IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


රෝ ඔත්තු සේවයට සම්බන්ධ ලංකාවේ ඇමතිවරු සිව්දෙනෙක් ඉන්නවා

අනීෂා මානගේ


ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාරිනියට ලබා දී ඇත්තේ ලංකාවේ ඇමතිවරු සිව් දෙනෙකු බවද ඔවුන් ඉන්දියාවේ රෝ ඔත්තු සේවයත් සමග සම්බන්ධකම් ඇතැයිද එම ඇමතිවරුන් පිළිබද තොරතුරු ඉදිරි කාලයේදී හෙලිකරන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.


අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද(20) බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.


‘’පසුගිය දිනවලදී පුවත්පත් වල පල වුනා ජනාධිපතිතුමා ඉන්දියාවට හා චීනයට විරුද්ධව ප්‍රකාශයක් කළා කියලා. මේව සම්පූර්ණයෙන් අසත්‍යයි. ඉන්දියාවේ වාර්තාකාරිනිය කියනවා ඇමතිවරු හතරදෙනෙක් තමයි මේ තොරතුරු දුන්නේ කියලා. අපි දැන් හොයන්න ඕන ඒ ඇමතිවරු කව්ද කියලා. අපිට සැක දෙන්නෙක් දැන් ඉන්නවා. මම ඉස්සරහට ඒ සැකය තහවුරුකරගත්තම කියන්නම්. එහෙම අයගේ තටු ගැලවීමේ වගකීම මේ රටේ ජනාධිපතිතුමාටයි, අග්‍රාමාත්‍යතුමාටයි තියෙනවා. මොකද කැබිනට් මණ්ඩලයේ කථා නොකළ දෙයක් ගැන කථාකිරීම බරපතල වැරැද්දක්... ඒ වගේමයි කැබිනට් මණ්ඩලයේ දේවල් පත්තරකාරයින් එක්ක ගණුදෙනු කරනවා නම් ඒකත් බොහොම වැරැද්දක්. අපිට වාර්තා වෙන ආකාරයට මේ තොරතුරු දෙන ඇමතිවරු රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධ වෙලා. ඒ වාර්තාකාරයෝ හරහා රෝ ඔත්තු සේවයත් එක්ක සම්බන්ධකම් තියෙන වාර්තාවත් අපිට ලැබෙමින් පවතිනවා.


කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම අපි හැමෝටම තියෙනවා. පත්තරේට බොරු කියලා රාජ්‍ය නායකයා රටත් එක්ක, රට ජාත්‍යන්තරයත් එක්ක තරහ කරන්නේ. එහෙම ක්‍රමන්ත්‍රණකාරයෝ ඉන්නවා නම් එහෙම අය එලවීමේ වගකීම අපේ නායකයින්ට තිබෙනවා... ‘’ යැයිද පැවසුවේය.



අදහස් (34)

රෝ ඔත්තු සේවයට සම්බන්ධ ලංකාවේ ඇමතිවරු සිව්දෙනෙක් ඉන්නවා

daham Saturday, 20 October 2018 09:56 AM

දැන්වත් ඇස් ඇරලා බලන්න කවුද කියලා? ඉන්දියාවෙන් ඉල්ලුවේ තමන්ට ජනපතිකම දෙන්න කියලා. ඔබලා සහ සිරිසේන ජනාධිපතිතුමා ඉත්තන් පමණයි. ඔබේ හතුරෝ එ්කාබද්ධයේ නෙවෙයි ඉන්නේ.

:       1359       1407

benatSaturday, 20 October 2018 01:11 PM

ජනපති මේ කුමන්ත්‍රණය ගැන කැබිනට් මණ්ඩලයේදී සියල්ලන්ම ඉස්සරහ කිවුවා නම් මේ කතාව රහසක් නෙමෙයි. ඇමතිවරු ඉන්නේ රටේ මොනවද වෙන්නේ... වෙන්න යන්නේ කියන එක ජනතාවට කියන්නයි.. එහෙම එකේ රටේම ජනතාව එකතුවෙලා පත්කරගත්ත වටිනා ජනපතිතුමාව ඝාතනයට සැලැස්මක් තියෙනවා නම් මරන්න කලින් ජනතාවට දන්වන එක ඇමතිවරුන්ගේ යුතුකම... ඇමතිවරු ඕක ලංකාවේ පත්තරේකට කිව්වා නම් ඔය පුවත පලවෙන්නේ නැහැ. ඒ බව දන්නා ඇමතිවරු මේක ඉන්දියන් පුවත්පතකට කිව්වා වෙන්න පුළුවන්.... අනික මාසයක් වැඩකරලා පඩිය ලැබෙන්නේ රුපියල් ලක්ෂයටත් අඩු මුදලක් හින්දා මේ පුවත වික්කම ලොකු ගානක් විනාඩියෙන් ලැබෙන හින්දා එහෙම කළා වෙන්නත් පුළුවන්... කොහොම වෙතත් ජනතාවගේ ඡන්දෙන් පත්කරපු ජනාධිපතිතුමාව මරන්න සැලැස්මක් තියෙනවා කියලා ලංකාවට බැරිනම් ඉන්දියාවට හරි කියපු එක වටිනවා.

