අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා කවුරුන්ද යන තීරණය ජාතික පොලිස් කොමිසමෙන් අද ගනු ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ නම පොලිස්පතිවරයා විසින් යෝජනා කරනු ලැබුවේ පසුගිය සතියේදීය. දැනටමත් රහස් පොලිසියේ සිටින දක්ෂ නිලධාරියකු වන ශානි අබේසේකර මහතාගේ නම රහස් පොලිස් අධ්‍යක්ෂ තනතුරට යෝජනා නොකළේ ඇයිදැයි කොමිසමෙන් ප්‍රශ්න කර තිබේ.
ශානි අබේසේකර මහතාගේ නම රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරයට යෝජනා නොකිරීම ගැන පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේම දැඩි කතා බහක් ඇති වී තිබේ. ප්‍රභල දේශපාලනඥයකුගේ බලපෑමක් මත ශානි අබේසේකර මහතාගේ නම කපා දැමුවේදැයි පොලිසියේම පිරිස් ප්‍රශ්න කරති.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝානය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. ඔහුගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ. අපක්ෂපාතීව විමර්ශන කරන්නෙකු ලෙස ඔහු ප්‍රසිද්ධය. එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන් වික්‍රමතුග ඝාතනය, රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
පොලිස්පතිවරයාට පමණක් වග කියන පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා මීට වසරකට පමණ පෙර ලලිත් ජයසිංහ මහතාට ද චෝදනා පත්‍ර නිකුත් කරන ලෙස යෝජනා කර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි විමර්ශනය පවත්වනු ලබන්නේ ද මෙවන් සිල්වා මහතා විසිනි. ඔහුගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන ඒකකට මගින් තවත් විශේෂ විමර්ශන කිහිපයක් සිදු කෙරෙයි.
රහස් පොලිසියේ අධ්‍යක්ෂ ධුරය පුරප්පාඩු වූයේ එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුවය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රහස් පොලිස් අධ්‍යක්ෂ ගැන තීන්දුව අද
සමන් - ඕමානය Thursday, 31 August 2017 06:55 AM
ලංකාවේ කොහේද ආයිබෝවන් සුදුස්සාට සුදුසු තැන? දේශපාල උත්තමයන්ලාගේ අතකොලුවන්ට හෙන්චයියන්ට තනතුරු දෙනවා මිසක්? එතකොටනේ තමන්ගේ විරුද්ධවාදීන් පස්සේ පන්න පන්න ගහන්න පුළුවන්.!!! තමන්ගේ ඇත්තන්ගේ හොර මැර තක්කඩිකම් හංගාගෙන ඉන්න පුළුවන්!