IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


රුහුණේ කැති උදලු චීනයට එරෙහිව එසැවෙයි

හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට විරෝධය පළ කරමින් ගොවි සංවිධාන රැසක් අද (23) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් ඇරැඹූහ.

කැති, උදලු, පෝරු, නගුල් ආදී උපකරණ රැසක් රැගෙන විත් ඔවුහු විවිධ සටන් පාඨ කියමින් විරෝධයේ යෙදෙති.

IMG_20161223_102801 IMG_20161223_102807 IMG_20161223_102813 IMG_20161223_102817



අදහස් (0)

රුහුණේ කැති උදලු චීනයට එරෙහිව එසැවෙයි

බන්දුල Saturday, 24 December 2016 04:48 AM

හම්බන්තොට දිසා, ඇයි උතුරේ ඉඩම් ඉල්ලන්නේ නැත්තේ? (නි)

:       0       0

චන්න බුවනක Friday, 23 December 2016 07:49 AM

මොනවා උනත් මේ අය රටේ ඉඩම් ආරක්ෂා කර ගන්න උද්ගෝෂණය කරන්නේ. අපි එක අගය කරන්න ඕනි. (ම)

:       0       0

සජී Saturday, 24 December 2016 04:57 AM

රොහාන්, මහින්ද මහත්තයා මේ විදිහට ඉඩම් දුන්නෙ නැහැ (නි)

:       0       0

ගීගන Friday, 23 December 2016 08:04 AM

එතකොට වරාය, ගුවන් තොටුපොළ හදන්න ඉඩම් ගන්නකොට විරෝධය දැක්වුවේ නැත්තේ මොකද, එකෙන්ම පේනවා මේ සියල්ල කගේ වුවමනාවට ද කරන්නේ කියල (ම)

:       0       0

සම්පත් Saturday, 24 December 2016 05:28 AM

බමුණු ආරච්චි, මොළයක් තියෙන්නේ කල්පනා කරන්න. සුද්දා තේ වවලා තේ වතු වල වැඩට මිනිස්සු ගෙනාවේ දකුණු ඉන්දියාවෙන්. අද ඒ පළාත් දකුණු ඉන්දියානුවන්ටම සින්නක්කර වෙලා. චීනෙට දෙන අක්කර 5000 යේ වැඩට චීන්නු ගෙනාවම කවදාහරි ඔය පළාතත් චීන්නුන්ටම තමා. රටක් විදියට අපි දියුණු වෙන්න ඕනෑ. එක වෙන්ඩ ඕනෑ අපේ රටේ අනාගතය වෙන රටකට උකස් කරලා නෙමෙයි (නි)

:       0       0

දහම් Saturday, 24 December 2016 05:55 AM

චීනය මොන වැරැද්දක් කළාටද චීනෙට විරුද්ධ වෙන්නේ (නි)

:       0       0

ගොඩගේ Saturday, 24 December 2016 05:53 AM

සුද්දා තේ වැවුවේ නැත්නම් අපි තාම කොළ අතු අඳින්නේ! (නි)

:       0       0

අෂාන් Friday, 23 December 2016 09:21 AM

කවදාවත් ලංකාවට ගොඩ යන්න බැරි මේ නිසයි (බ)

:       0       0

බමුණු සිංහ Monday, 26 December 2016 07:04 AM

රජ කාලේ රට විකුණනකොට හිටියේ කොහෙද අහනවා. කාටද විකුණුවේ? එ්කත් කියන්නකෝ. (නි)

:       0       0

බන්දුල Monday, 26 December 2016 07:05 AM

සමන්, යුද්ධයට ගිය සල්ලි ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නකෝ. දිනන්න කොපමණ මුදලක් ගියාද, නොදින්නා නම් වෙන පාඩුව කොපමණද කියා (නි)

:       0       0

ළහිරු Friday, 23 December 2016 10:43 AM

ඉඩම දෙන්නේ දවසකට දෙකකට නෙවෙයි (හේ)

