IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ලාංකිකයෙක් චෙන්නායි නුවරදී අත්අඩංගුවට

පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවයට සම්බන්ධ යැයි සැකකෙරෙන මහනුවර සකීර් හුසේන් (37) නම් ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය තානාපති ආරංචිමාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ සිට ගුවනින් පැමිණෙන මගීන් පිළිබඳව ඉකුත් සති කිහිපයේ සිට ඉන්දීය මධ්‍යම බුද්ධි ඒජන්සිය සහ තමිල්නාඩු පොලිසිය සොයා බැලීමේදී මෙම ලාංකිකයා පකිස්තාන ඔත්තු සේවා සමග සමීප සබඳතා පවත්වන්නෙකු බවට තොරතුරු ලැබී ඇතැයි කියයි.

අධිකරණයේ විශේෂ අවසරයක් මත චෙන්නායි හි පූසාල් බන්ධනාගාරයේ රඳවා ඇත.



අදහස් (0)

ලාංකිකයෙක් චෙන්නායි නුවරදී අත්අඩංගුවට

අල්විස් Thursday, 01 May 2014 06:15 AM

මොහු ලාංකිකයෙක් නම් අප අතර තවත් රටවලින් වැටුප් ලබන ඔත්තුකරුවන් සිටිය හැකිය. මේ පුවත රජය අවධානයට ගත යුතුයැයි සිතමි.(ස)

:       0       0

චමල් Friday, 02 May 2014 01:32 PM

ට්‍රයිකෝ රන්ජිත්, මම විදේශ රටක ඉන්නවා කියන එකට ඔබතුමාගේ හදවතේ උපන් අකලංක ඊර්ෂ්‍යා‍වට මට කරන්න දෙයක් නැහැ. ලංකාවේ කෙනෙක් විදේශයක ඉන්නවා කියන එක ඔයාට ඊර්ෂ්‍යා හිතුනට ඒක සාමාන්‍ය දෙයක්. ඔය ලංකාවේ ඉඳන් විදෙස් ප්‍රවෘත්ති බලනවා නම් මට කියන්න අයි.එස්.අයි.ඔත්තු සේවයේ ලංකාවේ කණ්ඩායමට කියන නම මොකක්ද කියලා. ඔය ට්‍රයිකෝ කියලා දාලා තියෙන්නේ එක්කෝ ඔයත් මැදපෙරදිග වෙන්න ඕනෑ. නැත්නම් ලංකාවේ ට්‍රයිකෝ. (නි)

:       0       0

නිමල් Thursday, 01 May 2014 07:28 AM

මුළු ලෝකයටම ශාපයක් වූ අන්තවාදය ලංකාවත් ගිලගෙන ඇත. එහෙත් බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මර නින්දේ? (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 May 2014 08:40 AM

වෙන වෙන රටවලට ඔත්තු සපයන කට්ටියත් අපේ රටේ ඉන්නවා එහෙනම් (නි)

:       0       0

චමල් Thursday, 01 May 2014 11:33 AM

කවුරුත් කතා නොකරන පාකිස්ථානය හා ලංකාව අතර අලුතින් පටන් ගත් සම්බන්ධයක් තියෙනවා. මේවා මාධ්‍ය වල යන්නෙත් නැහැ. අපි විදේශ රටවල ඉන්න නිසා අපිට මේවා විදෙස් පුවත් වලින් බලන්න පුළුවන්. (නි)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Thursday, 01 May 2014 12:30 PM

චමල්, ඔබට අවශ්‍ය වුයේ ඔබ විදේශයක සිටිනා බව කීමටද ? අප විදේශයක නොසිටියත් ලෝකයේ ඕනෙම රටක පලවන පුවත්පත් සහ රුපවාහිනී නාලිකා ලංකාවේ සිට බලනවා . අප ඉන්නේ 21 වන සියවසේ. (ස)

:       0       0

ගන්දර සයිමොන් Wednesday, 30 April 2014 10:14 PM

අර ප්‍රසිද්ධ කට්ටිය තමා ලෝකෙටම ත්‍රස්තවාදය පතුරවන්නේ. (නි)

:       0       0

ගුණේ Wednesday, 30 April 2014 11:26 PM

වහා නිදහස් කරනු! පකිස්ථානයට බාරදෙනු! ලංකාවට නො එවනු! (නදී)

:       0       0

සුනිල් Thursday, 01 May 2014 01:53 PM

කලකට ඉස්සර අදහස් දාපු එක් කෙනෙක් හිටියා කරාටේ රන්ජිත් කියලා. මෙතන කට්ටිය එයාගෙන් මොන බෙල්ට් ද තියෙන්නේ කියලා ඇහැව්වා.ඒ පාර කරාටේ කැල්ල හැලුණා.අපි ට්‍රයිකෝ ගෙන් මොකද්ද අහන්නේ ?මෙහෙම අහමු "තේ පෙට්ටියක් යවන්න, කියක් විතර යයිද " (ස)

:       0       0

ධම්ම Thursday, 01 May 2014 02:15 PM

සමහර රාජ්‍ය නොවන සංවිධාන වල වැඩ කරන අය දන්නේ නැහැ තමන් තවත් රටකට ඔත්තු සපයන්නෙක් බව. ඔය ජාල ඒ තරම් සූක්ෂමවයි ඔය ව්‍යාපාරය කරගෙන යන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 20 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1062 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 979 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 789 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 7005 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2168 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34249 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site