:       41       215

Thushara Saturday, 20 October 2018 10:03 AM

මෙයත් අරයා වගේ ඉල්ලන් කන්න ‍යන්නේ... මිනිස්සු චූං කරන්න පම්පෝරි ගහලා. බැරිවෙලාවත් ඉන්දියාවෙන් ප්‍රතිචාරයක් දැක්වුවොත් මාධ්‍යයන් තමයි කථාව විකෘති කලේ කියලා බොරුවක් කියලා මගහරිනවා.

:       67       425

irond Saturday, 20 October 2018 10:19 AM

ගරු ඇමතිතුමනි, ඒ අය කරුණාකර ඡන්ද දායකයාට හෙළිදරව් කරන්න.

:       42       176

sirimal Saturday, 20 October 2018 10:26 AM

මේවගේ කතාවලින් වෙන්නේ අර අඬන්න ඉන්න මනුස්සයාගේ ඇස් දෙකටම ඇඟිලි දහයෙන්ම දමල ඇන්න වගේ වැඩක්. අපට ආරංචි වෙන අන්දමට නම් එක්සත් ජාතික පක්ෂය සැලසුම් සහගතව කටයුතු කරන්නේ දෙසැම්බර් මැද වෙනකොට ඒ ගොල්ලන්ගේ තනි ආණ්ඩුවක් පිහිටුවන්නලු...

:       0       150

RNGSaturday, 20 October 2018 03:29 PM

අපිත් මේ බලන් ඉන්නෙ ඡන්දෙ දෙන්න ..

:       1       134

ගල්කටස් Saturday, 20 October 2018 10:29 AM

කොමඩි ලන්තයේ තවත් ජවනිකාවක් එළියට... අනේ මන්දා මේ රිලව් හිතන් ඉන්නේ ලංකාවේ මිනිසුන් මොඩයන් කියලද..? රට පාලනය කරගන්න කොන්දක් නැති වුණාට අපි මක් කරන්නද? රෝ නෙමෙයි, මොන යකා හිටියත් රට ජාත්‍යන්තරය ඉදිරියේ බාල්දු කරන්න එපා... හිවලුනේ.. උඔලා මෙ කෙලෙසන්නේ මාගේ මව්බිමයි... විහිළු කථා නවතා ඡන්දයකට යමල්ලා ...

:       0       447

Amila Saturday, 20 October 2018 10:33 AM

මෙච්චර කල් මෙයලා විහිලු සැපයුවේ දේශීයව රටේ මහජනයාට... දැන් ඉන්දියාවත් ගාවගෙන ඉන්දියාවටත් විහිළු කරනවා. දෙකේ පන්තියේ ළමයෙක්, දහයේ පන්තියේ ළමයෙකුට විහිලු කළා වගේ තමයි. කන්න වෙන්නේ මදි නොකියන්න ඇමතිතුමෝ... අපිට වඩා ශක්තිමත් රටවල් එක්ක ගැටලු ඇති නොකරගෙන වැඩකරන්න පුරුදු වෙන්න ඕනේ...

:       0       260

DahamSaturday, 20 October 2018 01:05 PM

අමිලා එහෙම තමයි මේ ආණ්ඩුව කවදත් ඉන්නේ. මුන් හිටියානම් අදත් යුද්දෙ තමයි. ඇයි, බලවත් රටවල් එපා කියනකොට අකුලගන්නවනේ...

:       1       125

හිච්චිමහත්තෙයා Saturday, 20 October 2018 10:44 AM

ඒ පාර මෙයාත් උම්බෑ කියන්න පටන් ගත්තද?

:       1       191

රවින් Saturday, 20 October 2018 10:47 AM

නම් ගම් ඇතුළු සියලු විස්තර පල කිරීමෙන් රටේත්, සියලු ජනතාවගේත් අසල්වැසි රටවලත් ආරක්ෂාව තහවුරු කර ගත හැක. දෙපත් නයින් එළවීම අපේ රටේ හා අසල්වැසි රටවල වෙසෙන සියලු ජනකොටස් වල සුභ සිද්ධිය සඳහාම වේ.

:       0       48

Hafeel Saturday, 20 October 2018 10:54 AM

මේ අවුරුදු හතරම අපි දැක්කේ අභ්‍යන්තර ගැටළු තමා.

