ශ්‍රී ලංකා ශ්‍රමිකයකු සඳහා වැයයන පිරිවැය සෞදි රියාල් 23,000 ක් (රුපියල් 870377) පමණ බව සෞදි ගැසට් වෙබ් අඩවිය කියයි.
ගෘහසේවිකාවන් සපයන අනෙකුත් රටවලට සාපේක්ෂව වැඩිම මිලක් ගෙවීමට ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ට බවත් සේවා වීසා යටතේ පිලිපීනයෙන් පැමිණෙන ගෘහසේවිකාවක සඳහා වැයවන්නේ රියාල් 19,000 ක් (රුපියල් 719007) පමණ බවත්, සත්‍යවශයෙන්ම මෙය බඳවා ගැනීමේ පිරිවැය ඉක්මවා යාමක් බවත් ජෙඩා වාණීජ හා කර්මාන්ත මණ්ඩලයේ, බඳවා ගැනීමේ කමිටු සභාපති යාහ්යා අල්-මක්බූල් මහතා ප්‍රකාශ කොට ඇත.
ඔහු සඳහන් කරනුයේ කම්කරු රැකියා සඳහා ශ්‍රී ලංකා ශ්‍රමිකයින් බඳවා ගැනීමේ පිරිවැය ද ඉහළ ගොස් තිබෙන බවයි.සුඩාන්, ඊජිප්තුව හා බංගලිදේශය වැනි රටවලින් රියැදුරු රැකියාවන් සඳහා පැමිණෙන ශ්‍රමිකයින් සඳහා දැරිය යුතු පිරිවැය රියාල් 3,000 ත් 7,000 ත් (රුපියල් 113527- 264897) අතර පහළ අගයයක් ගනිද්දී ශ්‍රී ලංකා ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඊට වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ඔහු පවසයි.
ඇතැම් අවස්ථාවල, පරිවාස කාලය අතරතුර දී ගෘහසේවිකාවන් නැවත ලංකාවට හරවා යවන්නට සිදුවෙන අවස්ථා ඇති බවත්, එවැනි අවස්ථාවල දී තමන්ට අතිරේක පිරිවැයක් දරන්න සිදුවෙන බවත් ඔහු කියයි.
එසේම මේ වන විට බොහෝ ශ්‍රී ලංකා රැකියා ඒජන්සි ඔවුන්ගේ තැරැව්කාර ගාස්තු ඉහළ දමා ඇති හේතුවෙන් ශ්‍රමිකයෙකු වෙනුවෙන් දැරීමට සිදුවෙන වියදම ඉහළගොස් ඇතැයි ද ඔහු පවසයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.
කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ලාංකිකයකුට සෞදිය ලක්ෂ 9ක් වැය කරයි‘
ප්‍රභාත් කුලතුංග Thursday, 12 November 2015 05:07 AM
මේක අමු විහිළුවක්. පඩියවත් හරියට දෙන්නේ නැති රටේ මෙහෙම වෙන්නේ කොහොමද? මේ වගේ දුෂිත රටක් ගල්ෆ් එකේම නැහැ. (බ)
චමල් Thursday, 12 November 2015 05:04 AM
මේ සල්ලි ගන්නේ ඒජන්තවරු. අහිංසක කාන්තාවන්ට සත පහක සෙතක් නැහැ. කරුණාකරලා කොච්චර දුප්පත් වුනත් මෙහෙ නම් එන්න එපා. අපි හැමදාම ඇස් දෙකට දකිනවා අපේ කාන්තාවෝ විඳින දුක. (සමහරු නම් ලංකාව අමතක කරලා මෙහෙ ලමිස්සියෝ වගේ ඉන්නේ. විශේෂයෙන් පිරිසිඳු කිරීම් කරන ආයතනන වල කට්ටිය). (බ)
සමනලී Thursday, 12 November 2015 05:49 AM
මම රැකියාව කරන්නෙත් සෞදිවල මගේ පඩිය රුපියල් 28000 මම ගොඩක් දුක්විදිනවා දසැම්බර් ලංකාවට එනවා. දරුදෙදෙනා බලාගෙන ලංකාවේම නතර වේනවා. (ර)
මලිත් Thursday, 12 November 2015 01:53 AM
පිටරට ගිහිල්ලා තමන්ගේ පවුල් විනාශ කරගන්න එපා. රට රැකියා වලට ගිය කී දෙනෙකුගේ පවුල් අසාර්ථකද? මොනතරම් ප්‍රශ්නද? (නි)