(ජේ.කේ.එල්. චාමින්ද)
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප් ලෙස රුපියල් විසිහත්ලක්ෂ,තිස්දෙදහස්,නමසියහතලිස්හතරක (2,732,944) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මෙම කාලය තුල රෝහල් බලධාරින් විසින් මෙකි සෞඛ්‍ය රියදුරු වෙත කිසිදු රාජකාරියක් පවරා නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ සම්බන්දයෙන් පුර්ණ ස්වාධින විමර්ශනයක් සිදුකර වගකිවයුතු පර්ශවයන් සම්බන්දයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ විගණන නිරික්ෂණ සමග එකගවන බවය. මෙම රියදුරා විසින් ලබාගෙන තිබු වැටුප් රහිත නිවාඩු ගණනය කර දින 57ක් සදහා රුපියල් 90,380ක මුදලක් හා 2023 වර්ෂයේ මාස තුනක වැටුපෙන් අයකරගෙන ඇති බවත් 2023 දෙසැම්බර් හා 2024 ජනවාරි මස වැටුපෙන් වැටුප් රහිත නිවාඩු දින 47ක් සදහා රුපියල් 75811 ක මුදලක් අයකරගෙන ඇති බව ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සදහන් කොට ඇත.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
Lalindhra Monday, 18 November 2024 10:27 AM
නිකං ඉදන්? නිකං ඉදන් නෙමේ ඔය මනුස්සයා කවුරු හරි දේශපාලකයෙක් ගාව වැඩ කල ලකුනු නේ ඔය තියෙන්නෙ. දේශපාලකයා මිනිහව වැඩ වලට ඈතට යවපුවාම නිවාඩු දානවා එකනේ නෝ පේත් ගිහින් තියෙන්නෙ. සෞඛ්‍ය නිසා කෙහෙලිය වෙන්නත් පුලුවන්.
de silva Monday, 18 November 2024 10:28 AM
රියදුරාට වැටුප් ගෙවීම අනුමත කල නිලධාරියාගෙන් එම මුදල නඩු පවරා රජයට ගත්ත නම් ප්‍රශ්නේ විසදෙනවා නේ , එහෙම දඩුවමක් දුන්නොත් ඉදිරියට නිලධාරියෝ වගකීමක් ඇතුව රාජකාරි කිරීමට පෙලබේවි , විසදුම සරලය
dasun Monday, 18 November 2024 12:03 PM
අපේ රටේ වැටුපට රැකියා කරන රියැදුරන්ගෙන් 80%ක්ම හොරු බව කිරිගහට ඇන්නා වගේ කියන්න පුළුවන්. විශේෂයෙන්ම තම වාහනයට ඉන්ධන ලබාගැනීමේදී. කොයි ආකාරයට ඒ සඳහා ක්‍රමවේදය සැලසුවත් හොරකම් කරන එක කරනවා තමයි...
Frencisco Monday, 18 November 2024 01:42 PM
අදාල අමාත්‍යාංශයේ ලේකම් තමයි අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිළධාරි වෙන්නේ. ඔහුගේ අනුදැනුම ඇතුව තමයි සේවකයෙකුට ඔහොම හැංගිලා ඉන්න පුළුවන් වෙන්නේ අමාත්‍යාංශයේ ලේකම් කෙනෙකුට වැටුපට අමතරව විශේෂ දීමනාවක් දෙන්නේ මෙහෙම වැඩ කරන්නම තමයි...