IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


රෝහණ ලක්ෂ්මන් ඉල්ලා අස්වෙයි - ශ්‍රීලනිපයේ නව ලේකම් දයාසිරි

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් අද (03) රාත්‍රියේ ඉල්ලා අස්විය.

ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ අද රාත්‍රියේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධූරයට පත් කරගනු ලැබීය.



අදහස් (27)

රෝහණ ලක්ෂ්මන් ඉල්ලා අස්වෙයි - ශ්‍රීලනිපයේ නව ලේකම් දයාසිරි

gayan Thursday, 03 January 2019 05:09 PM

ඇයි අර ජ‘පුරේ සිල්‍ රෙදි හොරා පත්කරේ නැත්තේ...?

:       80       152

Amila Thursday, 03 January 2019 05:15 PM

මරු ලේකම්.... හෙට, අනිද්දා අායෙත් කොහෙට හරි දයා පැන්නොත් අායෙත් ලේකම් කෙනෙක් හොයා ගන්න වෙයි...

:       0       107

sirimal Thursday, 03 January 2019 05:36 PM

මදැයි වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙච්ච නැති කෙනෙකු කීව කතාවක් අහලා රටක් පාලනය කරන්න ගියා. මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු බාරදුන් ශ්‍රීලනිපය අද දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට පත්ව ඇත. මහින්ද අගමැති කළ පසු ඔහු අපේක්ෂකත්වය මෛත්‍රීට ලබාදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව කරේ තබාගෙන රටවටා යනු ඇති සිතුවත් මහින්ද ආණ්ඩු බලය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිදුකළේ ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමයි. වසර තුන හතරකට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අන්තයටම පිරිහී තිබේ. යන-එන මං නැතිව ගොස් තිබේ. එදා වෙනත් පක්ෂ ඒකරාශී කර ගනිමින් දේශපාලන සන්ධාන ගොඩනැගූ ශ්‍රීලනිපය අද පොදුජන පෙරමුණේ නායකත්වයෙන් බිහිවන සන්ධානයකට එක්වීමට දඟලන තැනට බාල්දු වී ඇත. ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ වලිගයක් බවට පත් කළද මෛත්‍රීගේ 2020 ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණක් වනු ඇත. ඒ ජනාධිපතිවරයා විශ්වාස කිරීමට තරම් මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් අඳබාලයෙකු නොවන නිසාය. ජනාධිපතිට දැන් අල්ලපු අත්තත් නැතිවෙලා පය ගහපු අත්තත් නැතිවෙයිද?

:       3       233

samFriday, 04 January 2019 09:17 AM

සිරි, අල්ලපු අත්තත්, පයගහපු අත්තත් නැතිවෙයිද කියන එක තවදුරටත් අදාළ වෙන්නේ නැහැ. ඒක දැනටම සිදුවෙලා ඉවරයි...

:       0       329

Amila Friday, 04 January 2019 09:44 AM

සිරි, ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු නිසා එයාට ඡන්දය ඉල්ලන්න බෑ. එයා ඉවරයි දේශපාලන වශයෙන්...

:       0       19

kanishkaMonday, 07 January 2019 12:27 PM

ඒවා කොහෙද මාත් එක්ක..මම තමයි 2020 ත් ජනාධිපති .

:       0       0

Kumara Thursday, 03 January 2019 05:54 PM

අනේ ලොකු දෙයක්.

:       0       1

sam Thursday, 03 January 2019 08:44 PM

ශ්‍රීලනිප යේ අවසානයේ ආරම්භය මෙය බව කනගාටුවෙන් උනත් කියන්න වෙනවා.

:       0       123

Mahee Thursday, 03 January 2019 11:20 PM

ඉතාම ගැලපෙන පත්වීමක්. මහාචාර්ය රෝහණට බැරි වූ දේ කරන්නට හැකියාව තිබෙන දයාසිරි මැතිඳුන් තම උපරිම දක්ෂතාවය යොදා හැකි ඉක්මනින් පක්ෂය වළ පල්ලට යවනු ඇති යි අපි බලාපොරොත්තු වෙමු.

:       0       156

ranjith Thursday, 03 January 2019 11:40 PM

ඉන්න දෙතුන් දෙනාටම තනතුරු බර අරන් තව මස කීපයක් යනකොට පක්ෂය ඉවරම වෙයි

:       0       115

C.K.Lankaputhra Friday, 04 January 2019 01:04 AM

අනේ අපොයි. ශ්‍රීලනිපයේ අවසන් හුස්ම හෙළමින් සිටී.

:       0       68

Nandalal DE SILVA - FranceFriday, 04 January 2019 12:11 PM

පව් අනේ! සිරි මහත්තයාගේ මේ සමාජ සමයන් අහලා, ශ්‍රීලනිපක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මැතිතුමා හොරගොල්ල සමාධියේ සමාදානයේ සැතපෙන්නේ කොහොමද?

:       0       1

Sanka Friday, 04 January 2019 01:24 AM

අය්යෝ අය්යෝ ශ්‍රීලනිප පක්ෂයට ගිය කලක්. බණ්ඩාරනායකවරු මේ පක්ෂය දිවි හිමියෙන් ආරක්ෂා කලේ. දයාසිරි ඩීල් කාරය බව දැන දැන මෙහෙම කෙනෙක් ලේකම් කරනවද? දැන්නම් පක්ෂය ඉවරටම ඉවරයි.

:       1       235

Sapumal. Friday, 04 January 2019 02:21 AM

" අහස බයවේද මම උඩ බැලුවාට " පොලව බයවේද මම බිම බැලුවාට " උඩඟු කමින් සමහරු වැඩ කෙරුවාට " නරයන් කිසිවිටෙක දෙවියන් සමවේද ? "

:       0       111

Siri Friday, 04 January 2019 05:34 AM

ඔය එන්නේ කසකාරයෝ. පෙරහැර ඊලගට !

