IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ලාංකිකයා ලක්ෂ 430ක් අරන් පනී

ඉතාලියේ බ්‍රේසියා නුවර ගණකාධිකාරීවරයකු ළඟ සේවය කළ ශ්‍රී ලාංකිකයකු යුරෝ ලක්‍ෂ දෙක හමාරක් හෙවත් රුපියල් ලක්ෂ 430 ක් සොරාගෙන ශ්‍රී ලංකාවට පැන ඇතැයි ඉතාලි පොලිසියට පැමිණිලි කැර ඇත. ඉතාලිය පුරා කාර්යාල දහයක් පවත්වාගෙන යන මේ ධනවත් ගණකාධිවරයා වන අන්තෝනියෝ රෝස් එසැණට පැවැසුවේ මේ සොරකම නිසා තම ව්‍යාපාර කඩාවැටෙනු ඇති බවයි. හතර දෙනකු සමග එක්වී ඇරඹූ ව්‍යාපාරයට මේ සොරකමත් සමග ලොකු අභියෝගයක් එල්ල වී ඇතැයි ඔහු පවසයි. මේ සිද්ධියත් සමග ඔහු ගේ කාර්යාලවල සේවය කළ ශ්‍රී ලාංකිකයෝ දස දෙනෙක් ද සේවයෙන් ඉවත් කරනු ලැබූහ. ගෙදර පිරිසුදු කිරීමට ආ මේ ශ්‍රී ලාංකිකයා ජයලත් ගෝඨාභය වික‍්‍රමසිංහ යන බොරු නමකින් පෙනී සිටි බවද ගණකාධිකාරී පොලිසියට කියා ඇත. හරින්ද්‍ර බන්දුල ලොකුගේ යනුවෙන් ඔහුට තවත් නමක් ඇතැයි ඉතාලි පොලිසිය පවසයි. වසරකට පෙර නාත්තන්ඩියෙන් ඔහු ඉතාලියට ගොස් ඇත්තේ වෙන කෙනකුගේ නමින් බවත් වසරක් පමණ එහි අනවසරයෙන් රැඳී සිටි බවත් ඉතාලි ආරංචි සඳහන් කරයි.



අදහස් (0)

ලාංකිකයා ලක්ෂ 430ක් අරන් පනී

වරුණ Tuesday, 25 September 2012 04:51 PM

සක්විතිගෙ ගෝලයෙක්ද කොහෙද?(නු)

:       0       0

හැරිස් Tuesday, 25 September 2012 04:57 PM

ඔය කියන හැමෝම අවස්ථාවක් එනකම් ඉන්නේ.. අවස්ථාව ආව අය ඒක කරන එක සාමාන්‍ය දෙයක්.. තමන්ගේ පපුවට තට්ටු කරලා අහන්නකෝ මේ මුදල දුන්නනම් මොකද කරන්නේ කියලා.. එතකොට ඔය කාටවත් රට මතක් වෙන්නේ නැහැ.. ඒක තමයි ඇත්ත..!(නු)

:       0       0

රොෂාන් Tuesday, 25 September 2012 04:58 PM

මූව ඇල්ලුවට පස්සේ (අල්ලයිද කියල දන්නේ නැහැ), ආපහු ඉතාලියටම එක්කන් ගිහින් වතිකානුව ඉස්සරහ තියලා මුගේ එක අතක් කපා දාන්න ඕනෑ. ඔක්කොටම පාඩමක් විදිහට. (නි)

:       0       0

ඉන්දික Tuesday, 25 September 2012 05:06 PM

පවු අර වෑඩ කරපු අනිත් අය.

