IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


රෑ ”ඩිම්” නොකොළොත් දඩ

රාත‍්‍රි කාලයේ විදුලි පහන් ආපාත හෙවත් ”ඩිම්” නොකරන රියැදුරන් ඇල්ලීමට යයි. දඩය රුපියල් 3000 සිට 5000 දක්වා වන බව පොලිස් මූලස්ථානය කියයි.



අදහස් (0)

රෑ ”ඩිම්” නොකොළොත් දඩ

දේපගේ Thursday, 25 October 2012 09:25 AM

ට්‍රැපික් පීසීලා ගොඩ තමයි. (නි)

:       0       0

ලාල් මිල්ටන් (මාලදිවයින) Wednesday, 24 October 2012 07:06 AM

ඒකනම් බොහොම හොදයි. මෝටර්බයික්, ත්‍රීවිල් වගේ පොඩි වාහන අනතුරට පත්වීම් ගොඩක් වෙන්නේ ඔය හින්දා තමයි. බොහොම හොද වැඩක්. ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්. (නි)

:       0       0

ජනා Wednesday, 24 October 2012 07:16 AM

වැනේසියා, ඉතාලි නීතිය තව මෙයට එකතු කලයුතුයි. ඉදිරියෙන් වාහනයක් යනව නම් පිටුපසින් යන වාහනය ආලෝකය පහත දැමිය යුතුයි.මෙයද අනිවාර්යය කළ යුතුයි. (ස)

:       0       0

හිරන්ත Tuesday, 23 October 2012 06:53 PM

විදුලිපහල් බද්දක් ගැහුවොත් හොදයි..!(නු)

:       0       0

පද්මි Thursday, 25 October 2012 10:06 AM

තරින්ද හරි. පාරේ ලයිට් තියෙනවානම් ඈත පේනවනේ (ස)

:       0       0

ජයසුන්දර Tuesday, 23 October 2012 06:56 PM

යාන්තම් කාටහරි ඇස් ඇරිලා වගෙයි..!(නු)

:       0       0

ද සිල්වා Thursday, 25 October 2012 10:09 AM

ඕක නම් විදුලිබල ඇමතිතුමාගේ වැඩක් වෙන්න ඕනි (ස)

:       0       0

නන්දි Tuesday, 23 October 2012 06:49 PM

දඩ මුදල් වැඩි නැද්ද? කමක් නැහැ රජයටනේ..!(නු)

:       0       0

කීර්ති Thursday, 25 October 2012 10:11 AM

ජනතාවට බදු ගහලා දඩ ගහලා ඒවා ගසාකනවා. (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 23 October 2012 07:11 PM

හරි එතකොට වාහනය කොහේ හරි හැපුනොත් වන්දි ගෙවන්නෙ කවුද? (නු)

:       0       0

නෙවිල් Wednesday, 24 October 2012 08:02 AM

ඇත්තටම හොදයි. (නි)

:       0       0

නිමල් Tuesday, 23 October 2012 07:16 PM

තවත් පොලිසියට හොදට රාජකාරිය කරන්න පොටක් තමයි.. නියමයිනේ නීති දාන්න ඕන අපිට නෙමෙයි.. කිසිම නීතියක් නැතිව දුවන මැති ඇමතිගොල්ලන්ටයි එයාලාගේ ආරක්ෂක සේවා වලටයි.. ඒ අය දැක්කම නොදැක්කවගේ ඉන්නවා.. අපි දකිනවානේ යනකොට..(නු)

:       0       0

කීර්ති Wednesday, 24 October 2012 08:00 PM

මෙන්ම මුදල් සොයන්න නියම ක්‍රමයක්, අපේ අහවල් කට්ටියට (නි)

:       0       0

ජයන්ත Wednesday, 24 October 2012 08:18 AM

ත්‍රීවිල්, පෞද්ගලික බස් සහ දේශපාලුවන් තමයි වැඩිපුරම මාර්ග නීති කඩන්නේ. (නි)

:       0       0

විලියම් Wednesday, 24 October 2012 08:19 AM

ශ්‍රී ලංකා පොලිසියේ ඇස් මෙසේ ඇරුණූ එක ගැන ඉතාම සතුටුයි. (නි)