:       0       94

KK PERERA Saturday, 20 October 2018 11:04 AM

ජනාධිපති විනාශ කළොත් පහසුවෙන්ම අගමැතිට ජනාධිපතිවීමට කෙටි ක්‍රමය ක්‍රියාත්මක වන බව පේනවා. ඊට කලින් ජනාධිපති ක්‍රියාත්මක විය යුතුයි.

:       1023       364

සතයපාල Saturday, 20 October 2018 11:17 AM

මේ ඇමතියා හිතාගෙන ඉන්නේ හින්දු පුවත්පත කියන්නේ රෝ සංවිධානය කියලා වෙන්න ඇති කියලයි. ඒකයි මේ වගේ මෝඩ කතා කියන්නේ. හැබෑයි කීයක් හරි ලැබෙනවා නම් මුලු ඇමැති මණ්ඩලයම හරි රෝ සංවිධානයට ඔත්තු බලයි.

:       0       325

Lahiru Saturday, 20 October 2018 11:48 AM

ඔයත් එක්කෙනෙක් නේද?

:       0       232

piyal Saturday, 20 October 2018 12:07 PM

මණ්ඩලේ කචල්. මෙහෙම කොහොමද රටක් කරන්නේ..? කරුණාකරලා විසුරුවන්න. ඔබලා අමාරුවේ දාන්නේ මේ රටේ ජනතාවයි.

:       0       102

Chandana F Saturday, 20 October 2018 12:36 PM

කරුණාකර උගත්, නැණවත් අය රටේ නායකත්වයට, පාර්ලිමේන්තුවට පත්කරන්න...

:       0       320

sarath Saturday, 20 October 2018 12:39 PM

අපේ ඇමැතිවරුන්ට හෝ දේශපාලකයින්ට තමන් අද කියන දේ වගකීමක් ගන්න හෙට බැරිවෙනවා සහ ඔවුන්ට ඒ ගැන ලැජ්ජාවක් හෝ බියක් නොමැත...

:       1       290

kamil Saturday, 20 October 2018 12:44 PM

දෙකක් නෑ.. ගලවන්ගිය කල්ලියේ තමයි .

:       0       0

laksman Saturday, 20 October 2018 12:47 PM

කවුරු නමුත් ඔවුනුත් විජයකලාගේ වැඩට නොදෙවෙනි වැඩක් නේද කරලා තියෙන්නේ? ඔවුන්ටත් දඬුවම් දිය යුතුයි.

:       0       88

chathuri Saturday, 20 October 2018 12:51 PM

අපේ රටේ. දේශපාලකයින්ට තියෙන්නේ විදේශ උණක්... මැතිවරණය තියලා පැරදුණු ගමන් කියනවා. දැන් ඉන්දියාව අල්ලගෙන... එක බොරුවක් වහන්න බොරු 100ක් කියනවා. කොහොම හරි ජනතා මුදලින් කට්ටිය ඉන්දියාවට යයි. සාකච්ඡාවලට එළියට එන්නේ කෝවිලෙන්... නාමල් බේබිගේ ගෝලයෙක් ජනාධිපති ලඟටම අාවා කිව්වා. පිස්තෝලයකුත් අරන් එකට... මොකද වුනේ...? මේකටත් වෙන්නේ ඔය ටිකම තමයි සද්දේ විතරයි... වැඩ නැහැ... රටේ වෙන දේවල්වලට ගන්න තීරණ.... අප්පිරියයි

:       136       89

OMG Saturday, 20 October 2018 12:51 PM

ඉල්ලන් කෑම එක, ජනාධිපති... ඉල්ලන් කෑම දෙක, ඇමැති අමරවීර. කට්ටියම දැන් පඹ ගාලක පැටලිලයි ඉන්නේ...

:       9       96

Saththaya Saturday, 20 October 2018 01:18 PM

හොඳයි මොකුත්ම කිව්වේ නැද්ද ඡන්ද ගුණ්ඩුවකට, මම අහන්නේ දන්නේ නැති නිසයි. ජාත්‍යන්තරය දන්නවා ඡන්ද ගන්න ඕනෑම කතාවක් කියනවා. ඡන්ද දායකයාගේ අනුකම්පාව ගන්න කියල මේ ලංකාවේ.... ඒක තමයි දේශපාලනයට තියෙන එකම සුදුසුකම... දැන් මාධ්‍ය මෙහෙයවන්නේ ලේකම්ලා නේද? ලේකම්ලාව විශ්වාස කරන්න පුලුවන්ද මන්දා...