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Tuesday, 25 September 2012 05:05 PM

ගිය තැන ඉවරයි. සිංහල අයගේ හැටි තමා මේ විදහාපාන්නේ. අපේ රටත් වනසලා දැන් මේ රටවලූත් වනසන්නද හදන්නේ? ශ්‍රි ලංකා නාමයටත් කැළලක්.මේ වන විට දහස් ගානක් ඉතාලියේ රැකියා නොමැතිව අන්ත අසරණව ඉන්න සිංහල පිරිස් හට මරු පහරක්. මෙවැනි සිද්ධීන් වලින් මේ රටවල් වල අවංකව රැකියා කරමින් ඉන්න අයටත් අවනම්බූවක්. ගරු ජනාධිපතිතූමනි,මේ පූද්ගලයින්ට නිසි ක්‍රියා මාර්ගයක් ගෙන දඩූවම් දෙන්න. (නි)

:       0       0

වරුණ Tuesday, 25 September 2012 05:12 PM

මේවට දෙන දඩුවම මොකද්ද

:       0       0

නාලක Tuesday, 25 September 2012 11:27 PM

ලජ්ජා නැද්ද මනුස්සයෝ

:       0       0

පනාගොඩ Tuesday, 25 September 2012 05:25 PM

මේ පුද්ගලයා වෙන්නප්පුවෙ නේද?(නු)

:       0       0

කුමාර Wednesday, 26 September 2012 01:17 PM

ගණකාධිකාරවරයා මෝඩයක්ද ?මෙච්චර ආරක්ෂක වැඩ පිළිවෙලවල් තියෙද්දිත්ද මෙහෙම වෙන්නේ..(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 26 September 2012 12:57 AM

මවූබිමත් කාලා මෙහෙ ඇවිත් ශ්‍රි ලංකා නාමයත් විනාශ කරනවා. එක පූද්ගලයෙක් නිසා සමස්ථ ශ්‍රි ලාංකිකයින්ටම අවනම්බුවක්. මේ වන විට ශ්‍රි ලාංකිකයින් දහස් ගණනක් මේ රටේ රැකියාවක් නොමැතිව අන්ත අසරණව ඉන්නවා. මෙය එම පිරිසට එල්ල වූ බලවත් පහරකි. ඉදිරියේදී තවත් මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වහාම රජය මැදිහත්වී මේ හොරුන්ට නිසි දඩූවම් ලබා දෙන්න. හැරිස් මහත්මයෝ, ඔබතූමා අදහස් එක් කරන විට මීට වඩා නූවනින් විමසා බලා අදහස් එක්කළොත් හොදයි. ඒ මන්ද, හොර හිත, වංචාව නොමැති දහස් ගණනක් මේ වන විට මේ රටේ සේවයේ යෙදිමින් අවංකව වැඩ කරනවා. මේ රටේ ඉන්න සෑම කෙනෙකූම ඔබ කියන ඔය අවස්ථාවෙමයි නිතරම සිටින්නේ. නමූත් ඔබට නැගූණූ ඒ දූෂ්ට චේතනාව නැහැ. (නි)

:       0       0

පැස්කල් මිල්රෝයි ඉතාලිය Tuesday, 25 September 2012 05:30 PM

ඉතාලියේ ශ්‍රී ලාංකික සේවකයන්ට තියෙන්නේ හොද ඉල්ලුමක්.. මේවගේ හොරු නිසා එම තැන නැතිවෙනවා..!(නු)

:       0       0

ජයසූරිය Wednesday, 26 September 2012 01:08 AM

පාඨක හිතවතුනි මෙයා වෙන්නප්පුවේ නොවේ. මෙයාගේ තාත්තා වෙන්නප්පුවේ පොලිසියට අවුරුදු ගානකට කලින් ඇවිත් වෙන්නප්පුවේ පදිංචි වෙච්ච නිසා දැන් මෙයා එහෙම කියනවා . (නි)

:       0       0

ලකී Wednesday, 26 September 2012 01:13 AM

කෝටි ගාණක් ඉස්සුවට පස්සේ ....තිස්තුන් කෝටියක් ප්‍රශ්න පස්සෙන් එනවා ???????????????????(ස)

:       0       0

ගාල්ලෙ ඇතීනා, Wednesday, 26 September 2012 02:16 AM

මේ හොරා කී දෙනෙකුගේ රැකියාවන් අහිමි කරලාද? ස්වාමියා. අපේ සහෝදරයෝ,ස්වාමියාගේ කොටස් කරුවන්.තව අපේ අය කෙරේ ඉතාලි ජාතිකයන් තැබූ විශ්වාසය ඔය කොටිගනනට වඩා වටීනා බව වසර 22 ක අත්දැකීමෙන් මට නම් හොඳටම විශ්වාසයි.කාගෙන් ගැලවුනත් ඔබට ඔබෙන් ගැලවීමක් නැතිවේවි.(නු)

