IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලාංකිකයා තරගයෙන් ඉවතට

ඉතාලියේ රායි දෙක නැමති රජයේ රූපවාහිනී නාළිකාවෙන් ප්‍රචාරයවන පෙකීනෝ එස්ප්‍රස් නැමති රීයෑලිටි වැඩසටහනට ග්‍රෙගරි ජයසේන නම් ලාංකිකයෙක්ද තරඟවැද සිටියි. නළුවන් ,ක්‍රීඩකයින්,ආදරවන්තයින් ,පියපුතු,නිරූපිකාවන් ආදීවශයෙන් 16දෙනෙකු මෙහි තරගවැද සිටියෝය.

ලාංකිකයා තරගවැදසිටියේ තම සේවා ස්ථානයේ ස්වාමිදුව වන මර්කේසා මහත්මිය සමගය.මෙහි තර‍ගය  වන්නේ වියට්නාමය, තායිලන්තය, ලාඕසය හරහා තායිලන්තයේ  බැංකොක් නුවරට මුලින්ම පැමිණෙන යුවළ ජයග්‍රහණය කිරීමයි.

 ප්‍රවාහන පහසුකම් සහ නවාතැන් පහසුකම් තමන්ම නොමිලේ සපයාගත යුතුවේ. ඉහත සඳහන් රටවල නොදියුණු ගම්මාන ගැමිපරිසරය තුලින් දුෂ්කර ගමනක මොවුහු ගමන්කරති.කොටස් දහයකින් සමන්විත මෙම  වැඩසටහන් මාලාවේ ඊයේ ප්‍රචාරය වූ හත්වැනි වැඩසටහනේදී  ලාංකිකයා සහ තම ස්වාමිදුව ලකුණු අඩුවීම නිසා තරඟයෙන් ඉවත් වුහ.

 

 



අදහස් (0)

ලාංකිකයා තරගයෙන් ඉවතට

නලින් Friday, 18 October 2013 08:04 AM

පුබුදු, ඔයා කියපු කතාව හරි. මෙතන අදහස් දුටුවම සංසාරේ එපා වෙනවා. (නි)

:       0       0

ටෙනිසන් Friday, 18 October 2013 09:05 AM

ග්‍රෙගරිගේ ඉදිරිපත් වීම හා උත්සාහය අගයන අතර නැවත මෙවන් තරගයකට ඉදිරිපත් වී අවසානය කර ළගාවීමට (දිනුමම නොවේ) ශක්තිය වාසනාව පතමු. රූපවතීගේ අදහසට ගරුකරන අතර තරගයක් යනු දිනුම නොවන බව නොදත් මෝඩයන් ගැන කණගාටු වෙමි.ස්වාමියා හෝ ස්වාමිදුව හෝ ආයාතන ප්‍රධානියෙක් යම් බාරදුර කාර්යයක් සදහා තම සේවකයා සහභාගි කරවා ගන්නේ ඔහුගේ හැකියාව හා විශ්වාසය මතයි. එයම ලාංකිකයන්ට ගෞරවයක් (නි).

:       0       0

චන්දි Friday, 18 October 2013 09:06 AM

හරි , ජයලාල්, ඔයත් රූපවතිගේ අදහස් වලට අකමැතිනම් ඔයා එයාට පිළිතුරු නොලියා ඉන්න. ර‍ෑපවතිට කැමති අයත් ඉන්නවා හොදේ (නි)

:       0       0

රූපවතී Friday, 18 October 2013 09:13 AM

අපේ රටේ මිනිසුන් කොපමණ බුද්ධිමත් කොටසක්ද? කොච්චරද කිවුවොත් මේ වැඩසටහන මොකද්ද කියන්නවත් දන්නෙ නැති මහා උගත් කොටසක්.අනේ! බොරුවට කෑ ගහන්නේ ඇයි කියලාවත් දන්නවද? (නි)

