IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ

2012 ශ්‍රී ලංකා රූ රැජින (දෙරණ ටීවී රූ රැජින) කිරුළ පැළැඳි මේ සුරූපිය එහිදී රූ රැජිනට අමතරව ජනප‍්‍රිය කිරුළ සහ දක්‍ෂතම යන අංශයට හිමි කිරුළ ද හිමිකර ගත්තාය. ඒ සමගම පසුගියදා චීනයේ පැවැත්වූ සංචාරක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අවසන් දහදෙනා අතට ද තේරී පත්වූවාය. මේ සියල්ල සමග විනූ උදානී සිරිවර්ධන නමැති මේ නව යොවුන් සුරූපිය ගැන අද වැඩිදෙනා කතා වන්නේ ”පිපෙන මල්” ටෙලිනාට්‍ය නිසාය. එහි පාරමී ලෙස ජනප‍්‍රියව සිටින විනූ සමග අපි සුන්දර පිළිසඳරකට එක්වෙමු.
 

විනූ ඔබගේ පවුලේ විස්තර ගැන සඳහන් කළොත්?
අම්මා ගුරුවරියක්. තාත්තා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරයෙක්. නංගී තවම පාසල් අධ්‍යාපනය ලබනවා. අයිය රැකියාවක නිරත වෙනවා.

කොහොමද ඔබ කලා ක්‍ෂේත‍්‍රයේ ගමන ආරම්භ කළේ?
පාසලේදී ඉගෙනීමට අමතරව ක‍්‍රීඩා අංශයට ගොඩාක් දක්‍ෂ වුණා. පාසලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක‍්‍රීඩා අංශයට අමතරව නැටුම් සහ චිත‍්‍ර අංශවලටත් දක්‍ෂතා දැක්වූවා. 2011 අනුලා කුමරිය ලෙස සම්මාන ලැබුනෙත් මටයි.

මේ වනවිට මොනවද කරන්නේ?
 උසස් පෙළ හැදෑරවේ වාණිජ අංශයෙන්. දැන් සරසවි වරම් ලබා ප‍්‍රවේශය ලැබෙනතෙක් බලා සිටිනවා. ඒ විරාමය අතරේ තමයි කලා අංශයේ කටයුතු වලට දායක වන්නෙ.

ඇයි රූ රැජිණ තරග සඳහා එන්න හිතුනේ?
ඒක තරුණියකට ලැබෙන සුන්දර අවස්ථාවක්. සමාජය වෙනුවෙන් අනාගතයේදී යමක් කරන්න තබන පළමු පියවර වන්න පුළුවනි. එහිදී පළමුවරට සහභාගිවී, කිරුළ ලබන්න පුළුවන්නම් එය ලොකු වාසනාවක්. මට ඒ වාසනාව ලැබුණා.

රඟපෑමට ආවෙ රූ රැජින වූ නිසාද? ලස්සනයි කියලා හිතෙන නිසාද? නැත්නම් දක්‍ෂයි කියලා හිතෙන නිසාද?
ශ්‍රී ලංකා රූ රැජින තරගයට පෙනී සිටින අවස්ථාවේදීම ටෙලිනාට්‍ය රඟපෑමට ආරාධනා ලැබුණා. ඒත් ඒකාලයේ බාර ගත්තෙ නැහැ. රඟපෑමට ආසාවක් තිබුණා. හැබැයි ඒ වෙනුවෙන් දක්‍ෂතාවය තිබෙන්න  ඕනෑ. මගෙ දක්‍ෂතාවය ඒ මගින් පෙන්වන්න ඇත්නම් කියලා හිතුවා. මිස් ශ්‍රී ලංකා වුණාට පස්සෙ දෙරණෙම ”පිපෙන මල්” රඟපෑමට අවස්ථාව ලැබුණා. දැන් තවත් ටෙලි නාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබී තිබෙනවා.