:       0       0

සිල්වා තබුක් Tuesday, 23 October 2012 07:30 PM

අයියෝ අපේ සුන්දර කාලය..!(නු)

:       0       0

මොහොමඩ් මුදීම් Tuesday, 23 October 2012 07:36 PM

මේකනම් හොද ආදර්ශයක්.. සමහර විට හෙඩ් ලයිට් ඕන කමට දන්නෙ නැහැ.. සමහර විට ඩිම් මදි නිසා හෙඩ් එක පාවිච්චි කරනවා..!(නු)

:       0       0

පෙරේරා Tuesday, 23 October 2012 07:34 PM

කියලා වඩක් නැහැ නියමයි. පරක්කුවෙලා හරි නීතිය දැම්මට ගොඩක් ස්තුතියි..!(නු)

:       0       0

ආනන්ද පිටබැද්දර Wednesday, 24 October 2012 08:24 AM

ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක් ඩිම් නොකරන රියදුරන් නිසා ඉදිරියෙන් එන වාහන වල අයට අවධානම ඉතා වැඩියි (ස)

:       0       0

ඉන්දිකා Tuesday, 23 October 2012 07:49 PM

ඒක නම් ගොඩක් හොදයි..!(නු)

:       0       0

වරුණ Wednesday, 24 October 2012 08:28 AM

පොලිසියේ කට්ටියට තමයි වාසි වෙන්නේ. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 23 October 2012 07:49 PM

ඒක හොදයි. නැත්න්ම අපේ ඇස් කඩාගන්නයි වෙන්නේ. (නි)

:       0       0

සමන් සම්පත් රාජපක්‍ෂ Wednesday, 24 October 2012 08:48 AM

පොලිසියට කල්ල මරේ (ස)

:       0       0

ගයාන් Tuesday, 23 October 2012 07:59 PM

ගොඩක් හොදයි දඩය ලොකු නිසා මාසයක් විතර යනකොට කට්ටිය හැදෙයි.. නැත්නම් වාහන උගස් වෙයි..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 24 October 2012 03:21 PM

තරින්ද වගේ කවදාකවත් වාහනයක් පදවපු අත්දැකීමක් නැති අය තමයි මේකට බැණලා තියෙන්නේ. මේ නීතිය කවදා ඒවිද කියාලා තමයි මම නම් බලාගෙන හිටියේ. අපේ රටේ නොහික්මුණ අවිනීත රියදුරන්ට මේක හරියට ක්‍රියාත්මක වුණොත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මම නම් කියන්නේ ලොකු අය අල්ලන්න පොලීසියට පන මදිනම් පොඩි අයගෙන්වත් පටන් ගන්න එකයි තියෙන්නේ. අපි යන පාරවල් වල නම් පැජරෝ කාරයෝ එක් කෙනෙක් හමුවෙද්දී මෝටර් බයික් කාරයෝ සහ අලුතෙන් එන ලයිට් දෙකේ ත්‍රීවීල් කාරයෝ සීයකට වඩා හමුවෙනවා. එයාලගෙන් තමයි වැඩියම කරදර. විශේෂයෙන් මේ ගැන ඉතාම නොසැළකිලිමත් වන්නේ අඩු අධ්‍යාපන මට්ටමක් ඇති රියදුරන්. ඒක මම නොබියව කියනවා. මෙහි මීට පක්ෂව හා විපක්ෂව පළකර ඇති අදහස් බැලීමෙන් ඔබට මේ බව පැහැදිලි වනු ඇති. (නි)

:       0       0

ගංගා Wednesday, 24 October 2012 03:13 PM

තරින්ද, ඩිම් කරනවා කියන්නේ ලයිට් නිවාගෙන යන එකට නොවේ. අඩුගානේ මෝටර් බයික් එකක් තියෙන යාලුවෙක් වත් නැද්ද ඔයාට මේ වගේ දෙයක් අහගන්න? නොදන්නා දේට කට දාන්න කලින්... (ස)

