(නිමල් ජයරත්න)
වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට සිටි මගීහු පොලිසියේ ජීප් රථයකින් රැගෙන යෑමට අද සවස කටයුතු කළේය.
ගල්කන්ද ප්‍රදේශයට යාමට වෙනත් කිසිදු බසයක් නොමැති නිසා මගීන්ට යෑමට තිබූ එකම බසය මෙය වේ.
මෙම බස් රථය වැලිකන්ද නගරයෙන් ගල්කන්ද ප්‍රදේශයට සවස දෙකයි තිහට පිටත් වීමට නියමිත තිබුණේය.
රියදුරු සහ බස් රථයේ කොන්දොස්තරවරයා කිසියම් දෙයක් පානය කිරීම නිසා මත්වී නිදා සිටි බවත් මේ හේතුවෙන් මගි ජනතාවට එම ප්‍රදේශයට යෑමට සහ වැලිකන්ද නගරයට ඒමට නොහැකි වූ බවද පොලිසිය කියයි.
අනතුරුව කැබ්රථය මගින් සිසුන් ඇතුළු මගින් 25 දෙෙකු වැලිකන්ද ගල්කන්ද හා කුඩාපොකුණ ප්‍රදේශයට රැගෙන යාමට කටයුතු කර ඇත.
මේ වනවිට බස් රථය වැලිකන්ද බස් නැවතුමේ ගාල්කර තිබෙන අතර කොන්දොස්තරවරයා විවේකගාරය තුළ බීමතින් තාමත් වැටී සිටින බවද පොලිසිය සඳහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී වවුනියාව පුනරුත්ථාපන කඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටින පුතාට ලබා දීමට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගියේ යැයි කියන උප පොල
ශ්රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වූ නිලධාරීන් දහතුන් දෙනකුගෙන් අය කර ගත යුතු රුපියල් නවකෝටි තිස් ලක්ෂයක පමණ මුදලක් මෙතෙ
කාල්ටන් නිවසට අද ආපු පළාත් පාලන අපේක්ෂකයන් කැමතිනම් මමත් මෙවර පළාත් පාලන ඡන්දයට ඉල්ලනවා යැයි හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.
මහනුවර - කොළඹ පැරණිතම ශීඝ්‍රගාමී නගරාන්තර දුම්රියට යොදවා තිබූ පහසුකම් සහිත දුම්රිය ඉවත්කර අඩු පහසුකම් සහිත හා මන්දගාමී දුම්රියක් යෙදවීමෙන් නියමිත ව
මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන පොයින්ට්ස්මන් (සංඥා හසුරුවන්නන්) දෙදෙනාට කැබින් කාමරයේ නින්ද යාමත් සමග සිදුවන්නට ගිය මහා
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
රියැදුරයි - කොන්දයි බීල වැටිලා:මගීහු පොලිස් රියෙන් ගෙදර යති
Easter Sunday, 09 March 2025 08:35 AM
කාලයක් අපේ රටේත් ඔහොම රියැදුරෙකුයි, කොන්දෙකුයි හිටියා. රටට අනතුරක් වෙන්න යනවා කියලා දැනුම් දීලා තියෙද්දීත් දෙන්නම බීලා නිදි. රියැදුරා ප්‍රෙෂර් චෙක් කරගන්න මවුන්ට් එලිසබෙත් ගිහිල්ලා බීලා නිදි. කොන්දා මෙහේ ඉඳන් බීලා නිදිලු. රටේ අවාසනාවට දන්නලා තිබ්බ විදිහටම අනතුර වුණා. අහිංසකයෝ 300 ගානක් මැරුණා...
PA RA Sunday, 09 March 2025 10:35 AM
බඩු වැඩිවෙලා කියන්නේ, ළඟදීම රජයෙන් අලුත් එකක් හඳුන්වා දෙනවලු, ඒක ඊට එහාද නොදනිමි...!
Lalla Sunday, 09 March 2025 10:59 AM
කෝ විනය නීතී...? ගෙදරම යවන්න. හිරේ යවන්න බැරිද..?
gunarathna Sunday, 09 March 2025 02:05 PM
ප්‍රශ්නයක් නැහැනේ. ඒ දෙන්නා ආණ්ඩුවට බදු ගෙවන්ට තමයි මෙහෙම කරන්නේ. ආණ්ඩුවට ඕනේ සල්ලි හොයලා දෙන්න තමයි මෙහෙම කරන්නේ.