මීට කලින් රඟපාලා නැති ඔබ මේ විදියට රඟපාන්න ආවාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ? රඟපෑම ගැන මොකද හිතුණේ?
 ලොකු අභියෝගයක් කියලා හිතුණා. පාසලේදී පවා නැටුම් කරලා තිබුණට රඟපෑම කරලා තිබුණෙ නැහැ. ඒත් මම අභියෝගය ජයගත්ත බව හැඟුණා. පළමු වතාවට මේ නාට්‍ය නිසා ප‍්‍රවීණයින් හඳුනා ගන්න ලැබුණා. ඒ අය මට ගොඩාක් උපදෙස් දුන්නා. ඇත්තටම ඒක මම ලබපු ලොකු වාසනාවක්. කවදාවත් ඒ වගේ ප‍්‍රවීණයින් එක්ක එකට වැඩ කරන්න ලැබේවි කියලා හිතුවෙ නැහැ.

කොහොමද ”පිපෙනමල්” චරිතයට ලැබෙන ප‍්‍රතිචාර?
 ඉතාම ඉහළයි. මම කවදාවත් ඒ විදියට ප‍්‍රතිචාර ලැබේවි කියලා හිතුවෙ නැහැ. අද මගේ යෙහෙළියන් පවා මට කතා කරන්නෙ ”පාරමී” කියලයි.

කොහොම වුනත්, අද නිළිය, නිරූපිකාව, රූ රැජින කියන දේවල් හරිම සාමාන්‍ය වෙලා. එහෙම නේද? ඒ ගැන හිතන්නෙ කොහොමද? 
රූ රැජිනවීම හැමෝටම වෙන්න බැරි දෙයක්. මම හිතන්නෙ ඒකට ලස්සන විතරක් තිබුණාට මදි. බුද්ධිය, පෞරුෂය සහ දක්‍ෂතාවය ආදී සියල්ල තිබෙන්න  ඕනෑ. රූ රැජිනක් වූ නිසාම නිළියක වෙන්න බැහැ. ඒ වගේ අවස්ථා ලැබෙන්නෙ ටික දෙනාටයි. දෙරණ ටිවී මිස් ශ්‍රී ලංකා වීමත් එක්ක මේ සියල්ල ලැබීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. කොහොම වුණත් නිළිය, නිරූපිකාව කියන චරිතයට වඩා තමාගේ චරිතයට මුල්තැන දීම ප‍්‍රධාන තැන වෙන්න  ඕනෑ. ඒක තියෙන්නෙ තමන්ගෙ අතේ.

ක්‍ෂේත‍්‍රයට ආවාම මොනව වගේ තැනක් කියලද හිතුණේ?
 ඇත්තටම මෙතැනට ආවාට පස්සේ තමයි මොනවගේ තැනැක්ද කියලා හරියටම තේරුණේ. හිතුවාට වඩා මෙතැන වෙනස්. හොඳ අය වගේම නරක අයත් ඉන්න වග වැටහුණා. කටකතා එමටයි. ඒ නිසා එහිදී හොඳ දේ විතරක් රැක ගැනීම අරමුණ වෙන්න  ඕනෑ.
සහෝදරකම තියාගෙන හැමෝටම ගරු කළානම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ.

විනූ මේ ක්‍ෂේත‍්‍රය තෝරා ගත්තෙ ජනප‍්‍රිය ලේබලය ලබන්න පුළුවන් හොඳම තැන කියලා හිතන නිසාද?
 එක එක්කෙනා එක් එක් මත දරාගෙන එනවා ඇති. කොහොම වුණත්, මොන විදියට හිතාගෙන ආවත්, අන්තිමට ජනප‍්‍රියත්වය ලැබෙන බව ඇත්ත. ඒත් සියලූ දේවල් හොඳද? නරකද? කියලා තමන් විසින්ම තීරණය කිරීම වැදගත්. සියල්ල යහපත උදෙසා වෙනවා නම්, ප‍්‍රශ්නයක් නැහැ.

විනූ ඔබ කොහොම කෙනෙක්ද?
මම හිතන්නෙ මම ගොඩාක් අහිංසක චරිතයක්. හැමෝටම මිත‍්‍රශීලී කෙනෙක්.
අභියෝගවලට මුහුණ දෙමින්, තමන්ගේ ජීවිතය මතින්ම නැගී සිටින්න උත්සාහගන්න කෙනෙක්. ජීවිතේ බොහෝ අලූත් දේ සොයා යන්න ආසයි. ඒ තුළින් උපරීම දක්‍ෂතාවය පෙන්වීම අරමුණයි.

