IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රෝහල් 4 කම ගිලන් රථ ගිලන්: ලෙඩා මරුට

අලව්වේ රියැදුරු නිවාඩු නවතල්වත්තේ රියට ඞීසල් නෑ

(අලව්ව ජයන්ත කුමාර දිසානායක)

අලව්ව ප‍්‍රාදේශීය රෝහලට පසුගිය 2 වැනිදා රාති‍්‍රයේ ඇතුළත් කළ රෝගියකුට මූලික ප‍්‍රතිකාර ලබාදුන් එහි සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා රෝගියා වහාම කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මාරුකර යවන ලෙස උපදෙස් දුන්නත් ඔහු එහි ගෙනයාමට අලව්ව රෝහල ඇතුළු ප‍්‍රදේශයේ රෝහල් හතරකින් ගිලන් රථයක් ලබාගැනීමට නොහැකිවී ඇති අතර පැය පහක ප‍්‍රමාදයකින් පසුව කුරුණෑගල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු එහිදී මියගොස් ඇත.

මේ සිද්ධියේදී මියගොස් ඇත්තේ අලව්ව වේදෙණිය නවතල්වත්තේ පදිංචිව සිටි තිදරු පියකු වන කේ. දයානන්ද පීරිස් (72) නමැත්තෙකි.

ඔහුගේ වැඩිමහල් පුතු කේ. ඩික්සන් දයානන්ද පීරිස් (38) මහතා ලංකාදීපයට පැවැසුවේ තම පියා කුරුණෑගල රෝහලට ගෙනයෑමට ගිලන් රථයක් සොයාගැනීමට නොහැකිවූ අවස්ථාවේදී තමා වෙනත් වාහනයකින් ඔහු එහි ගෙනයාමට ඉදිරිපත් වුවත් රෝහලේ කාර්ය මණ්ඩලය ඊට ඉඩ නුදුන් බවය.

රෝගියා වහාම කුරුණෑගල ශික්‍ෂණ රෝහලට මාරුකර යවන ලෙස ඔහුට මූලික ප‍්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයා උපදෙස් දී තිබියදී එදින අලව්ව රෝහලේ රාති‍්‍ර සේවයේ යෙදී සිටි කාර්ය මණ්ඩලය සහ හෙද හෙදියන් විවිධ හේතු දක්වමින් ඔහු පැය පහක් පමණ රෝහලේ රඳවා තබාගෙන සිටි බවට දයානන්ද පීරිස් මහතා චෝදනා කළේය.

තම පියා මරණයට පත්වූයේ අලව්ව ප‍්‍රාදේශීය රෝහලේ එදින සේවයේ සිටි කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල සහ ඔවුන්  සිය වගකීම නිසි අයුරින් ඉටුනොකිරීම නිසා යැයි ඔහු කියා සිටියේය.

ඩික්සන් දයානන්ද පීරිස් මහතා සිද්ධිය විස්තර කරමින් මෙසේද කීය.

මාර්තු 2 වැනිදා ? 12ට විතර  තාත්තා පපුව ටිකක් රිදෙනවා යයි කීවා. අපි ඔහුට ගෙදරදී අවශ්‍ය ප‍්‍රතිකාර කළත් පපුවේ අමාරුව උත්සන්න වූ නිසා ති‍්‍රරෝද රථයකින් පාන්දර 1.45ට විතර අලව්ව රෝහලට ගෙනාවා.

තාත්තා රෝහලට ඇතුළත් කළ ඔහු පරීක්‍ෂා කළේ රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය අධිකාරිවරයායි. ඔහු වහාම තාත්තා හදිසි ප‍්‍රතිකාර ඒකකයට අරගෙන ඔක්සිජින් දීලා ඊ.සී.ජී. එකක් අරගත්තා. ඊට පස්සේ ඊ.සී.ජී. එක පරීක්‍ෂා කළ ඔහු මේ රෝගියා වහාම කුරුණෑගලට යවන්න සූදානම් කරන්න කියලා රෝහලේ ඇටෙන්ඩන්වරියට සහ සේවකයන්ට උපදෙස් දීලා යන්න ගියා.

