරාබු දෙක නිම කළොත් බෝතල් මූඩි වලින්මයි අත් බෑගය සඳහා මූඩි සිය ගණනක් යොදා ගත්තා. ප‍්‍රතිචකී‍්‍රයකරණය සඳහා යොදා ගන්නා තවත් එක් අමුද්‍රව්‍යයක්  ලෙස බෝතල් මූඩි යොදා කළ මෙම නිර්මාණයට පළවැනි තැන හිමිවුණා.

දැන් මගේ අරමුණ මෙවැනි අලූත් නිර්මාණ සමග ජාත්‍යන්තරයට අපෙන් යමක් ලබාදීමයි. ඒ උත්සාහයේ එක් ප‍්‍රයත්නයක් ලෙස මෙය නම් කරන්න පුළුවනි. මේ සඳහා නූල්වලට හැර කිසිවකට මුදල් වියදම් වුණේ නැහැ.

 

 

 



අදහස් (0)

‘රස්සාවක් කරනවට අම්මලා කැමති නැහැ’

දයා අලහකෝන් Sunday, 27 October 2013 12:25 PM

අම්මලා කී දෙනෙක් ඉන්නවද දන්නේ නෑ නේද (දිල්)

:       0       0

චමින්ද හේමචන්ද්‍ර Sunday, 17 November 2013 12:13 PM

ඔයාටම ගැලපෙන ගවුමක්.(නදී)

:       0       0

ගයාන් Wednesday, 30 October 2013 09:38 AM

බෝතල් පත්තරකාරයන්ට එහෙම පෙනෙන්න ඉන්න එපා ඕක ඇදගෙන (නි)

:       0       0

නලින් Friday, 15 November 2013 12:00 AM

ජයවේවා

:       0       0

කවීන්ග Friday, 15 November 2013 12:00 AM

සුබ පැතුම් .

:       0       0

කුමාර Friday, 15 November 2013 12:00 AM

ඔයා ගොඩක්ම දක්ෂ කෙනෙක් මගෙන් සුබ පැතුම් . (දී)

:       0       0

සමීර සාලින්ද Monday, 28 October 2013 05:42 PM

හරිම ලස්සනයි ඔබට සුබපැතුම් (දිල්)

:       0       0

ප්‍රිමේෂිකා Thursday, 07 November 2013 06:19 PM

දයා, අම්මලා කියන්නේ අම්මා තාත්තා දෙන්නම කියන එකට (නි)

:       0       0

ලාරා කෑගල්ල Friday, 01 November 2013 04:57 PM

ටොනික් මූඩි ඇයි බෙල්ලේ එල්ලාගෙන? (නි)

:       0       0

ආසිරි Friday, 08 November 2013 01:40 PM

සම්පත්, මමත් කැමතියි. (ස)

:       0       0

සඳරුවන් Friday, 01 November 2013 05:00 PM

වැස්සේ යන්න එපා. ඇඳුම මළකඩ කයි (නි)

:       0       0

ඩිඩී Wednesday, 30 October 2013 02:06 AM

අනේ මටත් රස්සාවක් කරන්නේ නැතිව ඉන්න තියෙනවනම්....(නදී)

:       0       0

චමින්ද Thursday, 21 November 2013 06:02 PM

අනේ මමත් මූඩියක් උනා නම් කොතනක හරි එල්ලිලා පොඩ්ඩක් වහල දෙන්න තිබුන (නදී)

:       0       0

ගිම්හාන Monday, 04 November 2013 08:32 AM

හෂිනි දත් ටික පෙන්නලා හිනාවෙනකොට නම් හරිම ලස්සනයි.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Sunday, 27 October 2013 05:34 PM

හසිනි හරිම ලස්සනයි, ස්වාභාවිකයි, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

සම්පත් Thursday, 31 October 2013 02:24 PM

මම කැමති ඔයාව බඳින්න. (ස)

:       0       0

අබ්දුල් Saturday, 02 November 2013 09:09 AM

මම නම් ඔයාට කැමතියි (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 30 October 2013 12:58 PM

ගයාන්, ඔයා පාර්ට් ටයිම් බෝතල් පත්තර එකතු කරන්නේ එහෙම නැහැ නේද ? (ස)

:       0       0

හර්ෂි Monday, 28 October 2013 02:57 PM

ඔයා දක්ෂයි..ලස්සනයි.. සුබ පැතුම්.. (ස)

:       0       0

චමෝද් දිල්සිකා Thursday, 31 October 2013 08:51 AM

ඔයාටත් හරි මොකද අදකාලේ ගැහැනුන්ට බේරෙන්න අමාරුයි.(නදී)

:       0       0

සුභා Sunday, 27 October 2013 07:15 PM

ඔබ ඉතා දක්ෂ කෙනෙක්. මම ඔයාට හරි කැමතියි (නි)

:       0       0

දුමින්ද Sunday, 27 October 2013 10:46 AM

හසිනි, ඔබට සුබ අනාගතයක් (නි)

:       0       0

දර්ශා Sunday, 27 October 2013 10:52 AM

මෙම ගවුම සහ අනෙක් ආයිත්තම් ලස්සනයි (නි)

:       0       0

සඳුනි Wednesday, 30 October 2013 02:45 PM

ඔයාට සුබ අනාගතයක් වේවා..නංගි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4827 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


රුවන් නව ජනපතිට සුභපතයි
2024 සැප්තැම්බර් මස 22 1 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 571 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


පුත්තලම අනුරට
2024 සැප්තැම්බර් මස 22 116 0


බියගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 124 0


මඩකලපුවම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 76 0


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15465 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 74 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 251 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site