IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


රුහුණේ හයකගේ පන්ති තහනම්

නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයයේ මානව සම්පත් ශාස්ත්‍රපීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුවියන් තිදෙනකු හා සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කළ බව උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා කියයි. ඊට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් ගැන පරීක්ෂණ පවත්වන බව ඔහු කියයි.



අදහස් (0)

රුහුණේ හයකගේ පන්ති තහනම්

හේරත් Saturday, 04 May 2013 06:47 PM

මොන තහනමද? තහනම් ගෙඩි ආදම් ලොක්කත් කෑවා. ගෙදරම යවන්න. හලාල් කරලා.(නදී) .

:       0       0

මලිත් Saturday, 04 May 2013 07:36 PM

වරුණ වගේ හිතන කළු සුද්දෝ නිසා තමයි නවක වදය අවශ්‍ය. (නි)

:       0       0

අසේල Saturday, 04 May 2013 08:02 PM

මට කුහකයි කියන අයගේ මානසිකත්වය තේරුම් යන නිසා ඔවුන් සමග වාදයට නොයමි. (නි)

:       0       0

නෙතුමි Saturday, 04 May 2013 08:15 PM

විභාග වලට උසස් ප්‍රතිපල අරන් විශ්වවිද්‍යාලයට යන්නේ මේවටද? මෙයට මූලික හේතුව තමන් මුහුණ දුන්නු නවක වදයට ප්‍රති උත්තර වශයෙන් අලුතින් එන සිසුන්ගෙන් පලිගැනීම හෝ මානසික අසහනයයි. මෙය නැවැත්වීමට කාලයක් යනකන් රටටම මතක හිටින දඩුවමක් දිය යුතුයි.(නදී)

:       0       0

චාමර Saturday, 04 May 2013 09:39 PM

නවක වදය නැත්තම් බිහිවන්නේ එකිනෙකා කපාගෙන අනුන්ගේ දුක හදුනන්නේ නැති, අවස්ථාවාදීන් පිරිසකි. සංවාදයට සුදානම්.(නදී)

:       0       0

සදුනි Saturday, 04 May 2013 09:40 PM

දර්ශා ඔයා නොදන්නවට මමත් ජපුර කැම්පස් එකට ගියා. රැග් එකත් හොදට වින්දා. උපාධියත් අරන් අද ජොබ් එකත් කරනවා. හැබැයි කවදාවත් රැග් කරන්න තරම් මානසිකව පිරිහුනේ නැහැ. ඒ රැග් නිසා ආබාධ වලට ලක්වුණු අය දැකලා තිබුන නිසා .(නදී)

:       0       0

සිල්වා Saturday, 04 May 2013 12:38 PM

කෙනෙකුගේ බුද්ධිය පටු වූ තරමට ඔහුගේ දේශනය දිගය (නි)

:       0       0

ධම්මි Saturday, 04 May 2013 12:38 PM

හොදම වැඩේ මොවුන් විශ්වවිද්‍යාලයෙන් ඉවත්නරන්න ඕන..(ස)

:       0       0

අණ්ජන Saturday, 04 May 2013 12:54 PM

මොවුන් ඉහල අධ්ද්‍යාපනයට සුදුසු නැහැ. දැම්ම මොවුන් ඉවත් කරන්න එතකොට අනිත් අය පාඩමක් ඉගන ගනීවි. නීති නැත්නං හදල හරි ඉක්මනට ඉවත් කරන්න... .(ස)

:       0       0

ධම්ම Saturday, 04 May 2013 01:02 PM

අක්කලාගෙන් තමා බේරෙන්න බැරි කියලා මගේ දුව කියනවා..(ස)

:       0       0

ක්‍රිෂ් Saturday, 04 May 2013 01:05 PM

මුලින් බොහොම ආදරෙන් පිළි ගත්තෙත් විශ්වාස කළ නොහැකි ලෙසට. දැන් ඒකටත් හරියන්න දෙනවා වගේ. මෙය නම් පිළිලයක්..(ස)

:       0       0

සරත් Saturday, 04 May 2013 01:08 PM

විශ්වවිද්‍යාල බලධාරීන්ට මේක නවත්වන්න අවශ්‍ය නැහැ. බලන්න කවදද ‍නවක වදය දිපු අයට දඩුවම් කරල තියෙන්නේ කියල‍. පන්ති තහනම් කරනවා ඊලගට ‍ඔය යක්කු පෙලපාලි ගියහම නිදහස් කරනවා. ලබන අවුරුද්දේ ආයෙත් දෙනවා..(ස)

