IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලංකාදීප මාධ්‍යවේදියාට ගසා කැමරාවත් කඩයි

හාලි ඇළ පොලිස් මුරපොළ ඉදිරියේදී  සඳුදා (22) එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් අතර ඇතිවූ ගැටුමක් වාර්තා කර ආපසු නිවසට යමින් සිටි ලංකාදීප ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා ට පහර දී ඇත.

ඒ මහතා පවසන්නේ තමන් ත්‍රිරෝද රියකින් නිවස බලා යමින් සිටිය දී එම රථය නතර කළ පිරිසක් තමන්ට පහරදී තුවාල සිදුකැර කැමරාව ද කඩා දැමූ බවයි.

බදුල්ල රෝහලට ඇතුළත් වූ කුරුප්පුආරච්චි මහතා වැඩිදුර ප්‍රිතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණ සිටියි.

ඔහු   මෙසේ ද කීවේය.

‘හාලිඇළ නගරයේ ඇතිවූ ගැටුම ආවරණය කර අවසන් වී මා ආපසු යමින් සිටියා. මේ වෙලාවේ කට්ටියක් කෑ ගහගෙන මා ගමන් කළ ත්‍රීරෝද රථය දෙසට පැමිණියා. ඔවුන් කෑ ගසා කීවා මූ තමයි ෆොටෝ ගත්තේ ඇදලා ගනින් කියලා. එක්කෙනෙක් ලොකු පොල්ලකින් ත්‍රීරෝද රියේ වීදුරුව කැඩුවා. තවත් පිරිසක් මා ඇදලා අරගෙන පහර දුන්නා. කැමරාවත් කඩා දැමුවා.

තුවාල ලැබූ කුරුප්පුආරච්චි මහතා රෝහල්ගත කිරීමෙන් පසු පොලිස් නිලධාරීන් පැමිණ ඔහු හමුවී කතා කළ බවත් එසේ වුව ද රෝහල් පොලීසියෙන් කිසිවක් සටහන් කරනොගත් බවත් හෙතෙම පවසයි.

මුහුණට හානි සිදුව ඇති බැවින් එම් ආර් අයි  ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමේ හදිසි අවශ්‍යතාව මත තමන් පෞගලික රෝහලකට පැමිණි බව ද කුරුප්පුආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

ලංකාදීප මාධ්‍යවේදියාට ගසා කැමරාවත් කඩයි

සමන්ත Tuesday, 23 September 2014 02:28 PM

නැවතත් 88/89 වගේ කාලයක් එනවා වගෙයි. (නි)

:       0       0

පද්මේ Wednesday, 24 September 2014 06:34 AM

කැමරාව කඩපු එක නොවෙයි ප්‍රශ්නේ තියෙන්නේ ගැහුවේ මාධ්‍යට (දී)

:       0       0

ගුණවර්ධන Tuesday, 23 September 2014 03:50 PM

රූපවති නංගිගේ කතාව හරි තමයි මාද්‍ය වේදියකුට පහර දීම තරයේ හෙළාදකිනවා. නිදහසට තවමත් ඉඩක් නැහැ ලංකාවේ (නදී)

:       0       0

ජගත් Tuesday, 23 September 2014 04:24 PM

මේ රටේ මිනිසුන්ට ඇත්ත, යථාර්ථය තේරුම් ගන්න කාලය දැන් පහුවෙලා. රටේ සදාචාරය නැවත ගොඩගැනීමට බැරි ආකාරයකට වල්වැදිලා. (නි)

:       0       0

ටිරෝන් Tuesday, 23 September 2014 04:27 PM

මෙම ක්‍රියාව තරයේ හෙළාදකිමි (නි)

