IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


රෝහල් වාර්තාවේ වරදින් මළ සිරුර මල් ශාලාවේ හිර වේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා ආසාධිත නොවන බවට ලැබුනු වාර්තා දෙකක් මත කොළඹ ජාතික රෝහලේදී මරණ පරීක්ෂණයක්ද පවත්වා භූමදානය සදහා සදහා බාරදුන් දේහයක් නිට්ටඹුව ප‍්‍රදේශයේ මල් ශාලාවක සිට නිවසට ගෙන ඒමට සූදානම් වෙද්දී ආසාධිත බවට වාර්තාවක් යළි ලබාදුන් සිද්ධියක් නිසා තමන් මහත් අපහසුතාවයට පත්වූ අතර ඒ පිලිබදව දැඩි සැකයක් පවතින බව එම පවුලේ සාමාජිකයෝ සදහන් කරති.

මෙසේ මියගොස් ඇත්තේ මීගමු පාර උදම්මිට වේයන්ගොඩ පදිංචිව සිටි අමරතුංගගේ ඉයන්තිමාලා විජේගුණවර්ධන 50 නම් මවකි.

ඇය පසුගිය 17 වැනිදා රෝහල්ගත කෙරුනු මෙම කාන්තාව ශළ්‍යකර්මයකින් පසුව දින කිහිපයකින් නිවසට එවූ බවද යලි අසනීප විම නිසා ඉකුත් 27 වැනිදා යලි ජාතික රෝහලට ඇතුුලත් කළ බවද පවුලේ සාමාජිකයො‍ේ සඳහන් කරති.

එදිනම රාති‍්‍රයේ ඇය මරණයට පත්වී ඇති අතර 29 වැනිදා කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේ පැවැති මරණ පරීක්ෂණයකින් පසු දේහය අවසන් කටයුතු සදහා බාරදී ඇත.

ඒ අනුව දේහය නිට්ටඹුව ප‍්‍රදේශයේ මල් ශාලාවකට ගෙනවිත් එම්බාම් ආදිය ඇතුළු සියලූ කටයුතු සූදානම් කර නිවසට ගෙන ඒමට නියමිතව තිබියදී  ඇය කොරෝනා ආසාධිතයකු බවට ජාතික රෝහලෙන් දන්වා ඇතැයිද මේ නිසා මල් ශාලාවේ සේවක පිරිස් පවා දැඩි අවදානමකට පත්ව ඇතැයිද පවුලේ පිරිස් සදහන් කරති.

රටේ දැඩි අවදානමක් තිබියදී කොරෝනා මරණයක් නම් මේ ආකාරයට බාර කලේ ඇයිදැයි ප‍්‍රශ්න කරන ඥාතීහු ශළ්‍ය කර්මයේ දී සිදුවු කිසියම් වරදක් වසා ගැනීමේ අරමුණකින් මේ ආකාරයට සිදුවූ බවට දැඩි සැකයක් පවතින බවද සදහන් කරති.

 



අදහස් (2)

රෝහල් වාර්තාවේ වරදින් මළ සිරුර මල් ශාලාවේ හිර වේ

රාජපක්ෂ උදම්මිට Sunday, 30 May 2021 03:17 PM

පණ්ඩිතකම නම් තියෙනවා. පී සී ආර් එකවත් හරියට කරගන්න දන්නෙ නෑ. අපේ අක්කාට නිවන්සුව!

:       2       11

Sri Lanka Sunday, 30 May 2021 03:59 PM

කොරෝනා සමාගමේ කට්ටිය ඔහොම හරි බලන්නේ තමන්ගේ ගොඩ වැවිකරගන්න...

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 3 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1007 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1144 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3173 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3834 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 840 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site