:       0       71

Rata Perata Friday, 04 January 2019 07:53 AM

දැන් වත් බලමු පක්ෂෙන් පොහොට්ටු වලට පැන්න අයට මොකද කරන්නේ කියලා.

:       0       108

siri Friday, 04 January 2019 08:31 AM

මදැයි වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ වෙච්ච නැති කෙනෙකු කීව කතාවක් අහල රටක් පාලනය කරන්න ගියා. මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු බාරදුන් ශ්‍රීලනිපය අද දෙකොන පත්තු වෙන විලක්කුවක් බවට පත්ව ඇත. මහින්ද අගමැති කළ පසු ඔහු අපේක්ෂකත්වය මෛත්‍රීට ලබා දී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුව කරේ තබාගෙන රටවටා යනු ඇති සිතුවත් මහින්ද ආණ්ඩු බලය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිදුකළේ ශ්‍රීලනිපයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමයි. වසර තුන හතරකට පෙර රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ අන්තයටම පිරිහී තිබේ. යන-එන මං නැතිව ගොස් තිබේ. එදා වෙනත් පක්ෂ ඒකරාශී කර ගනිමින් දේශපාලන සන්ධාන ගොඩනැගූ ශ්‍රීලනිපය අද පොදුජන පෙරමුණේ නායකත්වයෙන් බිහිවන සන්ධානයකට එක්වීමට දඟලන තැනට බාල්දු වී ඇත.ශ්‍රීලනිපය පොදුජන පෙරමුණේ වලිගයක් බවට පත් කළද මෛත්‍රීගේ 2020 ජනාධිපති සිහිනය සිහිනයක්ම පමණක් වනු ඇත. ඒ ජනාධිපතිවරයා විස්වාස කිරීමට තරම් මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් අඳබාලයෙකු නොවන නිසාය. ජනාධිපතිට දැන් අල්ලපු අත්තත් නැතිවෙලා පය ගහපු අත්තත් නැතිවෙයිද?

:       0       111

iron Friday, 04 January 2019 08:52 AM

රටත්, ව්‍යවස්ථාවත්, පක්ෂයත් විනාශයි.

:       0       55

nalaka Friday, 04 January 2019 09:28 AM

මෙයාව හොඳට ගැටගහලා තියාගන්නට වෙයි. මොකද, දන්නෙම නැතුව මෙයා එජාපෙ ලේකම් වෙන්න බලයි...

:       0       7

Chandima Friday, 04 January 2019 11:40 AM

සිරිසේන මහතාට ජනාධිපති වෙන්න වාසනාව තිබ්බට ඉන් එහාට යන්න පින් මදි. එයාගේ අගමැති මහබැංකුව හොරෙක් දම්මලා බංකොලොත් කෙරුව මදිවට ඕනි කොමිසමක් පත්කර ගන්න. මම සතේකට ගණන් ගන්නේ නැහැ කියලා දිගටම බලේ ඉන්නවා. මෙය මුලදී හරියට හිතන්නේ බලන්නේ නැතුව තමා සතු බලය 19 හරහා නැති කර ගත්තා. එ්කත් අන්තිමට අවාසියක්ම වුණා. ඒවා තව ටිකක් හිතලා බලලා කරන්න තිබිච්ච දේවල්... දැන් රටට මොන හානිය වුණත් ඉදිරියේදී ජනතා අප්‍රසාදය මුලින්ම එල්ල වෙන්නේ මෙයාට...

:       1       15

Rohana Saturday, 05 January 2019 06:51 AM

දැන් ඔය මොනවා කලත් SLFP එකට පරාජය නියත බව පෙනේ. මෛත්‍රීට ජනාධිපති අපෙෂකත්වය ලැබෙයිද කියන එකත් සැකයි...

:       0       1

Ananda S. Saturday, 05 January 2019 07:39 AM

මරු ලේකම්... හෙට, අනිද්දා අායෙත් කොහෙට හරි දයා පැන්නොත් අායෙත් ලේකම් කෙනෙක් හොයාගන්න වෙයි...

:       0       1

dayan Saturday, 05 January 2019 03:20 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙච්චරට ම බංකොලොත්ද? අත්තෙන් අත්තට පයින අයව මහා ලේකම් වැනි අතිදැවන්න පක්ෂයක දෙවැනි තනතුර දෙන්න තරම් වෙන පැරණි කෙනෙක් ඇත්තෙම නැද්ද?

:       0       1

kamali Saturday, 05 January 2019 03:27 PM

වෙන කවුරුත්ම නැද්දෝ මහ ලේකම්කමට බණ්ඩාරනායක මහත්තයා පව්...

:       0       1

jliyan Saturday, 05 January 2019 03:29 PM

වෙන කවුරුත්ම නැද්දෝ මහා ලේකම්කමට.. ඔව්නේ මරන්න කියන දේවල් කරන කෙනෙක් ඕනේනේ.. එ්කයි මේ මෙයාව දාලා තියෙන්නේ...

:       0       1

jayanaath Saturday, 05 January 2019 05:14 PM

මේ වගේ දේශපාලන හෙන්චයියන් පත් කරගත්තානේ.. අහෝ ..! බණ්ඩාරනායක මහතා ,මැතිණිය, ටී.බී. ඉලංගරත්නයන් සිටි ශ්‍රී ල .නි .ප.ය .

:       0       0

Don Monday, 07 January 2019 02:56 AM

මෙයා නේද පෙර්පෙචුවල් ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 44 0

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 58 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 92 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 267 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 234 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 1092 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 657 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 331 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 478 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site