IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘රෝහණ, රවි බන්ධු’’ ස්වර්ණයුග්ම ගෙන එති

SAN_4507

 

ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේ සාඩම්බර සංගීත ලකුණ ඔහුම වන්නේය. ඒ රෝහණ වීරසිංහ නමැති වූ සංගීතවේදියාය.
නර්තනයේත්, බෙර පදයේත් සංකලනයෙන් නර්තනයට සහ බෙර පදයට ජීවයක් මුසුකළ ඔහු රවි බන්ධු විද්‍යාපතිය. ශ්‍රී ලාංකීය කලා කෙතේ පුරෝගාමී චරිත දෙකක් වන මේ දෙදෙනාම පන්නිපිටිය ධර්මපාලයේ ආදි සිසුවෝ වෙති. ආදි සිසු හමුව යනු හරි සුන්දර මොහොතකි. බොහෝ විට ආදි සිසු හමු සිදුවන්නේ පාසලේ උත්සවයකදී හෝ මහා ක‍්‍රිකට් තරග අවස්ථාවකදීය. නමුත් මේ දම්පල්-විදුහල් ආදි සිසු කීර්තිමත් යුගලය එක්වීම හරි අපූරු මොහොතක් වන්නේය. දම්පල් විදුහල් මෑණියන්ට හැත්තෑපස් වසරක් පිරීම නිමිතිකොට ඒ වෙනුවෙන් මේ දෙදෙනා එකතු වූ ඒ අරුමයේ හමුවයි මේ.

 

SAN_4430
button රෝහණ වීරසිංහ මහතා මොකක්ද මේ හමුවෙ අරුමය?
ඇත්තටම මම රවිව අගය කරන්නෙ ඉතා ශූර නාට්‍ය ශිල්පියකු ලෙසයි. නමුත් රවි සහ මම එකම පාසලේ බව දැනගත්තෙ පසු කාලයකදියි. අපි දෙදෙනා කාල වකවානු දෙකකදී ධර්මපාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. එය අපේ මිත‍්‍රත්වයට තවත් අපූරු දෙයක් වුණා. කොහොමටත් ධර්මපාලයේ ආදි සිසු සංගමය හරි ක‍්‍රියාශීලීයි. විශේෂයෙන්ම එයාලගෙ ආදි සිසු පරපුරේ සමාජගත වූ චරිත වෙතින් දායකත්වය ලබා ගැනීමට ඔවුන් හරි ශූරයි. එයාලා පසුගිය කාලයේම මේ විදියට සංවිධානය වුණා. අපි දෙන්නගෙ දායකත්වය ලබාගෙන විද්‍යාලයීය අරමුදල් තරකර ගැනීම සඳහා ප‍්‍රසංගයක් කිරීමට. මේ එවැනි අවස්ථාවක්. නමුත් මෙහි විශේෂත්වයක් තිබෙනවා.

 


button මොකක්ද ඒ වෙනස?
මේ ප‍්‍රසංගය නම් කරලා තිබෙන්නේ ”ස්වර්ණ යුග්ම” යනුවෙනුයි. මීට දායකත්වය ලැබෙන්නෙ අපි දෙන්නගෙම නිර්මාණ පමණයි. සමහර විට එහෙම කීවාම රසිකයින් හිතාවි මගේ සංගීත හා ගායනා නිර්මාණ සමග රවිගෙ නර්තනයන් කියලා. නමුත් ඒක එහෙම දෙයක් නෙවෙයි. සිංදුවලට නටන ප‍්‍රසංගයක් නෙවෙයි. අපි දෙදෙනාගෙම නිර්මාණාත්මක ප‍්‍රසංගයක්. එහි රසය උදෙසා ආරම්භය සහ අවසානය රසිකයින්ගේ මතකයෙන් ගිලිහී නොයන අන්දමේ ප‍්‍රසංගයක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

 


button රවි බන්ධු මහතා, මේ ප‍්‍රසංගය ඔබ දකින්නෙ මොන විදියට ද? රෝහණ වීරසිංහයන්ගේ මේ එකතුව ඔබ දකින්නෙ කොහොමද?
ඒ ඔක්කෝටම කලින් මට කිව යුතුම දෙයක් තිබෙනවා. එනම් රෝහණ වීරසිංහ වැනි දැවැන්තයකු සමග මේ වගේ ප‍්‍රසංගයක් කරන්න ලැබීම ගැන. ඒක මගේ කලා ජීවිතයේ ඉතාම විරල සහ ගෞරවනීය අවස්ථාවක්.