:       0       0

ජගත් Friday, 23 December 2016 10:41 AM

දැන් වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

නිල්මිණි Friday, 23 December 2016 11:01 AM

මිනිස්සු පර්චස් 5 ගෙවල් හදද්දී චීනෙට අක්කර 5000 මේ අයට (හේ)

:       0       0

චන්දන Friday, 23 December 2016 11:04 AM

ගොවියෝ වුනාට ලස්සනට බෝර්ඩ් එහෙම මුද්‍රණය කරගෙන තියෙන්නේ.(හේ)

:       0       0

සිසිර Friday, 23 December 2016 11:06 AM

රට චීන කොලනියක් කරන්න හදනවා කියපු අයම දැන් චීනයට ඉඩම් තොගේට දෙනවා (හේ)

:       0       0

විජය Friday, 23 December 2016 11:21 AM

වරාය හදන්න පුද්ගලික ඉඩම් ගත්තේ නෑ, (හේ)

:       0       0

චන්න Friday, 23 December 2016 12:06 PM

මෙතන අදහස් දක්වන සමහරු මුළු රටම විකුණුවත් කමක් නැහැ කියන මතයේ ඉන්නේ (නි)

:       0       0

ජයන්ත Friday, 23 December 2016 12:18 PM

නිල්මිණි-ජපානය, බොරු කයිවාරු ගහන්න එපා. නිකන් සෝබනයට ජපානය කියලත් ගහගෙන නමට. රටේ වගාකරන මිනිස්සු තමයි දන්නේ මොනවද වගාකරන්න හොඳ ඉඩම් කියලා. අපට ජපානයේ ඉඳන් කවුරුවත් උපදෙස් දෙන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

දමිත් Saturday, 24 December 2016 07:32 AM

මම චීනයේ ෂැන්හයි නගරයට කීපවරක් ගිහින් තියෙනවා. එතැනදී මම දැක්කා චීනය ඒ රටේ ජනතාව ගැනවත් හිතන්නේ නැති බව (නි)

:       0       0

දොන් Friday, 23 December 2016 12:22 PM

ලෝකේ චීනය ඇතුළු බොහෝ රටවල් දියුණුවුණේ බහුජාතික සමාගම් ඒ රටවල් වල ආයෝජනය කරපු නිසා. තාමත් රටේ ආර්ථිකය ගැන හිතනවා වෙනුවට ජනතාව හිතන්නේ බලය මාරු කර කර ඉන්න එක ගැන. කවදා හැදෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

රොහාන් දයාදර Saturday, 24 December 2016 07:45 AM

ශ්‍රී ලංකාවේ දේශපාලුවෝ කියන්නේ ආත්මෙන් ආත්මෙට මේ රට විනාශ කරන්න උපදින යක්ෂයෝ (නි)

:       0       0

අරුණ Friday, 23 December 2016 12:40 PM

මෙහෙමවත් විරෝධතා නොදැක්වූවොත් රජය ඔවුන්ට ඕනෑ ඕනෑ හැටියට නටයි (නි)

:       0       0

දමිත් Saturday, 24 December 2016 07:59 AM

කාට වුණත් ඕනෑවට වැඩිය සුදු හුණු ගාන්න එපා. ඒ මොකද මැතිවරණයට කලින් ජනතාව තුළ තැබූ විශ්වාශය සම්පුර්ණයෙන්ම නැති කළා (නි)

:       0       0

සේන Saturday, 24 December 2016 09:21 AM

මෙවැනි පසුගාමී අදහස් නිසා තමා මේ රටේ කිසිම දියුණුවක් නැත්තේ. දැන් ලංකාවට තියෙන්නේ ඉඩම් ඉතාම හිඟවෙලා. ආයෝජකයෝ මේ රටට ඇවිත් පොරකන තත්වයක්ද? එහෙම නැත්නම් ආයෝජකයෝ එන්නෙ නැති, මුඩුබිම් ඕනෑතරම් තියෙන තත්වයක්ද? ඔය හම්බන්තොට කියන්නේ වගා කරන්න තියා බොන්න වතුරවත් හරියට නැති පළාතක් නේද? (නි)