:       0       0

රාහුල් Tuesday, 23 October 2012 08:02 PM

මෙම දඩ මුදල පස්සේ අඩු කරන්න එපා. මෙච්චර කල් ආසන පටි නීතිය වගේ ඒවා හරියට ක්‍රියාත්මක උනේ වැඩි දඩ මුදල් නිසයි.. නමුත් ඒක පාර්ලිමේන්තුවෙන් අඩු කලා කියලා දැනගන්න ලැබුණා..!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 24 October 2012 09:06 AM

නියමයි. මට නම් හරි සතුටුයි. අනතුරු වළක්වන්න හොද ක්‍රමයක්. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 24 October 2012 09:07 AM

ප්‍රමාද වෙලා හරි ගත්තු තීරණය අගය කළ යුතුයි. (නි)

:       0       0

නිරන් Tuesday, 23 October 2012 08:23 PM

හොද අදහසක් නමුත් අපේ වෙලාව තමයි නරක මට පේන්නේ..!(නු)

:       0       0

ප්‍රියන්කා Wednesday, 24 October 2012 09:13 AM

ඩිම් කරගෙනම යන්න ඔනේද? නැතිනම් ඉදිරියෙන් වහනයක් එන විට විතරද ? (ස)

:       0       0

බණ්ඩාර Thursday, 25 October 2012 11:31 AM

මේකේ අදහස් දාපු සමහර මෝඩ මිනිස්සු වාහන වල ගිහින් වත් නෑ වගේ. පාරේ ලයිට් තිබුනම ඔය කියන විදියට වාහන වලට ලයිට් ඕනෑම නැහැනේ.. අනෙක දැවැන්ත විදුලි අර්බුදයක ඉන්න රටේ හැම පාරක් ගානෙම ලයිට් දෙන්න නම් විකල්ප බලශක්තියක් ගේන විදියකුත් ඔය ඉස්තරම් මොළ වලින් හොයලා කියන්නකෝ.. (ස)

:       0       0

මෙහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 23 October 2012 08:40 PM

රාළහාමිලට දවසකට එක්කෙනෙක් අල්ලගත්තත් ඇති (නු)

:       0       0

නලීන් Wednesday, 24 October 2012 09:44 AM

නිකන් ලොකු කට්ටිය දැක්කහම ඇඹරෙන්නෙ නැතුව හැමෝටම පොදු දඩුවම් දෙන්න. (නි)

:       0       0

චන්දික Tuesday, 23 October 2012 08:49 PM

මොලේ ඇති වැඩක් කළාමද කොහෙද (නු)

:       0       0

අමරා Wednesday, 24 October 2012 03:44 PM

මේක නම් නියමයි. අඩුගාණෙ රෑට පාරක ඇවිදගෙනවත් යන්න බැහැ. (නි)

:       0       0

ඩිල්ෂාන් ප්‍රියංග අදිකාරි Wednesday, 24 October 2012 09:57 AM

මේකනම් අනිවාර්යයෙන්ම අනුමත කරන්න ඕනෑ වැඩක්. මමත් පෞද්ගලිකව අත්දකින දෙයක් තමයි ඔය. රෑකට ගමනක් යන්න පාරට බැස්සොත් මේ වගේ අය දෙතුන් දෙනෙක් නම් මුණ ගැහෙනවාමයි. මේකට ගොඩක් හේතුවෙලා ඇත්තේ ඒ ගැන එතරම් තැකීමක් නොකිරීම වෙන්න ඕනෑ. මෙහිදී වැඩිදෙනෙකුගේ අවධානයට ලක් නොවන අනෙකුත් කාරණයක් වන්නේ, රාත්‍රී කාලයේ ධාවනයේදී, අප ගමන් කරන දිශාවටම ගමන් කරන වෙනත් රථයක් හමුවන විට, අනිවාර්යයෙන්ම අප රථයේ ප්‍රධාන ලාම්පු “ඩිම්“ කළයුතු බවයි. මක් නිසාද යත්, අප ගමන් කරන රථයේ ප්‍රධාන ලාම්පු දල්වා ඇති විට, එකී ඉදිරියෙන් ධාවනය වන රථයේ පිටුපස බලන කණ්නාඩි මත එකී ආලෝකය ප්‍රක්ශේපණය වීමක් සිදුවිය හැක. එවිට එම ආලෝකය එම රථයේ රියදුරු මහතාගේ මුහුණ මතට වැටීමෙන් හරියාකාරව මාර්ගය දර්ශනය නොවීම නිසා, කිසියම් අනතුරකට ලක්වීමක් සිදුවිය හැක. (නි)

