IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


රූ රැජිණක් වීම බොහෝ තරුණියන්ගේ සිහිනයක්

 


  අසංකි ඔබ ගැන කෙටි විස්තරයක් කළොත්?
මගේ වයස අවුරුදු 22යි. ලග්නය මිථුන, උස  - අඩි 5යි අඟල් 8යි. ඉගෙන ගත්තේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන්. අපේ පවුලේ ඔක්කෝම පස්දෙනයි. අම්මා තාත්තා සහ අයියලා දෙන්නා සමග මම පවුලේ බාලයා මමයි.


  පාසල් කාලයේ අරමුණක් තිබුණද?
ලොකු අරමුණක් තිබුණෙ නැහැ. ඒත් රංගනයට ලොකු ආසාවක් තිබුණා. පසුකාලයකදී සිරුරේ හැඩය ගැන හිතද්දී නිරූපණ අංශයට ගියොත් හොඳයි කියලා හිතුවා.  පාසල් ජීවිතයට සමුදුන්නට පස්සේ පුවත්පතක නිරූපණ ක්‍ෂේත‍්‍රයේ දැන්වීමක් දැකලා ඊට අයදුම් කළා. මොඩල් ඔෆ්දි ඉයර් නිව් ජෙනරේෂන් කියන ඒ තරගයෙන් පළමුවැනියා වුණා. ඒ අතරවාරයේදී වික‍්‍රමාරච්චි ආයතනයේ රැකියාවට එක්වුණා. රැකියාව කරන අතරවාරයේදී හත්වැනි ආසියානු නියෝජිත තරගයට ඉදිරිපත් වී (කොරියාවේ පැවැති) ශ්‍රී ලංකාවෙන් පළමුවැනියා වී ලෝකයෙන්ම හොඳම දහදෙනා අතරටත් පත්වුණා. පසුව තායිලන්තයේ පැවැති තවත් තරගයකදී පළවැනියා වුණා.සෙලින්කෝ වීඅයිපී තරගයේ දෙවැනියා වුණා. මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රැජින (සියත සහ ලක්ස්) දක්වා  ආවේ ඒ විදියටයි.

 


  ඇයි ඔබට ? රැජින තරග සඳහා යන්න හිතුණේ?
මම හිතන්නෙ එය බොහෝ තරුණියන්ගේ සිහිනයක් වෙන්න ඇති. මටත් ඒ සිහිනය තිබුණා. ඒත් එක් සුරූපිනියක් තරග ජයග‍්‍රහණය කරද්දී කවදාහරි ඒ කිරුළ දරන්න ඇත්නම් කියන සිතිවිල්ල මටත් තිබුණා. මේ වයස ඊට සුදුසුම වයස වෙන්න ඇති කියලා හිතපු නිසා ඊට අයදුම් කළා.

 


  රූ-රැජින තරගයකට යාමෙන් ලැබෙන වරප‍්‍රසාද මොනවද?
ක්‍ෂේත‍්‍රයේ සිටින බොහෝ ප‍්‍රවීණයින් හඳුනාගන්නට ලැබීමම ලොකු වාසනාවක්. ගැහැණු ළමයෙකුගෙ සිහිනයක් සැබෑවීමක්.
ඒ සිහිනය සැබෑවී ලෝක තරගාවලියකදී රට නියෝජනය කරන්නට ලැබීම ලොකු භාග්‍යයක්.

 


  මේ කිරුළ ඔබට හිමිවුණේ බාහිර හැඩරුව නිසාම විතරද?
නැහැ බාහිර ස්වරූපයට වඩා දැනුම - පෞරුෂය- හැසිරීම ඔය ආදි බොහෝ දේ ගැන විමර්ශනය කොට බලා අවසන තීන්දුවක් ලබාදෙනවා.

