නයිජීරියාවේ ඔන්ඩෝ හා කෝගි ප්‍රාන්ත මායිමේ දී ශ්‍රී ලාංකිකයකු කප්පම් ඉල්ලා පැහැරගෙන ගිය බව නයිජීරියා ආරංචි කියයි. නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනුයේ ඉතාලි ඉදිකිරීම් සමාගමක සේවය කළ ඔහු කරුණාරත්න බවයි. කරුණාරත්න බේරාගැනීම සඳහා ගිය පොලිස් සහායකයාගේ වාහනය අතරමග දී නවතා ඔහු වාහනයෙන් ඇද මරා දමා ඇතැයි සහරා රිපෝටර්ස් පුවත්පත කියයි.
කරුණාරත්නගේ රියදුරු නයිජීරියා ජාතිකයා ද තුවාල ලබා රෝහල්ගත කැර සිටියි. කප්පම්කරුවන් කරුණාරත්නගේ නෑයන්ට දුරකථනයෙන් කතාකර ඇතැයි ද අතිවිශාල කප්පමක් ඉල්ලන බව ද කියති. කරුණාරත්න හොඳින් සිටියත් දැඩි මානසික පීඩනයකට හසුවී ඇතැයි නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යලාය කියයි.
නයිජීරියා මහ කොමසාරිස් කාර්යාලය නයිජීරියා පොලිස් කොමසාරිස්ට පැමිණිලි කැර ඇතැයි ද සියළු පොලිසිවලට මේ බව දන්වා ඇතැයි ද කියති. කරුණාරත්න ඉතාලි සමාගම යටතේ දස වසරක්ම නයිජීරියාවේ සේවය කළ කෙනෙකි.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලාංකිකයා නයිජීරියාවේ දී පැහැර ගනී
දයා අලහාකෝන් Thursday, 21 May 2015 10:03 AM
ශ්‍රී ලාංකිකයා මරා දමන්න මොන ප්‍රශ්ණයක් බලපෑවද දන්නේ නැහැ (නදී)
ශිරන්ති Thursday, 21 May 2015 10:49 AM
දයා අයියේ,මෙතන ශ්‍රී ලාංකිකයා මරා දැම්මා කියලා කියවෙනවද....? බේරා ගැනීමට ගිය පොලිස් සහයකයා මරලා තියෙනවා.රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. (ස)
චමල් Thursday, 21 May 2015 12:01 PM
කෝටියක් පඩි දෙනවා කිව්වත් නයිජීරියාව වගේ රටකට වැඩට යනවද. බොකෝ හරාම් එබෝලා ගැනවත් අහල නැද්ද (නදී)
නාලනී Thursday, 21 May 2015 12:51 PM
අපේ අය යම්දෙයක් තේරුම් ගැනීමේදී වැරදි ලෙසමයි තේරුම් ගන්නේ (නි)
පහන් Thursday, 21 May 2015 03:57 PM
දයාගේ ෆොටෝ එකක් මම දැක්ක දැන් හොදටම වයසයි අකුරු වරදිනවා .උණුවතුර ටිකක් නාල අැපල් ගෙඩියක් කාල පත්තරේ බලන්න එන්න (නදී)
ශාන් Thursday, 21 May 2015 05:37 PM
අපේ දිගු දුර විහිදුම් බලකාය යවමු වහාම...(ත)