IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


රු .370 බෙහෙත රු. 70,000 ගැනීම ගැන මැති සබේදී හෙට ප්‍රකාශයක්

(නිමල කොඩිතුවක්කු)

රුපියල් 370 කට මිලදී ගැනීමට හැකියාව ඇති ඖෂධයක් රුපියල් 70000 කට අධික මුදලකට මිලදී ගැනීමට සමාගමකට අවසර ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදීපැවසීය.

හෘද රෝග සැත්කම් සඳහා යොදාගන්නා මෙම ඖෂධය අධික මුදලකට මිලදී ගැනීමෙන් ඖෂධ මාෆියාවේ තරම තහවුරු වන බවත් මේ සම්බන්ධ සම්පූර්ණ ප්‍රකාෂයක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස හෙට(22) පාර්ලිමේන්තුවේදී සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

වෙනත් සමාගම්වලට ලියාපදිංචි වීමට ඉඩනොදී තනි සමාගමක් ලෙස මෙම ඖෂධය ගෙන්වීමෙන් ඒකාධිකාරියක් ඇතිකර ඔවුන් ඉදිරිපත් කර ඇති මිලට රජය මගින් ඖෂධ ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවත් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2019 සිට 2023 දක්වා මෙම ඖෂධය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 342.49 ක් වැය කර ඇති බවත් එහිදී 76000 දක්වා විවිධ මිලගණන් වලට හෘද රෝග සැත්කම් සඳහා මෙම ඖෂධය ගෙන්වා ඇති බවත් ඔහු කීවේය.

ඖෂධ ගෙන්වා ඇති මෙම සමාගමට දේශපාලන සම්බන්ධතා ඇති බවත් මේ සමාගම සමග ඥාති සබදතා ඇති කිහිපදෙනෙකුම පාර්ලිමේන්තුවේ සිටින බවත් ජයතිස්ස මහතා පැවසීය.

 



අදහස් (30)

රු .370 බෙහෙත රු. 70,000 ගැනීම ගැන මැති සබේදී හෙට ප්‍රකාශයක්

තුමා Tuesday, 21 January 2025 08:47 PM

බොරු කියන්න එපා ඇමතිතුමා. නියෝජ්‍ය ඇමති කියනවා පිළිකා රෝගීන්ට දෙන බෙහෙතක් කියල ඔබතුමා කියනව හෘද රෝගීන්ට දෙන බෙහෙතක් කියලා. එක්කෝ දෙන්නම කතා වෙලා එක බොරුවක් කියන්න.

:       68       192

nimalTuesday, 21 January 2025 10:19 PM

ලංකාවේ අවංකවම බොරු කියනා දේශපාලන පක්ෂය ජේවීපී මාලිමා පක්ෂය බවට පත්ව තිබේ.

:       54       146

ViduraWednesday, 22 January 2025 07:13 AM

බෙහෙතෙ නම පපවරින් (papaverine). මේක ලෙඩ කිහිපයකට පාවිච්චි කරන එකක්. කැන්සර් වලටත් දෙනව, පපුවෙ අමාරු වලටත් දෙනව, තව වෙන ලෙඩ වලටත් දෙනව. මෝඩ තර්ක දාන්නෙ නැතුව ටිකක් google කරල බලන්න.

:       15       31

ලක්විදුWednesday, 22 January 2025 07:45 AM

අනේ ‘තුමෝ’ …, රෝගය කුමක් වුවත් බෙහෙතෙ කතාව ඇත්තනේ. හොරකම හොරකමමයි.

:       4       23

Kuma Tuesday, 21 January 2025 11:06 PM

හෙට තවත් හොඳ සන්දර්ශනයක් පෙන්වනවලු නේද? ජෙබයියෝ චූන් වෙලා නිරුවතින් ඔබ මොබ දුවනවා ඇති.

:       48       99

Toni Tuesday, 21 January 2025 11:22 PM

අයිසෙක් නිව්ටන්වත් මෙච්චර දේවල් හොයාගත්තේ නැහැ. මේ අය අපිට මෙච්චර කාලයක් මගහැරුනේ.