:       0       0

මංජු ශ්‍රී Thursday, 17 October 2013 06:09 PM

රුපවති අක්කගේ අදහසට මම ගරු කරනවා අපේ රටේ මිනිස්සුන්ගේ කුහකකම නොහැකියාව සමහර අදහස් වලින් පේනවා ලාංකිකයගෙන් විස්වාසය තැබූ සුවාමි දුවට හා ඔහුට මතු දියුනුව පතනවා (නදී)

:       0       0

සමන් Thursday, 17 October 2013 11:27 AM

චිකේ ලැජ්ජාවේ බැහැ. ලංකාවේ කීරිති නාමයට හානි කරනවා. පිටරටවල අය ලංකාවෙන් කිව්වහම තියෙන්නේ විශාල ගෞරවයක්. ඒක රැක ගන්න දැන ගන්න ඕනේ. (ස)

:       0       0

කුසුම් Thursday, 17 October 2013 06:21 PM

මේ දවස් වල අපිට බලන්න තියන අලුත්ම ක්‍රීඩාව තමයි ගලේ පහරපු බළල්ලු ඒවා වහන්න උත්සහ කරන එක. බලන්න ලස්සනයි.(නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 17 October 2013 11:33 AM

මෙයා ගම කනවා! (ස)

:       0       0

චමත් ඉතාලිය Thursday, 17 October 2013 06:34 PM

ඔබට අපේ සුබ පැතුම්! නැවතත් දවසක මේ වගේ තරගයකට ඉදරිපත් වෙලා රටේ නම තියන්නට ඔබට දිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.සජිනි,රට දෙවෙනියට දාන්න එපා. (නි)

:       0       0

චන්දන Thursday, 17 October 2013 11:54 AM

මොන ගමද කාල තියෙන්නේ? හත් වෙනි වටයට යනකම් දිනලා තියෙනවා. (ස)

:       0       0

ඉෂාන් Thursday, 17 October 2013 11:56 AM

ඇයි මේ වගේ දෙකට සහභාගී වෙන එකම අපේ රටට මොන තරම් ගෞරවයක්ද? (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Thursday, 17 October 2013 11:59 AM

තරඟයකදී ජය පරාජය දෙකම පිළිගන්න ඕනේ. ඉදිරිපත්වීම අගය කරනවා. (ස)

:       0       0

දිනිති Friday, 18 October 2013 10:36 AM

අයියෝ මොනවද රූපවති අක්කේ, මෙහෙමත් ලැජ්ජාවට පත්වෙනවද? (නි)

:       0       0

අරුන්දක Friday, 18 October 2013 10:39 AM

රූපවති මීට පෙරත් මගෙන් හොදට අහගත්තා. ලැජ්ජාවක් නැද්ද? (නි)

:       0       0

අශාන් Thursday, 17 October 2013 12:14 PM

"සමන්" පිටරටවල අය ලංකාවෙන් කිව්වහම තියෙන්නේ විශාල ගෞරවයක් නම් නෙමෙයි වෙන දෙයක්. ඒ ගැන නම් කියන්නත් ලැජ්ජයි. අපේ රටේ අය පිට රට ගිහින්, තමන්ගේ වාසියට රට පවා දීලා,ජරා වැඩ කරලා , දැන් පිට රටකට ගිහින් ලංකාවේ කිව්වොත් අපි දිහා ඒ මිනිස්සු බලන්නේ නිකන් සතෙක් දිහා බලන විදිහටයි. (ස)

:       0       0

ගයන් Thursday, 17 October 2013 12:16 PM

ස්වාමිදුව හා සේවකයා රියැලිටි ටීවී වැඩසටහනක් නේ. අපේ අයට හොඳට වහල් කම පුළුවන් කියලා සතුටු වෙන්න පුළුවන් එහෙනම්. (ස)

:       0       0

දිල්රුක් Friday, 18 October 2013 10:50 AM

රූපවති හැමවෙලේම අනෙක් අයව පහත් කරලා කතා කරන්නේ. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 17 October 2013 12:25 PM