:       0       0

රාජා Wednesday, 26 September 2012 01:45 PM

අපි විදේශ රටකදි වැරැද්දක් කලාම ඒගැන කතා කරන්නේ එය කල පුද්ගලයගේ නමින් නෙවෙයි මුලු සමස්ත ශ්‍රී ලාංකිකයින්ම එහෙමයි කියලයි. ඒනිසාම තමයි අනෙක් දහ දෙනාවත් එලියට දැම්මේ. මින් හොදින් රැකියාව කරගන ඉන්න අය දිහාත් විදේශිකයින් බලන්නේ වපර ඇහින්. රටට අවනම්බුවක් එක්කල මේ පුද්ගලයා අල්ලලා ඉතාලියට භාර දෙන්න ඕනෙ දඬුවම් කරන්න. (ස)

:       0       0

රෝහණ රණතුංග Wednesday, 26 September 2012 02:38 AM

ආ... ඒවා හොද වැඩ.. ලංකාවට නේ ගෙ‍නාවේ..!(නු)

:       0       0

විජේ Wednesday, 26 September 2012 02:08 PM

ඔය තියෙන්නේ

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 26 September 2012 02:39 AM

මෙහෙමයි කතාව ලංකාවෙ මිනිසුන්ගේ වැඩි දෙනෙක්ගේ තත්තවය මේකයි.. ලංකාවෙ මිනිස්සු හොදයි කියලා තක්සේරු කරන්න එපා.. ඇත්ත තිත්තයි..!(නු)

:       0       0

නාලක Wednesday, 26 September 2012 02:58 AM

රටට විදේශ විනිමය ගේන්නනේ මේ හදන්නේ.. අස්කරපු අයටත් කීයක් හරි දෙන්න..!(නු)

:       0       0

පිරිස් Wednesday, 26 September 2012 03:46 AM

රට කනවට දඩුවම් දෙන්න ඕනේ

:       0       0

රත්නසිර Wednesday, 26 September 2012 02:16 PM

ප්‍රීතී, ඔබේ කමෙන්ටුව ගැන කණගාටුවෙමි, මුදලට වඩා රටේ ගෞරවය වැදගත්, ඔබට ඔබගේ ගෞරවය පවා වැදගත් නොවේ නම් අප කුමක් කරන්නද? හරිම කණගාටුයි.(ස)

:       0       0

බ්‍රීසා Wednesday, 26 September 2012 07:54 PM

කරලා තියෙන්නේ ගද ගහන වැඩක්නේ. (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 26 September 2012 03:55 AM

අපි අදහන ආගමට අනුව මැරෙන මොහොතේ හෝ පටිසන් දේවි. (නි)

:       0       0

නන්දන Wednesday, 26 September 2012 04:32 AM

දඩුවම් දෙන්න ඕනේ

:       0       0

පනාගොඩ නන්දන Tuesday, 25 September 2012 05:33 PM

ශ්‍රී ලංකා සමාජය තුල කුමකටද මේ තරම් වංචා, හොර මැර කම්..?(නු)

:       0       0

ජැස්මින් Wednesday, 26 September 2012 04:45 AM

ලැජ්ජයි. (නි)

:       0       0

බන්දු Wednesday, 26 September 2012 08:01 PM

දුප්පත් මිනිහෙක් නම් පවු. ඒත් මෙයා සල්ලි තියෙන මිනිහෙක්නේ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 25 September 2012 05:28 PM

හොරාට කොහෙත් එකයි (නි)

:       0       0

ලංකා Wednesday, 26 September 2012 04:52 AM

අපි ලංකාවේ නම කන්නේ නැතුව බබළවන්න ඕනේ

:       0       0

පැස්කල් Tuesday, 25 September 2012 05:32 PM

හැරිස්, ඔබ මෙම වාර්තාව හරිහැටි කියවා නැති හැඩයි (නි)

:       0       0

අශෝක Tuesday, 25 September 2012 05:34 PM

සංඛ්‍යාත්මකව බැලූ විට මෙවන් කටයුතු වලට වැඩිපුර සම්බන්ධ වන්නේ වෙන්නප්පුවේ අයයි (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 25 September 2012 05:35 PM