:       28       91

රම්බොඩ Tuesday, 21 January 2025 11:59 PM

මෙච්චර කාලයක් කියපු කිසිදෙයක් හරියට ඔප්පු වෙලා නෑ. ඉස්සර නම් බලය නැතිව කියපු කතා කියමුකෝ . දැන් ජනතාව බලය දීලා තියෙන්නේ . හරියටම ඇත්ත කියලා වැරදි කරපු අය ඉන්නව නම් දඬුවම් දෙන්න. වැරදි කළා නම් කවුරු වුණත් වැරදියි.

:       24       80

Janitha Wednesday, 22 January 2025 12:35 AM

ලොක්ක වගේමයි අනිත් වුන් ටිකත්. පච විදිනවා.

:       2       4

Toni Wednesday, 22 January 2025 12:40 AM

නුඹලා මේ කියන බේගල් වලට වැව්වල බැමි පුපුරලා බේරුණොත් ඇති...

:       2       2

pj Wednesday, 22 January 2025 03:48 AM

අනාගැනීමේ හොදම ඩබල....

:       5       21

Bala Wednesday, 22 January 2025 04:40 AM

ඖෂධයේ නම කුමක්ද? එය Vyndaqel (Tafamidis) ද? මෙම ඖෂධයේ මිල එක් ටැබ්ලට් එකක් සඳහා ඇමෙරිකානු ඩොලර් 196.00 කි.

:       0       20

Nishan Wednesday, 22 January 2025 06:12 AM

මෙයා කරන්න හදන්නේ පිළිකා බෙහෙතක් කියලා නියෝජ්‍ය ඇමති කරපු ප්‍රකාශය ෂේප් එකේ නිවැරදි කරන්න හදන එකයි. මෙහෙම කිසි වගකීමක් නැතුව කටට එන එන දේ කියන්නේ කොහොමද වගකිවයුතු ඇමතිවරු? ජනාධිපතිත් එකයි ඇමතිවරුත් එකයි. ඔහේ කියන්නන් වාලේ වාචාලකම් දොඩවනවා.

:       3       20

de silva Wednesday, 22 January 2025 06:49 AM

මෙතන මහා පරිමාණ වංචාවක් දුෂණයක් සිදු වෙලා කියල බැලු බැල්මට පෙනෙනවා , එවැනි අවස්ථාවක ඇමති කල යුත්තේ මේ කරුණු කාරණා මාධ්‍ය වලට දෙන්න කලින් රහස් පොලිසිය හෝ වංචා දුෂණ විරුධව ක්‍රියාත්මක වන අධාල ආයතන වලට සාක්ෂි සහිතව පැමිණිල්ලක් කර , වංචනිකයන්ට විරුධව විමර්ශන අරම්බහ කිරීමය , නමුත් ඇමති තුමා සහ ආණ්ඩුව හැසිරෙන්නේ තවමත් විපක්ෂේ මානසිකත්වයෙන් , හොරු අල්ලන්න ඉස්සර හොරු අල්ලන්න එනබව ප්‍රසිද්ධ කරහම හොරු සාක්ෂි විනාශ කරන බව ආණ්ඩුව මොහොතකටවත් සිතුවද ?

:       1       27

අරුණී Wednesday, 22 January 2025 07:45 AM

ජනතාව අන්ත අසරණ විදිහටම රැවටුවා. අගමැතිනි, කතානායක ඇතුලු පිරිස හොර උපාධිවලින් සැරසී ආර්ථික ඔස්තාර්ලා කියාගෙන එනකොට අපිට නම් නිකමට හිතුනා වැඩබැරි හොරු ටිකක් කියලා

:       9       18

රුවන් Wednesday, 22 January 2025 08:13 AM

Papaverine hydrochloride හෘද වගේම පිළිකා, විකිරණ ප්‍රතිකාර වලින් පසුව සුලභව භාවිතා කරනවා, සාමාන්‍ය කෙනෙක් බලයි කතා දෙකක් කියලා. වෛද්‍ය විද්‍යාව ගැන දන්න අය දන්නවා. මේකේ දෙන්නම හරි.

