IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘ලොකුම ප්‍රශ්නය එජාපයෙන්‘

නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය එතරම් අවධානයක් යොමු නොකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති විශාලම ප්‍රශ්නය බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (29) ප්‍රකාශ කළේය.

කිසිම ජනාධිපතිවරයකු විසින් වෙනස් නොකෙරුණු විධායක ජනාධිපති ධූරය 19 වැනි සංශෝධනයෙන් වෙනස් කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සුවිශේෂී පුද්ගලයකු බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බවත් ඔහු ජනතා හදවත්හි නොමැකෙන මතක සටහන් තැබූ බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

තම විධායක බලතල කප්පාදු නොකැර විධායක බලතල වැඩිකරගැනීමට හිටපු ජනාධිපතිවරුන් ක්‍රියා කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැවැන්ත කැපකිරීමක්, සේවාවක් සහ පරිත්‍යාගයක් කර ඇති බවත් ඔහු කීවේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් පමණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති විශාලම ප්‍රශ්නය බවද ඔහු කීය.

DSC_8901 DSC_8935



අදහස් (0)

‘ලොකුම ප්‍රශ්නය එජාපයෙන්‘

දුමින්ද Tuesday, 05 May 2015 07:00 AM

රටේ ඉදිරි ගමනට ඇති ලොකුම ප්‍රශ්නය තමා අසමගිය (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Wednesday, 29 April 2015 09:02 AM

වර්තමානයේ ජනතාවට සිදුවී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කාල ඡන්ද ක්‍රමය බීල සංවර්ධන අතීසාරයට අඹුඩය ගහල දේශපාලන අනාත මඩමෙ තාප්පෙ බදින්නයි. (බ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 29 April 2015 09:12 AM

එජාපය එයාලට අවශ්‍ය දේ කරගත්තා , එ්කට ප්‍රශ්නයක් නැ, 19 හරි වැරදි ගොඩක් තියෙනවා , රටේ ආරක්ෂාව , දේශපාලන අස්ථාවර භාවය පිලිබදව මැදිහත් සිතින් බලන යට ගොඩක් ගැටළු තියෙනවා . අනික් අතට , ස්වාධීන කොම්සම් සභා හරහා දේශීය වශයෙන් රට ඇතුලේ හොද පරිපාලනයක් ඇති වේ කියලා හිතනවා . හැබැයි එ්ක රනිල් මහතා ගෙන් බලා පොරොත්තු වෙන්න බැ. පේනවනේ අල්ලස් හා දුෂණ එකට එතුමා ගේ යෙහෙලියක් පත් කරලා ( මම නොවේ අගමැති තුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ විමල් ගේ ප්‍රස්නයකට උත්තරයක් හැටියට ) , දැන් විරුද්ධ පක්ෂේ අයව හොයා හොයා දඬුවම් කරනවා . ඒ වගේම මහා බැංකු අධිපති ප්‍රශ්නෙත් පේනවනේ . ඉතින් රනිල් මහතා ගෙන් නම් ස්වාධීන භාවයක් ලබන්න බැරි බව නොතේරෙන්නේ පෙර පාසල් බබාලට පමණි . කොහොම නමුත් ලැබුණු දෙය අගය කරමි (බ)

:       0       0

නන්දලාල් Thursday, 30 April 2015 03:39 AM

ඒකත් එහෙමද? (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Wednesday, 29 April 2015 09:23 AM

අද වන විට ප්‍රධාන පක්ෂ දෙකේම බහුතරයන් පවුල් පිටින් වෘත්තීය දේශපාලනයේ යෙදී සිටිනවා සැබෑම සමාජශීලී රටට ආදරය කරන සමාජ සේවා දාර්ශනිකයන්ට පාර්ලිමේන්තු දොරගුලු විවර වන්නේ නැත. සිංහයා තමන්ගේම වනයේ සත්තු මරාගෙන කනවා සේම වර්තමාන දේශපාලන උතුමන්ලා මහජනතාව නොමරා මරනවා එහිදි පාර්ලිමේන්තු ගියේ දුප්පතාගේ හිතවතාය වර්තමානයේ යන්නේ ධනවතුන්ගේ වහලුන්ය ඉතින් කොහොමද රටේ වංචාව දූෂණය සොරකම නැතිකරන්නේ. වියදම් කරපු මුදලාලිලාට හම්බකර ගන්න දෙන්න එපායෑ නේද? (බ)