ඒක හැළියෙයි බත් කන්නේ - කන හැළියෙයි පහරන්නේ... මොකද මේ ලාංකිකයන්ට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

පැතුම් Tuesday, 25 September 2012 05:45 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

පිටිගල Tuesday, 25 September 2012 05:47 PM

මෙවන් අය කරන සමාජ පරිහානියට විරුද්ධව වීදිබැසිය යුතුයි (නි)

:       0       0

බුද්ධික Tuesday, 25 September 2012 05:56 PM

හාර කොටි තුන් ලක්ෂයක්

:       0       0

සනත් Wednesday, 26 September 2012 03:20 PM

සුනිල් පෙරේරා , මෙහෙමයි කතාව ලංකාවෙ මිනිසුන්ගේ වැඩි දෙනෙක්ගේ තත්තවය මේකයි.. ලංකාවෙ මිනිස්සු හොදයි කියලා තක්සේරු කරන්න එපා.. ඇත්ත තිත්තයි..! ඇයි ලංකාවෙ විතරද මිනිස්සු ඉන්නෙ....මිනිසා කියන කොයි සතාත් එකයි.හැම රටකම ඉන්නවා ඒ ජාතියෙ මිනිස්සු. ලංකාවෙ මිනිස්සු ඔක්කොම ඔයාගෙ බොරු තරාදියට දාලා කිරන්න එපා. එක හොරෙක් නිසා අනික් මිනිස්සු ගැන හොයන්නෙත් නැතුව එලියට දාලා. ඒක පුදුම වෙන්න දේකුත් නෙවෙයි...ඔයාලා වගෙ හිතන අය තව ඉන්න නිසා.(ස)

:       0       0

පිටිගල රංජිත් Tuesday, 25 September 2012 06:01 PM

නන්දන පනාගොඩ ඔබ හරි..සීට්ටු දැමීම සහ අධික පොලියට ණය දීම වැනි දේවල් ආශ්‍රිතව වංචා බොහෝ වැඩි වෙලා..!(නු)

:       0       0

රූපා Tuesday, 25 September 2012 05:55 PM

ඔන්න ලංකාවේ මිනිස්සුන්ගේ හැටි

:       0       0

ඉවාන් බටවල Tuesday, 25 September 2012 06:08 PM

කැත වැඩක්..!(නු)

:       0       0

කුරේ නාවලගේ ජූඩ් යොහාන් Tuesday, 25 September 2012 06:11 PM

අලිතාලියා ගුවන් යානය පැහැරගත් අපේ අයට ලක්ෂ 450 මොකද්ද?(නු)

:       0       0

කුමාර Wednesday, 26 September 2012 03:36 PM

රටේ නම කාලා

:       0       0

ජයසිරි Tuesday, 25 September 2012 06:14 PM

මේ රටවල්වට හොරුන්ටද ගමන් බලපත්‍ර ලබා දෙන්නේ..!(නු)

:       0       0

රිෂාන් Tuesday, 25 September 2012 06:20 PM

මෙන්න වැඩ...!(නු)

:       0       0

මොහොමඩ් Wednesday, 26 September 2012 08:11 AM

කවුරු ගත්තත් ඒක හොරකමම තමයි..ගත්තු මිනිහට යහපතක් නම් වෙන්නේ නෑ. (ස)

:       0       0

කුරුවිට Tuesday, 25 September 2012 06:28 PM

එක්කෙනෙක් කෝටි පතියෙක් උනා දහ දෙනෙකුට රැකියාව අහිමි උනා..!(නු)

:       0       0

අසේල Tuesday, 25 September 2012 06:47 PM

මෙන්න වැඩ..!(නු)

:       0       0

හිරාන් Tuesday, 25 September 2012 06:40 PM

අයියෝ සල්ලි

:       0       0

වසන්ති Tuesday, 25 September 2012 06:48 PM

පොලිස් මහත්වරුණි, මෙයාලට අල්ලගත් ගමන් දඩුවම් දෙන්න.. (නු)

:       0       0

කන්කානම Tuesday, 25 September 2012 03:26 PM

මෙහෙම කෙනෙක් නම් ඉතිං අහන්න දෙයක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 03:39 PM