:       12       6

හර්ශ විජෙ Wednesday, 22 January 2025 08:17 AM

ඔලුව උදුම්මගෙන ජනතා අප්‍රසාදයට පත්වෙලා ඉන්න මේ ජෙප්පාගේ ජනප්‍රියත්වට පොඩි තල්ලුවක් දෙන්න මේ අප්‍රසන්න ජෙප්පාව දාලා මාධ්‍ය සංදර්ශන දාන්න හදන්නේ … පච JVP රැල

:       10       16

CC Wednesday, 22 January 2025 09:27 AM

හිටපු වංක දූෂිත හොර තක්කඩි දේශපාලුවන්ගෙන් යැපෙන ,උන්ගෙන් වාසි ප්‍රයෝජන ගත් අත්මාර්තකාමී අවස්ථාවාදී මජරයො අද කර කියාගන්න කිසි දෙයක් නැතිව උන්ගේ හාම්පුතුන් කල වැරදි හොර තක්කඩි ක්‍රියාවන් සාධාරණීකරණය කරන්න නොගන්නා උත්සාහයක් නැත. මේ ආන්ඩුව අරගෙන ඉතා කෙටිකලෙකින් සියළු ගැටළු වලට විසදුම් දිය නොහැක.උන් ලැගල හිටපු අමාත්‍යාංශ වලට දැන් තමයි මේ අයට ප්‍රවේශවෙලා කලකීදෑ හරියට හොයන්න පුළුවන් එසේ සොයාගත් අපරාධ වංක දූෂික තක්කඩි වැඩ හෙලිදරව් වෙන කොට උන් හා උන්ගේ බත් බැලයන් බූමිතෙල් වැදුන ගැරඩින් බවට පත්වී ඇති.නුබලා මොන අවලාද මඩ ගැසුවත් මේ රටේ ජනතාවාදී රජය වෙනුවෙන් ඡන්දය දුන් අයගේ ප්‍රසාදය දිනා ඇත. 76 වසරක් සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කරපු රට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ගොඩනැගීම මපොලවේ සත්‍ය බව හොදින් අවබෝධ කල පිරිසක් වන බැවිනි.මේ ආණ්ඩුව මේ රට හැදුවේ නැතිනං රට ගොඩනගන්න කිසිවෙකු මේ රටේ දේශපාලනය තුළ නොමැති බව හොදින් දන්නා බැවිනි. අද දේශපාලකයන් ආදර් ශ දෙනකොට වැව්වල බැහැල කුණු සුද්ධ කරනවා කියන වංක තක්කඩි මහපොලවේ පය නොගහපු දේශපාලුවන් කරන අවංඥා සහගත ක්‍රියා පිලිකුලෙන් හෙලා දකිමු.මාලිමාව මේ රට ගොඩ නගනවා.එයයි සත්‍ය

:       26       14

saman Wednesday, 22 January 2025 09:42 AM

ලංකාවේ මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මේ ජෙප්පො සතියෙන් සතිය හප හප ඉන්න මොකක් හරි චුයින්ගම් එකක් දෙන බව.

:       10       25

කෝරළගේ Wednesday, 22 January 2025 10:00 AM

දුප්පත් මිනිසුන්ගේ වියදමින් ඩොලර් බිලියන ගණනින් මුදල් උපයාගත් පොහොට්ටුවේ කෙහෙළිය ඇතුලු හොරු රැලගේ නම් දැන ගැනීමෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් සතුටු වන බව විශ්වාසයි. මිනිස්සු මැරුනත් මේ හොරු තාම ජීවතුන් අතර. ශ්‍රීලනිපය, එජාපය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කළ දූෂණය අවසන් කරමු.මේ අයට ආයි ජීවිත කාලයෙ බලයට එන්න බැහැ.

:       11       22

fairoos Wednesday, 22 January 2025 11:04 AM

එක දෙයයි කරන්න තියෙන්නේ. නිසි පරීක්ෂණයක් කරලා එක්කෙනෙක්, දෙන්නෙක් ඇතුළට දැම්මා නම් ඇති ප්‍රකාශවලින් වැඩක් නෑ.

:       2       3

Ruwan Wednesday, 22 January 2025 11:34 AM

මම කිව්වනේ සමහර තැන්වල තාමත් පරණ, දූෂිතයෝ ඉන්නවා කියලා.. ඉතින් කොහොමද රට හදන්නේ? පිනට කාපුවා නැති වෙනකොට දුක තමයි. රට හැදුණොත් එකයි, නැතත් එකයි...