:       0       0

අසේල Saturday, 04 May 2013 01:13 PM

නවක වදයේ නරක වගේම හොඳ පැතිත් තියෙනවා.එක එක සමාජ මට්ටම් වල සිටින පුද්ගලයන් සමාන මට්ටමකට ගෙන ඒම වගේ දේවල්. නමුත් යම්කිසි ප්‍රමාණයකට ක්‍රමානුකුලව සිදුවිය යුතුයි .....(ස)

:       0       0

නෙතුමි Saturday, 04 May 2013 10:47 PM

මෙතන බොහෝ අය නවක වදය මහා ඉහලින්ම අනුමත කරලා තියනවානේ. ඒකෙන් පන්නරය, පෞර්ෂත්වය, අනුන්ගේ දුක හඳුනන අය බිහිවෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ බොහෝ විශ්ව විද්යාලවල ඕවා ක්‍රියාත්මක වෙන්නේ ඔය කියන සාධාරණ පදනමට නම් ඒකෙන් නවක සිසුන් පීඩා විදින්නත්, ජීවිත හානිකරගන්න තරමට ජීවිත එපාවෙන්නත්, සරසවි අතහැර යන්නත්, නිතරම මේ වගේ පත්තරවල නවකවද ගැන නරක ආරංචි දාන්න්නත් තරන්ම් මේ දේවල් ප්‍රබල වෙන්නේ ඔය අරමුණු සඳහා විතරයිනම් එය පිළිගැනීමට තරමක් අපහසුයි. මෙය බහුතර සරසවි සිසුන් අවමානයට ලක්කිරීමට නොව සුලු පිරිසකගේ ක්‍රියාවන් වලට එරෙහි වීමකි.(නදී)

:       0       0

ඩී. උපුල් Saturday, 04 May 2013 01:17 PM

නවක වදයේ අරමුණ විය යුත්තේ අහිංසක විහිළුවක් හරහා පරණ සිසුන් අලුත් සිසුන් හඳුනා ගැනීම සහ සහෝදරත්වය ගොඩනඟා ගැනීමයි. නමුත් දැන් ලංකාවේ නවක වදයනම් ම්ලේච්චයි, මාරාන්තිකයි. (ස)

:       0       0

හේරත් Saturday, 04 May 2013 01:27 PM

නවක වදයට ලක් උණු සිසුන් වහාම මානව හිමිකම් රැක ගැනීමට ජිනිව යන්න. නවක වාදය දුන් සිසුන් තමන්ගේ ජේස්ටත්වය නොපිලි ගැනීමට විරුද්දව පෙළපාලි වලින් අසාදාරණයට විරුද්දව නීතිංඥවරු මගින් ජිනීවා යා යුතුයි, සියලු අරමුදල් නිදහස් අධයාපන අරමුදලින් ගෙවනු ලැබේ.(නදී)

:       0       0

හෂානි Saturday, 04 May 2013 01:28 PM

මෙයාලව ඉවත් කරන්න ඕනේ විශ්ව විදියාලයෙන්.(නදී)

:       0       0

බන්දුල Saturday, 04 May 2013 01:36 PM

ගොඩක් වෙලාවට අලුත් අයට නවක වදය දෙන්නේ නවක වදයට විරුද්දව ඉදල කිසිම දවසක එයට මුහුණදීලා නැති මන්ද මානසික, බියගුළු මිනිස්සු කොට්ටාසයක්.(ස)

:       0       0

මිනෝලි Sunday, 05 May 2013 12:14 AM

රැග් එක ගැන කියන කී දෙනෙක් කැම්පස් ගිය අයද? මම පේරාදෙණිය කැම්පස් එකේ. හොඳට රැග් කාලා හැදුනා. රැග් එක නැත්නම් ඒක කැම්පස් එකක් නෙමෙයි. ඔය කියන තරම් රැග් එක නරක නැහැ. ඒක සරසවි ජීවිතයේ තවත් එක සුන්දර අත්දැකීමක්. (නි)

:       0       0

උපාලි Saturday, 04 May 2013 02:24 PM

අසේල වැස්සකටවත් විශ්ව විද්යලෙකට ගිහින් තියෙනවද? නවක වදයේ හොඳ පැත්ත මොකක්ද කියල කියන්න බලන්න. .(ස)

:       0       0

චමිල Saturday, 04 May 2013 02:25 PM

කෙල්ලොන්ගේ රංගනේනේ බලන්න ඕන එහේ. තමනුත් අඬ අඬා රැග් කාලා දැන් උඩ ගිහින් ඉන්නේ..(ස)

:       0       0

වරුණ Saturday, 04 May 2013 03:04 PM

නිදහස් අධ්‍යාපනය නතර කරානම් මේ නවක වාදය නතර වෙනවා. වෙනත් රටවයල විශ්ව විද්යාලවල ඉගන ගන්න අය මේ වගේ පිස්සු වැඩ කරන්නේ නැහැ. මොකද සල්ලි ගෙවලානේ ඉගන ගන්නේ. අපේ අයට නිකන් දෙන මේ කට්ටිය පිස්සු කෙල්ලිනේ.(නදී)