:       0       0

බන්දුල Friday, 23 December 2016 01:03 PM

නිල්මිණි-ජපානය, උතුරේ අය බිම් අඟලක් දෙන්නේ නැහැ. එහෙනම් දකුණේ අය මොකටද දෙන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 23 December 2016 01:03 PM

චන්දන, ගොවියෝ කියන්නේ වගාව හැර වෙන මොකුත් දන්නේ නැති අය කියලා හිතුවද? (නි)

:       0       0

සූරිය Saturday, 24 December 2016 09:45 AM

මැදමූලන කට්ටිය ඇවිල්ලා නැද්ද? (නි)

:       0       0

රත්න Saturday, 24 December 2016 09:49 AM

ලංකාව සුද්දෝ දාලා ගිය දවසේ ඉඳලා අපි චීන සහනාධාර වලින් තමයි කාලා, බීලා ජීවත්වුණේ. එ්ත් කෙළෙහිගුණ නොදන්න ලාංකිකයෝ අද චීනයට එරෙහිව ක්‍රියාකරනවා. මේක චීන්නුන්ගේ හෝ යහපාලනයේ වරදක් නොවෙයි. මේක අපේ "ජාතකයේ වරද"! (නි)

:       0       0

කුමාර Friday, 23 December 2016 01:30 PM

අපි උතුරෙන් ඉඩම් දෙමු! (නි)

:       0       0

සෙනෙවි Friday, 23 December 2016 01:46 PM

රජය මේ කරන්නේ එදා "රී ගේනින් ශ්‍රී ලංකා" වැඩපිළිවලේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නඟමින් රටේ සම්පත් විදේශීය සමාගම් වලට විකිණීමයි. මෙම විරෝධයට නායකත්වය ලබාදන ජවිපෙ ත්‍රිකුණාමලේ ඉන්දියානු ආක්‍රමණයටත් මේ වගේම විරුද්ධවුණා නම් හොඳයි. චීන ව්‍යාපෘති අසාර්ථක කිරීමට ඉන්දියානු රෝ සංවිධානයද ක්‍රියාත්මක වන බව අමතක කළ නොහැක (නි)

:       0       0

කුමාර Friday, 23 December 2016 01:46 PM

සමහරුන්ගේ අදහස් දැක්කහම ලැජ්ජයි (නි)

:       0       0

සුසිල් Friday, 23 December 2016 02:22 PM

බියගම වෙළඳ කලාපය පටන්ගන්න කාලෙත් ඔය කුලප්පුව තිබුණනෙ. දැන් යසට සමිතිත් හදාගෙන වැඩ කරන්නෙ. කම්හල් පටන්ගත්තහම සද්ද නැතුව වැඩ කරයි, අර වරායෙ කට්ටිය වගේ. (නි)

:       0       0

ප්‍රියංක Friday, 23 December 2016 02:20 PM

මෙම පාරම්පරික ඉඩම් දෙනවානම් කාටවුණත් හොඳක් වෙන්නෙ නැහැ. අහිංසක මිනිසුන්ගේ පෞරාණික ඉඩම්! (නි)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 23 December 2016 02:25 PM

ජයන්ත, ජපානේ ඉඳලා එවන විදේශ මුදල් විතරද ඕනෑ? විදේශගත ශ්‍රී ලාංකිකයෝ තමයි ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය. පිටරට ඉන්න රටවිරු අපි නැත්නම් ඔය කැති උදලු උස්සන කී බෝර්ඩ් වල කොටන කාගේත් බඩේ හුළං තමයි. (නි)

:       0       0

ලලිත් Friday, 23 December 2016 02:33 PM

කවුද ඔය කඩදාසි අච්චු ගහලා දුන්නේ? (නි)