ශ්‍රී ලාංකිකයිනි ඔබලාට ඉතාලියේ ඉන්න ලැබෙන කාලය ඉතාම කෙටියි (ස)

:       0       0

ලක්මාල් Wednesday, 26 September 2012 08:48 AM

ඒ මුදල් අය වැය පියවා ගැනීමට යොදා ගනිමු (ස)

:       0       0

කුරුවිට Tuesday, 25 September 2012 03:46 PM

ගම කාල රට කනවා.(ස)

:       0       0

දම්මික Tuesday, 25 September 2012 03:47 PM

ලංකාව බබළවනවා..(ස)

:       0       0

මධු Wednesday, 26 September 2012 10:23 PM

ලංකාව හොරකමටයි, වංචාවටයි හරිම ප්‍රසිද්ධයි. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 September 2012 07:13 PM

දීල තියෙන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම්..!(නු)

:       0       0

රම්‍යා දේවගේ Tuesday, 25 September 2012 07:21 PM

වසන්ති කියනකම් තමයි හිටියෙ දඩුවම් දෙන්න..!(නු)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:44 PM

ලංකාවේ මිනිස්සු කලොත් මෙහෙම දෙකයි පනහේ වැඩක් තමයි කරන්නේ (ස)

:       0       0

රම්‍යා Tuesday, 25 September 2012 07:23 PM

ප්‍රීති, කෙනොකුට ගින්දර දීලා ගන්න සල්ලි මොකටද? ඔයාගේ අදහස ඉතාම නරකයි..!(නු)

:       0       0

දයා රත්න . Tuesday, 25 September 2012 03:51 PM

දැන් මොකද කරන්නේ අපි අපේ සල්ලි කෝ

:       0       0

සජී Tuesday, 25 September 2012 03:51 PM

මේ මිනිස්සු අපේ රට වනසනවා.(ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 26 September 2012 04:38 PM

අනේ අයියේ....මට කියාපන්. උඹ මේ සල්ලි ලංකාවට පැටෙවුවේ කොහොමද කියලා. (නි)

:       0       0

වසන්ත කුමාර Tuesday, 25 September 2012 03:53 PM

දැන් ඉතින් හොයපල්ලාකෝ

:       0       0

මනෝ Wednesday, 26 September 2012 11:04 PM

අයියෝ සල්ලි

:       0       0

ලාල් Tuesday, 25 September 2012 07:40 PM

ජාත්‍යන්තර නිතිය දන්නවද

:       0       0

කාරියවසම් Wednesday, 26 September 2012 11:27 PM

මේ වගේ‍ හොරු හින්දා අපිටත් ඉතාලියේ ඉන්න බැහැ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 03:57 PM

නිති පන්සිල් පොහොයට අටසිල් රැකගෙන සිටි අපේ අතීත හෙළයන් පරලොව ඉදලා බලනවා ඇති මේ තරම් තණ්හාවන්තයෝ අපේ පුංචි රටේ ගෞරවය විනාශ කරන හැටි (නි)

:       0       0

පෙරේරා Wednesday, 26 September 2012 10:02 AM

යහපතක්නම් සිදු වෙන්නේ නෑ ඔහෝම අය‍ට (ස)

:       0       0

චින්තක Tuesday, 25 September 2012 03:58 PM

කෝටි 4.3 ක් (ස)

:       0       0

නිලන්ත Tuesday, 25 September 2012 03:58 PM

යූරෝ 250,000 = 43,000,000 (ස)

:       0       0

මධු Wednesday, 26 September 2012 05:11 PM

ලංකාවේ නම දැන් අමුතුවෙන් කැතකරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ප්‍රීතී Tuesday, 25 September 2012 03:56 PM

සල්ලි ලංකාවටනේ ගියේ..ඒක නිසා මේ ගැන වැඩිය හිතන්න එපා..(ස)

:       0       0

මංජුල Tuesday, 25 September 2012 04:03 PM

වැඩේ කැතයි (ස)

:       0       0

චමල් Wednesday, 26 September 2012 10:55 AM

උඩ අදහස් දැක්වූ බෝධිසත්වයන්ට ඉරිසියාව. ඒ මනුස්සය අහුනොවුනොත් රජෙක් වගේ ජීවත් වේවි..(ස)

