IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


රූ රැජිනක් කියන්නෙ රටක තානාපතිනියක්

අරුණි මධුෂා රාජපක්‍ෂ නමැති මේ සුරූපිනිය ගැන මුලින්ම කලා ක්ෂේත‍්‍රයේ අය කතා බහ කිරීමට පටන් ගත්තේ 2004-2005 සමයේදීයි. 2004 දී උඩරට මැණිකේ ලෙස කිරුළ දිනා ඉන් අනතුරුව නිරූපණ ක්ෂේත‍්‍රයට ආ අරුණි 2005 දී කැප්රි ක්වීන් ලෙස තේරුණා. ඊට පසු මෝස්තර නිරූපණය වෘත්තිය මට්ටමින් කරගෙන ආ ඇය 2007 දී ශ්‍රී ලංකා රැජින වී ඊට සමගාමීව සංචාරක රූ රැජින තරගයට ගොස් එහි අංශ දෙකකින් ජයග‍්‍රහණය කළා. ඊටත් පසුව 2008 දී අන්තර්ජාතික රූ රැජින තරගයට ගිය අරුණි එහිදී ලෝකයේ අවසන් 18 දෙනා අතරට තේරුණා. මේ විදියට රූ රැජින ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් කටයුතු කරන ඇය අද රූපවාහිනී නිවේදිකාවක මෙන්ම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක ලෙස ද කටයුතු කරනවා. මේ සියල්ල අතරේ නැවතත්, ඇය ගැන ලෝකය මේ දිනවල කතා කරන්නේ ලෝකයේ හොඳම මනාලිය ලෙස තෝරා ගන්නා මනාලියන් තේරීමේ අපූරු තරගයේදී හොඳම දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තිය වන නිසයි. ‘‘බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ්’’ නමින් මෙම තරගාවලිය පසුගියදා පැවැත් වුණේ ‘මකාවෝ’ කියන දුපතේ දීයි. අපි ඒ ගැන විස්තර අරුණිගෙන්ම අසා දැන ගනිමු.

 