:       0       0

අනුර Wednesday, 29 April 2015 09:40 AM

සිරිපාල ද සිල්වා මහතා අද මහා ලොකුවට ජනාධිපතිතුමා ගැන කියවනවා නමුත් ඡන්දෙට පෙර සිටියේ මොන පැත්තේද ? (බ)

:       0       0

වන්නිආරච්චි Wednesday, 29 April 2015 10:06 AM

අලුත් ඡන්ද ක්‍රමයකට තර්ක කරන්න එපා. 1977 තිබුණු ක්‍රමය යළි ඇති කරන්න (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 29 April 2015 11:20 AM

මේව ඇසෙන කොට මට කියන්න තියෙන්නේ අද දේශපාලනය කියන්නේ ලජ්ජා නැති රැකියාවක් බවය. හිටපු ජනාධිපති තුමා වෙනුවෙන් මැතිවරණ වේදිකාවල කෑගසද්දී මේ වදන් පිට වුයේ නැත. (බ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 29 April 2015 12:14 PM

ඇත්තටම ලැජ්ජයි මේ තාත්තා ගැන.(හේ)

:       0       0

නිපුන් Wednesday, 29 April 2015 12:50 PM

ඒකාධිපති ක්‍රමයකින් රට මුදන්න එජාපය කරපු මෙහෙය අමතක නෑ.. මීට මාස 6කට කලින් තිබුනාට වඩා රට 100 ගුණයකින් ප්‍රජාතන්ත්‍රවාදීයි...(බ)

:       0       0

සම්පත් Wednesday, 06 May 2015 02:28 AM

මේ හැමඑකක් පිටුපස තිබෙන්නේ බංකොලොත් දේශපාලන පක්ෂවලට බලය ලබගැනීමේ සැළසුමක් පමණ බවයි මම නම් විශ්වාස කරන්නේ (නි)

:       0       0

සිල්වා Wednesday, 29 April 2015 05:36 PM

රටේ ජනතාවට තිබෙන්නේ ජීවත්වෙන්නේ කොහොමද කියලා ජීවන අරගලයක්. මේ කට්ටියට තිබෙන්නේ බලය තියාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් (නි)

:       0       0

මාටින් Sunday, 03 May 2015 01:42 AM

මේකට පක්ෂ භේදයෙන් තොරව විරුද්ධ වෙන්න ඕනෑ. පක්ෂ වෙන අයට යහපාලනය අගයන ජනතාව ඡන්දෙදි උත්තර දෙයි. මොකද මහජනතාව වන අපිම එපැයි මෙයාලගේ වියදම් ගෙවන්න (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 29 April 2015 07:56 PM

කඳානේ මහානාම මහතාණෙනි, අපක්ෂපාතී කොමිෂන් සභා යනු සැබෑ ලෝකයේ මිනිසුන් අතර පැවතිය හැක්කක් නොවෙයි. (නි)

:       0       0

රොෂාන්ත Sunday, 03 May 2015 03:42 AM

ඡන්දයට පෙර අපිට මතකයි ගහපු මඩ.දැන් කපන්න බැරි අත සිඹිනවා. ඔහොම යමු. ඡන්දෙදි නිසි පිළිතුරු ලැබේවි (නි)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 03:33 PM

කඳානේ මහානාම මහතාණෙනි, මා කීවේ අපක්ෂපාතී කොමිෂන් සභා යනු සැබෑ ලෝකයේ පුහුදුන් මිනිසුන් අතර පැවතිය හැක්කක් නොවන බවත් වෙසෙසින් ම පවතින ආණ්ඩුව යටතේ එවැන්නක් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු පැතීමක් බවත් ය. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 111 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1972 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2270 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2962 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site