සරසවියෙ වැඩ පටන් ගත්තාම, රඟපෑමට කාලය වෙන් කර ගන්නෙ කොහොමද? ආදරය ගැන කතා කරන්න තවම කල් වැඩිද?
 ඇත්තටම ඒ ගැන ලොකු අත්දැකීම් නැහැ. මම තවමත් ලබන්නෙ දෙමාපිය ආදරේ. හැබැයි යෝජනා නම් ගොඩාක් ලැබෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. ඒත් දැනට ලබන පේ‍්‍රක්‍ෂක ආදරය මට හරි වැදගත්. ඒක ඇත්තටම වාසනාවක්.

කවුද ප‍්‍රියතම රංගන ශිල්පිණිය?
 මාලනී ෆොන්සේකා මහත්මිය.

කාන්තාවක්වීම ගැන ඔබ හිතන්නෙ කොහොමද?
සමහර කාන්තාවන් කාන්තාවක් වීම ගැන කනගාටුවෙනවා. ඒත් සමාජයේ ඉහළින්ම කාන්තාවකට සිටිය හැකියි. කාන්තාව පසුගාමී විය යුතු නැහැ. මට නම් කාන්තාවක වීම ආඩම්බරයට කරුණක්.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ

හර්ෂ Wednesday, 02 January 2013 04:43 AM

රුවන්, ඔයා කියන්නේ අර නින්ජලා වගේ මුලු ඇගම වහගෙන ඉන්න කියලද? (නි)

:       0       0

නුවන් Wednesday, 02 January 2013 03:39 PM

ඇත්තටම ඇය ඉතාමත් දිරිමත්, ආදර්ශවත් කාන්තාවක්. (නි)

:       0       0

නුවන් Wednesday, 02 January 2013 03:35 PM

මට ඇය ගැන ආඩම්බරයි. (නි)

:       0       0

සිරිල් Friday, 04 January 2013 04:55 PM

ඒ කතාව ඇත්ත (දී)

:       0       0

අරුණි Monday, 31 December 2012 02:41 PM

රුවැති , නැණැති සොයුරිය ඔබට සුබ පැතුම් !!! (ස)

:       0       0

ප්‍රේමරත්න Tuesday, 08 January 2013 01:23 PM

ලස්සනත් රැකගෙන යහපත් දේ කරොත් හොඳයි (ස)

:       0       0

රොෂාන් Friday, 04 January 2013 11:15 AM

ඉදිරියට යන්න සුභ පැතුම්! (නි)

:       0       0

කසුන් Friday, 11 January 2013 10:34 PM

පිටිගල මහතා නිවැරදියි. (නි)

:       0       0

හේරත් Friday, 04 January 2013 11:23 AM

හොඳ අනාගතයක් තියෙන කාන්තාවක් (ස)

:       0       0

සමීර Tuesday, 15 January 2013 03:37 PM

නියමයි ඉදිරියටම යන්න නංගි...!(නු)

:       0       0

යෝනුස් Sunday, 06 January 2013 09:41 PM

මේ අදහස් ලියන අයට පිස්සුද කියලා මට තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

දනු Wednesday, 02 January 2013 09:35 AM

ඒකත් එහෙමද ?? (ස)

:       0       0

මිස්ජාක් Friday, 04 January 2013 06:32 PM

මම රුවන්ගේ කතාවට එකගයි. (නි)

:       0       0

ලිලියන් Thursday, 24 January 2013 03:11 PM

ශා..........ලස්සනයි (ස)

:       0       0

බියුටි Monday, 31 December 2012 02:59 AM

ඇයව අපි දිරිමත් කළ යුතුයි. (නි)

:       0       0

සම්පත් Monday, 14 January 2013 07:10 AM

නංගි, ප්‍රවීණ කට්ටියත් සමග වැඩකරද්දී ප්‍රවේශමෙන්. (නි)

:       0       0

කුමාර Monday, 31 December 2012 04:57 AM

නංගි, ඔයාට බුදු සරණයි! (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 22 January 2013 08:44 PM

