IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රස්සාව හොරකම : යන්නේ සැප වාහනේ

තොග බඩු මුදලාලිලා ලෙස රඟපාමින් කලක් තිස්සේ අවිස්සාවේල්ල,මහරගම,වැල්ලම්පිටිය,නවගමුව ,මිරිහාන හා තලංගම ආදී පෙදෙස් වල තොග කඩ කඩා  හාල්,පිටි,සීනී ,චීස් ආදීය හැටන් හා ගම්පොළ කඩ වලට ඉතා ලාබෙට විකිණු දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.මින් එක් අයකු කුලියට කාර් දෙන ආයතනයක රියදුරකු බවද සොයාගෙන ඇත.

පසුගිය අවුරුදු දිනවල මොවුන් තොග කඩ 14 ක් කඩා ඇතැයි ද සුඛෝපභෝගී කාරයකින් පැමිණ සියලු සොරකම් කැර ඇතැයි ද පොලීසිය කියයි.

 

 



අදහස් (0)

රස්සාව හොරකම : යන්නේ සැප වාහනේ

අජිත්කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 09:40 AM

මෙම ප්‍රවෘත්තියේ සිරස්තලය දැක්ක ගමන් මට මතක් උනේ අපේ ගරු උතුමන්ලා කට්ටිය. මොකද කරන්නෙත් ඒවා නිසා , යන්නෙත් එහෙම නිසා. (ස)

:       0       0

ගජමන් Friday, 23 May 2014 09:40 AM

කැලණිය පැත්තේ ගමක පන්සලේ කසිප්පු මුදලාලි කෙනෙක් මහා හිටි බුදු පිළිමයක් හදනවා. රේස් බුකි, තව නොයෙක් දේවල් මේ මුදලාලිගේ තියෙනවා . බළල්ලු විකුනලා සල්ලි හෙව්වට සල්ලි ඥාව්! ඥාව් !! කියන්නේ නැහැ කියනවා නේ. පන්සලේ අනික් දුප්පත් දායකයෝ මේ මහා දානපතියා ළඟ අැටිකිත්තෝ. (ස)

:       0       0

සමන් Thursday, 22 May 2014 08:06 PM

අපේ අහවල් කට්ටිය යන්නෙත් සැප කාර්වලනේ. (නි)

:       0       0

පිටිගල Friday, 23 May 2014 10:08 AM

මම දවසක් නිවාඩුවට ලංකාවට ගිහින් ,මට වහනයක් නැති නිසා රෙන්ට් කාර් එකකින් ගමේ ගියා. යනකොට මගදී පිටිපස්සෙන් ආපු සුඛෝපබෝගී වාහනයක් නලාව ශබ්ධ කළා. මම පුළුවන් විදිහට අයින් කරලා ඉඩ දුන්නත් ඒ කර එකේ ආපු හොඳට ඇඳ පැළඳගෙන හිටිය මහත්මයා මට ඉස්සෙල්ලම පහත් භාෂාවෙන් කතා කළා. ඊට පස්සේ මම ලයිසන් ගත්ත තැනටයි, අපේ අම්මටයි.,මටයි බොහොම හිත සසල වෙන භාෂාවෙන් කතා කළා. ඊට පස්සේ හයියෙන් සද්ද කරලා ඉගිලිලා ගියා.ඒ අලුත් සැප වාහනයේ ගිය මහත්තයා ගේ වැදගත් කමද, චන්ඩි කමද, මෝඩකමද, බල පුළුවන් කාර කමද,? දවස් 42න් ආපහු රස්සාවට එන්න පුළුවන් උනා මම කට වහගෙන හිටිය නිසා.(දිල්)

:       0       0

පිටිගල Thursday, 22 May 2014 09:03 PM

ඉතින් ඒ කට්ටියගේ රස්සාවත් අහවල් එකම නේ. (ස)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Friday, 23 May 2014 11:45 AM

