(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහා බැංකුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිල ලාංඡන භාවිත කරමින් දිනකට රුපියල් 10,000 සිට 50,000 දක්වා නිවසේ සිට මුදල් ඉපැයිය හැකි රැකියා අවස්ථා තිබෙන බවට පවසමින් ජනතාව නොමග යවනසුළු ව්‍යාජ දැන්වීම් විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය.
එම දැන්වීම්වල ඇති ලින්ක් එක ක්ලික් කළ විට පරිශීලකයාව රැගෙන යන්නේ නිල ලාංඡනය සහිත වෙබ් අඩවියට නොව වෙනත් වෙබ් අඩවියකට බවද ඔහු පැවැසුවේය.
එසේම මෙම දැන්වීම් පළ කරන්නේ ව්‍යාජ මුහුණු පොත් ගිණුම් ඔස්සේ බවත් එහි ඇති ලින්ක් ක්ලික් කර එම වෙබ් අඩවි තුළට සිය පුද්ගලික ලිපිගොනු උඩුගත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් දමුණුපොළ මහතා පැවැසුවේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල ලාංඡනය සහ නම සහිතව සංසරණය වන දැන්වීම් පිළිබඳව අප පුවත්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීමක් කළ අතර එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශ කර සිටියේ එම දැන්වීම් ව්‍යාජ ඒවා බවත් මේ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් එම කාර්යාංශයේ නිල මුහුණුපොත් ගිණුමේ සටහනක් තබා ඇති බවත්ය.
මෙය යම් කිසි කණ්ඩායමක් විසින් සිදු කරන්නක් බවත් එවැනි දැන්වීම් වලට ජනතාව නොරැවටිය යුතු බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්ද අප පුවත්පත විමසීමක් කළ අතර එහිදී ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කර සිටියේ කිසියම් වංචනිකයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල ලාංඡන භාවිත කරමින් මුහුණු පොතේ ව්‍යාජ දැන්වීම් පළ කර ඇති බවත් එම වෙබ් අඩවිවලට එරෙහිව අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරියේදී ගනු ඇති බවත්ය.
නාමල් රාජපක්ෂ ඒ.සී කාමරයක දාලා ප්‍රශ්න පත්තරේ කලින් දීලා අන්තර්ජාල පහසුකම් සහිත පරිගණකයකුත් දීලා විභාගේ ලියපු හැටි දැනට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැක
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය වසරට සාපේක්ෂව 36.1 කින් ඉහළ ගොස් ඇති බවත් තෝරාගත් සමාගම් 20 කින් සමන්විත එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්
’’ඔබතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයකට ගියා කියා කියනවා.ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස ම
සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහත
ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගනුම ලබන සිසුසිසුවියන් 07 දෙනකු සදහා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබා දුන
ශල්‍යාගාර ලාම්පු 35 ක් මිලදී ගැනීමේදී රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකයට අනුයුක්තව සිටි ජීව වෛද්‍ය ඉං
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
රැවටෙන්න එපා
Nihal Tuesday, 17 December 2024 02:45 PM
මේ වෙනකොට නොදන්නකම නිසා දුප්පත්ම ජනතාවගෙන් ලියාපදිංචිය ගාස්තුව කියමින් විශාල වශයෙන් මුදල් එකතුකර ගනිමින් සිටියි. මොවුන්ට විරුද්ධ නීති මගින් කටයුතු කළ යුතුය. නිමක් නැතුව ගුවන්තොටුපලේ රැකියා දෙන බව විශාල වශයෙන් දැන්වීම් පලකරයි.