IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලංකාවට ආධාර අරන් ඉන්දියාවෙන් ජපානෙන් එයි

අයහපත් කාලගුණය හේතුවෙන් මෙරට විපතට පත්වූ වැසියන්ට ආධාර රැගත් ගුවන් යානා දෙකක් ඉන්දියාවේ හා ජපානයේ සිට අද (21) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ජපානයෙන් ලැබුණු ආධාර තොගයක් රැගත් එමිරේට්ස් ගුවන් යානයක්ද ඉන්දියාවේ ආධාර සහිත විශේෂ ගුවන් යානයක්ද එසේ ලංකාවට පැමිණි අතර ඒවායේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම ජල පිරිසිදු කරන යන්ත්‍ර, විදුලි ජනන යන්ත්‍ර ආදිය ද ඇතුළත් බව කියති.

ඉන්දියා රජයෙන් පරිත්‍යාග කළ හාණ්ඩ තොගය ඉන්දියානු ශ්‍රී ලංකා මහකොමසාරිස් වයි.කේ.සිංග් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට නිල වශයෙන් භාර දුන් අතර ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහල ගේ උපදෙස් මත  කටුනායක මූලික කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කමාන්ඩෝ  එච්.ඇම්.එස්.කේ.බී.කොටකදෙණියගේ අධික්ෂණයෙන් ත්‍රිවිධ හමුදා  නිලධාරීන් එක්ව සහනාධාර භාණ්ඩ තොග කඩිනමින් අවැතැන්වූවන්ට ලබාදීමට  කිරීමට කටයුතු කළ බව ගුවන් හමුදාව පැවසීය.

මේ අතර තවත් ආධාර තොගයක් ඉන්දියාවේ සිට මෙරටට නැවකින් එවීමට ඉන්දීය රජය පියවර නෙ ඇත. ඒ අනුව එම නැවද ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතය.

sahanadara_20165215-(2) sahanadara_20165215-(3) sahanadara_20165215-(4) sahanadara_20165215-(5)

ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ



අදහස් (0)

ලංකාවට ආධාර අරන් ඉන්දියාවෙන් ජපානෙන් එයි

ගුණවර්ධන Sunday, 22 May 2016 11:54 AM

විපතකදී පිහිට වන අය අගය කළයුතුයි (නි)

:       0       0

සරත් Sunday, 22 May 2016 12:00 PM

කෝ තාම චීන අාධාර අාවේ නැද්ද? (නි)

:       0       0

චන්දන Sunday, 22 May 2016 06:11 PM

කෝ දැන් චීනය? අපිව හූරගෙන කන්න තමා බලාගෙන ඉන්නේ. චීනය පෙරටම එන්න ඕනෑ මේ වෙලාවේදී (නි)

:       0       0

චන්දන Sunday, 22 May 2016 06:14 PM

සංගක්කාර ඉන්දියාවට ආධාර දෙන්න සුදානම් වුණා නේද පහුගිය දවස්වල. මෙන්න අපේ අයටම උදව් කරන්න අවස්ථාව දැන් (නි)

:       0       0

ගයාන් Sunday, 22 May 2016 09:31 PM

පිටබැද්දර ජයාට පුදුම භක්තියක් වගේ තියෙන්නේ යහපාලනේ ගැන. මෝඩකමට බෙහෙත් නැහැ ජයා. ඔයා තාමත් ඉන්නේ මහා අවුල්සහගත තත්වයක වගේ. (නි)

:       0       0

දුමින්ද Saturday, 21 May 2016 07:47 AM

ලොව දිනු අගමැතිගේ විජයග්‍රහණයයි මේ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 21 May 2016 08:11 AM

සුනාමි වෙලාවේ ලැබුණු ආධාර වලට වුණේ මොකක්ද කියලා මතකනේ. ගසාකන්නන්ගෙන් පරෙස්සම් වුණොත්, අසරණ වූ අහිංසක ජනතාවට සාධාරණයක් ඉෂ්ට වේවි. එහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

දයාවතී Saturday, 21 May 2016 08:25 AM

දැන් ඔය දොස්තර සංගමය විරුද්ධ නැද්ද ලංකාවට ඉන්දියාවෙන් ආධාර එනවට? ඉන්දියාවේ ආධාර නැවත පිටත් කරලා ලංකාවේ ඉන්න සියලුම දොස්තරලගේ වැටුප මේ අසරණ මිනිසුන්ට දුන්නොත් හොඳයි නේද? දැන් ජලය බැස යනකොට හැදෙන ලෙඩ වලට දොස්තරලට තමයි හොඳ අදායමක් ලැබෙන්නේ (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 21 May 2016 08:45 AM

