IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලොකුම සම්මානය පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයයි

මෙවර රූපවාහිනි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය වුණේ තිසුරි යුවනිකා ශිල්පිනියයි. ජනක සුරංජිත් අධ්‍යක්‍ෂණය  කළ ”බොරළු පාර” නාට්‍යයේ ”සමාධි” නමින් රඟපෑ චරිතය වෙනුවෙන් තිසුරි එලෙසින් සම්මාන ලැබුවාය. මවගේ අඩිපාරේ යමින් රංගනයට පිවිස සිටින තිසුරි හොඳම නිළියට හිමි සම්මානය ලැබූ ලාබාලතම ටෙලි ශිල්පිනිය ලෙස හැඳින්විය හැකිය. ඒ සම්මානයේ උරුමය රැගත් ඇය සඳැල්ලට පැමිණි මොහොතකි මේ.

SAN_7657

 

 

 
button හොඳම නිළියවීම, මොකද හිතෙන්නෙ ඒ ගැන?
 ඕනෑම ශිල්පිනියකගේ සහ ශිල්පියෙකුගේ අරමුණ වන්නේ කවදාහරි  හොඳම සම්මානය ලබාගැනීමයි. මම පොඩි කාලයේ ඉඳලාම රඟපෑමට පිවිස සිටිනවා. නමුත් මේ වයසේ දී මේ වගේ සම්මානයක් ලැබීම මට ලොකු සතුටක්.

 


button මේ විදියට සම්මානයක් ලැබේවි කියලා ඔබ විශ්වාස කළා ද?
සම්මාන බලාගෙන නොවෙයි රංගනයට එක්වන්නෙ. නමුත්  ඕනෑම රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක තමාගේ දක්‍ෂතාවයට වටිනාකමක් ලැබීම අපේක්‍ෂා කරන දෙයක් ඒත් ලංකාවේ පවතින ක‍්‍රමය අනුව ඒ වටිනාකම ගැන බලාපොරොත්තු තියාගන්න බැහැ.

 


button ඒ කියන්නේ සම්මාන ප‍්‍රදානය කිරීම ගැන විශ්වාසයක් නැද්ද?
මොන ප‍්‍රමිතියකට ද ඒ සම්මාන ප‍්‍රදානය වෙන්නේ කියන ප‍්‍රශ්නය තියෙනවා. සමහර සම්මාන ප‍්‍රදානයන් සිදුවන්නේ අමුතු විදියටයි. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු තියා ගන්න බැහැ. ඒ නිසා අපට තියෙන්නේ දුන්නොත් සම්මානය ගැනීම විතරයි. හැබැයි රඟපාන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නොවෙයි. කවදත් චරිතයට සාධාරණය කිරීම අරමුණයි. ඒ ලැබෙන නොලැබෙන සම්මානවලට වඩා අපට තියෙන ලොකුම සම්මානය පේ‍්‍රක්‍ෂක ජනතාවගේ සම්මානයයි. ඒ අය අපට දක්වන පිළිගැනීම අනුව අපි ඉදිරියට යාවි.

 


button ”බොරළු පාර” සමාධි ගැන හිතෙන්නෙ කොහොමද?
ඒක බොහොම සැහැල්ලූවෙන් කළ නිර්මාණයක්. ඒ නිසාම වෙන්න ඇති මෙච්චර ආදරයෙන් පේ‍්‍රක්‍ෂකයින් එය වැළඳ ගන්න ඇත්තෙ. සමාධි කියන්නේ අම්මා තාත්තාගේ වෙන්වීමත් එක්ක ලොකු පීඩනයකින් සිටි දරුවෙක්. ඒ ස්වරූපය ඉදිරිපත් කිරීම සඳහා අධ්‍යක්‍ෂවරයාගේ සිට මේ නාට්‍යයට සම්බන්ධ සමස්ත කාර්ය මඬුල්ලේ දායකත්වය ලැබුණා. සමාධිට ලැබුණු සම්මානයේ උරුමය ඒ හැමෝටමයි.

 


button මේ සම්මානය ලැබෙන බව ඔබ කලින් දැනගෙන හිටියාද?
නිර්දේශ වී ඇති බව විතරයි දැනගෙන හිටියේ.