:       0       0

චාන්දනී යහම්පත් Tuesday, 23 October 2012 08:55 PM

හොදයි සමහර රියදුරන් කිසිම ගානක් නැතිව යන්නේ.. ඉස්සරහට එන වාහන ගැන හිතන්නෙවත් නැතිව..!(නු)

:       0       0

ජගත් ලීනගේ Tuesday, 23 October 2012 09:00 PM

වාහනයකට ඉස්සර කරන්නවත් හෙඩ් ලයිට් ගහන්න බැරිද?(නු)

:       0       0

චින්තක Tuesday, 23 October 2012 09:02 PM

නියම වැඩක් ..(නු)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 10:35 AM

කාලෝචිත පියවරක්. (නි)

:       0       0

තුවාන් ෂෙරිෆ් Tuesday, 23 October 2012 09:39 PM

ඔහොමම යං අපේ රට යන්නෙත් ඩිම් එකටනේ...!(නු)

:       0       0

පද්මි Wednesday, 24 October 2012 10:42 AM

මෙය නීතියක් වශයෙන් නොව රියදුරුගේ සදාචාරමය වශයෙන් සිදුවිය යුතු දෙයක්. (නි)

:       0       0

ටිකිරි හෙන්නගේ මිලානෝ Tuesday, 23 October 2012 09:45 PM

පිටරටවල මීදුම තියෙන වෙලාවට විතරක් භාවිතාකරන අධිසැර ලයිට් අපේ අය තමන්ගේ වාහනේ තරම පෙනෙන්න දමාගෙන යනවා.. ඉදිරියෙන් යන කෙනා මොන විදියකට ගියත් ඒගොල්ලන්ට ප්‍රශ්ණයක් නැහැ.. ඒ වගේ අයට මේ නීතිය හුගක් වැදගත්.. ලංකාවට ජාත්‍යන්තර රටවල රථවාහන නීති ගෙන එන එකයි හොදම දේ..!(නු)

:       0       0

රංජ්ත් එච්.කේ. Tuesday, 23 October 2012 09:51 PM

නියමයි නියමයි......?????

:       0       0

ලහිරු Tuesday, 23 October 2012 09:55 PM

ඒක ඇත්තමට හොදයි මොකද හෙඩ් කරන එක අමාරුව දන්නෙ එක කරන කොනාට නෙමෙයි අනිත් පැත්තෙන් එන වාහනේටයි..!(නු)

:       0       0

පෙරේරා Wednesday, 24 October 2012 11:54 PM

තරින්ඳ හරි. ලයිට් ඩිම් කර රිය පදවනවිට පාර හරහා යන අය හා පාපැදි අනතුරු සිදුවේ.

:       0       0

ශිරාෂ් Tuesday, 23 October 2012 10:04 PM

මෙහෙමත් රටක ජීවත් වෙනවාට අපිට කීයක් හරි දෙන්න ඕන.. කවුරු කරපු පව්ද?(නු)

:       0       0

සදාම් Tuesday, 23 October 2012 10:24 PM

හෙඩ් ලයිට් සමහර වෙලාවට පාවිච්චි කරන්න ඕන ගම්බද ප්‍ර දෙශවලදී නගරවලදී මේක වෙනස් මේ ගැන දෙවරක් හිතල තීරණයක් ගත්තොත් හොදයි කියලා හිතෙනවා..!(නු)

:       0       0

ටෝනි Wednesday, 24 October 2012 11:12 AM

කට්ටියක් ගොඩ තමයි දැන් (ස)

:       0       0

බී.කේ .ජයසුන්දර Wednesday, 24 October 2012 11:18 AM

ඩිම් බදු ,ළිං බදු ,...නැවත තන බදු ,බලු බදු ඔහොම යං ඔහොම යං ..රට ආශ්ච්ර්යටම යන්න එපැයි. (ස)