අසල්වැසියන් සමඟ සුහදව කටයුතු කිරීමේ ප්‍රතිඵල පේනවා නේද? දුකක් කරදරයක් ආපදාවක් වුණාම පිහිටට එනවා. කෝ දැන් ඉන්දියාවට උදේ ඉඳලා බනින කට්ටිය (නි)

:       0       0

ශාන්ත Saturday, 21 May 2016 08:50 AM

නරකම නැහැ අපි හිතන තරම් ඉන්දියාව. දුකේදී පිහිටවෙන එක උතුම් ගතියක් (නි)

:       0       0

පීරිස් Saturday, 21 May 2016 09:10 AM

වැඩේ හොඳයි. නමුත්, ජපානය කොහොම වෙතත්, ඉන්දියාව මේවාට වෙන වෙන දේවල් පස්සේ පොළියත් එක්ක ඉල්ලන්නේ නැතුව නැතුව දෙනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

මිචෙල් Saturday, 21 May 2016 09:12 AM

ඔය ලැබෙන ආධාර නියම පුද්ගලයන්ට ලැබෙනවා නම් මොනතරම් හොඳද? මොනතරම් ආධාර ලැබුනත් ඒවා නියම අසරණ මිනිසුන් හට ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

ශශී Monday, 23 May 2016 03:15 AM

ඔය ලැබෙන ආධාර නියම පුද්ගලයන්ට ලැබෙයි. මොකද ඔය වැඩවලට බාරව ඉන්නේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් (නි)

:       0       0

ජෙරමි Saturday, 21 May 2016 09:22 AM

බැරි වෙලාවත් අරයට දැනගන්න දෙන්න එපා. මතකනේ සුනාමි අාධාර වලට වෙච්ච දේ. (නි)

:       0       0

සුරංග Saturday, 21 May 2016 09:51 AM

මේවායෙන් කොච්චර ප්‍රමාණයක් හොර දේශපාලුවන්, සමහර ප්‍රාදේශිය සභාවල නිලධාරීන් ගසාකයිද කව්ද දන්නේ? සමහර දේවල් වලට මිලදී ගත්තා වගේ බිලුත් වැටෙයි. (නි)

:       0       0

ලසන්ත Saturday, 21 May 2016 10:04 AM

මේ ආධාර ලැබියයුත්තන්ට ලැබෙන්න සළස්වන එක රජයේ වගකීමක්. සුනාමි ආධාර වලට වුණ දේ මේවටත් නොවෙන්න වගබලාගන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Saturday, 21 May 2016 10:05 AM

නව රජයේ ජාත්‍යන්තර සබඳතා වල ප්‍රතිඵල (නි)

:       0       0

ජය ශ්‍රී Saturday, 21 May 2016 10:30 AM

ඕවා ලැබියයුතු පුද්ගලයන්ගේ අතට යෑමට වගකිවයුත්තෝ වගබලා ගන්න (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 21 May 2016 05:57 PM

මේ ආධාර විපතටපත් අයටම ලැබුනොත් හොඳයි. වෙන අය බෙදා ගනීවිද දන්නේ නැහැ. සුනාමි දවස් වල සිදුවු‍ණේ ඒකයි (නි)

:       0       0

තිලංක Saturday, 21 May 2016 06:03 PM

විපතේදී පිහිටවෙන මිතුරා තමයි සැබෑම මිතුරා (නි)

:       0       0

ටිකිරි Saturday, 21 May 2016 11:40 PM

දැන් සමහර දේශපාලඥයෝ ඔවුන්ගේ නම් ගහගෙන මේවා අසරණයින්ට බෙදන්න පටන් ගනී. පහුගිය සුනාමි කාලෙත් මේකමනේ කළේ (නි)

:       0       0

නිමල් ලලිත Sunday, 22 May 2016 02:28 AM

පිටබැද්දර ජයා, යහපත් දෙයට ප්‍රශංසා කිරීමටත්, වැරදි දෙයට දොස් පැවරීමේ හැකියාවත් මිනිසෙකුට තිබිය යුතුය. ඉන්දියා රජය යහපත් දේ කළත්, කවදත් සිංහලයට වින කරන තමිල්නාඩුවේ බලපෑම පරිදි වැරදි වැඩ කරනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 May 2016 07:03 AM

හරිම සතුටුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 49 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 0 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 392 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 171 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 336 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 766 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site