:       0       0

රූපවතී Tuesday, 23 September 2014 04:56 PM

මිනිසුනේ හිතපල්ලා .....!අද අපි මෙහෙමවත් කුසට අහරක් නැතත් අත ලෙවකාල වතුර බීල හරි ඉන්නේ මේ කියන මාධ්‍යවේදියෝ නිසයි කියල. ඒහෙම නොවෙන්න අද අපි ඉහලට ගන්න හුස්ම පොදටත් බද්දක් අය කරගෙන මෙලහට, මේ මැර ප්‍රහාරය නිසා අපි හිතමු ලංකාවේ ඉන්න සෑම මාධ්‍යකරුවෙක්ම තම සේවයෙන් ඉවත් වී හිටිය කියල, එහෙම උනොත් අපිට මොනවා වෙයිද? සාමාන්යෙන් මොනවගේ තත්වයක් අපිට උදාවෙයිද? කඩ පෙලේ තියන වාර්තා විත්ති ටික හැරුණු කොට, එදාට තේරේවි මේ කියන මාධ්‍යවේදියා තමා හැම පැය 24 ම අපේ දේශය වෙනුවෙන්, අපේ ජාතිය වෙනුවෙන් හඬක් නැගුවේ කියල. ඔය මොන මිනිහ පහර දුන්නත් අපි දැක්කේනැහැ අපේ ලංකාදීප මාධ්‍යවේදීන් කිසිම පැත්තකට කත් ඇදල ප්‍රවෘත්ති පළකරල තිබුණු වගක්, සැමට එක හා සමානව මහා ජනතාවගේ දැන ගැනීමට පළවූ ප්‍රවෘත්ති අපි කියෙවුවෙ..කිසිම බේදයකින් තොරවයි. මේ කරපු දේ ඔය සැමටම වමාරන්න වේවි ..? ඇති ගරු ජනාධිපති තුමාගේ අවධානයට මෙය යොමුවේවායි අපි සිතමු ..!! (ස)

:       0       0

ෆර්නෑන්ඩු Tuesday, 23 September 2014 09:27 AM

දැන් ඉතින් හෙට අනිද්දට කියන්න එපා මාධ්‍යවේදියා තමන්ටම ගහගෙන , එයම කැමරාව කුඩු කරගෙන කියල. (ස)

:       0       0

චානක Tuesday, 23 September 2014 08:11 PM

මේ ඌව මැතිවරණයේදී පමණක් කළ මැර ක්‍රියා දෙස බලනවිට ලංකාව ප්‍රජාත්‍රන්තවාදී ජනරජයක් ලෙස කොහොම හඳුන්වනවාද මන්දා. (නි)

:       0       0

රූපවතී Tuesday, 23 September 2014 10:07 AM

අන්තිමයි, මේ ක්‍රියාව මුළු මහත් ජනතාවම හෙලා දකිනවා. මම දැක්ක වීඩියෝ එකෙන් මේ මහත්මයට පහර දී ඇති අයුරු. රටේ වගකිව යුතු පුද්ගලයෝ බීරි අලියෝ වගේ පිස්සුවෙන් දගලනවා බලය ලබා ගන්න පමණයි? ඔය පම්පෝරි, සාධාරණය ඉෂ්ට වෙන්නේ ඒ බලයේ ඉන්න අතලොස්සකට පමණයි. ඒ කෙසේ වෙතත් මේ මාද්‍ය වේදියාට පහර දුන් අයව හොයාගෙන ගිහින් ජීවිත කාලයටම හිරේ දැමිය යුතුයි (නදී)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 24 September 2014 12:11 AM

මේවා අන්තිම පහත් වැඩ. අපේ රටේ දැන් නිදහසේ ජීවත්වෙන්න කාටවත් අයිතියක් නැද්ද?රටේ වෙන දේවල් ජනතාවට කියන්න ඉන්නේ මේ අය නේද?"කුරා කුහුඹුවෙකුටවත් හිංසා කරන්න එපා" යැයි බුදුන් දෙසු දහම් මොවුන් පිළිපදිනවාද?අපේ රටට ගිය කල! (නි)

:       0       0

මහේෂ් Tuesday, 23 September 2014 10:28 AM

මම දැක්කා පොලීසියේ අය ඉස්සරහම කඩු, පොලු තියාගෙන කට්ටිය ඉන්නවා. අනේ මෙහෙමත් නීතියක්. ලැජ්ජයි. ඕවා කතා කරන්න ගියාම කියනවා දේශ ද්‍ර‍ෝහීන් කියනවා. මේවා දැනගත්තම තමා ජාත්‍යන්තරය තවත් ඇඟිලි ගහන්න එන්නේ.(නදී)