 


button ඒ මොහොතේ ඔබගේ නම ප‍්‍රකාශ වුණාම?
ඒක ඇත්තටම හරි අපූරු අවස්ථාවක්. ලොකුම සතුටක් වුණා. මේ වාගේ සම්මානයක් කවදාහරි ගන්නවා කියන අරමුණ මට තිබුණා. මට වඩා මේ ගැන සතුටු වුණේ මගේ අම්මා සහ තාත්තායි.

 


buttonසම්මානය ලැබුණාට පස්සේ එය ගිහින් කාටද දුන්නේ? විශේෂ කෙනෙක් අතට දුන්නා නේද?
මගේ ජීවිතයේ විශේෂම දෙදෙනා අම්මා සහ තාත්තා. සම්මානය ඒ දෙන්නා අතට දුන්නෙ. මොකද මටත් වඩා මේ ගැන සතුටු ඒ දෙන්නා බව මම දන්නා නිසයි. අද මම මෙතැන ඉන්නේ එයාලා දුන්න සහයෝගය නිසයි. ඒ වගේම මේ දක්වා රංගනයේ දී මාත් එක්ක සිටි හැමෝටම මම ගෞරව කරනවා. මොකද රඟපෑම එක්කෙනෙක් කළාට එය සාමූහික පිරිසකගේ ප‍්‍රයත්නයක්. මට මේ වයසේ දී මෙවැනි සම්මානයක් ලැබුණේ ඒ සියලූ දෙනාගෙන් ලද සහයෝගය නිසයි.

 


buttonතවත් විශේෂිත කෙනෙක් මේ නිසා සතුටු වුණා නේද?
ඒ විශේෂිත දෙදෙනා අම්මාxතාත්තා තමයි. එයාලා අවංකව සුබ පැතුවා. ඒ වචන මට හරියට දැනුණා. ඒ ආශිර්වාදය මට දැනුණා.

 


button ඒ  හැර ඔබගෙ ජීවිතයට සමීප වෙන කෙනෙක් නැද්ද?
තවම නැහැ. ඒකට තව වයස තියෙනවා.

 


button තව කොච්චර කල්ද?
දැන් මගේ වයස අවුරුදු 23යි. විසිපහ විසිහය වෙද්දී ඒ ගැන හිතනවා. අම්මා තාත්තාවත් තවම ඒ ගැන හිතලා නැහැ. තව කාලයක් කලාවේ නිරත වෙන්න  ඕනෑ.

 


button ඔබගේ දවසේ කටයුතු ගෙවෙන්නේ මොන විදියට ද?
දවසම ගෙදර ඉන්න හරි ආසයි. රූගත කිරීම් අතරේදී  වුණත් දිනක්xදෙකක් විවේක අරගෙන දුවගෙන එන්නෙ ගෙදරට. ගෙදර මගේ කාමරය තමයි ලොකුම නිදහස තියෙන තැන. ඒ නිදහසට මම හරි ආසයි. අම්මාට උයන ඒවාටත් උදව් කරනවා. සරලව සැහැල්ලූවෙන් ජීවත්වන කෙනෙක්. ගෙදර ඉන්නවා නම් උදේට තේ එක  ඕනෑමයි. ගෙදර සිටින දිනවලදී අම්මා තේ එක හදලා දෙනවා. අම්මා මහන්සි වෙලා සිටින දවස්වලට මම අම්මාට තේ හදලා ගෙදර කටයුතු කරනවා.

 


 button ක්‍ෂේත‍්‍රයේ යෙහෙළියෝ යහළුවෝ කවුද?
පාසල් කාලයේ සිටම හොඳම මිතුරිය අම්මා. ඒ හැර පාසල් කාලයේ සිටම ”දිනේත‍්‍රා” මගේ හොඳම මිතුරියක වී සිටිනවා.

 


button ඔබ ඔබගේ අඩුපාඩු ලෙස දකින්නේ?
ටිකක් තරහා යනවා. හොඳට හොඳයි. බොරු කරන හෝ රවට්ටන අයට මම කැමති නැහැ. කපටිකමට කවුරුවත් මම ආශ‍්‍රය කරන්නෙ නැහැ.