ඒ වෙනකොට පාන්දර 2යි. මම ඇහැව්වා එතන හිටිය ඇටෙන්ඩන් නෝනා කෙනකුගෙන් ඇයි ලෙඩා ගෙනියන්න ප‍්‍රමාද කරන්නේ කියලා. ඩ‍්‍රයිවර් නිවාඩු ගිහින් කියලා ඇය කීවා. අපේ ඇම්බියුලස් එකේ ඩ‍්‍රයිවර්  නිවාඩු ගිහින් වෙන කෙනෙක් නෑ කියා ඇය කීවා. එහෙම කියලා හරියන්නේ නැහැනේ, අපි ලෙඩා පෞද්ගලික වාහනයකින් ගෙනියන්නදැයි මම ඇසුවා. එහෙම ගෙනියන්න දෙන්න බැරියැයි ඇය කීවා. ඊට පසුව ඇය අවට රෝහල්වලට ටෙලිෆෝන් කළා. 

ඇය නවතල්වත්ත ප‍්‍රාදේශීය රෝහලට ඇමතුමක් ගත්තා. ඒ රෝහලේ ගිලන්රථයේ ඞීසල් නෑ කියනවා. එන්න විදිහක් නැතිලූ කියා ඇය කීවා.

ඊළඟට ඇය පොල්ගහවෙල ඉස්පිරිතලේට ඇමතුමක් ගත්තා. ඒ ඉස්පිරිතාලෙන් වැරදි නොම්මරයක් කියලා දුරකථනය තිබ්බා යැයි ඇය කීවා.

ඊට පස්සේ ඇය දඹදෙණිය ඉස්පිරිතාලෙට ඇමතුමක් ගත්තා. ඒ ඉස්පිරිතාලෙන් කිව්වාලූ ඒකෙ ඇම්බියුලන්ස් එකක ලෙඩෙක් අරන් යන්න ලෑස්ති කරලා තියෙන්නේ අනෙක් එකේ ඩ‍්‍රයිවර්ට බඬේ අමාරුවක් නිසා එන්න විදිහක් නෑ කියලා.

ලෙඩා තවදුරටත් අලව්වේ තියාගෙන සිටීම අවදානම් හින්දා මම ඔවුන්ට බල කරලා කිව්වා මම ලෙඩා කුරුණෑගලට ගෙනියන්නද වෙන වාහනයකින් කියලා. ඊට ඉඩ දෙන්න බැහැ කිව්වා. ඔයා ගෙදර යන්න. පාන්දර 5ට විතර අපි ලෙඩා කුරුණෑගලට යවන්නම් කිව්වා.

මෙම ගෙදර ගියේ නෑ. නවතල්වත්ත රෝහලේ ඇම්බියුලන්ස් එකේ මගේ යාළු රියදුරු ඩ‍්‍රයිවර් කෙනෙක් ඉන්නවා. මම ඔහුට මගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් අරන් සිද්ධිය ගැන කිව්වා. ඊට පස්සේ ඔහු එදින සේවයට සිටි අනික් රියදුරුත් එක්ක ගිලන් රථයෙන් අලව්ව රෝහලට ආවා. ඇවිත් ඔක්සිජන් දෙන ගමන්ම ලෙඩා කුරුණෑගලට ගෙනගියා. එවිට වෙලාව 7.20ට විතර ඇති. තාත්තාට ඒ වෙලාවේ සිහියක් තිබුණේම නෑ. මමත් කුරුණෑගලට ගියා.

කුරුණෑගල රෝහලට ඇතුළත් කළ ගමන්ම තාත්තා අයි.සී.යූ. එකට දැම්මා. ඒ වෙලාවේ තාත්තා පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඇසුවා ඇයි ලෙඩා ගේන්න ප‍්‍රමාද වුණේ කියලා. තව පැය දෙකකටවත් කලින් ලෙඩා මෙහෙට ගෙනාවනානම් ජීවත් කරවන්න තිබුණා. මෙයාගේ මොළේ නහරහක ලේ කැටියක් හිරවෙලා තිබෙන්නේ, දැන් මෙයා බේරගන්න බැරි තත්ත්වයකයි ඉන්නේ. එදා දහවල් 12ට තාත්තා නැති වුණා.

