IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලාංකික පිරිසක් තවත් හොර ජාවාරමක

ජර්මානු  ව්‍යාජ  ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින්  ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුව හරහා ජර්මනිය වෙත යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක්  සහ ඔහුට ඒ සඳහා උදව් කළ තැරැව්කරුවෙකු  කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන්ගෙන් එක අයෙකු යාපනයේ පදිංචි 25 හැවිරිදි  තරුණයෙකි. තැරැව්කරු  ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකි. ඔහු එරට පුරවැසිභාවය ලැබු අයෙකි.

ව්‍යාජ ලියිකියවිලි සකසා උතුරේ තරුණයන් සිංගප්පුරුව හරහා ජර්මනියට යවන තවත් මිනිස් ජාවාරමක් පිළිබඳ ලැබුන තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම වැටලීම සිදු කොට ඇත.

මින් ජර්මනියේ පදිංචි පුද්ගලයා  මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත්   ඔහු යාපනයේ තරුණයාද රැගෙන  ශ්‍රී ලංකන් ගුවන්සේවයේ  ගුවන් යානයකින් සිංගප්පුරුව හරහා ජර්මනිය බලා යාමට ගුවන්තොටුපොළට පැමිණ ඇති බව අනාවරණය වෙයි.

මින් තරුණයා මුලින්ම තම  සැබෑ ගුවන් ගමන් බලපත්‍රය ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ වලට  සහ  ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙන්වා ගුවන් ගත වීමට සුදානම්ව ඇත.

පසුව තැරැව්කරු  ඔහු අතට ව්‍යාජ  ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දී  තරුණයාගේ සැබෑ ගුවන්ගමන් බලපත්‍රය ගුවන්තොටුපොළ වැසිකිලියේ සගවා ගුවන්ගතවිමට උත්සහ කරද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ දෙදෙනා   අත්අඩංගුවට ගෙන ඇත.

 තරුණයා අතට තැරැව්කරු විසින්  ලබා දුන්  ගුවන් ගමන් බලපත ජර්මනියේ සකස් කරන ලද ජර්මානු  ගුවන් ගමන් බලපත්‍රයක් බව අනාවරණය වී ඇති අතර  වැසිකිලියේ සගවා තිබු තරුණයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රයද සොයාගෙන ඇත.

මෙලෙස වරින් වර විවිධ තරැව්කරුවන් යොදා ගනිමින්  උතුරේ තරුණයින් ජර්මනියට රැගෙන යන  මිනිස්  ජාවාරමක්  මෙරට තුළ ක්‍රියාත්මක බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් මෙම ජාවාරම  මෙහෙයවන  පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ  සිදු කරති.

 

 



අදහස් (0)

ලාංකික පිරිසක් තවත් හොර ජාවාරමක

රසික Friday, 13 February 2015 05:48 AM

මේ මිනිස්සු රට රටවලට පනින එකෙන් වෙන්නේ ලංකාවේ නම කැතවෙන එක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 80 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 65 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 611 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 68 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 819 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1964 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site