පිටිගල මහත්මයා, දැන් අපේ රටේ සාර ධර්ම කඩෙන් ගන්න වෙලා. ආගම ධර්මය මෝස්තරයක් වෙලා. අම්ම තාත්ත නැහැ. ඒගොල්ල අම්මි, තාත්ති සමහර ළමයි අම්මට කියන්නේ මාම් කියල. බිරිඳ ස්වාමිපුරුෂයාට කියන්නේ තාත්ති කියල, ඔහු තම බිරිඳට කියන්නේ අම්මි කියල. අද රටේ උගතුන්ට තැනක් නැහැ. සල්ලිවලට තමයි ඔක්කොම සලකන්නේ. ගමේ පන්සලේ දායක සභාවේ ප්‍රධානියාත් ලොකු සල්ලිකාරයෙක්.එයා සල්ලි හම්බ කරන විධිය කාටවත් වැඩක් නැහැ.ඔබ කියන ඔය බල පුළුවන් කාරය අඩු ගන්නේ පාසලේ 5 වත් පාස් නැතුව ඇති. කඳ බඩ විතරක් ලොකුවට ඇති . සුදු ඇඳුමක් ඇඳලා ඇති. කවුරුහරි දේශපාලකයකුගේ ඇඟේ එල්ලිච්ච මැක්කෙක් වෙන්න ඇති. ඔය සැප වාහනයත් කවුරුහරි දේශපාලකයෙකුගේ බලපතුයකින් ගත්තු එකක් වෙන්න ඇති. පිටිගල "පිරුණු කලේ - දිය නොසැලේ" කිව්වා වගේ ඔබ නිහඩව හිටපු එක හොඳයි. (දිල්)

:       0       0

තිලක් ඩුබායි Thursday, 22 May 2014 03:02 PM

ලංකාවේ ඉන්න හොරු යන තරමක් යන්නේ සුඛෝපභෝගී වාහන වල තමයි. (නදී)

:       0       0

මිථිල Thursday, 22 May 2014 10:40 PM

ලංකාවේ ඉන්න උගතෙක් හැර ,උපතින් පෝසතෙක් නෙවේනම් ,සැප වාහන වල යන හෙමෝම හොරු තමා.(ස)

:       0       0

චමිලා Thursday, 22 May 2014 11:34 PM

හරියට හරි , මම දැක්ක දෙයක් තමා ඔය වගේ අයට තමයි වැඩි හරියක් යාලුවෝ ඉන්නෙත්, ගෙවල් වල වැඩට මිනිස්සු ඉන්නෙත් . සමහර විට අත දිගහැරලා වියදම් කරන නිසා වෙන්න ඇති . (ස)

:       0       0

වාසනා Thursday, 22 May 2014 03:43 PM

සැප වාහනවල යන අල්ලන්න බැරි හොරුත් ඉන්නවා නේද ?(නදී)

:       0       0

සරසි Thursday, 22 May 2014 03:54 PM

තිලක් ලංකාවේ ඉන්න ගොඩක් හොරුන්ට සුකෝපබෝගී වාහන තියෙන්නේ අපි ගෙවන බදු වලින් එයාලට පෙර්මිට් හම්බවෙන නිසා (නදී)

:       0       0

සරත් බණ්ඩාර Friday, 23 May 2014 03:05 AM

කළු සල්ලිකාරයෝ ලංකාවේ හැමතැනම වැජඹෙනවා (නි)

:       0       0

සමන්ති Friday, 23 May 2014 05:40 AM

ඇයි සමහරු අරක්කු විකුණන , සූදුකෙළින ගමන් සමාජ සේවා කරන්නේ.... (නි)

:       0       0

පහන්දී Thursday, 22 May 2014 05:12 PM

ඒක තමයි වාසනා, ඒ හොරු අල්ලන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැනේ නේද? (නි)

:       0       0

ලාලනී Thursday, 22 May 2014 07:11 PM

කෝ අර පහුගිය දවස් වල , සුඛෝපභෝගී යතුරුපැදි වලින් පැමිණ බැංකු ඇතුළු ව්‍යාපාරික ස්ථාන කොල්ලකාපු උදවිය තාම නිදැල්ලේ නේද? (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 23 May 2014 09:08 AM

මේ හැමෝම බොරුව කරන්නේ. සල්ලි තියනවා නම් හොරෙන් හෝ වැරදි විදියට හම්බ කරලා හරි ගොඩක් දේවල් දිනාගන්න පුළුවන්. හිරේ ගියත් සැප විඳින්න පුළුවන් (නි)

:       0       0

සුනිල් රියාද් සිට Thursday, 22 May 2014 07:38 PM

යාළුවනේ, කෙසේ වෙතත් අළුත් වාහන වල යන හැමෝටම වෛර කරන්න නම් එපා. (මට වාහනයක් තියා ටයරයක්වත් නැහැ) ඉහත වැඩිහරියක් අදහස් වල ගැබ්වෙලා තියෙන්නෙ එවැනි අදහසක් වගේ. මම වැරදි නම් සමාවෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 16 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10694 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5320 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7510 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5012 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1255 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36521 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site