IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලොකුබණ්ඩාර මෛත්‍රීගේ හොඳ කියයි

ඇතැම් පුදු්ගලයන් ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරයේ රැදී සිටින්නට උත්සාහ දරණ කාලයක තමන් ලද ජනාධිපති ධූරය වසර හතරකට සීමා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටීම ගැන අසා තමා පුදුමයට පත්වූ බවත්, මානව හිමිකමි සුරැකීම පිළිබද හැගීමක් ඇති තවත් නායකයකු  ඇතැයි තමන් නොසිතන බවත් හිටපු කතානායක වී.ජ.මූ.ලොකුබණ්ඩාර මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී කීවේය.

බුදු රජානන් වහන්සේගේ දේශනා තුළ ඇතළත් ව ඇති ආකාරයට පුද්ගලයෙකුට තනතුරක්, බලයක් හිමිවූ විට බලයට තනතුරට ගිජු නොවී, මුලා නොවී, නොඇලීමෙන්  කටයුතු කළ යුතුවා මෙන්ම එන්නා වූ අනතුරු පිළිබඳව ද විමසිලිමත් විය යුතු බව ලොකුබණ්ඩාර මහතා  ප්‍රකාශ කළේය.

ජනාධිපති ධූරයට පත්වූ පසු එමගින් උඩගු නොවී ජනාධිපති මන්දිරය පවා ප්‍රතික්ෂේප කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති,  සියල්ල අතහැරීමේ මේ උතුම් ගුණාංගය ප්‍රගුණ කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

යහපාලනය  අර්ථවත් වන්නේ එබදු පුද්ගලයින් නිසා බව කී ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද උදාර සේවය කිසිකලෙක කිසිවෙකුට අමතක නොවන බවද කීය.



අදහස් (0)

ලොකුබණ්ඩාර මෛත්‍රීගේ හොඳ කියයි

දුමින්ද Saturday, 08 August 2015 04:40 AM

බලය ඇති කෙනෙක් ගැන නියම වර්ණනාව ඇසෙන්නේ බලය අහිමි උන කලටය (නදී)

:       0       0

පුෂ්පා Saturday, 08 August 2015 04:46 AM

ශ්‍රී ලංකා දේශපාලනය ට ගැලපෙන අන්දමේ ප්‍රකාශයක්. අද එකක් හෙට තව එකක් අනිද්දා වෙනමම එකක්. කොහොම නමුත් ජනපතිවරයා හොඳ මනුස්සයෙක් වගේ තමයි අපිටත් හිතෙන්නේ. (නදී)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Saturday, 08 August 2015 05:19 AM

කෝ මේ පිවිතුරු යහපාලගේ අදහස්? පිවිතුරු යහපාල පිවිතුරු යහපාල පිවිතුරු යහපාල කෝ මේ පිවිතුරු යහපාල (නදී)

:       0       0

සිරිමල් Saturday, 08 August 2015 05:23 AM

පුතා එකක් කියනවා තාත්ත තව එකක් කියනවා. අපිට තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

ගාමිණී Saturday, 08 August 2015 05:29 AM

ලොකු බණ්ඩාර මත්තයා ඇත්ත ඇති සැටියෙන් දැක්ක කෙනෙක් එතුමා ට ප්‍රණාමය. ජනතාවත් ඇත්ත තේරුම් අරගෙන ඉන්නේ. (නදී)

:       0       0

චන්න බුවනක Saturday, 08 August 2015 02:19 PM

ෆේස් බුක් එකේ තියෙනවා හොඳ හොඳ සංස්කෘතික පින්තුර ටිකක්. ඒවා නවත්වන්න බලන්න . අනුන්ගේ හොඳ කිය කියා ඉන්නේ නැතුව.(නදී)

:       0       0

සුරන් Saturday, 08 August 2015 05:49 AM

පතෝල සහ කරවිල අතර වෙනස හැමෝම දන්නවා (නදී)