මෙහෙම ගම කන මෝඩයෝ හරියට ඉන්නවා. ෂුවර් එකටම අර ප්‍රසිද්ධ ගමේ. ආයි අහන්න දෙයක් නැහැ. (ස)

:       0       0

ජානී Thursday, 17 October 2013 07:39 PM

රූපවති, ඔයාගේ අදහස් වලට මං ගරු කරනවා. ඇත්ත කතා කරන අයට ලැබෙන ප්‍රතිචාර ඔහොම තමයි. ඵල ඇති රුකටලුනේ ගල් ගහන්නේ. මම නම් දන්නේ නැහැ මේ පුද්ගලයා "ගම" කෑවද කියන්න. නමුත් ඔයිට වඩා රටේ ප්‍රතිරූපය (උවමනාවෙන්ම) විනාශ කළා 2011 "ඇමසින් රේස් "කියන වැඩ සටහනට සහභාගී වුන ශ්‍රී ලංකික නිවුන් සොහොයුරියෝ දෙන්නා. ඔවුන්ගේ හැසිරීමෙන්,කතාවෙන් කුහක කම හොඳට ප්‍රදර්ශනය කළා. නමුත් ලංකාවේ පත්තර වල නම් ඔවුන්ව හොඳට පුම්බලා තිබුනා.(නදී)

:       0       0

ඉෂිනි මිලානෝ Thursday, 17 October 2013 07:41 PM

අනේ අපොයි.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 17 October 2013 12:28 PM

ඉතාලියට ආවත් තවම වලිගෙ කපාගෙන නැහැ වගේ. (ස)

:       0       0

ශ්‍රියානි Thursday, 17 October 2013 07:42 PM

අයියෝ සමන්, පරාජය වෙන එක ලැජ්ජාවක් නෙමෙයි තවත් දිරිමත් වීමක්. මෙහෙම ලියපු ඔයා ගැන ලැජිජයි.(නදී)

:       0       0

එච්.ඩී. ෆැන්සිස් Thursday, 17 October 2013 12:37 PM

මෝඩ කතා කියන්න දක්ෂ අය ඕනේ තරම්, මේ තරුණයත් මර්කේසාත් විතරක් නෙවෙයි තරඟයෙන් ඉවත් වෙන්නෙ. තවත් අය ඉවත් වේවි. මං වැඩසටහන බලනවා. ග්‍රෙගරි ගැන අපි සතුටු වෙන්න ඕනෙ, අපිට වඩා මර්කේසා කොච්චර සතුටු වෙනවද මේ තරුණයා එයත් එක්ක මෙයට සහභාගී වුනාට. ඉදිරියේ ඔහුට තැනක් එන්නත් බැරි නෑ යම් වැඩසටහනක. පටු ආකල්ප නිසා නිස්කාරනේ බාල්දු වෙන්න එපා. (ස)

:       0       0

මාලතී මිලානෝ Thursday, 17 October 2013 07:44 PM

සුභ පැතුම්! ලංකාවට වහාම ගිහිල්ල කුඹුරු හාන්න උදව් කරන්න..(නදී)

:       0       0

ෆීනා Thursday, 17 October 2013 12:37 PM

කොහොම උනත් හොඳ අත්දැකීමක් ලැබුන බව කිව හැකිය. මොකද මේ රටවල් වල සංචාරය කිරීමට ලැබීමට අවස්ථාවක් ලැබීම. (ස)