ලෝකයේ ලස්සනම මනාලියක් වූ

අරුණි රාජපක්ෂ

”බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ්’’ කියන මේ තරගාවලිය පැවැත් වුණේ මකාවෝ කියන දුපතේයි. රටවල් 38 ක තරගකාරියන් මේ සඳහා සුදුසුකම් ලැබ සිටියා. ඒ සියලූ දෙනාම ඒ රටවල පැවැති රූ රැජිණ තරගවලදී ජයග‍්‍රහණ ලබපු අයයි. මෙහිදී පළමු ස්ථානය හෙවත් ලෝක මනාලිය ලෙස කිරුළ හිමි කරගත්තේ ඩෙන්මාර්ක් සුරූපිනියයි. ඊළඟට පළමු සහ දෙවන ස්ථාන අතරින් පළමු තැන ලැබුණේ හොංකොං ජාතික සුරූපිනියටයි. දෙවැනියා වුණේ මම. (2nd Runner up)  මකාවෝ දුපතේදී අවසන් 38 දෙනාට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ් ෆිෂර්ටා හෙවත් චිංගි පැරඞ් එක පැවැත් වුණේ සිංගප්පූරුවේදීයි. ඒ අවස්ථාවටත් මේ සුරූපිනියන් සියලූ දෙනාම සහභාගි වුණා. මට මේ අවස්ථාව ලැබුණේ මෙරට දී රූරැජින තරග ජයග‍්‍රහණය කර තිබීම නිසයි.  ඕනෑම රටක මෙම රූ රැජින තරග සඳහා ජාතික සංවිධායකවරයෙක් පත්කර තිබෙනවා. ඒ කාලයේ ඉඳලාම රූ රැජිණ තරග අයිතිය ශ්‍රී ලංකාවේ හිමිව තිබෙන්නේ රාෂිටා වික‍්‍රමසිංහ මහත්මියටයි. එතුමිය තමයි මේ තරගයට මාවත් යොමු කළේ. මෙහිදී මනාලිය ලෙස මා හැඩ ගැන්වූ නිල ඇඳුම නිර්මාණය කළේ මයිකල් විජේසූරිය මහතායි. මේ ලෝක මනාලිය තේරීමේ තරගයේ වැදගත්කම සහ ඇති වෙනස්කම් ගැන සඳහන් කළොත්? 1980 ගණන්වලදී තමයි මෙම මනාලිය තේරීමේ තරගය ආරම්භ වෙලා තියෙන්නෙ. ගිය වසරේදීත් මෙය පවත්වලා තියෙනවා. ඒත් ලංකාවෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. 2010 දී නොෂින් කියන තරුණිය ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියෙනවා. මෙය නිකම්ම මනාලිය ලෙස හැඩ ගන්වා තෝරණ තරගයක් නෙවෙයි. තමාගේ රටේ දී කාන්තාවක ලෙස මාතෘත්වයට සහ කාන්තාවකට ලැබෙන තැන ගැන වගේම එය අරුත් ගැන්විය හැකි දේ ගැන මාතෘකා කොට කතා කරන්න තිබුණා. ඇයගේ දැනුම සියල්ල මැන බලන අතර ප‍්‍රශ්න මාලාවකට උත්තර සපයන්නත් වෙනවා. මේ තරගය එක්තරා විදියකට රටක කාන්තාවකගේ පැතිකඩ ඉදිරිපත් කිරීමක් ලෙස දක්වන්න පුළුවනි   ලංකාවට මේ නිසා මොන වගේ දෙයක්ද ලැබෙන්නෙ? ලංකාව ක‍්‍රිකට්වලින් මොනතරම් නම් ප‍්‍රසිද්ධියක් ලබනවාද? මලල ක‍්‍රිඩාවලින් මොන තරම් ප‍්‍රසිද්ධියක් ලබනවාද? ඒ හා සමානව මෙවැනි තරගවලදී ශ්‍රී ලංකාව ගැන ලෝකය දැන ගන්නවා. ඒ හැරත් රූ රැජිනක කියන්නෙ රටක සබඳතා ලෝකයට ප‍්‍රකාශ කරන තානාපති කෙනෙක් හා සමානයි. මෙම රූ රැජින තරග අපේ රටේ එතරම් ප‍්‍රචලිත නොවූවාට වෙනත් රටවල අතිශයින්ම ජනපි‍්‍රය ඉසව් ලෙස සඳහන් කරන්න පුළුවනි. ඒ හැරත් මේ ලෝක මනාලිය හෙවත් Bride කියන වචනයෙන් ඔවුන් අර්ථ දක්වන දේ බොහෝමයි.   මෙම තරගාවලිය පැවැත් වූ මකාවෝ දුපත ගැනත් පැවැත් වූ විදිය ගැනත් ලෝකයේ බොහෝ දෙනා කතා බහ වෙනවා නේද? මකාවෝ කියන්නෙ හොංකොං අවට පිහිටි දුපතක්. පුදුම ලස්සන තැනක්. සංචාරකයින් සඳහාම වෙන් වූ පාරාදීසයක්. අතීතයේදී පෘතුගිසි ග‍්‍රහණයට නතුව තිබී දැන් චීනයට අයත් දුපතක්. මුළු දුපතේම සිටින්නෙ ලක්‍ෂ භාගයකට වඩා අඩු ජනගහණයක් සංචාරක කර්මාන්තය මත ප‍්‍රධාන වශයෙන් යැපෙන අතර ඇඟලූම් නිෂ්පාදන සඳහාත් ප‍්‍රසිද්ධියක් උසුලනවා. මෙම තරගය පැවැත් වුණේ වෙනිෂියන් මැකාවෝ කියන සුපිරි හෝටලයේයි. එය  හෝටලයකට එහා ගිය අපූරු නිර්මාණයක්. වෙනිෂියන් කියන නම යොදා තිබෙන්නෙ එය වැනීසිය විදියට නිර්මාණය කර තිබීම නිසයි. වැනීසියේ ආකෘතියක් විදියට හදලා තියෙන්නෙ. සුපිරි කඩ සාප්පු ඇවිදීමට ඇති තැන් වගේම වැනිසියේ ඇති සියල්ල මෙහි ඇති බව කියන්න පුළුවනි. සැබැවින්ම එය සංචාරකයින් මවිත කරවන අපූරු  ස්ථානයක්. එහි වහලය පවා හදලා තියෙන්නෙ සැබෑ ආකාශය විදියටයි. ගෘහ නිර්මාණයේ අපූරු නිමැවුමක්. හොංකොං සිට ෆෙරි නෞකාවක නැගී පැයක් විතර ගමනාන්තයකින් පසුව මකාවෝ දුපතට ළඟා විය හැකියි. නැතිනම් ගුවන් මගින් යාහැකියි.   මෙහිදී ඔබට උකහා ගත හැකි තවත් සුවිශේෂි මතකයන් මොන වගේද? මනාලියක ලෙස හැඩ වී සිටියද මෙම තරගාවලියට ඉදිරිපත් වූ සියලූම දෙනාට තම තමන්ගේ රට නියෝජනය කිරීමේ ප‍්‍රධාන අරමුණ නිසා ඒ රටේ ජාතික ඇඳුම නිතරම ඇඳීමට සිදුවුණා. ඒ මගින් රටේ අනන්‍යතාවය ඔප්පු කිරීම ප‍්‍රධාන තේමාවයි. මොහොතකට හෝ එලෙසින් හැඩ වී මේ අපේ රට මේ මොහොතේ නියෝජනය කරන කෙනා මම නේද කියන සිතිවිල්ල ඇත්තටම පුදුම අභිමානයක් ගෙන දෙන්නක්. ඒ අභිමානය ගැන සදාදරණීය වූ මතකය හැමදාම මගේ හිතේ තියේවි. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන බොහෝ රටවල් දන්නා අතර නොදැන සිටි රටවල් දෙක තුනට මගේ රට ගැන විස්තර කරන්න ලැබීම මම ලබපු තවත් විශාල භාග්‍යයකි.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