 


  ඔබ  ලස්සන රඳවා ගන්න  මොනවද කරන්නෙ?
මම මේ තරගවලට එන්නට පෙර, නිරූපණ අංශයේ කටයුතු කළේ. මගේ උස සහ සිරුරේ නම්‍යශීලි බව ඊට කදිම ආභරණයක් වුණා. සිරුරේ හැඩය තියාගන්න  ඕනෑ නිසා හිතෙන හිතෙන දේ කෑමට ගන්න බැහැ. බොහෝ විට කෘති‍්‍රම දේ යොදාගෙන පිළියෙළ කරන ආහාර පානවලට වඩා ස්වභාවික දේට හුරු වුණා. ජලය වැඩි ප‍්‍රමාණයක් පානය කරනවා.

 


  රූ-රැජිනක් යනු වෙළඳ සමාගමක් වෙනුවෙන් විකිණෙන වෙළඳ භාණ්ඩයක්ද? සමහරු ඒ විදියට වර්ග කරනවා නේද?
මම නම් එහෙම දකින්නෙ නැහැ. මොකද එ  වගේ අවස්ථා හැමෝටම ලැබෙන්නෙ නැහැ. එහෙම ලැබෙන්නේ විවිධ අංශවලින්. ලබන ජයග‍්‍රහණ සහ ජනපි‍්‍රයත්වය මතයි. එය කලාතුරකින් ලැබෙන වාසනාවක්. ලෝක රූ රැජින තරග සඳහා ඉදිරිපත් වීම රටට හොඳ පිළිගැනීමක් ගෙනදීමක්. ඒ නිසා මේ දිහා එක් කෝණයකින් බලන එක වැරදියි.

 


  රඟපෑමට ආසයි කිව්ව ඔබට දැන් ඒ ආසාව නැද්ද?
තවමත් රඟපෑමට ආසයි. ඒත් නිරූපණ ක්‍ෂේත‍්‍රයට ආපසු ඒ ගැන හිතුවෙ නැහැ. රූ-රැජින තරගය දිනුවාම බොහෝ නිර්මාණවලට කතා කළා. ඒත් මම තවම දන්නේ නෑ මට රඟපාන්න පුළුවන්ද කියලා.
හැබැයි රඟපෑවොත් බොහෝ දුරට බාරගන්නේ සිනමාවේ චරිත විතරයි.

 


  අසංකි ඔබ කොහොම කෙනෙක්ද ?
මගේ  යාළුවො නම් කියන්නේ මම අඩුවෙන් කතා කරන කෙනෙක් කියලයි. ආඩම්බරයි. කියලත් කියනවා. ඒත් මම එහෙම නැහැ. සතුන්ට හරි ආදරෙයි. පොඞ්ඩක් හරි නරකට තියෙන්නේ චුට්ටක් විතර කේන්ති යන එකයි.

 

 


  හොඳ නම රැකගන්න නම්? මොන වගේ දෙයක් කරන්න  ඕනෑද?
තරුණියක ලෙස සීමාව තියාගෙන තමුන්ගෙ  චරිතය රැකෙන විදියට කටයුතු කළ යුතුයි. මම උපරිමයෙන් ඒ දේවල් රකින බව කියන්න පුළුවනි.

 


  පෙම්වතා මේ කරන දේවල්වලට කැමතිද?
පෙම්වතෙක් හිටියා හැබැයි දැන් නම් නැහැ.

 


  ආදරයට තහංචි දාලාද?
නැහැ ආදරය ජීවිතයට  ඕනෑමයි. එය හදවතින්ම කළයුතු වටිනා දෙයක්. මේ ගමනේදී මට උදව් කරන දෙමාපියන්, අයියලා, දෙන්නා, බ‍්‍රයන් කර්තෝවන්, තමීල් සහ වික‍්‍රමාරච්චි මහතාත්, සංගීතා වීරරත්න සහ සේනකද  සිල්වාත් ආදරයෙන් මතක් කරන්න කැමැතියි.


හැඩගැන්වීම් - රම්සි රහ්මන්.