:       0       0

ජානිස් Saturday, 24 December 2016 11:10 AM

නිල්මිණි, ඔයා ජපානේ ඉන්නවා නම් දන්නේ නැද්ද චීනුන් ජපන් මුහුද අල්ලගන්න මොනතරම් වලිකනවද කියලා (නි)

:       0       0

පෙරේරා Friday, 23 December 2016 03:03 PM

අපේ මිනිසුන්ට අපි ඉන්න තැන වටින්නේ නැහැ, නමුත් චිනට ලංකාව පිහිටි තැන හරිම වටිනවා. මොකද ලෝකය එක්ක එකතුවෙන්න හොඳම තැන. එමනිසා අවුරුදු 20 න් 20 ට අලුත් කිරීමේ ගිවිසුමකට ගියා නම් නරකද? අපේ රැකියා ප්‍රශ්නය වගේම රජයත් පොහොසත් වෙනවා (නි)

:       0       0

සමන් Sunday, 25 December 2016 07:16 PM

හම්බන්තොට වරාය හදන්න පසුගිය රජය චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.35 ණය අරන් තිබෙනවා. ඩොලර් මිලියන 306ක් අරගෙන තිබෙන්නේ සියයට 6.3ක් වැනි පොළියකටයි. ඩොලර් මිලියන 50ක් ගෙන තිබෙන්නේ සියයට 06ටයි. තවත් මිලියන 50ක් සියයට 4.5 ක පොළියට. ඉතිරි මුදල් 02 %ක් වැනි පොළියකටයි. මේ ණය අප්පච්චි ගෙවන්නෙ නැහැ, අපියි ගෙවන්න ඕනෑ. නැව් ආවත් නැතත් චීනා සල්ලි ඉල්ලනවා. ඉතින් ඒක තමයි 80% ක් චීනාටම දෙන්නෙ ණයට හිලව් වෙන්න (නි)

:       0       0

අජිත් Friday, 23 December 2016 03:28 PM

හොඳම වැඩේ වරාය චීනට නොදී මේ විරෝධතාකාරයන්ටම නඩත්තු කරන්න දෙන එක! එතකොට ජනතාවගේ බදු මුදල් කොළඹ වරායේ අාදායම මේකේ ණය ගෙවන්න වැය කරන්න ඕනෑ නැහැනේ (නි)

:       0       0

එන්. සිල්වා Friday, 23 December 2016 04:14 PM

එහෙනම් අපේ අය ජාත්‍යන්තරයටත් එරෙහිවුණා? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 24 December 2016 12:20 PM

සුද්දා පාරවල් හැදුවෙත් දුම්රිය පාර හැදුවෙත් ඔවුන්ගේ වගාවන් නිෂ්පාදන කොළඹට ගෙනඒමට. 1818 කැරැල්ල වෙලාවේ ඌව වෙල්ලස්සේ වගාවන්ට, මිනිස් ජීවිත වලට කරපු හරිය අමතක වෙලාද මේ කතා කරන්නේ. (නි)

:       0       0

සෙනෙවි Saturday, 24 December 2016 12:22 PM

මේ කැති උදලු එසවෙන්නේ චීනයට නොව ආණ්ඩුවට විරුද්ධව බව තේරුම්ගත යුතුයි (නි)

:       0       0

එඩ්වඩ් Friday, 23 December 2016 04:45 PM

අඬන්න ඕනෑලු කිරි එරෙන්න (නි)

:       0       0

පෙරේරා රියාද් Saturday, 24 December 2016 01:44 PM

ඕක කාත්තන්කුඩි හරි මන්නාරමින් හරි දෙන්න ගියා නම් බලන්න තිබුනා අරගොල්ලන්ගේ අදහස් ටික (නි)

:       0       0

රොකී Saturday, 24 December 2016 02:30 PM

ලොකුම පගාකාරයෝ ඉන්නෙත් අපේ රටේ. මිනීමරුවොත් ඉන්නෙත් අපේ රටේ. උසම බුද්ධ පිළිමයත් අපේ රටේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 24 December 2016 03:22 PM

මේ යන්නේ අාවොත් දෙන්නම් කියන සංකල්පයෙන්නේ! (නි)