:       0       0

රූපවතී Thursday, 17 October 2013 12:42 PM

ලේක්කෝ ගලබඩ ... ලෝකය ගැන සාමාන්‍ය දැනුමවත් නැති හැටියටයි ඔයා අදහස් පල කරලා තියෙන්නේ ...ලෝකේ දියුණු රටවල් රියලිටි වැඩසටහන් ගොඩාක් ..වැදගත් විදියට ඕනෑම ආකාරයකින් පවත්වනවා ..ඒ වගේ ස්වභාවය අනුව ..එම රටේ . ආයතන සමාගම් ..මාධ්‍ය ..ඒ තරඟ කරුවන්ට ..සහය දෙනවා දිනුම් කරුවන්ට ලැබෙන ත්‍යාගයට වඩා රූපවාහිනිය සහ සියලු ජන මාධ්‍යන් ඔවුන්ව ජනතාව අතරට ගෙනියනවා ...බොහෝ විට ඉන් ලැබෙන ත්‍යාග මුදල රටේ අසරණ ,පවුල් කැන්සර් ලෙඩුන් , අංග විකල දරුවන් වෙනුවෙන් ..විදේශික අසරණයින් වෙනුවෙනුත් පරිත්‍යාග කරනවා ...තරඟ කරුවාද ඉන් ප්‍රසිද්ධියක් මෙන් ආස්වාදයක් ලබනවා ..මේවා හොඳ වැඩ ...ඔයාල ..ටිකක් ළිදෙන් ගොඩට යන්න බලන්න ...?ඒ සහෝදරට ඊ ළඟ වතාවේත් ඉදිපත් වෙන්න ශක්තිය ලැබේවා ...!!! (ස)

:       0       0

රුවන්තක මිලානෝ Thursday, 17 October 2013 12:43 PM

මෙයා 'උම්බෑ' කියලා කතා කරන කෙනෙක් වගේ පෙනෙන්නේ. (ස)

:       0       0

මාටින් Thursday, 17 October 2013 12:43 PM

බලන් ඉන්න අය විදියට, වලිගෙ කපාගෙන නැත්තේ කවුද කියලා, අපිට ඉතාම පැහැදිලියි. (ස)

:       0       0

සුභාෂිනී Thursday, 17 October 2013 12:46 PM

මේකේ ප්‍රතිචාර ලියල තියෙන අය වලිගෙ පාගාගෙන වගෙයි .මේක රට ගැන ප්‍රශ්නයක් නෙවෙයි.මීට වැඩිය රට ගැන ප්‍රශ්න තියෙද්දී දක්ෂකම් තියෙන මිනිහෙක් තමන්ගේ ස්වාමි දුවත් එක්ක තම හැකියාවන් ලෝකෙට උරගා බලන්න ගිය එක වැරද්දක් වත් වහල් කමකුත් නෙවෙයි .ස්වාමි දුවගේ හිතවත්කම යනු සේවකයාගේ අවංක හා විශ්වාස වන්ත භාවයයි. (ස)

:       0       0

රෝහණ Thursday, 17 October 2013 12:46 PM

පිටිගලගේ වලිගෙ තවමත් තියනවා වගේ.. (ස)

:       0       0

ඉෂිනි මිලානෝ Thursday, 17 October 2013 07:58 PM

අනේ අපොයි! (නි)

:       0       0

දුමින්ද Thursday, 17 October 2013 12:48 PM

ඒ මනුස්සයා හරි අහිංසක කෙනෙක්. එයා තරඟයට සහභාගිවීමත් ආඩම්බරයක්.,එතුමාව අපහසුවට අවමානයට පත්වන අදහස් නොදමා ඉන්න. එයාගේ හිතවතෙක් උනත් එවැනි අදහස් දැක දුක්වෙයි. (ස)

:       0       0

සන්ධ්‍යා රෝමය Thursday, 17 October 2013 12:52 PM

ලංකාවේ මී කිරි කර්මාන්තයට ලොකු සේවයක් කරන්න පුළුවන් වෙයි ආපහු ගියා නම්. (ස)

:       0       0

චමරී වෙරෝනා Thursday, 17 October 2013 12:54 PM

බලාගෙනයි...හරක් මස් කඩයක් ලඟින් වත් යන්න එපා. (ස)