රූ රැජිනක් කියන්නෙ රටක තානාපතිනියක්

මහේල Saturday, 09 November 2013 11:05 AM

අරුණි නම් ඇත්තටම හරිම ලස්සනයි.(නදී)

:       0       0

නුවන් Friday, 28 December 2012 10:06 PM

අරුනි අද නුවර එලියේ ගියා නේද?(නු)

:       0       0

හර්ෂි Friday, 21 December 2012 09:08 AM

ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

නිශ්ශංක Tuesday, 08 January 2013 01:15 PM

එන්න දියණියේ, අපි රට ජාතිය ගොඩනගමු. (නි)

:       0       0

තුෂාන් Saturday, 15 December 2012 11:34 AM

ලංකාවේ කොච්චර ලස්සන ගැහැණු ළමයි ඉන්නවද? (නි)

:       0       0

නීලා Monday, 10 December 2012 08:49 AM

ආ.... ඔයත් අර පවුලේ කෙනෙක්ද ? (ස)

:       0       0

කසුන් Friday, 11 January 2013 10:37 PM

ලස්සනයි බලන්න ඔයාගෙ මල්හිනා... (නි)

:       0       0

මහින්ද Wednesday, 19 December 2012 02:30 PM

ලස්සනයි (ස)

:       0       0

රංශානි Friday, 14 December 2012 02:26 PM

නියමයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 19 December 2012 02:38 PM

ඇත්තටම ලස්සනයි නංගියෝ , ඔබ අපේ රටට ආඩම්බරයක් (ස)

:       0       0

යෝනුස් Sunday, 06 January 2013 09:39 PM

ලස්සන කන්නද? (පැහැදිලි ඊර්ෂියාව)... (නි)

:       0       0

සුරංගනී Tuesday, 11 December 2012 07:30 PM

හුගකාලෙකට පස්සේ ලංකාව තම දෑස හැර බලා ඇති හැඩයි. (නි)

:       0       0

චරිත් Tuesday, 08 January 2013 08:46 AM

නීලා, ඇය පැමිණ ඇත්තේ හොද පාරම්පරික නැටුම් කලා පවුලකිනි. (නි)

:       0       0

පෙරේරා Saturday, 15 December 2012 09:53 PM

ඔබ අපේ රටට ආඩම්බරයක්. සුභ පැතුම් අරුණි! (නි)

:       0       0

පෙරේරා Saturday, 05 January 2013 11:22 AM

ඇත්ත ඒ කතාවනම් ඇත්ත (දී)