:       0       0

අරුණසිරි Saturday, 08 August 2015 06:16 AM

කෙනෙකුට බලය තියන විට වර්ණ කරනවා, ගරු කරනවා බලය නැති විට අපහාස කරනවා. ඒවා තමන්ගේ වාසියට කියන කතා (නදී)

:       0       0

ඇග්රෝ Saturday, 08 August 2015 06:30 AM

අනේ ලොකුබණ්ඩාර මහත්තයෝ, සිංගප්පුරුව වැනි රටවල මොකද උනේ? අපිට ඕනි පෞද්ගලික දේවල් නෙමෙයි රට ගොඩ ගන්න. (නදී)

:       0       0

බණ්ඩා Saturday, 08 August 2015 06:35 AM

ශ්‍රී ලංකාව තවත් සිරියාවක් කරන්න ගිය ගමන පහුගිය ජනවාරි 8 වෙනිදා නතර කළා. අපගේ ජනාධිපති තුමාට අපි සදා ණය ගැතියි (නදී)

:       0       0

ඉශාර Friday, 07 August 2015 03:38 PM

ලොකුබණ්ඩාර මහත්තයට ජයශ්‍රී! (නි)

:       0       0

උපාලි Friday, 07 August 2015 03:47 PM

මිනිසෙකුගේ උතුම් ගතිගුණ පෙනෙන්නේ තවත් මිනිසෙකුටම පමණයි (නි)

:       0       0

සුජීව(ජර්මනි ) Friday, 07 August 2015 03:48 PM

ලොකුබණ්ඩාර මැතිඳුණි, යන්තම් ඇති. ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාව ඔබට වඩා ඉදිරියෙන් . (නි)

:       0       0

ලංකා Saturday, 08 August 2015 07:14 AM

ජනතාවගේ හද ගැස්ම තේරුම් ගන්නා අවංක දේශපාලකයන් තෝරාගන්න (නදී)

:       0       0

මාලිික Friday, 07 August 2015 04:01 PM

අනේ ‍අම්මපා මෙහෙමත් ‍දේවල්! මොකද දන්නෙ නැහැ හදිසියේම? (නි)

:       0       0

සුබෝධිනී Friday, 07 August 2015 05:12 PM

අනේ මහත්තයෝ! (නි)

:       0       0

සලීම් Friday, 07 August 2015 05:39 PM

ආයෙත් පිම්මක් පනින්නවද්ද හදන්නේ? (නි)

:       0       0

රවී Friday, 07 August 2015 05:47 PM

ඒකත් එහෙමද? අපි එහෙනම් පුතා ගැන 17 බලාගන්නම් (නි)

:       0       0

ලකී Friday, 07 August 2015 06:50 PM

ආ! මම බැලුවා ඒත් මොකද මේකට මෙච්චර ප්‍රමාද කියලා (නි)

:       0       0

ගමගේ Friday, 07 August 2015 06:55 PM

පුතා මහින්දගේ හොඳ කියනවා. තාත්තා මෛත්‍රීගේ හොඳ කියනවා. අපි තමයි බලනකොට මෝඩයෝ (නි)

:       0       0

සමන් Saturday, 08 August 2015 07:58 PM

මුලදී එහෙම කිව්වට අපි නම් මේ ටිකට ක්‍රියාවෙන්ම දැක්කා ඇත්ත. තව කල් යනකොට තේරෙයි අනෙක් හරියත් (නි)

:       0       0

අප්පුහාමි Friday, 07 August 2015 07:30 PM

මෙතුමාගේ කතාව නම් හොඳයි. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 07 August 2015 07:30 PM

මොනවාහරි තනතුරක් බලාපොරොත්තුවෙන්වද්ද? (නි)

:       0       0

විපුල Friday, 07 August 2015 07:42 PM

කවුරු අමුතුවෙන් කිවුවත් නැතත් එතුමා කොහ‍ොමත් හොඳයි තමයි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 07 August 2015 08:01 PM

