IMG-LOGO

2024 දෙසැම්බර් මස 23 වන සඳුදා


රාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශය

(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයද කල් දමා ඇත.

රාජ්‍ය ඇමතිවරයාගේ මේ ක්‍රියාකලාපය මුළු රටටම කදිම ආදර්ශයකැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එතුමියගේ මෙම කැපකිරීම රටේ සෙසු සියලූ ජනතාව ආදර්ශයට ගෙන කටයුතු කළ යුතු බව පැවසූ මහාචාර්යවරයා විවාහ මංගල්‍ය උත්සව කොරෝනා බෝකරන ප්‍රධාන ස්ථානයක් හැටියට හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය.

මේ අතර විවාහ මංගල්‍ය උත්සව ඇතුළු සාදවලට මේ අවස්ථාවේදී සහභාගිවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහුද ජනතාවගෙන් ඉල්ලා සිටිති.

එසේ නොවුණහොත් මංගල උත්සව පොකුරු නිර්මාණයවී කොවිඩ් අවදානම තවත් වැඩි වර්ධනය විය හැකි යැයි ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

මේ අතර සෞඛ්‍ය නීති නොතකමින් විවාහ මංගල්‍ය උත්සව පවත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටින ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනටමත් උපදෙස් මාලාවක් ලබා දී ඇත.

 



අදහස් (11)

රාජ්‍ය ඇමතිනී සුදර්ශනී දුන් ආදර්ශය

Dinesh Thursday, 12 August 2021 10:17 PM

ඕක මහලොකු ප්‍රවෘත්තියක්ද?

:       3       7

Don Friday, 13 August 2021 01:08 AM

පල්ලියේ බැඳපු ෆොටෝ ඔය නෑදෑයෝ අපූරුවට අප්ලෝඩ් කරලා තියෙන්නේ .කට්ටිටම මාස්ක් නැතුව ෆොටෝ වලට හිනා වෙලා ඉන්නේ

:       1       5

Ratne Friday, 13 August 2021 06:03 AM

හොඳ ආදර්ශයක්

:       2       4

සමරේ Friday, 13 August 2021 06:16 AM

මංගල උත්සවය කල් දැම්මා නම් හොඳයි. ඒත් වෙන තැනක තිබෙනවා එතුමිය කිව්වා කියලා ශැන්ග්‍රිලා එකේ තියෙන උත්සවය අවලංගු කරාය ,පල්ලියේ චාරිත්‍ර විධි විතරක් අගෝස්තු 12 කරනවා කියලා. ඒ කියන්නේ විවාහය සිදු කරනවා කියලා නේද. අනික් අතින් සමාජ මාධ්‍ය මගින් මෙතුමියගෙ ගුණ වර්ණනා කරන අය අහක ඉන්න අජිත් නිවාඩ් කබ්රාල් අල්ලාගෙන දෙස් තියනවා ඔහුගේ පුතාගේ මගුල් ගෙදර නිසා තමයි මේ වෙලාවේ රට ලොක් ඩවුන් නොකර ඉන්නේ කියලා.

:       2       5

nalin Friday, 13 August 2021 06:40 AM

ඉතින් මහත්තයො නීතියක් ගේන්නකො එව්වා නවත්තන්න කියල. මේ වෙලාවෙ මොන විවාහ උස්සවද? මිනිස්සු කවදාවක් ඕවා නවත්තන්න කිව්වට කරන්නෙ නෑ. ඒවාට නීති ගේන්න ඕනෙ.

:       1       7

ranjith Friday, 13 August 2021 08:56 AM

උගත් අයගෙන් සමාජයට හොඳ ආදර්ශ ලැබෙනවා.. ඒත් අවාසනාවකට මේ වගේ කී දෙනෙක්ද ඉන්නේ දේශපාලනයේ...

:       3       6

ගුණවර්ධන Friday, 13 August 2021 09:34 AM

අපේ ගෞරවනීය ප්‍රණාමය

:       3       3

Deepal Nirosh Friday, 13 August 2021 11:08 AM

දැන්වත් මේ ආණ්ඩු ලොක්කෝ ටික මේ ඇමතිතුමියවත් ආදර්ශයට ගෙන ඇහුන්කම් දුන්නොත් රට මේ මට්ටමින් හෝ පාලනය කරගන්න පුළුවන්.

:       1       5

kamal Friday, 13 August 2021 11:25 AM

ලොකුගේ ඇතුළු අනෙක් ඇමතීන්ගේ ආදර්ශත් ලිපියකින් පලකරන්න. අපිට ආසයි කියවන්න 69 ලක්ෂයේ ආශ්චර්යය...

:       0       3

Kumara Friday, 13 August 2021 01:27 PM

කර ගන්න බැරි නිසා .ඔයාලාට ලොකු උනාට ,අපිට ලොකු නෑ මහත්තයෝ

:       3       2

දුලාරි බටපොල Friday, 13 August 2021 03:18 PM

මේවාද බං අපේ රටේ නිවුස්?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය මූලික මිනිස් අයිතියක් කරනවා
2024 දෙසැම්බර් මස 23 207 1

සෞඛ්‍ය සදහා ජනතාවට ප්‍රවේශ වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්


හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට
2024 දෙසැම්බර් මස 23 473 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (23) සිටි ඉවත් කිරීමට තීරණය කර ඇත


කොස්කදවල වෙඩි තැබීමක්
2024 දෙසැම්බර් මස 23 369 0

යක්කල, කොස්කදවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් පුද්ගලයකුට අද (23) වෙඩි තබා පලාගොස් ඇති බව වීරගුල පොලිසිය පවසයි.


පදක්කම් 40 රැගෙන ලක්දරුවෝ දිවයිනට
2024 දෙසැම්බර් මස 23 69 1

තායිලන්තයේ පැවැති ආරාධිත කණිෂ්ඨ කෙටිදුර ඔරු පැදීමේ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දක්වමින් කාන්තා ඉසව්වලින්


රට විරුවෝ බත්තරමුල්ලේ පොලක් පවත්වති
2024 දෙසැම්බර් මස 23 535 0

විදෙස් රැකියා වලට ගොස් ව්‍යවසායකයන් වූ අයගේ නිෂ්පාදන විකුණන පොළක් බත්තර මුල්ලේදී පවත්වන බව විදේශසේවා නියුක්ති කාර්යංශය පවසයි.


ගම්පහ දුම්රිය හරස් මාර්ග දින 3ක් වහයි
2024 දෙසැම්බර් මස 23 507 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගම්පහ සහ ජාඇල මාර්ගයේ සැතපුම් 16 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුතු සඳහා මේ මස 28 වැනිදා සිට 30 වැනිදා දක්වා වස


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 60 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 38 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site