(***රංජන් කටුගම්පොළ හා ***තිළිණි ද සිල්වා)
ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණකින් සමානයි. එනම් ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියවිට එය අවසන්වන බව යැයි මැතිවරණයට පක්ෂව සහ විපක්ෂව ගොනුකර ඇති පෙත්සම් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (27) සලකා බැලූ අවස්ථාවේදී මානව හිමිකම් ක්‍රියාධර ජේ. ත්‍යාගරාජා මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නිතීඥ උදිත ඉහලහේවා මහතා කියා සිටියේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ සිසිර ආබෲ ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.
මෙම පෙත්සම් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුනිද සිල්වා මහත්මිය තෙවැනි දිනටත් කරුණු දක්වමින් මෙසේ පැවැසුවාය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවට ප්‍රකාශය නිකුත් කර මාස 3 ක් ගතවුව යැයි සිතමු. එම ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් හෙයකින් අවලංගු කළ හොත් මැතිවරණ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම නතරවනවා.
අදාළ ප්‍රකාශය නිකුත් කර මාස 3 ක් ගතවූ පසුවත් එය අවලංගුවන්නේ නැහැ.
දෙවියන්ගේ යම් ක්‍රියාවක් හේතුවෙන් හෝ යම් හේතුවක් නැතුව අදාළ දිනට මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් අදාළ දිනය මැතිවරණ කොමිසමට වෙනස් කළ හැකියි. මේ පිළිබඳව පූර්වාදර්ශ නඩු කිහිපයක් ඉදිරිපත් කළ හැකියි. අයි.ටී.ඇස්. නඩුව හා ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳ නඩුව.
ඊට අමතරව අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලබන මෙම නඩුදෙකෙන් ඉතා පැහැදිලිව සඳහන් වන දේ තමයි සර්වජන ඡන්දබලයේ වැදගත්කම. ඒ කියන්නේ මැතිවරණය පැවැත්වූයේ නැත්නම් මූලික අයිතිවාසිකම් අහිමිවනවා. ශ්‍රේෂ්ඨාධිකරණය එය අයිතිවාසිකම් කඩ වීමක් හැටියට තින්දුකර තිබනෙවා. මින් එක නඩුවක විනිසුරු හැටියට විනිසුරු මලල්ගොඩ මහතා කටයුතු කර තිබෙනවා. එම නඩුවේ තින්දුව අනුව ඌව පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම මූලික අයිතිවාසිකම් කඩ වීමක් හැටියට තීන්දුකර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අනෙක් ප්‍රකට පූර්වාදර්ශ නඩුව චන්ද්‍රසේකර නඩුවයි. ඒ අනුව මෙම පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ඉල්ලා සිටිනවා. ඒ අනුව මාගේ දේශනය අවසන් කරනවා.
ඉන්පසු අතරමැදි පෙත්සම්කාර ඇස්.ඩී.වයි. නාගස්වත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය. අධිකරණයට ඉදිරිපත් කර ඇති සමහර පෙත්සම්වලින් කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීමේ විධිවිධාන නීතිගත කිරිම සඳහා පාර්ලිමේන්තුව කැඳවිමට නියෝගයක් ඉල්ලා සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව එවැනි දේකට යළි පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාට කොහෙත්ම බලයක් නැහැ. මැතිවරණ පැවැත්වීමේ පූර්ණ වගකීම තියෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට සාමූහික වගකීමක් නැහැ. එක් සාමාජිකයෙකු අනෙක් සාමාජිකයන්ට එරෙහිව කරුණු දක්වන්න උසාවිත් එනවා. මින් සිදුවන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංගණය වීමයි. සෞඛ්‍ය බලධාරින් මැතිවරණය පැවැත් වීම සුදුසුයැයි තීරණය කර තිබෙනවා. එහෙත් මැතිවරණ කොමිෂම ඒ පිළිබඳ නිශ්චිත දින වකවානු ප්‍රකාශ කරන්නේ නැහැ.
මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මනෝහර ද සිල්වා මහතා මෙසේ පැවැසීය.
මූලික අයිතිවාසිකම් පෙත්සමක වග උත්තරකරුවන්ට සිදු කළ වරද අධිකරණයෙන් සඳහන් කළ යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3 ක් ඇතුළත දිනකට මහ මැතිවරණය පැවැත්වීමට දින නියම කළ යුතුය.
එදින මැතිවරණය පැවැත්වීමට බැරිවුණොත් මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකියි.
මේ සඳහා කිසිවකු පූර්වාදර්ශ නඩු තීන්දුවක් ලබා දුන්නේ නැහැ. මේ සඳහා කදිම පූර්වාදර්ශයක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හමු වනවා. 2002 වසරේදී ගුජරාටි ප්‍රාන්තයේ පාර්ලිමේන්තු විසුරුවා මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිවරයා දින නියම කළා. එම දිනයේදී එම ප්‍රදේශයේ බෝම්බයක් පිපිරීමෙන් නියමිත දිනට මැතිවරණය පැවැත්විමට නොහැකි වුණා. ඉන්පසු ජාතිවාදී කළකෝලාහල ඇතිවුණා.
‘‘අද පවතින ආකාරයටම එදාත් පක්‍ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළා. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක්ද? දැන් මැතිවරණ දින නියම කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට සිදු කළ නොහැකියි. ඒ පිළිබඳව පූර්ණ බලධාරියා මැතිවරණ කොමිසමයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. අද ඇති වී ඇති තත්ත්වයත් මේ හා සමානයි. මැතිවරණය මාස 3ක් ඇතුළත අනිවාර්යයෙන් පැවැත්විය යුතුද? යන්නට උත්තරය ‘‘නැත’’ යන්නයි.
මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට මාස 2ක කාලයක් ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙනවා. එය අනිවාර්ය නැහැ ඒ අනුව ව්‍යවස්ථාපිත කාලය අනිවාර්ය නැහැ.
රාජස්ථාන් නඩුවට එදිරිව යුනියන් ඔෆ් ඉන්දියා නඩුවේදී සිදුවූ දෙයක් පැහැදිලි කරන්නම්. ඒ පාර මැතිවරණයෙන් දිනුවේ ජනතාඩාල් පක්‍ෂයයි. ඉන්දිරා කොංග්‍රසය මැතිවරණයෙන් පරාජය වුණා. ඒ අවස්ථාවේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා ගැනීමේ අරමුණින් අලුත් මැතිවරණයක් ඉල්ලා පිරිසක් අධිකරණයේ පිහිට පැතුවා. ඒ අවස්ථාවේදී දේශපාලන ප්‍රතිපත්තිවලට අධිකරණය මැදිහත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
දැන් මා පාර්ලිමේන්තුව කල් දැමීම පිළිබඳ කරුණු දැක්වීමට බලාපොරොත්තු වනවා. ජනාධිපතිවරයාට මේ පිළිබඳව බලය ලැබී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 72 වගන්තිය යටතේය. පාර්ලිමේන්තුව කැඳවීමේ බලය දී ඇත්තේ ජනාධිපතිවරයාට පමණයි. එහෙම සිදුකර ඇත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර සමෝධානිත තත්ත්වයක් ඇති විම සඳහායි.
අනෙක් අතට මෙහිදී තවත් එක් වැදගත් කරුණු ඉදිරිපත් කළ යුතුය. නීතිපතිවරයාත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මෙහි අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නම් කර නොමැති බවය. නීතිපතිවරයා කියා සිටියේ යටත් පිරිසෙන් පක්‍ෂ ලේකම්වරුන්ගේ නම් සඳහන් කළ යුතු බවයි. එහෙත් කොබ්බෑකඩුවට එදිරිව ජයවර්ධන නඩුවේ එක්සත් ජාතික පක්‍ෂය නම් නොකිරීම හේතුවෙන් පෙත්සම ඉවත දැමුණි.
ඉන්පසු මානව හිමිකම් ක්‍රියාධරයකු වන ජේ. ත්‍යාගරාජා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහලහේවා මහතා මෙසේ පැවසීය.
මනෝහර ද සිල්වා සහ රොමේෂ් ද සිල්වා මහත්වරුන්ගේ කරුණු වලට මා එකඟවනවා. මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ ද්වේෂ සහගතවය. පෙත්සම්කරු සිය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එංගලන්තයේ සහ ඉන්දීය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ට සමාන කිරීමට උත්සාහ කරනවා.
මෙම ව්‍යවස්ථා තුනම සමාන වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එය අවසන් වනවා යන්නට පමණයි.
ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණක් සමාන වනවා. ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය විට එය අවසන් වනවා.
නීතිඥ චරිත ගුණරත්න, රාවය හිටපු කර්තෘ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු හත් දෙනෙක්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගයේ මහලේකම් හා හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික හෙළ උරුමයේ නායක හා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් මේ දෙදින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලේ.
ජාතික වැදගත්කමින් යුත් පෙත්සම් වන බැවින් මෙම පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන්නැයි පෙත්සම්කාර පාර්ශ්ව කළ ඉල්ලීම සලකා බලමින් මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට ඉකුත් 14 වැනිදා අගවිනිසුරුවරයා තීරණය කළේය.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරු සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම ජූනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉල්ලා තිබිණි.
කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20 වැනිදා මහ මැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබුණු බවය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත් දා 2072/3 දරන අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇති බව ද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.
ඉකුත් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට මැතිවරණය අප්‍රේල් මස පැවැත්වීමට නියමිතව තිබිණි. එහෙත් කොවිඩ් වසංගතය පැතිරී ඇති නිසා එදින මැතිවරණය පැවැත්වීමට නොහැකි බව සඳහන් කරමින් මැතිවරණය ලබන ජූනි මස පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කරන ලදී.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ දිනයේ සිට මාස තුනක් තුළ නව පාර්ලිමේන්තුව සඳහා මැතිවරණය පැවැත්විය යුතු අතර, එසේ නොකිරීම නීති විරෝධී බව කියමින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
එමඟින් මූලික අයිතිවසිකම් උල්ලංඝනය වන බව ද පෙත්සමේ සඳහන් කර තිබේ.
එබැවින් මෙම මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තිබිණි.
එසේම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව නියමිත පරිදි මැතිවරණය පවත්වන්නැයි ඉල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත, ව්‍යාපාරිකයකු වන සම්පත් මෙරිඤ්ඤගේ ඇතුළු 11 දෙනකු ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඇම්.ඒ. සුමන්තිරන්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, නීතිඥ විරාන් කොරයා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිඥ වී.කේ. චොක්සි මහතා පෙනී සිටියේය.
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
වැඩිදුර විභාගය අද (28) පැවැත්වේ.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරියවිට අවසන් වෙනවා
නුවන්සර Thursday, 28 May 2020 09:48 AM
'ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් සංසන්දනය කිරීමේදී එක කරුණක් සමාන වනවා. ඒ ලෝකයේ ඕනෑම පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය විට එය අවසන් වනවා' .... උපුටා ගැනීම අවසන් .
දයාන්ජය Thursday, 28 May 2020 09:54 AM
යමෙක් ලුණු ජලයේ දිය කල විට ලුණු අවසන් වනවා.