IMG-LOGO

2024 ජුලි මස 04 වන බ්‍රහස්පතින්දා


රෝහලේ සිටි අයකු පැහැර ගත්තැයි කතකට ඇප

(රෝෂන් තුෂාර)

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 89 හැවිරිදි පුද්ගලයෙකු  පැහැරගෙන ගියේ යැයි කියන කොළඹ ජාවත්ත ප්‍රදේශයේ කාන්තාවක් ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන්  අමරසේන  මහතා අද  (1) නියෝග කළේය.

අසූ නව හැවිරිදි පුද්ගලයා කලක් විදේශගත රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ ඇති අතර ලංකාවට පැමිණීමෙන් අනතුරුව  ඔහුට ඇප උපස්ථාන කළ බව කියන 58 හැවිරිදි පැමිණිලිකාර කාන්තාව  විවාහ කරගෙන ඇත.

සැමියාට අසනීප වීමෙන් අනතුරුව විවාහක බිරිඳ විසින් ඔහුව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවද එසේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඥාතියකු බව කියන විත්තිකාර කාන්තාව ඇතුළු පිරිසක් රෝහල් බලධාරීන්ට නොදන්නවා ඔහුව එම රෝහලෙන් රැගෙන ගොස් ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත ඇතුලත් කර ඇති බව නාරාහේපිට පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු දක්වමින් පැවසීය.

ගල්කිස්ස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාල පුද්ගලයා මියගොස් ඇති බවත් මිය යාමෙන් අනතුරුව විත්තිකාර කාන්තාව ඇතුළ පවුලේ ඥාතීන් විසින්  අවසන් කටයුතු කර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙලෙස පැහැරගෙන ඇත්තේ දේපළ අත්පත් කර ගැනීමේ අරමුණින් ද යන්න පිළිබඳව තවදුරටත්  විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

තම ඥාතියාට ඇප උපස්ථාන කළ කාන්තාව ඔහු විවාහ කරගෙන ඇති බව පවුලේ කිසිවකුත් නොදන්නා බවත් ඔහු මිය යාමෙන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදුකළ බවද සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කාන්තාවට ඇප නීයම කළේය. 



අදහස් (0)

රෝහලේ සිටි අයකු පැහැර ගත්තැයි කතකට ඇප

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක් නිපැයුම් වලට චීනයේ ඉඩ වැඩි වෙයි
2024 ජුලි මස 03 142 0

ශ්‍රි ලංකාවේ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝග චීන වෙළෙඳපොළට අපනයනය කිරීම සඳහා දැනට පවතින අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන රජය සූදානම් බව චීන මහජන සමූහ


කැකිරාවේ මැදි විදුහලක ඩෙස් පුටු ජාවාරමක්
2024 ජුලි මස 03 281 0

කැකිරාව අධ්‍යාපන කලාපයට අයත්වන කැකිරාව තිබ්බටුවැව ප්‍රසිද්ධ ජාතික පාසලක කලක් තිස්සේ සූක්ෂම ලෙස ක්‍රියාත්මකව තිබූ ඩෙස් පුටු විකිණීමේ ජාවාරමක් අතටම


වරෙන්තුකරුවෙක් රෝහලෙන් පැන ගිහින්
2024 ජුලි මස 03 107 0

අනුරාධපුර හිදෝගම දි අත්අඩංගුවට ගත් වරෙන්තුකරුවකු අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි අත් විලංගුව ගල


හැටන් විදුහල්පතිවරයකුට මවුපියන්ගේ විරෝධය
2024 ජුලි මස 03 275 0

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසලක විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිද ස්ථාන මාරු කරදෙන ලෙස ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් පිරිස


“රාජකීය ඉතිහාසය’’ ජනපතිට
2024 ජුලි මස 03 202 0

“රීඩ් මාවතේ සියවස් සැමරුම” කොළඹ රාජකීය විද්‍යාලයීය සඟරාව (The Royal College Magazine “Celebrating 100 Years at Reid Avenue) පළමු පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධ


රාජ්‍ය දේපළ විකිණීම පොහොට්ටු ප්‍රතිපත්තිය නොවේ
2024 ජුලි මස 03 220 0

රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත හෝ විකිණීම සිදු කරන්නේ නම් ඒ සදහා ඉදිරිපත් වන සමාගම් හෝ පුද්ගලයින් පිලිබදවත් ඔවුන්ට එම රාජ්‍ය ආයතන ලබාදීම සදහා සලකා බලනු ල


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 554 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1583 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3426 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site