:       16       474

Sisili Bisili Saturday, 20 October 2018 02:47 PM

එක්කෙනෙක් ඒ දවස් වල කිවුවා විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියලා. මෙයා කෑ ගහනවා ඉන්දියාවෙන් මරන්න යනවා කියලා. (ඒත් පිටරට ටුවර් නං අවුලක් නැතුව යනවා) මිනිස්සු තමයි ඉතිං බදු බරටම යටවෙලා මැරෙන්නේ.

:       0       17

hewawitharana Saturday, 20 October 2018 06:00 PM

ලංකාව ඉන්දියාවට වඩා දියුණු වෙනවා දකින්න ඉන්දියාව කොහොමටවත් කැමති නැති බව අපේ ටිකිරි මොළ වලට තේරෙන්නේ කවදද?

:       5       11

john smith Saturday, 20 October 2018 09:39 PM

උසස්පෙළ ඉගනගන්නා සිසුවකුගේ තරමට වත් දැනුමක් නැති අයෙක්ගෙන් මිට වඩා යමක් බලාපොරාත්තුවිය නොහැකි බව; 62 ලක්ෂයක් ජනතාව නොදැනසිටියාද?

:       0       1

Saththaya Sunday, 21 October 2018 03:25 AM

4 දෙනෙක් නෙමේ 225 ක් ඉන්නවා . සල්ලියි බලය ලැබෙනවානම් රට වැඩක් නැහැ . එහෙම කට්ටියක් තමා ලංකාවේ දේශපාලනය කරන්නේ . හොදම දුෂිතය තමයි වැඩි මනාපෙන් ඉහළටම යන්නේ, අ යන්න ආ යන්න බැරි වුනාට . ඉන්න හොද සුළු පිරිසට ඔලුව උස්සන්න ක්‍රමයක් නැහැ මේ කට්ටිය සමග . අපි අලුතෙන් ඉගෙන ගත්තේ හරකයි මීහරකයි අතර වෙනසක් තියෙන බව .

:       0       630

de silva Sunday, 21 October 2018 03:31 AM

ඔය ඔක්කොම පක්ෂ විපක්ෂ දේශපාලකයෝ එකතුවෙලා අපේ බදු මුදල් නිකරුනේ විනාශ කරමින් සුර සැප විදිමින් මුකුත් නොකර එක එක විකාර කතා කියමින් එක එක බහුභූත නාටක සතියෙන් සතිය මවාපාමින් ඉන්නවා , රටේ ආර්ථිකය දිනෙන් දින පහතට වැටෙනවා , රට විනාශ කරගන්න ගමන් විදේශයන් එක්කත් අනවශ්‍ය ප්‍රශ්න දමගන්නවා , නමුත් අවාසනාවකට අපේ රටේ චන්ධ ධ්යකයෝ හැමදාම චන්දෙ දෙන්නේ මේ බොරුකාර හොරුන්ට , ඉඳල හිටලා එකෙකුට දෙන්නෙකුට මනාපේ නොගහ එලවල දැම්මත් , උන්ව ලොක්ක අපහු ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගන්නවා , කියන්න කෙසේ කිවත් අසන්න සිහිබුධියෙන් ඇසිය යුතුය , ඇත්තවශයෙන්ම මෙහෙම මරණ තර්ජනයක් තිබෙනවා නම් මේගොල්ල මේ විදිහට මාසෙකට 2-3 පාරක් පිටරට සවාරි ගහවිද?

:       0       345

කෝලිත Sunday, 21 October 2018 04:32 AM

හතරදෙනෙක් නෙමෙි..මුළු ආණ්ඩුවම කියල අපි නම් දන්නවා...

:       0       190

රවින්ද්‍ර Sunday, 21 October 2018 04:56 AM

පිනට ඇමැතිකම් අරගෙන පම්පෝරි කියන්නත් එනවා..

:       0       3

Dalit Sunday, 21 October 2018 06:25 AM

මේක ඉන්දියාව පත් කරපු ආණ්ඩුවක්.

:       0       1

Shan Sunday, 21 October 2018 08:25 AM

ලගඳි ඉන්දියාවට ගිහින් ආව නේද? එයා කොහේ ගියත් කුමන්ත්‍රණ තමයි.

:       0       17

Rashmi Sunday, 21 October 2018 12:04 PM

දත්දොස්තරතුමා නම් අනිවාර්යයෙන් ඇති... අනිත් 3 දෙනා කෝ?

:       0       30

ranjith Monday, 22 October 2018 07:16 PM

ඒ කියන්නේ ඉන්දියාව එක්කලත් අවබෝධතා ගිවිසුමක් තියෙනවද කට්ටිය හුවමාරු කරගන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 241 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 623 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 879 1

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1976 3

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2370 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් ප්‍රියසාද් මරුට
2025 අප්‍රේල් මස 23 3569 13

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 615 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 318 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site