 


buttonතරහා ගියාම මොකද කරන්නෙ?
රණ්ඩු කරන්න යන්නේ නැහැ. තනියම එය විඳ දරාගෙන ඉන්නවා. නමුත් මම අහිංසකම නැහැ. අසාධාරණයේ දී නැගී සිටින චරිතයක්.

 


button හොඳම දේ හැටියට ඔබ දකින්නේ?
 ඕනෑම කෙනෙකුට අමතකවීම. ඊර්ෂ්‍යාව කියන දේ මට කරන්න බැහැ. කියන්න තියෙන දේ මුහුණටම කියන කෙනෙක්. බොරුවට හිනාවෙන කෙනෙක් නොවෙයි මම.

 

sadun-gamage



අදහස් (0)

ලොකුම සම්මානය පේ‍්‍රක්ෂක ප‍්‍රසාදයයි

කරුණාදාස Friday, 01 May 2015 08:51 AM

ලස්සන පවුලක්. සුබපැතුම් දුවේ.(ම)

:       0       0

ලසිත Friday, 01 May 2015 08:55 AM

දේවී ටෙලි නාට්‍යයේ ලස්සනට රඟපානවා (ම)

:       0       0

අවන්ති Friday, 01 May 2015 09:02 AM

ඇයගේ සිනහව බොහොම අව්‍යාජ එකක්.දක්ෂ යොවුන් හුරුබුහුටි නිලියක්.මේ දිනවල විකාශය වෙන දේවි ටෙලි නාට්‍යයේ රංගනයට හරිම ආසයි.වාසනාවන්ත අනාගතයක් තිබෙන බව පැහැදිලියි.ජයවේවා. (ම)

:       0       0

සම්පත් Thursday, 10 March 2016 04:53 PM

මන් ආසම නිළිය. (ර)

:       0       0

ජෙනි Friday, 01 May 2015 10:19 AM

තිසුරි අඳින පළඳින විදියත් බොහොම විනීතයි . බොරු ආටෝප මොනවත් නැහැ. කවදාහරි හොඳ උගත් යහපත් සහකරුවෙක් ලැබෙන්න කියල මම අවංකව පතනවා.(ම)

:       0       0

හර්ෂණී Monday, 18 May 2015 03:57 AM

මම කැමතිම නිළියක්.සංවරකමට වඩාත් කැමතියි. ඒ මතින් ජීවිතය ගොඩනගා ගන්න (ම)

:       0       0

පුබුදු Sunday, 03 May 2015 09:02 AM

මමත් කැමතිම පොඩි නිළියක්. එයාගේ අම්මාගේ රඟපෑමට වඩා ඉහළින් ඉන්න බව නම් කියන්නම වෙනවා. ලස්සන අනාගතයක් පතමි. (නි)

:       0       0

උදාරි Saturday, 02 May 2015 07:05 AM

හැමදාම ඔය වගේ ගෞරවනීය විදියට ජීවත්වෙන්න සුබ පැතුම් ඔයාට (නි)

:       0       0

කුමාරි Sunday, 03 May 2015 09:16 AM

හදවතින්ම සුබ පතනවා දුවේ! මේ වෘතියේ යෙදෙන අයට ඔයා හොඳ ආදර්ශයක්. වාසනාවන්ත අනාගතයක් උදා වේවා! තෙරුවන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා! (ත)

:       0       0

ශාන් Thursday, 30 April 2015 03:09 AM

මේ ලිපිය වඩාත් ලස්සනයි. තිසුරි ඉතාමත් ලස්සන විදියට ෆොටෝ වලට ඉන්නවා. (නි)

:       0       0

කරුණාදාස Saturday, 02 May 2015 08:57 AM

ඔයා දේවි එකේ එක තැනක වෙදරාලට කියනවා “ ඉතිං කොරහල්ලකො මේකාටත් වෙදකමක්“ කියලා. ඒක මාර ලස්සන ස්වභාවික රඟපෑමක්. මම දෙතුන් පාරක් රිපීට් කර කර බැලුවා. (නි)

:       0       0

සුරනි Wednesday, 06 May 2015 08:39 AM

තිසුරි විනීතයි ප්‍රසන්නයි. අපෝ එ්කට එක තරුණ නිලියෙක් ඉන්නවා එයා කට ඇරියාම අහල පහල මිනිස්සුන්ට කනේ ඇබ ගහ ගන්න හිතෙනවා. පුදුම කට වාචාල කමක් . එයා දැන් චුත වෙලා පිටරට යන්න යනවා කියල ආරංචියි. (බ)