කලකට පසුව ඔබ ඇත්ත ප්‍රකාශ කිරීම ගැන අපිට සතුටුයි (නි)

:       0       0

සරත් Friday, 07 August 2015 10:09 PM

මෙතුමා කියන්නේ ඇත්ත (නි)

:       0       0

අශෝක ‍ Saturday, 08 August 2015 12:10 AM

එතුමා කොච්චර හොඳ කෙනෙක්ද? (නි)

:       0       0

කුමාර Saturday, 08 August 2015 12:21 AM

මමත් මේ කතාවට එකඟයි (නි)

:       0       0

නිමල් Saturday, 08 August 2015 12:39 AM

එතුමා නම් ඕවට රැවටෙන්නේ නැතිවෙයි (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 08 August 2015 12:46 AM

ඒ නිහතමානීකම අපි කවදත් දැක්කා. එයයි එතුමාගේ ජනප්‍රියත්වයට හේතුව (නි)

:       0       0

විකුම් Saturday, 08 August 2015 12:55 AM

මොනවාහරි බලාපොරොත්තු වෙනවා වගේ මට නම් දැනෙනවා (නි)

:       0       0

සෙනරත් Saturday, 08 August 2015 08:23 AM

ඒ උනාට මෛත්‍රී මහත්තයා නම් හිතන්නේ මේ අවුරුදු 5 ත් වැඩියි කියලා වැටුණු අමාරුවේ තරමට. එතුමා දැන් තමයි දන්නේ දේශපාලනයේ යෙදෙන්නේ මොන තරම් අන්ඩපාලයෝද කියලා. තව පොඩ්ඩෙන් ඔක්කොම බලතල ටික උදුරාගෙන නිකම්ම නිකම් ජනාදිපති වෙනවානේ. සෞඛ්‍ය ඇමතිකම නම් මොනවා හරි කියා කියා හිටියා ඔය වකුගඩු රෝගීන් ටික මැරුණට. (නදී)

:       0       0

රුවන් Saturday, 08 August 2015 01:11 AM

මොකක්ද දන්නෙ නැහැ මෙතුමාගේ අලුත්ම බලාපොරොත්තුව? (නි)

:       0       0

පද්මිණී Saturday, 08 August 2015 08:45 AM

දසරාජ ධර්මයට අනුව රට ගෙනියන්න සැරසෙන නායකයෙක්. සුබ පතනවා. (නදී)

:       0       0

සහන් Saturday, 08 August 2015 01:30 AM

දැන් නම් මහින්දගේ නැව ගිලිලා ඉවරයි. 18 වෙනිදා උදේ වෙනකොට කළ පව් වල ප්‍රතිඵල ලැබේවි (නි)

:       0       0

විමල් Saturday, 08 August 2015 08:56 AM

ආණ්ඩුකර කමක් ගන්න බලගෙන වගේ. (නදී)

:       0       0

යටවත්ත Sunday, 09 August 2015 02:03 AM

හොඳයි හොඳයි. ඔහොම යමු‍කෝ! (නි)

:       0       0

මිහිරාජ් Saturday, 08 August 2015 01:37 AM

ඇත්ත ප්‍රකාශ කිරීම ගැන බොහොම ස්තුතියි (නි)

:       0       0

ජයසේන Saturday, 08 August 2015 09:11 AM

මහත්තයෝ! ප්‍රතිපත්තියක් නැතිකමත් එක්තරා ප්‍රතිපත්තියකි. (නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 09 August 2015 03:00 AM

චන්දන -ඕස්ට්‍රේලියා, පිවිතුරු යහපාල, පිවිතුරුට දෙන්න මට උත්තර නැහැ (නි)

:       0       0

ලාල් Saturday, 08 August 2015 02:00 AM

මේකට කියන්නේ "විජ්ජාවෙන් ජනතාව මුලකිරිම" (නදී)