:       0       0

තිලක් Saturday, 15 December 2012 10:04 PM

ඇත්තටම ඔබ හරි ලස්සනයි දුවේ. ලංකාවටම ඔබ ආඩම්බරයක්. (නි)

:       0       0

උදයංග Thursday, 13 December 2012 05:54 PM

ඔබ ඉතාම ලස්සනයි සුභ පැතුම්..!(නු)

:       0       0

පනා‍ගොඩ Thursday, 13 December 2012 06:39 PM

ලාල් ගලබඩ අයියයි, රංජිත් අයියයි රණ්ඩු වෙන්න එපා ඉතිං එයාගේ ලස්සනට. (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 11 December 2012 02:54 PM

අරුණි ඔබ ඉතාමත්ම ලස්සනයි... ඉතාලියෙ රූපවාහිනී නාලිකාවලට ඔබට හොද තැනක් තියෙයි.. උත්සාහ කරලා බැලුවොත්..!(නු)

:       0       0

කුරුවිට Thursday, 20 December 2012 10:04 PM

ලස්සනයි බලන්නකෝ ඔයාගේ මල්හිනා... (නි)

:       0       0

කමල් Tuesday, 11 December 2012 03:31 PM

සුභ පැතුම්..!(නු)

:       0       0

සමීර Monday, 31 December 2012 05:46 PM

ඔයා ගැන අපිට ආඩම්බරයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 January 2013 09:09 AM

රූපයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලස්සන වෙන්න. (නි)

:       0       0

මද්දුම Tuesday, 11 December 2012 08:30 AM

තව ටික කාලයක් යද්දි ලංකාවෙත් මේ ක්‍රමයෙන් අවුරුදු කුමාරි තෝරනවා නියතයි. (නි)

:       0       0

මද්දුම Tuesday, 11 December 2012 08:31 AM

ලංකාවට යන කලක්... (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 09 December 2012 05:33 PM

නිළියක් නේද ? (ස)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:15 AM

ඇත්තෙන්ම ලස්සනයි (ස)

:       0       0

ජෝස් Monday, 10 December 2012 04:58 PM

ලස්සනයි. සුභ පැතුම්! (නි)

:       0       0

මොහාන් Tuesday, 25 December 2012 09:28 AM

ඔබගේ සම්මානය ක්‍රිකට් සහ අනෙකුත් මළල ක්‍රීඩා සමග සංසන්ධනය කරන්න එපා.. මේක අපේ සංස්කෘතිය නෙමෙයි...!(නු)

:       0       0

මෝරාළ Monday, 10 December 2012 11:31 AM

නියමයි. (නි)

:       0       0

අශෝක Tuesday, 11 December 2012 09:39 AM

වැස්සකට අහුවුනොත් ඉවරයි..!(නු)

:       0       0

කුමාරි Tuesday, 11 December 2012 11:13 PM

ලංකාවේ කොච්චර ලස්සන ගැහැණු ළමයි ඉන්නවද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 25 December 2012 07:21 PM

මේ කොහෙ තානාපතිද?(නු)

:       0       0

ගලබඩ Wednesday, 12 December 2012 12:30 AM

පුන් සදෙන් ගලා එන රැස්දහරක් මෙන් ඔබ ලස්සනයි. (නි)

:       0       0

විලේගොඩ Sunday, 09 December 2012 07:07 PM

ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි. ඒ වුණත් සමහරුන්ට අඩු සැළකිළි, සමහරුන්ට වැඩි සැළකිළි. ඇයි මේ වෙනසක්? (නි)

:       0       0

හේරත් Saturday, 22 December 2012 04:11 AM

තානාපතිවරියක් ?? (ස)

:       0       0

ෂෙල්ටන් Monday, 10 December 2012 07:45 AM

ඔයා අපේ මව් රටට ආඩම්බරයක් .තරඟය හා එහි අරමුණු පැහැදිලි කිරීම අති විශිෂ්ටයි . ඔයාට සුබ පැතුම් (ස)

:       0       0

අමිල Thursday, 20 December 2012 09:05 AM

අපිට ඔයාගේ දුරකථන අංකයක් දෙන්නකෝ අනේ (ස)

:       0       0

සුවිනි Monday, 10 December 2012 08:06 AM

ඇත්තටම ලස්සනයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 103 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 59 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 614 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 357 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1823 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 688 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site