:       0       0

මධුරි Wednesday, 06 May 2015 08:54 AM

ඔබගේ ජිවිතවය සුබ ප්‍රාර්ථනා කරනවා. අම්මා තාත්තා දෙන්නත් හරිම ලස්සනයි.(ම)

:       0       0

දිලිනි Wednesday, 06 May 2015 08:55 AM

චරිත වලට සාධාරණයක් ඉටුකරන නිලියක්. අපි තාම ඔයා සංකර හෝ නපුරු චරිතයක් රඟපානවා නම් දැකලා නැහැ. (ම)

:       0       0

මංජු Friday, 01 May 2015 01:17 AM

අනෙක් තරුණ නිළියන්ට ආදර්ශයක්. හේතුව තමයි "ගල හොඳ නම් අඹරන කහ මක්වේද " යන්න. මේ තරුණ නිළියගේ අම්මා වන සුසන්තා චන්ද්‍රමාලිත් හොඳ වැදගත් විදියට තමන්ගේ චරිතය ආරක්ෂා කරගෙන එදා සිටම කලාවේ යෙදෙන්නේ. අම්මලා හොඳ නම් දුවරු නරක්වෙන්නේ බොහොම කලාතුරකින් (නි)

:       0       0

නිලාන් Friday, 01 May 2015 01:21 AM

වැදගත් විදියට හොඳ නම ආරක්ෂා කරගෙන ජීවත්වෙන නිළියක්. අපෝ දැන් ඉන්න සමහර සහෝදර නිළියෝ එක්ක පැටළෙන පවුල් කඩන ලස්සනයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය වගේ නෙමෙයි. මේ තරුණ නිළිය අම්මාගේ හොඳ නමත් තියාගෙන කලාවේ යෙදෙනවා. ඔබ අනාගතයේ හොඳ බිරිඳක්, මවක් වේවි. (නි)

:       0       0

සුජිත් Thursday, 30 April 2015 12:12 PM

දැනට ඉන්න ලංකාවේ හොදම නිළිය අනිත් නිළියෝ වගේ අඩ නිරුවතින් රඟපාන්නේ නැති නිසා තමා අපි ආදරේ. දිගටම මෙහෙම ඉන්න කියලා අපි ඉල්ලනවා (නි)

:       0       0

කුෂි Friday, 01 May 2015 01:26 AM

අපෝ! දැන් අර අනිත් නිළියන්ට ලෙඩ අදින, හැමෝම එක්ක කෙහෙවලු පටලාගන්න නිළිය ඊර්ෂ්‍යාවේ පැලෙනවා ඇති. එයා පහුගිය කාලයේ සම්මාන ගත් තව නිළියකටත් අනම් මනම් කිව්වානේ. අපරාදේ කියන්න බැහැ තිසුරි නම් ඒ වගේ නෙමෙයි. මම ඇගේ යහපත් කල්ක්‍රියාව බොහොම අගය කරනවා. ඔබට දීප්තිමත් අනාගතයක් වේවා තිසුරි! (නි)

:       0       0

මදුෂාන් Saturday, 02 May 2015 02:02 PM

ජෙනි, මමත් හොයන්නේ ඔයා කියන විදියේ ගැහැණු ළමයෙක් තමයි (නි)

:       0       0

අකලන්කි-ලන්ඩන් Thursday, 07 May 2015 05:30 AM

අපි හරිම කැමතියි ඔයා රඟපාන නාට්‍ය බලන්න. දිගටම රඟපාන්න කියලා ඉල්ලා සිටිනවා. දේවි ඒකට ගොඩාක් කැමතියි.(ම)

:       0       0

අමර Thursday, 30 April 2015 05:50 AM

අම්මට වඩා දුව දක්ෂ ලෙස රඟපානවා . (හේ)

:       0       0

උදාරි Tuesday, 05 May 2015 12:21 AM

දැන් අර තමන් හරි ලස්සනයි කියලා හිතාගෙන ඉන්න නිළිය ඊර්ෂ්‍යාවේ පැලිලා ඇති. එයා බොරුවට අහිංසක මුහුණු දාගෙන හිටියාට ක්ෂේත්‍රයේ කට්ටිය එයා එක්ක වැඩ කරනකොට බොහොම ප්‍රවේශම් කියලා අපිට ආරංචියි. තිසුරිලා වගේ තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක් නෙමෙයිලු එයා. (නි)