:       0       0

තරින්ද Wednesday, 24 October 2012 11:13 AM

ඊට කලින් පාරවල් වලට ලයිට් දැම්මොත් නරකද? අපි කවුරුවත් කැමැත්තෙන් ඩිම් නොකර යන්නේ නෑ. ප්‍රධාන පාරවල් වල පවා ලයිට් නැති නිසා තමයි මිනිස්සු මෙහෙම යන්නේ. ඩිම් කරගෙන ගිහිල්ලා මිනිස්සු යට කරගෙන යනවට මෙතන කවුරුත් කැමතිද? ඉස්සර නම් හැම පාරකම රෑට ලයිට් දාලා තිබ්බා. දැන් ඉතින් සංවර්ධනේ වැඩි නිසා පාරේ ලයිටුත් නෑ. (ස)

:       0       0

ජීව Tuesday, 23 October 2012 11:13 PM

දඩම ගහන්න ඉස්සෙල්ල,රියදුරන් දැනුවත් කරල හිටියොත් හොඳයි නේද.මොකද සමහර අයට හෙඩ් ලයිට් වලින් තියෙන අපහසුථාවය ගැන වැටහීමක් නෑ .තවත් සමහර අය ලයිට් මොකුත් නැතුවත් යනව.(නු)

:       0       0

කෙනෙත් යූඑස්ඒ Tuesday, 23 October 2012 11:17 PM

වහනයක් පදවල තියෙන ඕනෑම කෙනෙක් දන්නවා රෑට ඉදිරියට එන වහනය හෙඩ් ලයිට් දීම නොකෙරුවොත් මුහුණපාන අපහසු තත්වය. වයස සමග මේ සර හෙඩ් ලයිට් වලට අස ඔරොත්තු දීම අඩුවෙනවා. එනිසා ප්‍රශ්නය තවත් අවදානම් වෙනවා. ලයිට් දැමීම නොකිරීම නිසා මුහුණ පාන අනතුරු එමටයි. හරියට මුහුණට දැඩි විදුලි පන්දමක් ඇල්ලුවා වගේ දෑස නිලංකාර වී රියැදුරා අසරණ වෙනවා , , මෙය අනතුරකට අතවැනීමක්. නීතිය හොදයි. සාමාන්‍යෙයන් මේක රියදුරු සදාචාරයක් සහ රීතියක්. නමුත් අදකාලේ ගොඩක් රියදුරන් අනෙකාගේ පහසුව, අයිතිය ගැන නොසලකා වැඩ කරන නිසා මේක නීතියක් වීමේ කණගාටුදායක තත්වයක් ඇතිවෙලා. ලංකාවේ වැස්ස වෙලාවට රිය පදවනකොටත් ඩීම කල ලාම්පු දැල්විය යුතුයි. මෙයත් නීතියක් කරන්න ඕන. මොකද වැස්ස වෙලාවට ඉදිරියට එන වාහනය ගැන දැකීමට ටිකක් අපහසු නිසාත් ඇතිවෙන අදුර නිසාත්, මෙය අනෙක් වාහන සහ පදිකයන්ට ආරක්ෂාවක්. මේ වගේ පොඩි නීති වලින් රැකෙන ජීවිත ගණන වැඩියි, සිදුවන අනතුරු අඩුවෙනවා. දියුණු රටවල් බොහොමයක වාහන වල 'Day time running light ' පාවිච්චි කරනවා මහා දවලෙත්. මේ නිසා ඕනෑම වාහනයක ඉතා ලා හෙඩ් ලිඝ්ට් දැල්වීමක් දකින්න පුළුවන් , හැමෝගෙම ආරක්ෂාවට එක හොදයි. (නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 23 October 2012 11:22 PM

අගේ කළ යූතු හොද වැඩක්. හැබැයි ඒ වගේම පාපැදි වළටත් ඉදරිපස සහ පසූපස විදුලි පහන් අනිවාර්ය්‍ය කරන්න.....!!(නු)

:       0       0

බණ්ඩි Tuesday, 23 October 2012 11:26 PM

නියම වැඩක් දඩය නම් මදි..!(නු)