 

SAN_4532
button මේ වගේ ඔබ දෙදෙනා එකතුවී ප‍්‍රසංගයක් ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයද?
මේ වගේ ප‍්‍රසංගයක පළමු අවස්ථාව මෙයයි. අන්න ඒ නිසයි මට මෙය වඩාත් විරල අවස්ථාවක් වන්නේ. මීට පෙර අපි ප‍්‍රසංගවලදී හමුවී තිබුණත් මේ වගේ දෙයක් කරලා තිබුණෙ නැහැ.

 


button රවි බන්ධු ඔබ දකින විදියට එහෙමනම් මෙහි වෙනස මොකක්ද?
එක් අංශයකින් රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණ එළිදැක්වෙනවා. අනෙක් අතින් මගේ නිර්මාණත් විකාශය වෙනවා. එය නරඹන්නන් හට සුවිශේෂ වෙනසක්. මෙම ප‍්‍රසංගය නැරඹීමෙන් ඔබට ඒ වෙනස දැකගත හැකි වේවි. ප‍්‍රසංගයේ ස්වරූපය ගත්තොත් අපි දෙදෙනාගේ නිර්මාණවලට අමතරව සුනිල් එදිරිසිංහයන්, සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරි, අතුල අධිකාරි ගායනයටත් එක්වෙනවා. ඊට අමතරව එදාට තවත් විශේෂ දෙයකුත් සිදුවෙනවා.

 


button රෝහණ වීරසිංහයන් ඒ වෙනස ගැන අපට කිව්වොත්?
ආකර්ශනීය පේ‍්‍රම වෘත්තාන්තයක් ලෙස අතීතයේ සිට අප සලකන ”දස්කොන්” රවිගෙ (කෙටි මුද්‍රා නාට්‍යයක් ලෙස) මේ ප‍්‍රසංගයට එක් කිරීම අපේ අරමුණ වුණා.

 

SAN_4551
button රවි බන්ධු, ඔබට රෝහණ වීරසිංහයන් ගැන මුල්ම මතකය ඇති වූයේ මොන හේතුවක් නිසාද?
එතුමා මනුෂ්‍යයකු ලෙස බොහෝම සෞම්‍ය, ආදරණීය, හිතාදර මිනිසෙක්. ඒ බැඳීම තමයි මට මතකයට එන්නෙ. ඒ මනුෂ්‍යත්වය පෙරදැරිව එතුමා නිර්මාණය කළ නිර්මාණ එක්ක ඊළඟට අපි එතුමාට සමීප වුණා. රෝහණ වීරසිංහ කියන පුද්ගලයා සහ ඔහුගෙ කලාව කියන දේ වෙන් කරන්න බැහැ.

 


button එතුමාගෙ ගීත ඔබ මුමුණලා තියෙනවද?
එතුමා සුනිල් එදිරිසිංහයන්ට නිර්මාණය කළ, කළේ පැන් නැත, අමල් බිසෝ, හංස රාජිණි වැනි ලෙන්චිනා මගේ නංගියේ, එවැනි ගීත රැුසකටම මම ආසයි. මම වඩාත් සංගීතයට ලැදි නිසා පළමුව තනුව, සංගීතය ගායන මාධුර්යය ගැන මම සමීප වෙනවා. දෙවනුව තමයි රචනය ගැන හිතන්නෙ.

 


button ඔබ රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණ ගැන එලෙස ඉහළින් කතා කළත්, රෝහණ වීරසිංහයන් බොහෝ විට එක් පිරිසකට පමණක් ඔහුගේ මාධුර්යය වූ රස සංගීතය නිර්මාණය කළ සහ කරන්නෙ බවට වූ චෝදනාවක් තියෙනවා නේද? රෝහණ වීරසිංහයනි ඔබ ඒ ගැන යමක් කිව්වොත්?
මගේ තනුවට, ගායන ශිල්පියා හෝ ශිල්පිනිය පද රචනයට අනුව ඒ සියල්ලට එහා ගිය තවත් අපූරු සංකලනයක්, නැතිනම් තම ගායනා හැකියාවෙන් තවත් යමක් එකතු කළ හැකි නම් ඒ ගීතය වඩාත් සාර්ථක වෙනවා. ඒ වාගේම වාසනාව කියන එකත් තව කාරණයක්. ඒ හැර ශිල්පියා හෝ ශිල්පිනිය අරඹයාම නිර්මාණ බිහි වන්නෙ නැහැ.    