:       0       0

සන්ධ්‍යා Thursday, 17 October 2013 12:56 PM

මේ අර අපේ නළුවා නේද..මෙයා දැන් එහෙත් රඟපානවද ...අනේ හොඳයි (ස)

:       0       0

ගුණපාල පෙරේ‍රා Thursday, 17 October 2013 01:00 PM

අදහස් පල කරලා තියෙන අයගේ විදියට වලිගෙ කපා ගෙන නැත්තේ කවුද, 'උම්බෑ' කියන්නේ කවුද, ගම කන මෝඩයෝ කවුද, ඉතාම පැහැදිලියි. (ස)

:       0       0

මල්කාන්ති වැනීසිය Thursday, 17 October 2013 01:03 PM

මෙයට ලංකාවේ පශු සම්පත් මණ්ඩලයේ රැකියාවක් ලබා දෙන්න. (ස)

:       0       0

කුමාරන Thursday, 17 October 2013 01:08 PM

අශාන් මහත්තයගේ කටේ රත්තරන් දාන්නා වටිනවා.කියන කතාව සම්පුර්ණ ඇත්ත.බොහො බටහිර රටවලට ලෝකේ තියන හැම ජරා උපක්‍රමයක් ම දාලා ඇතුලු වෙන අපේ උදවිය ඕනෑම ජරා වැඩක් කරලා සල්ලි හොයන්න උත්සහ කරන්නේ.මෙවැනි කැත සිරිත් නිසා ඔවුන් පදිංචි වෙලා ඉන්න ස්ථානවල අසල වැසියන්ටත් කරදරයි.සමහර ස්ව දේශිකයන්ගේ දේපල මෙන්ම ජිවිතත් අහිමි වෙලා තියනවලු. හැබැයි මේ ඔක්කොටම මුල නුගත්කම සහ දුප්පත් කම නොවෙයි.විලි ලැජ්ජාවක් නැති කම සහ වැරදී සමාජ ඇසුර.මෙතුමා සහබාගි වුනේ තරඟයකට.ඉතින් ඒක කොච්චර හොඳද? (ස)

:       0       0

අරුණ Thursday, 17 October 2013 01:24 PM

රූපවති, යන යන තැන දුගඳයි. මෙතනට නෑවිල්ල ඉන්න බැරිද? (ස)

:       0       0

අතුල_මිලානෝ Thursday, 17 October 2013 08:44 PM

බොහොම දුකයි සමහර පාටක අදහස් වලට.ඔහුව මෙම තරඟයට තෝරා ගැනීමත් ලොකු දෙයක් .කෙනෙකුට පහත් අන්දමට චරිත ගටනය කරන්න එපා.අප සතුටු වෙන්න ඕන ඔහු හට වෙනි වටය දක්වා පැමිණීම ගැන. (දී)

:       0       0

කුසුම් Thursday, 17 October 2013 01:31 PM

මුලින්ම ග්‍රෙගරි ජයසේන මහතාට ශ්‍රී ලාංකිකයෙකු ලෙස මගේ සතුට හා ගෞරවය පුද කර සිටිනවා. මන්ද, විදේශයකට ගොස් එම සමාජයන් හා බද්ද වෙමින් ඔවුන් සමග රුපවාහිනී රියලිටි වැඩසටහනකට සහභාගී වීමම එතුමා ලද විශාල ජයග්‍රහණයක්. (දිල්)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 17 October 2013 01:31 PM

මෙතන ඉන්න අය මොනවා කියනවද කියල මට තේරෙන්නේ නැහැ. මේ රියලිටි වැඩසටහන ඇමෙරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල වල තියෙනවා. ඉතාම අමාරු ඉලක්කයක් කරා යන්න තියෙන වැඩසටහනක් . පරාද උනා කියල ලජ්ජා වීමට වඩා ඉදිරිපත්වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්. (දිල්)

:       0       0

සිරිදාස Thursday, 17 October 2013 01:44 PM

මට නම් මගේ රට ගැන ලැජ්ජා හිතෙන්නේ, මේකේ අදහස් දාපු සමහරක් ගැන හිතන කොට. (ස)