මා කියන්නේ මේ වගේ අතපසුවීම් හිතාමතා කරන දේවල් හින්දා ලෙඞ්ඩු කී දෙනෙක් ජීවිතයෙන් සමුගන්නවාද? මම මුළු රටටම ඇහෙන්න කියනවා එදා අලව්ව රෝහලේ හිටපු කාර්ය මණ්ඩලය කවුරුවත් ඒ අයගේ වගකීම හරියට ඉටුකළේ නැහැ. වෛද්‍යවරයාත් ඔහුගේ වගකීමෙන් බැහැර වුණා. මේ දේවල් හින්දා මිනිස්සු කී දෙනෙක් අසරණ වෙනවාද? කී දෙනෙක් මැරෙනවාද? මේ වගේ දේවල් මිහිපිට නොවෙන්න ඊට එරෙහිව තිත තබන්න  ඕනෑ. මේ වගේ දෙයක් මින් පස්සේ තව කෙනකුට වෙනවට මම කැමති නෑ.

තාත්තාගේ මරණ සහතිකය අරගෙන මම මේ ගැන ජනාධිපතිතුමා ඇතුළු ඉහළ සෞඛ්‍ය නිලධාරීන්ට දන්වනවා. මේවට වගකියන්නේ කවුද? ඒකෙන් වුණේ මට මගේ තාත්තාව නැති වුණ එකයි. මේ වගේ අමු අමුවේ මිනිස්සු මරන්න ඉඩ දෙන්න බෑ.

මේ පිළිබඳව අලව්ව රෝහලේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්.එම්.එම්. බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ලංකාදීපයට පැවසුවේ මෙවැන්නකි.

‘‘මට ඔය සිද්ධිය සම්බන්ධව තොරතුරු දෙන්න බැහැ. කුරුණෑගල ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමියගෙන් අහන්න. ලෙඩාගේ පවුලේ අය කියන ඒවා පත්තරේට ලියන්න. මට පත්තරවලට කතා කරන්න බැහැ. ආයතන සංග‍්‍රහය අනුව මට තියා රෝහලේ සුළු සේවකයකුටවත් රෝහලේ කුමන තොරතුරක්වත් මධ්‍යවලට දෙන්න බැහැ. එහෙම තොරතුරු දුන්නොත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අපහසුතාවයට පත්කළාය කියන චෝදනාව මට එනවා. මම දන්නවා මේ සිද්ධියෙන් පස්සේ අපි කොහොමටත් අමාරුවේ වැටෙනවා.

කුරුණෑගල රෝහලේදී මියගිය කේ. දයානන්ද පීරිස් මහතාගේ අවසන් කටයුතු පසුගිය 4 වැනිදා හෙට්ටිගෙදරදී සිදු කෙරිණි.



අදහස් (15)

රෝහල් 4 කම ගිලන් රථ ගිලන්: ලෙඩා මරුට

sameera Thursday, 16 March 2017 04:48 AM

මේවට ගන්න තියෙන මුදල් මන්ත්‍රී පර්මිට් වලට එක්කෙනාට ලක්ෂ 400 ගානේ ආයෝජනය කරලා තියෙන්නේ.

:       0       2

upali Thursday, 16 March 2017 04:51 AM

කරුණාකරලා අදාල වෘත්තිය සමිති මේ පිළිබඳවත් අදහස් දක්වන්න...

:       0       0

kulatilake Thursday, 16 March 2017 05:22 AM

1955 ගිලන්රථ සේවයක් තියනවනේ ඒවා ඔය පැත්තේ නැත්ද.?