:       0       0

ලංකා Saturday, 24 December 2016 04:19 PM

නිල්මිණි, ඔයා මාර සල්ලියක්නේ ජපානේ ඉඳලා එවන්නේ. ඔයා ජපානෙන් එවන සල්ලි වලින් වෙන්න ඇති අවුරුදු 2500 ලංකාව විරාජමානයෙන් බැබලුනේ? අනේ නිල්මිණි බොරුවට ඉදිමෙන්න හදන්න එපා, පොළොවේ පයගහලා ජීවත්වෙන්න බලන්න. අපිත් ඔය හැම රටකම ජීවත්වුණා (නි)

:       0       0

රාමන් Saturday, 24 December 2016 04:19 PM

පහුගිය කාලේ මේ අය නිදිද? මත්තල වරාය හදනකොට චීන්නු හොඳයි. දැන් අරහන්. (නි)

:       0       0

විල්ෆ්‍රඩ් Saturday, 24 December 2016 06:03 PM

මගේ අම්මේ! රටෙන් බාගයකට වැඩිය ඉඩම් පුරන්වෙලා. මොකුත් ඒවාට කරන්න කැමති නැද්ද? මේක හරියට බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට කන්න දෙන්නෙත් නැහැ වගේ වැඩක්. (නි)

:       0       0

සුදත් Saturday, 24 December 2016 07:21 PM

ඔය සුද්දට ආවඩන අය අපේ සිංහල මුතුන්මිත්තන්ගෙ ඉතිහාසය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නැතුව ඇති. (නි)

:       0       0

අචල Friday, 23 December 2016 05:29 PM

නිල්මිණි, ඔයා ජපන් කියලා අපට නම් විශ්වාස නැහැ. ඕනෑ කෙනෙකුට ඔහොම කියන්න පුළුවන්. ජපන් කියන්නේ සෝබනේට (නි)

:       0       0

සමන් Monday, 26 December 2016 05:53 PM

මේකයි යුද්ධයට ගිය වියදමයි පිළිබඳ සම්බන්ධයක් නැහැ. අපි හැමෝම ජාතිය ගොඩනැඟීමේ බද්දට ගෙවූ යුද්ධයට ගිය වියදම අදටත් කවුරුවත් දන්නෙ නැහැ. හැබැයි යුද්ධෙනුත් සමහරු ගසාකෑවා. හැබැයි වරාය හදන්න ගත් ඩොලර් බිලියනයකට වැඩි මුදලෙන් ගත් කොමිසුත් අපි තමයි ගෙවන්න ඕනෑ (නි)

:       0       0

රොහාන් Saturday, 24 December 2016 10:48 PM

මෙයාලා මෙහෙම කළා කියලා දැන් මේක නවත්වයි (නි)

:       0       0

ජයන්ත Sunday, 25 December 2016 01:00 AM

යාපනයෙන් අක්කර 5000ක් පුලුවන්නම් දෙන්නකෝ බලන්න. මොවුන් මේ හම්බන්තොට ඉඩමම දෙන්න යන්නේ ඇයි? (නි)

:       0       0

අශිකා Friday, 23 December 2016 08:25 PM

මෙහෙම පෙළපාලි ගියාද විල්පත්තුවේ අක්කර 1000 ගණනක් කැළේ එලිකරලා ගෙවල් හදද්දි? මේ කීයක්හරි රටට හම්බ වෙන්න යනදේට තමයි මේ අය කුලප්පු වෙලා තියෙන්නේ (නි)

:       0       0

ලංකා Friday, 23 December 2016 08:26 PM

විල්පත්තුවෙත් මෙහෙම පෙළපාලි යන්නකෝ (නි)

