කොළොම්පුර ඉදි කෙරුණු ”නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ ජාතික කලා රඟහල” මෙම මස 15 වැනිදා ජනාධිපතිවරයා අතින් විවෘත කර එම ජාතික සම්පත දැයට දායාද කිරීමට නියමිතව ඇත. ජාතික කලා රඟහල ඉදිකර ඇත්තේ කොළඹ 7, ජෝන් ද සිල්වා සමරු රඟහලට යාබදව ඇති නෝමෑඞ්ස් පිටියෙහිය. මෙය ජාත්‍යන්තර මට්ටමෙහිලා පිළිගැනෙන ඉතා ඉහළ පහසුකම් වලින් සමන්විත රංග ශාලාවකි. මෙම රඟහල භාර නිලධාරි කර්නල් සෙනරත් නිවුන් හැල්ල මහතා සඳහන් කරන අන්දමට මෙම රංග ශාලාවට අයත් භූමි භාගයේ සම්පූර්ණ ඉඩම් ප‍්‍රමාණය වර්ග මීටර් 21,760 කි. ගොඩනැගිල්ලට යටවූ බිම් ප‍්‍රමාණය වර්ග මීටර් 14,000 කි. මහල් පහකින් සමන්විත මෙ රංග ශාලාව නිර්මාණය කර ඇත්තේ සැලසුම් ශිල්පී මහාචාර්ය නිමල් සිල්වා මහතා අතිනි. ඒ පොළොන්නරුවේ නෙළුම් පොකුණේ ආකෘතියට අනුවය. මෙහි ප‍්‍රධාන ශාලාවේ වේදිකාව දිගින් මීටර් 16 කි. පළල මීටර් 09 කි. නිර්මාණයන්ට උචිත වන ආකාරයට වේදිකා විදුලි බලයෙන් උස් පහත් කිරීමටද හැකියාව ඇත. වාදක මණ්ඩලය සඳහාද උස් පහත් කළ හැකි පීඨිකාවක් ඇත. සුව පහසු ආසන සංඛ්‍යාව 1288 කි. මෙම ආසන පෙළ කොටස් තුනකින් සමන්විතය. මෙහි ඉහළ මාලයේ විවෘත රංග ශාලාවක් නිර්මාණයකර තිබීම විශේෂත්වයක් වන අතර, ප‍්‍රධාන පිවිසුමද එළිමහන් වේදිකාවක් ලෙස භාවිතයට ගැනීම සඳහාද පහසුකම් සලසා තිබේ. මෙයට අමතරව ප‍්‍රදර්ශන ශාලා දෙකක්, ඇඳුම් මාරු කිරීම සඳහා කාමර දහතුනක්, රැස්වීම් ශාලාවක්, පුහුණුවීම් ශාලාවක්, භෝජනාගාර ඇතුලූ තවත් අංශ ගණනාවක් සඳහාම පහසුකම් සලසා තිබෙන බව කර්නල් සෙනරත් නිවුන්හැල්ල මහතා රසවින්ඳනට පැවසීය. සම්පූර්ණ රංගන ශාලාවට වායුසමීකරණය කර ඇති අතර සෑම අංශයක්ම කැමරා පද්ධතියකින් සම්බන්ධීකරණය කර තිබීම මෙහි පවතින තවත් විශේෂත්වයකි. චීනxශ්‍රී ලංකා සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් ඉදි කෙරුණු මෙම රංඟ ශාලාවේ සම්පූර්ණ වියදම රුපියල් මිලියන 3080 කි. මහජන චීන සමූහාණ්ඩුව මෙම මුදලින් සියයට හැත්තෑපහක් ආධාර වශයෙන් ලබාදී තිබුණු අතර, ඉතිරිය දේශීය අරමුදලිනි.
අමරදාස සිල්වා
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලාංකීය කලාකරුවන්ට නෙළුම් පොකුණ
ජයන්ත Friday, 16 December 2011 08:14 AM
ගොඩාක් ස්තූතියි
රන්දු Friday, 09 December 2011 12:46 PM
75% නෙවෙයි 100%ක්ම ආපහු චීනෙම අරගත්තා නේද? ලංකාවේ කියලා කීදෙනාද ඔතන වැඩ කලේ?
චමින්ද Friday, 09 December 2011 01:13 PM
හුගක් හොද වැඩක්
ආර් Friday, 09 December 2011 01:31 PM
'නෙලුම් පොකුණ' යන වචන දෙකේ නම පමණයි ගැලපෙන්නේ.