:       0       0

දම්මික Thursday, 17 October 2013 01:44 PM

අනේ මොකද්ද ඒකේ වැරැද්ද . මීට වැඩ ජරා වැඩ කරන අය ඉන්නෙ. (ස)

:       0       0

සමන් Thursday, 17 October 2013 01:47 PM

මහතුනේ, මම මුලින් ප්‍රතිචාරය දැම්මේ විහිලුවට. ජය පරාජය දෙකම තරඟයක පොදුයි. ඔබ කරන රැකියාවත් අපිට සතුටක්. සුබ අනාගතයක්. අනාගතේ ඉතාලියේ ජනප්‍රිය නළුවෙකු වීමට වාසනාව ලැබේවා!! (ස)

:       0       0

දයාන් Thursday, 17 October 2013 01:47 PM

අයියෝ...සමහර අදහස් තියෙන්නේ ඊර්ශියාවෙන් සහ කුහකත්වයෙන් සපිරුණු අදහස් වලින්. තරඟයට සහභාගී වීමද අගය කල යුතු දෙයකි. අපි ඔහුට සුභ පතමු. (ස)

:       0       0

රූපවතී Thursday, 17 October 2013 02:22 PM

අරුණ මල්ලි ..ඔයාට පුලුවනි නම් රියලිටි වැඩ සටහන් ගැන ඉන්ටර්නෙට් හරහා ..කියවලා දැනුම ලබාගන්න ...ඔයා ඉන්න තැන සුවඳවත් කර ගන්න ...?දැනුම ලබාගන්න ..?මියැදෙන තුරාවට අපි උගත යුතු දේ ඉමහත් ...බව සිතන්න ...? ඒ පුද්ගලයට නිගා නොකරන්න ..?ලංකාවේ අසරණ දරු පැටියෙකුව දුෂණය කරන තාත්තෙකුට වඩා, උතුම් වැඩක් ඒ මිනිසා කරලා තියෙන්නේ ...? (ස)

:       0       0

රූපවතී Thursday, 17 October 2013 02:33 PM

බලන්න ඔයාල කුමන හීතුවක් අරඹයාද ..? මේ මනුස්සයට දොස් කියන්නේ කියලා ..ඇත්තටම ..කෙනෙක් බැන්න දැක්කා. ඒ නිසා හැමෝම වැල්වටාරම් ලීවා ..?. මේ මිනිසා ..විදේශයකදී ..ඒ මිනිහගේ මුදල් වියදම් කරලා ඉදිරිපත් උන ක්‍රියාවට කාටවත් ඇයි අමාරු ...? (ස)

:       0       0

සමන් Thursday, 17 October 2013 02:42 PM

අරුණ, රූපවති ගැන කියන දේට නම් මාත් එකඟයි. (ස)

:       0       0

පුබුදු Thursday, 17 October 2013 11:10 PM

විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර සිටින 3 වන පෙළේ පහත්ම ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සිටින්නේ ඉතාලියේ බව ලොවට පෙන්වීමට මෙහි පාසලකට නොගිය මට්ටමේ පහත් අදහස් දැමූ මිලානෝ,රෝම,වැනීසිය,ලේක්කෝ ඇතුළු සියලු නගර වල වෙසෙන ඔබ සියලු දෙනාම ලාංකිකයන් හැටියට ලජ්ජාවට පත්විය යුතුයි (නි)

:       0       0

එදිරිසිංහ Friday, 18 October 2013 10:38 PM

ටෙනිසන්, ඔබ ඉතාලිය ගැන දන්නේද? රටක් විදිහට ඔහු කළ දෙය මුළු ඉතාලියටම අපේකම පෙන්වීමක් වූ බැවින් ඒ දෙය ඉතාලියේ වෙසෙන අපේ ජනතාවට අනුමත කරන්න බැහැ (නි)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 11:37 PM