:       0       0

චාමික Wednesday, 24 September 2014 09:27 AM

එහෙනම් අවධානය යොමු වෙනකන්ම ඉන්නකෝ. මාධ්‍යකරුවෝ සේවයෙන් ඉවත් වෙලා හිටියොත් එයාලට හම්බවුන ලැප්ටොප් ආයේ දෙන්න වෙයි. ඔයා කුසට අහරක් නැතත් අත ලෙවකාල වතුර බීල හරි ඉන්න මාධ්‍යවේදියෝ නිසාද? පව්. ඔයා ඉන්නේ මාධ්‍යවේදියෝ නඩත්තු කරන අනාත මඩමක වගේ. අපිනම් කන්නේ බොන්නේ අපි මහන්සියෙන් හම්බුකරගන්න සල්ලි වලින්. (ස)

:       0       0

සුමිත් Tuesday, 23 September 2014 11:23 AM

කොච්චර ගැහුවත් සමහරු යන්නේ, ගහපු අයගේ හොඳ කියන්නමනේ. (නි)

:       0       0

චාමික Wednesday, 24 September 2014 03:27 AM

රූපවතී නමින් පෙනී ඉන්නේ කව්ද කියලා නම් දැන් තේරෙනවා. ඇයි එළිපිට අදහස් දක්වන්න නියෝජිතයෙක් දාගන්න බැරි ? (නි)

:       0       0

රත්නායක Wednesday, 24 September 2014 03:54 AM

මාධ්‍යවේදීන්ට අත තියල වැඩේ වරද්ද ගන්න තමයි ඔය දගලන්නේ (දී)

:       0       0

රත්නායක Wednesday, 24 September 2014 04:16 AM

මාධ්‍ය වේදීන්ට පහර දුන්න , ආම්පන්න කුඩු කළා මේවා කලේ කවුද මේවාට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

රූපවතී Wednesday, 24 September 2014 10:03 AM

ඔය චාමික තමයි අපේ මාධ්‍යවේදියාට ගහල තියෙන්නේ..? පේනවා නේද කතාවෙන්ම පෙනෙනවා හොදටම බීලයි ඉදල තියෙන්නේ කියල තවමත් වෙරි මතගාතෙන් දොඩවනවා ..? ගුටිකාගෙන අපේ මාධ්‍යවේදියා මෙයාට ගෙදරටම නිව්ස් ටික ගෙනත්දෙනවා ..? එත් කත් අදින්නෙම ප්‍රාදේශීය සබාවට...? ලංකාවේ මිනිස්සු අත ලෙවකන්නවත් නැතිව මැරෙනවා තව අවුරුද්දක් මෙහෙම ගියාම ..? අපිනම් ඉන්නේ පිට රටමයි ..ඒ ඔය වගේ අසාධාරණයන් පෙන්වන්න බැරි නිසාමයි..!!! (ස)

:       0       0

චවික Wednesday, 24 September 2014 03:33 PM

එක මාධ්‍ය වේදියෙකුට කතා කරන්නත් බැහැ මේකද මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය වේදීන්ට ගහනකොට පොලිසිය මොකද කලේ (දී)

:       0       0

මිලි Wednesday, 24 September 2014 03:30 PM

මේවා විලි ලජ්ජා නැති වැඩ (දී)

:       0       0

කසුන් Wednesday, 24 September 2014 03:35 PM

කනගාටුයි ලංකාදීප (දී)

:       0       0

චාමර Wednesday, 24 September 2014 03:35 PM

මේවාට වග කියන්න ඕන මිනිස්සු එලියට එන්න (දී)

:       0       0

ඡායා Tuesday, 23 September 2014 12:15 PM

ජනාධිපති තුමා ලංකාවේ හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ (නදී)

:       0       0

පද්මා Wednesday, 24 September 2014 04:49 AM

ඒත් පොලිසිය මොකවත් කලේ නැද්ද (දී)

:       0       0

මිලින්ද Wednesday, 24 September 2014 04:49 AM

කිසි විටෙක අනුමත කරන්න බැහැ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 642 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 683 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2482 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 486 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 200 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site