IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ

(අංජුල මහික වීරරත්න)

අධිබල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයීමේ ව්‍යාපෘතියේ II අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරක යන්ත්‍ර 14 ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස 2013 වර්ෂයේදී එක්සත් රාජධානියේ Elekta සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ගිවිසුමකට එළඹ ඇත.

ඒ අනුව, එම ව්‍යාපෘතියේ I අදියර යටතේ ජාතික පිළිකා ආයතනයේ රේඛීය ත්වරක යන්ත්‍ර 04 ක්ද මහනුවර ජාතික රෝහලේ යන්ත්‍ර 02 ක් ද, ගාල්ල ජාතික රෝහලේ 01 ක් ද, මඩකලපුව ශික්ෂණ රෝහලේ යන්ත්‍ර 01 ක් ද, යාපනය තෙල්ලිපලෙයි මූලික රෝහලේ යන්ත්‍ර 01 ක් ද වශයෙන් යන්ත්‍ර 9 ක් මේ වන විට ස්ථාපිත කර තිබේ. 

ශ්‍රී ලංකා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ද සැලකිල්ලට ගනිමින්, ව්‍යාපෘතියේ II අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 05 සඳහා උසස් තාක්ෂණයෙන් යුත් Infinity රේඛීය ත්වරක යන්ත්‍ර ස්ථාපිත කිරීමටත්, එම යන්ත්‍ර ස්ථාපිත කිරීමට හැකි වන අයුරින් අදාල රෝහල් තුළ බංකර ඉදි කිරීම සඳහා පියවර ගැනීමටත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

රෝහල් පහකට පිළිකා ප්‍රතිකාර උපකරණ

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

කැලණි සරසවියේ මනෝ විද්‍යා අංශ ප්‍රධානී අනතුරින් මරුට
2025 මාර්තු මස 19 480 0

මීරිගම - මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරින් කැලණිය විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා ඒකක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, ආචාර්ය එන්.ඩී. ගුණ


බුද්ධ රශ්මී වෙසක් කලාපය දින හතරක්
2025 මාර්තු මස 19 206 0

වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන ’’බුද්ධ රශ්මි වෙසක් කලාපය’’ මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීර


වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන්
2025 මාර්තු මස 19 782 0

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය ප


දින අටක් මන්ත්‍රී අර්චුනාගේ කට වහයි
2025 මාර්තු මස 19 741 0

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පසුගිය කාලයේදී විවිධ කණ්ඩායම් ඉලක්ක කර අවමන් සහගත අශෝභන ප්‍රකාශ නිකුත් කර සමාජයේ කැළඹීමක් ඇති කි


මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්
2025 මාර්තු මස 19 176 0

පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණපළාතේත් මිෂන් සභාව පවසයි.


දේශබන්ධු මාතර අධිකරණයට ?
2025 මාර්තු මස 19 3255 11

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 412 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 929 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 334 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site