බල්ලෝ උඩු බුරුලති.ගැල ඉදිරියටම ඇදෙයි.අපේ ගමන අපි යමු.අපෙන් කාටවත් කරදරයක් නැත. (නි)

:       0       0

කුසුම් Thursday, 17 October 2013 03:11 PM

රුපවති, ඔයාගේ වටිනා අදහස් මා කියවා තිබෙනවා. ඒවා මේ මිනිස්සුන්ට කියල වැඩක් නැහැ. ඌරන් අතරේ මුතු වැපුරුවට පලක් නැහැ.(දිල්)

:       0       0

සමන් Thursday, 17 October 2013 03:15 PM

අයියෝ මම මුලින් අදහස් කලේ ශ්‍රී ලාංකිකයින් අපරාජිත විය යුතුයි කියලා විහිලුවට. ඒක අල්ලාගෙන පහත් පෙලේ අදහස් රැසක් දාලා. ඔබතුමාට ජයෙන් ජය වරදක් කලත් සිතකින් නෙමෙයි. (ස)

:       0       0

සජිනි මදුෂානි ඉතාලිය Thursday, 17 October 2013 03:45 PM

සමහරවිට මෙම කාන්තාව ඉතාලි කාරයෙක්ව ගත්තනම් තව දුර මේ තරඟයේ ඉදිරියට යන්න තිබ්බා. මේකෙන් උනේ අපේ රටට අප කීර්තියක් (ස)

:       0       0

චන්දි Friday, 18 October 2013 01:49 AM

මාලති මිලානෝ,ඔබගේ අදහසට මාගේ අප්‍රසාදය.මෙපමණ දුරක් තරග කළ ඔබට මාගේ ස්තුතිය! (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Thursday, 17 October 2013 03:56 PM

මේ කෙනාට දොස් කියන්න එපා. සිදු වුයේ භාෂාව නොදන්නාකමට වූ අඩු පාඩු. කෙසේ නමුත් මෙම පුද්ගලයා මේ කාන්තාව පාලනය කරගෙන ඉන්න එක ලොකු දෙයක්. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 17 October 2013 03:57 PM

සජිනි, සමහරවිට මේ ලාංකිකයා ලංකාවේ කාන්තාවක් සමග තරගයට මුහුණ දුන්නා නම් ඔයාගේ ඉතාලි කාන්තාව යන දුරටත් වඩා වැඩි දුරක් යන්න තිබුණා. ඉතාලියේ හිටි පළියට ඉතාලි සුද්දෝ සුද්දියෝ ලොකුයි කියලා හිතාගෙන තමන්ගේම මිනිසුන්ව අවතක්සේරු කරන්න එපා. (නි)

:       0       0

සමන් Friday, 18 October 2013 02:08 AM

ශ්‍රියානි, විහිළුවක්වත් තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

ජානි Friday, 18 October 2013 02:09 AM

සමාවෙන්න. රූපවතිගේ නෙමෙයි, අරුණ මල්ලිගේ අදහසට ගරු කරනවා (නි)

:       0       0

දුමින්ද Friday, 18 October 2013 02:11 AM

රූපවතිගේ මෝඩ පුහුමාන්නය මෙතනත් පෙන්නලා තියෙන්නේ... (නි)

:       0       0

සමන් Friday, 18 October 2013 02:19 AM

කුසුම් ගිහිල්ලා වැඩක් බලාගන්න (නි)

:       0       0

දයරටනේ Friday, 18 October 2013 02:22 AM

රූපවති මීට පෙරත් හොදට බැනුම් අහලා තිබුනා මට මතකයි. (නි)

:       0       0

සිරිමල් Friday, 18 October 2013 02:27 AM

රූපවති හොදයි කියලා දාලා තියෙන්නේ එයාම වෙන්න ඇති. නිකන් කාලය නාස්ති කරන වෙලාවේ ගෙයක් දොරක් පිරිසිදු කළා නම් නරකද? (නි)