:       0       3

පිටරැටියා Wednesday, 22 January 2025 11:44 AM

බාල බෙහෙත් දීලා පහුගිය කාලේ ලෙඩ්ඩු ගසාකාපු, බිල්ලට දීපු සෞඛ්‍ය ඇමතිගේ කෙරුවාවල් හා ජනාධිපති අරමුදලලෙන් ගසාකාපු දූෂිත දේශපාලුවන් ගැන නොදන්නා වහල්ලු කමෙන්ට්ස් කරලා තියෙනවා දැක්කාම තවත් මොන කතාද?

:       2       3

පම්පෝරි ජනක Wednesday, 22 January 2025 12:00 PM

මෙම බෙහෙත හෘද රෝග, සමහර පිළිකා ප්‍රතිකාර වගේ ලෙඩ රෝග ගොඩකට ප්‍රතිකාර සඳහා ගන්නා බෙහෙතක්... හැබැයි ලිංගික දුබලතා සඳහා පාවිච්චි කරන්න තහනම් (භයානක අතුරු ප්‍රතිඵල නිසා), කොහොම හරි ලොකු ගණනක් දීලා ගත්තු බෙහෙතක් දැන් අඩුවට ලැබෙනවා. ඉතින් ඇයි මේ සිලින්ඩර් බයියෝ මෙතැන කලබල වෙලා ඉන්නේ?

:       3       4

අරවින්ද මොනරවිල Wednesday, 22 January 2025 01:09 PM

පොහොට්ටු ටෙලිෆෝන් බයි පීපල්ස්ලා හොඳටම කළබල වෙලා, කමෙන්ට් දානවා. ලයික් දානවා. ඩිස්ලයික් දානවා. කෙලවරක් නැහැ. හැබැයි මහත්වරුනේ ඕක නොවෙයි රටේ මතය... ඒක දැන් දෙසැරයක්ම ඔප්පු කරලා පෙන්නුවා. ඒක මදි කියලා හිතෙනවා නම් ලබන මාර්තුවල පළාත් පාලනය ඡන්දය තිබුණොත් ඔයාට ඇඬෙන්නම ප්‍රතිඵල ලැබෙයි.

:       3       4

sarath Wednesday, 22 January 2025 01:17 PM

මාධ්‍ය සංදර්ශන අවශ්‍ය නැත. පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකරන්න. නමුත් කරපු වැරැදි වලට කඩිනමින් චෝදනා ගොනුකර චුදිතයින් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න. පසුගිය ආණ්ඩු කලේ හැමදාම බොරුවට මාධ්‍ය සංදර්ශන තබා පසුව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමයි...!

:       1       1

de silva Wednesday, 22 January 2025 01:21 PM

අනිවාර්යයෙන් වංචාවක් සිදුවෙලා..., නිකන් කියව කියවා ඉන්නේ නැතුව චූදිතයින් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න..

:       1       1

ගමේ එකාලා Wednesday, 22 January 2025 02:15 PM

දූෂිත දේශපාලුවෝ බෙහෙත් වලින් විතරක් නොවෙයි, හැම අතින්ම මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරපු අය. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා..., හිඟාකන තත්ත්වයකට පත් කෙරුවා. බලලෝභී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් කරපු සාපේ.. ස්වබාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවා...! 

:       1       1

Kamal Koyrala Wednesday, 22 January 2025 02:32 PM

අලවතුවලගෙන් අහන්න කීවා මේකෙ වැළලෙන්නේ නැතිව ජෙප්පෙක් නොවන ශ්‍රිලනිප අලවතුවලගෙන් අහලා දැනගන්න.

:       0       0

[email protected] Thursday, 23 January 2025 10:08 AM

මේ යකාට හරිම කුහක දුෂ්ට මුහුනක් තියෙන්නෙ.ඒ වගේමයි දුෂ්ට කම. ජෙප්පොන්ගෙ 98% ඔය වගෙයි

:       0       0

shan Thursday, 23 January 2025 12:50 PM

හොරු එල්ලුම් ගස් යවන්න ඕනෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1091 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 232 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 412 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 434 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 503 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 894 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 437 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 923 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site