:       0       0

ලක්මාල් Saturday, 04 May 2013 03:22 PM

අසේල, ඔයානම් හරිම කුහකයි. නවක වදයේ කිසිම හොද දෙයක් නැ. ඉරිසියාවයි, පලි ගැනීමයි, කුහකකමයි විතරයි. (ස)

:       0       0

වරුණ Sunday, 05 May 2013 02:25 AM

මම ඉගන ගත්තේ ඕස්ට්‍රේලියා වල. මෙහෙ නවකවදය නැහැ. නමුත් මහේ ළමයින්ට තියන ආත්ම විශ්වාසය අපේ අය ළග ගැවිලාවත් නැහැ.මේවා ඉරිසියාවට කරන දේවල්.මගේ අක්කා, මල්ලි ,ලංකාවේ විශ්ව විද්‍යාල වල ඉගෙනගත්ත අය. (නි)

:       0       0

saduni Saturday, 04 May 2013 03:41 PM

උපාලි ලක්මාල් ඔයාල හරියටම හරි.නවක වදය දෙන්නේ පෞරුෂයක් නැති මානසික අසනීප කාරයෝ (ස)

:       0       0

උපාලි Sunday, 05 May 2013 05:36 AM

දර්ශා කියනවා නම් එයාට රැග් එක නිසයි ජොබ් එක කරන්න කොන්දක් ලැබුනේ කියලා සමහරවිට එයාට තිබුන බරපතල මානසික රෝගයක් සනීප වෙන්න ඇති රැග් එකෙන් පස්සේ. (නි)

:       0       0

ලක්මාල් Sunday, 05 May 2013 08:51 AM

දර්ශා, චාමර, මම ලංකාවේ පශ්චාත් උපාධියත් කරලා එංගලන්තේ විශ්ව විද්‍යාලයක උගන්වනවා. ඔයාලා වගේ හීනමානයෙන් පෙලෙන අයට අනුකම්පා නොකර වෙන මොනවා කරන්නද? මේ රටවල නවක වදය නැහැ. මිනිස්සු කොන්ඳ කෙලින් තියාගෙන ඉන්නවා. මම හිතන්නේ ඔයාලට මානසික රෝගයක් (නි)

:       0       0

දර්ශා Saturday, 04 May 2013 04:53 PM

නවකවදය නැති දවසට එලියට එන්නේ ගොන් මැට්ටෝ ටිකක් විතරයි. අපේ මෝඩ රැළට ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. අපිත් ඕක හොඳට වින්ද එකෙන් ලැබුණු පන්නරයෙන් තමා අදත් ජොබ් එකක් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ. වැස්සකටවත් කැම්පස් නොගිය මෝඩයෝ.(නදී)

:       0       0

ලක්මාල් Sunday, 05 May 2013 08:52 AM

නවකවදය අනුමත කරන්නේ හුගක් හීනමානය තිබෙන, දුප්පත් පවුල් වලින් ආපු අය. එයාලා හරිම ඉරිසියාකාරයෝ. හරියටම හරි. මේවා නිදහස් අධ්‍යාපනයේ අනිටු ප්‍රතිපල තමයි. (නි)

:       0       0

ෂානුක Sunday, 05 May 2013 09:11 AM

ලංකාවේ ජීවත්වෙන ගොඩක් අයට ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වගේ දේවල අදහස තේරෙනේ නැහැ. නවක වදය අපරාධ වරදක්. අනේ අනේ.. මේ වගේ ගොඩයෝ ඉන්නකල් ලංකාව නම් හදන්න බැහැ. ලංකාවෙන් ගිය එක ගැන සන්තෝෂයි.

:       0       0

ෂානුක Sunday, 05 May 2013 09:18 AM

මගේ යාලුවෙක් ඉන්නවා නවක වදය බොහොම ඉහලින් අනුමත කරන කෙනෙක්. එයත් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ලොකුවටම නවක වදය කරපු කෙනෙක්. එයාගේ දුව ලංකාවේ විශ්වවිද්‍යාලේ යවන්නේ නැතිව පිටරට යැව්වා. ගදගහන උන් එක්ක 6මගේ ළමයි ලංකාවේ තියන්නේ නැතිලු.(නදී)

:       0       0

මේනු Sunday, 05 May 2013 10:05 AM

නවක වදයට ඇත්තටම මූන දුන් කෙනෙක් කවදාවත් එකේ නරකක් දකින්නේ නැහැ. මොකද එකේ ප්‍රතිපල ඇස් වලට පෙනෙන නිසා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 9 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 15 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 38 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 53 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 105 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 126 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site