:       0       0

රවින්ද්‍ර Thursday, 30 April 2015 05:51 AM

දුවේ ඔබේ රඟපෑම් හරිම තාත්විකයි.දේවී නාට්‍ය මම ආසාවෙන් බලනවා. මම ඔබේ ඉදිරි අනාගතයට සුබ පතනවා.(හේ)

:       0       0

බන්දුල Tuesday, 05 May 2015 11:19 AM

පින්වන්ත දරුවෙක්. රඟපෑම හරිම ස්වභාවිකයි. යහපතක්ම වෙන්න පතනවා. මගේ සොහොයුරියක්ගේ දුවෙක් ඉන්නවා ඔයාවගේමයි.(හේ)

:       0       0

චමින්ද Wednesday, 06 May 2015 03:18 AM

මම කැමති ඔයාගේ චරිත වලට ඔය හරි සිරියාවන්තයි. ඔයාට සුබ අනාගතයක් (බ)

:       0       0

ජීවා Thursday, 30 April 2015 03:22 PM

චාම් ලස්සන දුවක්, අම්මා වගේම වැදගත් විදියට ඉන්න. ඔයාට සුබ පැතුම් (බ)

:       0       0

වන්දනා Wednesday, 06 May 2015 04:13 AM

තිසුරි දේවි එකේ ඔයා හරි ලස්සනට රඟපානව. අපි හරිම කැමකියි. ඔයයි අම්මයි එකට රඟපාන්නේ නැද්ද? (බ)

:       0       0

කුමාරි Tuesday, 05 May 2015 05:19 AM

ඇත්තටම හැම රසිකයෙක්ම ඔබට හරිම ආදරෙයි දුවේ.යහපත් අනාගතයකට තුණුරුවන්ගේ ආශිර්වාදය පතනවා! (නි)

:       0       0

නිශාන්ත Wednesday, 06 May 2015 04:13 AM

පවුලේ පින්තූරය හරිම ලස්සනයි. (බ)

:       0       0

දේශාන් Wednesday, 06 May 2015 04:17 AM

ලස්සන දුවෙක් ඉන්න ලස්සන අම්මෙකුයි තාත්තෙකුයි.(බ)

:       0       0

දර්ශන Sunday, 03 May 2015 04:42 AM

මදුෂාන්ලා වගේ අයගේ අදහස් හරිම අප්‍රසන්නයි (නි)

:       0       0

කළණි Wednesday, 29 April 2015 10:30 PM

අම්මාත් මේ ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගෙන යහපත් විදියට ඉන්නවා. දුවත් එහෙම වෙන වග පෙනෙනවා. ඔබට සුබ අනාගතයක් තිබේවි. (නි)

:       0       0

ලිලන්ත Friday, 08 May 2015 01:21 AM

හරිම සිරියාවයි. හරියට හඳ පෑව්වා වගේ (නි)

:       0       0

දිල්හානි Thursday, 30 April 2015 08:08 AM

ලස්සන පවුලක්. සුබපතනවා ඔයාට.(හේ)

:       0       0

කරුණාදාස Thursday, 30 April 2015 08:09 AM

හුරුබුහුටි කෙලි පොඩිත්ති. (නි)

:       0       0

ඕෂදී Wednesday, 06 May 2015 05:21 AM

ඔබේ මවට ඔබ නිසා බොහොම නම්බුකාර විදියට පාරේ බැහැලා යන්න පුළුවන්. කණගාටුයි බහුතරයක් තරුණ නිළියන්ගේ අම්මලාට නම් ඒ වරප්‍රසාදය නැහැ කියලා කියන්න සිද්ධ වෙනවා. (නි)

:       0       0

මායා Wednesday, 06 May 2015 05:25 AM

තිසුරි, ඔබේ අනාගත සහකරුවා තෝරාගන්නකොට බොහොම පරිස්සම් වෙන්න දුවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 996 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2052 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 993 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 220 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2409 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1686 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37865 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24951 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 269 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site