 

 

 



අදහස් (0)

රූ රැජිණක් වීම බොහෝ තරුණියන්ගේ සිහිනයක්

මීසා Thursday, 01 August 2013 04:09 PM

ගොඩක් සතුටුවෙනවා. උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

සජිත් Sunday, 04 August 2013 07:04 PM

සුභ පතනවා මම (දී)

:       0       0

මාටිං Saturday, 03 August 2013 10:02 AM

පරණ දේවල් ගැන හිතන්න එපා නංගි (නි)

:       0       0

හසිතා Tuesday, 13 August 2013 12:50 PM

සුභපැතුම් (දී)

:       0       0

උෂාන් Monday, 05 August 2013 03:44 PM

නියමයි නගා. සුභ පතනවා ඔයාට (නි)

:       0       0

ලාරා Friday, 02 August 2013 12:10 AM

මේවා දුටුවිට අපේ ගෑනුන්ව එළවන්න හිතෙනවා (නි)

:       0       0

සද රේඛා Saturday, 03 August 2013 11:22 AM

අක්කි, ඔයා ආයේ ගානකොට කොන්ඩේ සුදු පාට ගාන්න, "ලාරා" සීයාගේ ගේ වයසට ගැලපෙන විදියට. (අ)

:       0       0

ලාරා කෑගල්ල Wednesday, 31 July 2013 08:43 PM

කොන්ඩේ තැන් තැන්වල තඹ පාට වෙලා තියෙන්නේ? (අ)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 01 August 2013 01:23 PM

සමහර රූ රජිනියෝ දැක්කම අනේ කියල හිතෙනවා. ඔයා නම් ඇත්තටම ලස්සනයි ! උණුසුම් සුබපැතුම් !(දී)

:       0       0

සඳුනි Wednesday, 31 July 2013 09:56 PM

ඉතින් ලාරා ...ඔයාට මොකද??ඒක ඒ ළමයාගේ ස්ටයිල් එක.ඔයාට සුබ අනාගතයක් නංගී...!(අ)

:       0       0

රොෂාන් සංජීව Tuesday, 06 August 2013 01:42 AM

ඊයේ පිපුණු මල පසුවට පරවී යාවි... එහෙත් දිවි තිබෙන තුරු ලක්මව ලස්සන කරන සුන්දර මලක්ම වේවා... ඔබව තව ලස්සන වේවා! අපෙන් සුභ පැතුම්... (නි)

:       0       0

ගයාන් Friday, 02 August 2013 11:58 AM

සුභපැතුම් මගෙන් (දී)

:       0       0

ප්‍රසාද් Wednesday, 07 August 2013 10:52 AM

මම ඔයාට කැමතියි (නි)

:       0       0

සංජීව Wednesday, 07 August 2013 11:13 AM

කාලයකට පසුව දැකපු ඇත්තටම රූමත් මිස් ශ්‍රී ලංකා කෙනෙක්. සුබ පතනවා ලෝක රූ රාජිනි තරගයෙන් දිනන්න ලැබේවා කියලා. (නි)

:       0       0

නිල්මිණි Thursday, 01 August 2013 03:21 PM

හරි ලස්සනයි ඔයා.හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි ලෝක තරගයේදි (නි)

:       0       0

දසුන් Friday, 13 September 2013 12:34 PM

කාලෙකට පස්සේ දැකපු ලස්සන කෙල්ලෙක් (නි)

:       0       0

ඉන්දු මෙල්බන් Monday, 05 August 2013 06:41 PM

ලාරා, ඔයා බොරු නමකින් අදහස් දාන එක හොඳයි. නැත්නම් මේක දැකල ඔයාට තමයි යන්න තැනක් හොයාගන්න වෙන්නේ.

:       0       0

සජිත් Monday, 05 August 2013 02:44 PM

ඔව් සඳුනි, ඒක ඇත්ත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 208 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 805 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 871 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 456 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 885 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1715 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36962 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24370 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 584 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site