IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රි ලංකාවත්

( තිළිණි ද සිල්වා )

මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම  සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ  අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව  ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute)  මගින් මෙම නම් කිරිම  සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ පැවතගෙන එන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන්ව ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඇමතිවරයා පෙන්වා දුන්නේ කොවිඩ් තත්ත්වයෙන් පසු ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක් මානසික හා ශරීර සෞඛ්‍ය පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බවත් , සුවතා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බවය.

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංචාරක අමාත්‍යවරුන්ගේ හමුවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.

මේ සදහා ප්‍රංශයේ සංචාරක රාජ්‍ය ලේකම් ජීන් බැටිස්ට් ලේමොයින් ,   ඊජිප්තු සංචාරක අමාත්‍ය ඛලෙඩ් අල් ආනානි  , ග්‍රිසියේ සංචාරක ඇමති වසිල්ලි කිකිලෙයිස් , ජෝර්දාන සංචාරක ඇමති නයේෆ් හිමිඩි අල් ෆයේස් , ඩොමිනික් සමුහාණ්ඩුවේ සංචාරක ඇමති ඩේවිඩ් කොලාඩෝ  සහ  මව්රිටිව්ස්   (Mavritivs) රාජ්‍යයේ සංචාරක අමාත්‍ය නියෝජිත ලොවිස් ස්ටීවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ශ්‍රී ලංකාව කොවිඩ් වලින් සුරක්ෂිත රටක් බවට පත්වෙමින් තිබෙන බව මෙම හමුවේ දි පෙන්වා දුන් සංචාරක ඇමතිවරයා ගෝලීය වසංගතය හේතුවෙන් බිදවැටුණු ලෝකයේ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට නම් සංචාරක ව්‍යාපාරයේ නිරත සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ් සුදානම පිළිබද පැහැදිලි කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීයා සිටියේ  මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් ලක්ෂ 120කට වැඩි පිරිසක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවයි. 

ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් එන්නත්කරණ වැඩසටහන නිසියාකාරයෙන් රට පුරා ක්‍රියාත්මක වූ බවත් මේ වන විට වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත් කිරීමට ද කටයුතු කරමින් සිටින බවත් රණතුංග මහතා කීවේය. 

මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් සුරක්ෂිත රටක් බවට පත් ව ඇති බැවින් සංචාරකයින් ශ්‍රී ලංකාවට එවීමට බිය නොවන්න යැයි ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග මෙරට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 40,365 ක් බවත් ඉන් කොවිඩ් අසාදිතයන් 323 දෙනෙකු පමණක් වාර්තා වු බවත් පැවසු රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයත් සමග රට මේ වන විට සංචාරකයන් සදහා පූර්ණ වශයෙන් විවෘතව ඇතැයි ද කීවේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ අපනයන ආදායමෙන් ඩොලර් ට්‍රිලියන 1.3 ක් හා සෘජු සංචාරක දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් ට්‍රිලියන 2 කට වැඩි පාඩුවක් සිදුව තිබේ. ලොවපුරා සංචාරක ක්ෂේත්‍ර යේ අවධානමකට ලක්ව ඇති රැකියාසංඛ්‍යාව මිලියන 100 කට අධික සංඛ්‍යාවකය.  

එහි බලපෑම සංචාරක ක්ෂේත්‍ර  යෙන් ඔබ්බට යන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ගේ පැමිණීමේ දැවැන්ත බිද වැටීම 2020 වසරේ ලෝක වෙළදාම 40%කින් පහත වැටීමට හේතු වූ බව ද පෙන්වා දුන්නේය. 

මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර සංචලතාව නැවත ස්ථාවර කර ගැනීම සදහා කටයුතු කල යුතුය. ඒ සදහා සෞඛ්‍ය අර්බුදයකට ප්‍රතිචාර දැක්වීමට ගත් ක්‍රියාමාර්ග තක්සේරු කිරීමෙන් සංචාරක ව්‍යාපාරය ශක්තිමත්, තිරසාර හා පරිපූර්ණ සංචාරක ව්‍යාපාරයක් බවට පත් කරගත හැකි වනු ඇතැයි ද ඇමතිවරයා ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංචාරක අමාත්‍යවරුන්ගේ හමුවේ පෙන්වා දුන්නේය.



අදහස් (4)

ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රි ලංකාවත්

සඳුන් Monday, 11 October 2021 12:47 PM

වෙසක් දවස් වලට අපාය, හොල්මන් ගුහාව වගේ දේවල් සල්ලි දීලත් බලන්න ලොකු උනන්දුවක් තියෙනවා.

:       4       2

Senarath Monday, 11 October 2021 02:57 PM

අපේ ගුවන්තොටුපලේ සිටම ලැබෙන සේවාව තව තවත් ඉහලට නැංවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා.ඒ වගේ අඩුපාඩුවකින් උනත් මේ කීර්තිනාමයට කැළලක් වෙන දෙයක් සිදුවෙන්න පුළුවන් .එහෙම හිතාමතා කරන උදවියත් ඉන්නවා .

:       1       1

ගමේ එකාලා Monday, 11 October 2021 03:21 PM

ඇඟේ තරමට මොලේ නැති උනාට පම්පෝරි ගැහිල්ලනම් තියෙනවා .දවල් හීන දකිනවා.

:       0       2

පිටරැටියා Monday, 11 October 2021 03:44 PM

දූෂිතම ආණ්ඩුවක් පවතින රටවල් අතරින් ලංකාව මුල්තැනට කියලා කිව්වොත්?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 406 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 327 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 722 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 5376 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1988 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 774 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 324 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 608 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1755 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site