(යොහාන් භාසුර)
ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 49 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු පිල 36 වැනි ඕවරයේදී ලකුණු 165 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ.
නායක චරිත් අසලංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 126 කින් හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 127 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 46 කදී සියලු දෙනා දැවී 214
(කුසල් මෙන්ඩිස් 19, චරිත් අසලංක 127, දුනිත් වෙල්ලාලගේ 30, ස්පෙන්සර් ජොන්සන් 44/2, ඒරන් හාඩ් 13/2, ෂොන් ඇබට් 61/3, නේතන් එලිස් 23/2)
ඕස්ට්‍රේලියානු පිල ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 165
(මානස් ලබුෂේන් 15, ඇලෙක්ස් කේරි 41, ඒරන් හාඩ් 32, ෂෝන් ඇබට් 20, ඇඩම් සම්පා නොදැවී 20, අසිත ප්‍රනාන්දු 23/2, මහීෂ් තීක්‍ෂණ 40/4, දුනිත් වෙල්ලාලගේ 33/2)
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ලංකාව ලකුණු 49කින් ඕස්ට්‍රේලියාව පරාජය කරයි