:       0       0

පෙරේරා Saturday, 08 August 2015 09:28 AM

ඒ වුනාට අපේ මහින්ද මහත්තයත් බලයට කවදාවත් කෑදර කෙනෙක් නෙවි නේ. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 08 August 2015 02:04 AM

මෛත්‍රී මහත්මයා බලයට කෑදර කෙනෙක් නොවෙයි. රටට, ජනතාවට ආදරය ඇති අවංක ජන නායකයෙක්.(නදී)

:       0       0

වසන්ත Saturday, 08 August 2015 02:43 AM

මහින්ද මහාතාට ගහපු අතුල් පහරක්. සත්‍ය නම් එ්කයි. පුතාගේ මනාප වලට මොනවා වෙයිද? (නදී)

:       0       0

අනුසර Saturday, 08 August 2015 03:07 AM

වාසියට මෙහෙම කියන අය බණද වැදී බණද මහත්තයෝ (නදී)

:       0       0

නිෂී Saturday, 08 August 2015 03:26 AM

එතුමා ඇත්ත ඇති සැටියෙන්ම දකින කෙනෙක්. (නදී)

:       0       0

රවී Saturday, 08 August 2015 03:29 AM

පුතාටත් ගෙදර ගිහිල්ල තේරුම් කරලා දෙන්න (නදී)

:       0       0

චින්තක Saturday, 08 August 2015 03:35 AM

කමක් නෑ තාත්තා මෛත්‍රීට පුතා මහින්දට (නදී)

:       0       0

අමල් Saturday, 08 August 2015 10:44 AM

ඔක්කොටම කලින් සොයා බලන්න අර අන්තර්ජාලයේ සංසරණය වන පුතාගේ පින්තුර ගැන. මෙහෙ අනුන්ගේ ප්‍රශස්ති ගීත ගැයුවා වගේ නෙවෙයි. (නදී)

:       0       0

ධනුෂ්ක Saturday, 08 August 2015 10:49 AM

ලොකුබණ්ඩාර මහත්මයාට නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ ආණ්ඩුකාර පදවියක් වත් ඕන වෙලාද (බ)

:       0       0

ලංකා Saturday, 08 August 2015 11:27 AM

හැරෙනකොට අපි නම් දන්නවා පොල්පැලේට කියල .ලජ්ජා නැති කම දේශ පාලකයන්ගේ මුලික සුදුසුකම වෙන්න ඇති (බ)

:       0       0

මාපලගම පත්මා Saturday, 08 August 2015 11:39 AM

දැන් ඉතින් ඔහොම නොකියා බැරී තැනට පත්වෙලා , කලකදී වහලු කලකදී රස වෙනවාලු, කියා අපේ පැරණි කියමනක් තිබෙනවා (බ)

:       0       0

ප්‍රදීප් Saturday, 08 August 2015 11:41 AM

ජනාධිපතිතුමා ඉතාම නිහතමානී අවංක කෙනෙක්. හැබැයි එුමන්ට වැඩේ කරන්න අනික් අය උදව් කරයිද දන්නෑ. හැබැයි එතුමාගේ වැඩපිළිවෙළ ගෙනියන්න මහින්ද මහත්තයානම් හරියන්නේ නෑ (බ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 08 August 2015 04:07 AM

මෛත්‍රී හොඳ නැති නම් රුපියල් කෝටි 250 ක් වියදම් කරලා තමන්ටම කියල තනියම යන්න අදි සුඛෝපභෝගී ගුවන් යානයක ඇනවුම කැන්සල් කරාවිද ?තේ කහට කෝප්පය බීල සපත්තු දෙකක් නැතිව පාසල් යන ලක්ෂ සංඛ්‍යාත දරුවන් සිටින රටක හදවතට එකඟව එහෙම කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5056 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 70 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 38 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 853 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1432 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3128 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16015 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site