:       0       0

චාමි Thursday, 25 October 2012 05:42 AM

පොලිසිය ගොඩ... (නි)

:       0       0

දිනේෂ් Saturday, 27 October 2012 01:26 AM

ඉතාම හොද කාලෝචිත ක්‍රියාවක්. ඩිම් නොකරන රියදුරන් නිසා ඉදිරියෙන් එන වාහන වල අයටයි අවදානම.... (නි)

:       0       0

ලංකා Wednesday, 24 October 2012 05:47 PM

පගා ගන්න තව හොඳ ක්‍රමයක්. (නි)

:       0       0

කපිල Wednesday, 24 October 2012 12:49 PM

තනේ තියෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවිද ලඟදීම (ස)

:       0       0

ප්‍රදීප් චමිල් වන්නිආරච්චිගේ Wednesday, 24 October 2012 12:51 AM

කොච්චර හොද අදහසක් ද මේ ඇවිල්ල තියෙන්නේ , මම ජීවත් වෙන්නේ යුරෝපේ රටක , නිවාඩුවට ඇවිල්ලා වාහන එලවන්න ගහිල්ලා, තව පොඩ්ඩෙන් හැප්පෙනවා.. ,ඔය හේතුව නිසා අනේ පින්වත් මහතුනේ , මේ නිතිය ඉක්ක්මනට ගෙන්න , ගොඩක් ජීවිත් බේරගන්න පුළුවන් මගේ අද්දකිමෙන්ම තමා කියන්නේ(නු)

:       0       0

ලලිත් සෞදි Wednesday, 24 October 2012 01:12 AM

ඩම් ලයිට් කියන්නේ ඉදිරියෙන් එන වාහනවල රියදුරන්ට ඇස් පේන්නෙ නැතිව අනතුරු වැඩි වෙනවට තියන බිමට වදින ලයිට් එකයි... ඩිම් කලා කියලා කොහොමද අනතුරු වෙන්නෙ.. ඩිම් නොකලොත් තමයි අනතුරු වෙන්නෙ..!(නු)

:       0       0

ජනක Wednesday, 24 October 2012 01:23 PM

ඒකනම් ගොඩාක් වටිනා දෙයක් (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 24 October 2012 01:42 PM

මෙහෙම දේකුත් තියෙනවා ..දැන් අළුතින් ගෙන්වන බ්‍රෑන්ඩ් නිව් වාහන වල සුදු පාට ලයිට් තියෙන්නේ...ඒවා ඩිම් කලත් ඩිම් කලේ නෑ වගේ..ඒවා නම් ඇහැට හරිම අමාරුයි. ඒවටත් විසදුමක් ගත්තොත් හොදයි. නැත්තම් පොඩි වාහන වල යන මිනිහට තමයි ඒකෙනුත් අසාධාරනේ වෙන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 24 October 2012 05:25 AM

හොඳ දෙයක්. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ වාහනේ යන පුද්ගලයා අනුව වීමයි. (අනෙක් නීති වගේම). කළ යුතු හොඳම දේ නම්, රටේ මිනිසුන්ට, නීතිය කියලා එකක් තියෙන බවත් එයට උඩින් යන්න රටේ ඉහළම තනතුරු දරන අයටවත් බැරි බවත් ඔප්පු කිරීමයි. එහෙම නැත්නම් මේවා බොරු වැඩ. (නි)

:       0       0

අමිල Wednesday, 24 October 2012 05:48 AM

නිමල්ගේ අදහස් හරි. ප්‍රභූන්ට කිසිම මාර්ග නීතියක් නැහැ. (නි)

:       0       0

දුමිත් Wednesday, 24 October 2012 06:26 AM

නීතිය හොඳයි. ඒත් ලොකු වාහන වල ඩිම් එකත් හෙඩ් වගේ තමයි වදින්නේ ඉස්සරහට එන වාහනේට.එතකොට මොකද කරන්නේ.පොලිසිය කියයි මේ මනුස්සයා හෙඩ් ගහගෙන ආව කියලා.නෑ කිව්වමත් දඞ ගහවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 678 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1350 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 296 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1245 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site