:       0       0

රොහාන් දයාදර Friday, 23 December 2016 09:23 PM

දැන් පේනවනේ මහින්ද මහත්තයා හිතන්නේ බලන්නේ නැතුව මුහුද ගොඩකරලා නගරයක් හදන්න ගිවිසුමක් අත්සන් කරලා අපි වැටිලා තියෙන අමාරුවක තරම. දේශපාලුවෝ කියන අය හොයන්නේ බලන්නේ නැතුව මේ කරන වැඩ වලින් අවසානයේදී අපේ රටේ අහිංසක ජනතාවට බොන්න පිරිසිදු ජල බිඳක් නැති වෙනවා (නි)

:       0       0

අසංග Friday, 23 December 2016 10:27 PM

මේ විදිහට ගියොත් ලංකාවට මේ කපේදී ගොඩඑන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

රෙක්ස් Sunday, 25 December 2016 02:02 AM

ඔය කැති උදළුත් ‘මේඩ් ඉන් චයිනා‘ වෙන්න ඇති (නි)

:       0       0

සුමුදු Friday, 23 December 2016 11:01 PM

දොන්, කියන්න බලන්න චීනයේ ආයෝජනය කරපු බහුජාතික සමාගමක්. ලෝකයේ ඉතාම දියුණු රටක මම ඉන්නේ. මෙහෙ බහුජාතික සමාගම් කරන විනාශය දකින්න මෙහාටම එන්න. ලංකාවේ ඉන්නේ ළිං ගෙම්බෝ. චීනය නැගිට්ටේ ස්වදේශීය නිෂ්පාදන වලින්. (නි)

:       0       0

ලලිත් Friday, 23 December 2016 11:14 PM

පළඟැටියෝ ලාම්පුව වටේ කැරකි කැරකි වැඩ පෙන්නලා අන්තිමේ පිච්චිලා මැරෙනවා. එකපාරක් වැඩ පෙන්නන්න ගිහින් ටයර් උඩ පිච්චි උන්නා මතක නැතුව ආයෙත් ටයර් සැප විඳින්න මේක පිටිපස්සෙන් ඉන්න කට්ටිය දඟලන දැඟලිල්ලක්? (නි)

:       0       0

සත්‍යයා Friday, 23 December 2016 11:24 PM

ගම්වල දුප්පත් මිනිස්සුවත් තමන් සතු එකම බිම්කඩ බඩගෝස්තරය වෙනුවෙන් විකුණන්නේ නැත්තේ කවදා හෝ ඔලුව උස්සගන්න පුළුවන් වුණ දවසකටවත් මේ බිම්කඩේ හොඳ පැල්කොටයක්වත් අටවාගන්න හා අල බතල මඤ්ඤොක්කාවක්වත් හිටවාගන්න මහා පොළවෙන් අඟලක්වත් හිමිව තිබිය යුතුය කියන බලාපොරොත්තුව නිසයි. මොනම හේතුවක් නිසාවත් දේශපාලන අදෘශ්‍යමාන හස්තයන්ට ගොදුරු වෙන්න ඉඩ නොහැරිය යුතුයි. (නි)

:       0       0

ලක්විදු Sunday, 25 December 2016 04:29 AM

අපි සැළැස්මක් අරන් ගියොත් දේශපාලුවෝ අහන්නේ මිනිහට කොමිස් කීයද කියලා. (නි)

:       0       0

රමසි Sunday, 25 December 2016 04:31 AM

හරි, ඔය අක්කර 5000 චීනා දියුණු කරන ක්‍රමේටම අපේ ආණ්ඩුවට දියුණුකරන්න බැරි මොකද? (නි)

:       0       0

මනෝජ් Saturday, 24 December 2016 01:11 AM

මෙන්න කොන්ද පණ ඇති මිනිස්සු! (නි)

:       0       0

සමන්ත Sunday, 25 December 2016 05:10 AM

සුද්දාට එරෙහිවන්නට ම‍ගේ නම් කිසිදු අවශ්‍යතාවයක් නොමැත (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 24 December 2016 01:38 AM

මේ රට කිසිම විදේශික රටක අතවැසියෙකු හෝ බූදලයක් බවට පත්කළයුතු නැහැ. මේ රටේ බලපෙරේත දේශපාලකයන්ට, බලය ලබා ගැනීමට කියපු බොරු බලයට පැමිණි පසු මතක නැහැ. (නි)