 


button මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නෙ?
මෙම 15 වැනිදා එනම් අද බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී සවස 7.00 ට පැවැත්වෙන්නෙ. රසිකයින්ට මෙය අපූරු අත්දැකීමක් වේවි.

 

sadun-gamage



අදහස් (0)

‘‘රෝහණ, රවි බන්ධු’’ ස්වර්ණයුග්ම ගෙන එති

කරුණාරත්න Wednesday, 18 March 2015 10:40 PM

ඔබ දෙපළට සුබ පැතුම්! (නි)

:       0       0

සත් ගුණ මිනිසා Friday, 20 March 2015 06:26 AM

යහපත් දේවල් කරනවිට අගය කරන්න පුරුදුවෙමු (දිල්) 

:       0       0

අමා Wednesday, 18 March 2015 10:29 AM

දේශපාලනෙන් පැරදුනාම තම කලාව මතක් වෙන්නේ (ම)

:       0       0

රුවන්-ඇමෙරිකා එක්සත් ජනපදය Sunday, 22 March 2015 01:11 PM

තමාගේ දැක්ම, රුචිකත්වය අනුව තමා විශ්වාස කරන දේශපාලන පිළිවෙතකට සහය පළකිරීම, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තුල සැබෑ අයුරින්ම තහවුරු විය යුතු පුද්ගල අයිතියක්. පුද්ගලයෙක් කළා කරුවෙක් වීම ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමට තුඩු දිය හැකි හේතුවක් වෙන්නේ කොහොමද? මගේ පුද්ගලික දේශපාලන මතිමතාන්තර රෝහණගේ දර්ශනයට වශ්‍යයෙන්ම නොගැලපුනත්, රෝහණ තමා කලාකරුවෙක් වූ පමණින් තම ප්‍රජාතාන්ත්‍රික වගකීම පැහැර නොහැරීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. මෙයයි රටට අවශ්‍ය. තව තවත් උගත්, සංවේදී, කාර්යශුර වෘත්තිකයන් තම වෘත්තීය ජිවිතයට හානි වෙතැයි බයෙන් අනුයුක්ත දේශපාලන මුදිතාවක් පස්සේ හැංගෙනවාට වඩා, තමන්ගේ මතය, අනිත් රටවැසියන් මෙන් විවෘතව පල කිරීමයි අපේ රටේ දේශපාලන අනාගතයට වඩාත් හිතකර. අනික, ලාභ ප්‍රයෝජන සඳහා පමණක්ම දේශපාලනයේ යෙදෙන අඳබාල අවස්ථාවාදීන් අතර, මේ ලාභ කිසිත් නොපතා-නොලබා, තමන්ගේ ප්‍රජා අයිතීන් අත්විඳීමෙන් පසු, තමන්ගේ ප්‍රජා යුතු කම් ඉටුකිරීමෙන් පසු, බෙර ගෙඩි ටිකක් වටකරගෙන කැමරාවට සිනාමුසුව මුහුණ දීම කොතරම් අපූරුද? (නදී)

:       0       0

කුමාරි Tuesday, 17 March 2015 06:24 PM

රෝහණයන් යනු ඉතිහාසගත වෙන නාමයකි. හරවත් සංගීත රිද්මය හඳුනන මිනිසුන් ජිවත්වෙන තාක්කල් ඒ නම සුරැකේවි. දෙදෙනාටම තෙරුවන් සරණයි! (නි)

:       0       0

රාජේශ් Tuesday, 17 March 2015 08:10 PM

රවි බන්ධු, ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ලකී Friday, 20 March 2015 12:38 PM

හොඳ දෙයක හොඳ දකින්න පුරුදුවෙමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 18 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 63 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 211 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 179 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 557 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site