:       0       0

sanjeewa Thursday, 16 March 2017 05:25 AM

මේ ඔක්කොම මඩ, ලෝකේ හොඳම නළුවා සහ health minister ඉන්නේ අපේ රටේ. මෙහෙම දේවල් වෙන්න බෑ.

:       0       81

api dakune Thursday, 16 March 2017 05:52 AM

ගාල්ල මාතර පැත්තෙනම් ඕනෙතරම් ඉන්දියන් ගිලන්රථ තියනවා. හදිස්සියට කොළඹ එන්න අදිවේග තියනවා. කුරුණෑගල අය මහින්දට දුන්නට හුලන් නේද අන්තිමට.

:       41       4

kumar (galf) Thursday, 16 March 2017 05:54 AM

රෝහල් ගිලන් රථ හැමනිතරම පාවිච්චි කරන්නේ පුද්ගලික වැඩවලට, මම දැකලා තියෙනවා සිමෙන්ති අදිනවා ගිලන්රථ වලින්. විනයක් නීතියක් නැති රටක්.

:       0       3

nihal Thursday, 16 March 2017 06:19 AM

මුන්ගේ වගකීම මේ විදිහට නොසලකා හරියේ ඇයි... මේ අයවලුන් අවුරුද්දක වැඩ තහනමකට ලක්කල යුතුය ... ඇමතිවරයා මේ ගැන විශේෂ අවධානය යොමුකළ යුතුය ...?

:       0       25

lanka Thursday, 16 March 2017 06:40 AM

සයිටම් එකට විරුද්දව වර්ජනය කරන දොස්තරලා සහ පාරවල් වහගෙන දගලන විශ්ව විද්‍යාල සිසුන් මේවට මොකද කියන්නේ. ඔහොම තමා රජයේ රෝහල්වල වැඩ. මුන්ට ඕනේ මේවා මේ විදිහටම දිගටම තියාගෙන ඉන්න.

:       165       209

arschfikaa Thursday, 16 March 2017 06:54 AM

මේක ලංකාවේ සිදුවන පලවෙනි එක නොවෙයි.

:       1       1

mahee Thursday, 16 March 2017 06:58 AM

ගිලන් රථයකුත් නැහැ, වෙන වාහනේක ගෙනියන්න දෙන්නෙත් නැහැ. මේක අනියම් මිනීමැරුමක් නෙමෙයිද?

:       0       5

ravin Thursday, 16 March 2017 07:07 AM

මෙහි පැහැදිලි නොමැති තැන් ඇත. "ඇටෙන්ඩන් නෝනා " "ඩ‍්‍රයිවර් නිවාඩු ගිහින් " "එහෙම ගෙනියන්න දෙන්න බැරියැයි ඇය කීවා. ඊට පසුව ඇය අවට රෝහල්වලට ටෙලිෆෝන් කළා."' සෞක්‍ය බලධාරිවරුනි, බල්ලයි බුරුවයි පැටලිලා වගේ. "ලෙඩා මලා බඩ සුද්දද ?"

:       1       0

wedage Thursday, 16 March 2017 07:27 AM

අර ඉන්දියන් ගිලන් රථයකට කතා කලානම් පට් ගාල එනවනේ

:       0       31

sasi Thursday, 16 March 2017 08:33 AM

මෙයට පිලියමක් ලෙස වහාම සියලුම පෞද්ගලික රෝහල් ජනසතු කර ඒවායේ තිබෙන ගිලන්රථ ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට බෙදා දිය යුතුය.

:       20       3

Sena Thursday, 16 March 2017 08:57 AM

සමහරු මේ අස්සේ සයිටම් එකට සුදු හුණු ගාන්න පටන් අරන්...

:       1       48

NALAKA Friday, 17 March 2017 03:47 PM

මම පුද්ගලිකව දන්නවා, නවතල්ත්තේ රජයේ රෝහල ක්‍රියාකාරී මට්ටමේ නැහැ . අපරාදේ ජීවිතයක් නැති ව්නා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 631 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 135 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 290 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 332 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 400 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 724 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 417 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site