දුවේ, මේ ටික කියන්නේ ඔයා ගැන තියෙන දරු කැක්කුම නිසායි. ඒ නිසා මාව වරදවා වටහා ගන්න එපා. ටිකක් පොත්ත රතු වුණාම ගෑනු ලමයෙකුට කල එළි බහින්න හදලා දෙන්න පිරිමි පොරකනවා. ඒක මේ සමාජයේ හැටියක්. මොනවා කළත්, කවුරු එක්ක කටයුතු කළත් තමන්ගේ ආත්ම ගෞරවය ගෑනු ලමයෙකුට තමන්ගේ ජීවිතයට වඩා වටින බව සිහියේ තබාගෙන කටයුතු කළොත් ඔයාට වරදින්නේ නැහැ. මේ ටික වුණත් මම කිව්වේ වැඩිහිටි පියෙකු දෙන කාරුණික ඔවදනක් හැටියටයි. එහෙම නැතිව අද ඔයා ඉන්න ස්වභාය දැකලා ඇති වුන ඊර්ෂ්‍යාවකින් කියලා හිතන්න එපා සුදු දුවේ. මම ඔයාගේ තාත්තගේ වයසේ ඉන්න වැඩිහිටියෙක්. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 18 January 2013 09:29 AM

ලස්සන නංගිට මේ අය පුදුම ආදරයක්නේ තියෙන්නේ.බලමු දැන් එයා ඔයාලා කියන විදියටම ඉදීවිද කියලා (ස)

:       0       0

නිත්‍යා Thursday, 03 January 2013 12:42 PM

ඇත්තෙන්ම තමන්ට හැකි දේ හා නොහැකි දේ දැනගෙන කටයුතු කිරීම වැදගත් .ඉදිරියටම යන්න. ජය වේවා (ස)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 13 January 2013 09:13 AM

දුවේ, ඔබ ලස්සනයි. ආත්ම ගෞරවය සැමවිටම ආරක්ෂා කරගන්න. (නි)

:       0       0

ගුණසේකර Monday, 31 December 2012 10:02 AM

ෂා.... ලස්සන ගැහැණු ළමයෙක්. (නි)

:       0       0

චන්ද්‍රානි Saturday, 05 January 2013 11:49 PM

සුබ පැතුම් ඔබට (දී)

:       0       0

මල්ශාන් Friday, 11 January 2013 08:57 AM

පිස්සු නැත්නම් හොඳයි (ස)

:       0       0

අනූ Saturday, 05 January 2013 02:56 PM

ඔයා හරි ලස්සනයි අක්කී (ස)

:       0       0

ඉදුනිල් Wednesday, 09 October 2013 07:08 PM

අක්කේ, ඔයා ලස්සනට රගපානවා. ඔයා ගොඩක් ලස්සනයි.ඔයාගේ හැදියාවත් යහපත් අයුරින් පවත්වාගෙන යන්න.අපි ඔයාට ගොඩක් ආදරෙයි (නි)

:       0       0

අමිල Monday, 31 December 2012 11:10 AM

ඔහොම යමු. (නි)

:       0       0

අසන්ක Tuesday, 01 January 2013 07:11 PM

කාන්තාවන්ගේ ලස්සන හදව‍තේද ඇත්නම්... (නි)

:       0       0

අමිල Monday, 31 December 2012 11:06 AM

ඔයාට කවුරු නැතත් මම ඉන්නවා සොයුරියේ. (නි)

:       0       0

රුවන් Monday, 31 December 2012 07:26 PM

හැබැයි බුදු සරණයි කිවුවාට, ශරීරය නිරාවරණය වන ලෙස ඇදුම් ඇදීම නම් බුද්ධ දර්ශනයට පටහැනියි මහත්තයෝ. (නි)

:       0       0

දර්ශි Wednesday, 16 January 2013 12:04 AM

ඔබට ජය! (නි)

:       0       0

ශානක Thursday, 03 January 2013 07:30 PM

ලස්සන කෙල්ලෙක්..!(නු)

:       0       0

පිටිගල Thursday, 03 January 2013 02:00 PM

ගැටපිච්ච මලක් වගේ ළගට පෙනෙවා ජපන් රෝස මලක් වගේ සිරිය දකිනවා... (නි)

:       0       0

සංජේ Tuesday, 01 January 2013 10:06 PM

රුවන් , තමන් හොදනම් ගැහැනු නිරුවතින් ගියත් ප්‍රශ්නයක් නැත. (නි)

:       0       0

යශෝධා Wednesday, 16 January 2013 02:07 AM

නියමයි. (නි)

:       0       0

අශිනි Saturday, 05 January 2013 07:07 AM

ලස්සන කෙල්ලෙක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 0 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත බාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 293 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 429 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 328 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 1197 3

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 1093 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39178 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site