:       0       0

බමුණු Sunday, 25 December 2016 05:23 AM

රොහාන් දයාදර, ඔබ කොහොමද දන්නේ මේ වැඩේ ලංකාවට හානියක් කියලා. ඔබ සමීක්ෂණයක් කළාද? ඔබ කියන්නේත් කව්රු හෝ හරි කියපු කතාවක්නේ මහත්තයෝ. එමනිසා තමන් හරිහැටි නොදන්නා දේවල් ගැන විශාරදයෝ වගේ කතා කරන්න එපා. (නි)

:       0       0

කුමාර Sunday, 25 December 2016 05:41 AM

අපි කරන්න ඕනෑ රටේ දියුණුවට අකුල් හෙළන එක නෙමෙයි (නි)

:       0       0

සහන් Sunday, 25 December 2016 05:43 AM

රජ කාලේ රට විකුණනකොට හිටියේ කොහෙද? (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 25 December 2016 06:07 AM

ලංකාවේ ඉන්නේ කබරගොයි වගේ මිනිස්සු. මේ වැඩේ රාජපක්ෂ කළා නම් ඒ කාලේ ඔක්කොම කැමතිවෙයි. (නි)

:       0       0

හම්බන්තොට දිසා Saturday, 24 December 2016 01:48 AM

ජයන්ත,මේ ගෙවන පව් බැරවෙන්නේ අප්පච්චිගේ ගිණුමටයි (නි)

:       0       0

ජනහිත Saturday, 24 December 2016 02:01 AM

අමතක කරන්න එපා සුද්දා තේ වවන්න ගිහින් වෙලා තියන හරිය. ඒකම තම මෙයිනුත් වෙන්නේ. අපේ තියන බිම් අඟල අපි කවුරුත් එකතුවෙලා රැකගත්තේ නැත්නම් අද ඉපදෙන අයට රටක් නැතුව යාවි. අපි මෙහෙම බන්දේසියේ තියලා දෙනවා. පුලුවන්ද උතුරෙන් එක අඟලක් අපිට ගන්න හෝ චීනයට දෙන්න. (නි)

:       0       0

ජනිත Friday, 23 December 2016 06:08 AM

ආයුධ අතේ තියා ගෙන ඉන්නවා කියල අත් අඩංගුවට ගන්න පුළුවන් වගේම, ඔය ගොල්ලන්ව කුලප්පු කෙරුවේ අරය කියල එයාට දොස් මුර නගල අවලාද නගයි. (බ)

:       0       0

බමුණු ආරච්චි Saturday, 24 December 2016 03:07 AM

අමතක කරන්න එපා සුද්දා තේ වවන්න ගිහින් වෙලා තියන හරියලු. අැයි මොකද වෙලා තිබෙන්නේ? සුද්දා තේ වැව්වේ නැත්නම් ඕව තාමත් කැලෑ. අපට පාරවලුත් නැහැ කෝච්චි පාරවලුත් නැහැ, ඇස්ප්‍රින් පෙත්තක් ගෙනෙන්න විදේශීය විනීමයත් නැහැ. අපි සුද්දට ස්තූතිවන්ත වෙන්න ඕනෑ අපේ රට මේ තරමටවත් දියුණු කළාට. (නි)

:       0       0

නිල්මිණි-ජපානය Friday, 23 December 2016 07:17 AM

කැති උදලු උස්සගෙන යන්නේ නිකම් මුළු හම්බන්තොටම වවපු මිනිස්සු වගේ. වවන්න ඕනේ නම් ඔය තියෙන්නේ කැලේ වෙච්ච ඉඩම් ඕනේ තරම්. චීනෙට දෙන අක්කර 5000 ම ඕනෙද වවන මිනිහට ? නටන්න බැරි මිනිහට පොලව ඇදයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 443 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 994 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 305 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 195 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4734 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 976 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site