:       0       0

ඉන්දි Friday, 18 October 2013 03:14 AM

අතුලගේ අදහසට මමත් එකගයි (නි)

:       0       0

හර්බට් Thursday, 17 October 2013 04:14 PM

කාගේත් ප්‍රතිචාර වලින් කියැවෙන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතවල තරමයි. මෙය හොද දෙයක්. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 18 October 2013 03:20 AM

ඇත්තෙන්ම ග්‍රෙගරි ගැන හරි සන්තෝෂයි.7 වැනි වටයටම පැමිණියා. අන්තිමට දිනන්නෙ එක යුවළයි. ඔහුට මාගේ සුභ පැතුම්! (නි)

:       0       0

සමන් Thursday, 17 October 2013 04:16 PM

සජිනි, ඔයා පාසල් ගිහිල්ලා තිබෙනවද? (නි)

:       0       0

කපිල Thursday, 17 October 2013 04:17 PM

මේ මනුස්සයා කළ වරද මොකක්ද? වැඩිපුර අදහස් දාලා තියෙන්නේ ඊර්ෂ්‍යාකාරයෝ (නි)

:       0       0

දයාරත්න Friday, 18 October 2013 03:39 AM

මෙම පළකරන එකිනෙකාගේ අදහස් ගැන බලනවිට බොහෝ දෙනෙක් එකිනෙකා අතර ගැටුම් ඇතිකර ගනිමින් දුර්වල, මාතෘකාවට අදාල නොවන, අසෝබන ආකාරයෙන් කතාකර ඇත. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 18 October 2013 03:52 AM

සමන් සහ අරුණ, රූපවතිගේ වැදගත් අදහස හොඳින් තව වරක් කියවන්න. මට පෙනෙන්නේ ඉතාලියේ ජීවත්වෙන හුඟ දෙනෙක් ග්‍රෙගරි මේකට සහභාගි වුණාට ඊර්ෂ්‍යාවයි වගේ. නැවතත් සහභාගි වීම අගය කරනවා, (නි)

:       0       0

ඇල්ෆ්‍රඩ් සොම්මලොම්බාර්දෝ Friday, 18 October 2013 04:05 AM

පාඨක අදහස් අනුව නම් මෙවර මොහු වරද්දාගෙන වගේ. (නි)

:       0       0

සුනිල්.විමලසුරිය Thursday, 17 October 2013 04:32 PM

ඉෂාන්, ෆ්රන්සි, ඔයාලගේ කතාව හරි (නි)

:       0       0

ආනන්ද Friday, 18 October 2013 04:32 AM

ලැජ්ජයි (නි)

:       0       0

කට්ටා Friday, 18 October 2013 06:27 AM

අත මිට ඇති කලට... නෑයොත් නො නෑයොත් නෑයෝය හැමවිටම... මොහු කලේ රංගනයක් පමණි.මේ අය පණ්ඩිතයෝ වෙලා අනාවැකි කියනවා. (නි)

:       0       0

ජයලාල් Friday, 18 October 2013 07:30 AM

ඉන්දු මෙල්බර්න්, සමන් සහ අරුණ, මෙතැනදී මේ තරුණයට බැනලා නැහැ. බැනලා තියෙන්නේ රූපවතිට. රූපවතී අදහස් දාන පණ්ඩිත ක්‍රමයට බොහෝ දෙනෙක් අකමැති පාටයි (නි)

:       0       0

ජානී Friday, 18 October 2013 06:20 PM

මේ කවුද මේ මගේ නමින් අදහසක් දාලා තියෙන්නේ? ලැජ්ජා නැද්ද අනුන්ගේ නමින් තමන්ගේ අදහස් දාන්න?මම කොහොමත් ඇත්ත ලියන රූපවතීගේ අදහස් වලට ගරු කරනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1561 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2035 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2524 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5742 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1805 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6405 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18316 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site