:       0       0

උපුල් Wednesday, 26 September 2012 10:56 AM

තවත් ශ්‍රී ලංකා වාර්තාවක් (ස)

:       0       0

කන්කානම්ගේ Tuesday, 25 September 2012 03:59 PM

දෙකයි පනහේ වැඩක් නෙමෙයි මහත්තයෝ කෝටි 4.3 ක වැඩක් (ස)

:       0       0

හෂාන් Wednesday, 26 September 2012 05:27 PM

කල කල දේ ඵල ඵල දේ.....ඔය සල්ලි වලින් විදින සැප ජීවිතේ ටික කාලයයි..හොරකමේ විපාක ලැබෙනවාමයි (ස)

:       0       0

සන්ජීව Thursday, 27 September 2012 01:40 AM

අනේ රොෂාන් බයිල කියන්නේ නැතුව ඉන්න. ඔයාට මේ සල්ලි ටික ලැබුණත් ඔයා කරන්නෙත් පැනල එන එකනේ..(ස)

:       0       0

ඉන්දික Thursday, 27 September 2012 01:38 AM

කුරුවිට හරි, තව කී දෙනෙක්ට ජොබ් නැති වේවිද ? (ස)

:       0       0

හිමා Thursday, 27 September 2012 01:50 AM

මේ මිනිස්සු අපේ රට වනසනවා. (නි)

:       0       0

සමන් Tuesday, 25 September 2012 04:01 PM

මෙයාලා ගිය තැන ගඳ ගස්සනවා .හරියට උරුලෑවා ගිය පාර වගේ..(ස)

:       0       0

නන්දන Tuesday, 25 September 2012 09:40 PM

ලාංකිකයා කියා කියන්න එපා ලැජ්ජයි

:       0       0

කවිදු Wednesday, 26 September 2012 05:45 PM

මෙහෙමත් මිනිහෙක්. (නි)

:       0       0

කේ.මාටිං Tuesday, 25 September 2012 04:13 PM

චින්තක හරි..!(නු)

:       0       0

අශෝක Tuesday, 25 September 2012 04:15 PM

සන්තෝසයි

:       0       0

සජිත් Tuesday, 25 September 2012 04:16 PM

ඉතාලිය තුල සේවය කරන අවංක ශ්‍රී ලාංකික පිරිස දස් ගනණකි. මේ වගේ හොරෙක් නිසා ලංකාවට ලොකු අවනම්බුවක් මේක.තවත් විදිහට මෙහෙ බැංකු වලින් ලෝන් ගහලා ලංකාවට පැනපු අය දිනෙන් දින වැඩි වෙනවා.ශ්‍රී ලංකාවේ අභිමානය ආරක්ෂා කර ගන්න ඕන නම් වහාම රජය මේකට මැදිහත්වී මේ හොරු ඉතාලියට නැවත භාර දෙන්න ඕන. (ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 25 September 2012 04:10 PM

කොලොත් ඔහොම වැඩක් තමයි

:       0       0

සිල්වා Tuesday, 25 September 2012 04:11 PM

සාධාරණයක් ඉෂ්ට කරන්න අනෙක් ම්නිස්සුන්ට

:       0       0

අමාර Tuesday, 25 September 2012 10:16 PM

හොදින් ඉන්න බලන්න

:       0       0

ෂෙහාන් Tuesday, 25 September 2012 10:18 PM

අපිට මොකද අනේ

:       0       0

ලාල් Wednesday, 26 September 2012 06:35 PM

අයියෝ සල්ලි

:       0       0

නන්දන Wednesday, 26 September 2012 06:40 PM

ඉතාලියේ ලාංකිකයන් අතර වෙන මෙම අකටයුතුකම් දුරලීමට පූජක පක්ෂයේ මැදිහත්වීම අවශ්‍යයි. (නි)

:       0       0

බර්ට් Tuesday, 25 September 2012 04:24 PM

නියම වැඩකාරයෙක් . (ස)

:       0       0

සිල්වා Tuesday, 25 September 2012 04:43 PM

අපෝ, නම ඇහෙද්දි බයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 792 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1646 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 912 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 306 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1415 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 993 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site