IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ලංකාවට ආ රූ රැජින වතගොත

 ‘ෆෙමිනා මිස් ඉන්ඩියා 2014‘  රූ රැජින තරගාවලියේ අවසන් වටයට තේරුනු  ඉන්දීය රූමතියෝ  විසිපස් දෙනෙකුට ශ්‍රී ලංකාවට පැමිණීමට  පසුගිය සතියේ අවස්ථාව උදාවිය.

සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සහ ඉන්දියාවේ ටයිම්ස්  ඔෆ් ඉන්ඩියා  මාධ්‍ය ආයතනය මැදිහත්ව මෙම අවස්ථාව ඔවුන්ට ලබා දී ඇත.

 බේරුවල සිනමන් බේ හෝටලයේ ඔවුහු  නවාතැන් ගත්හ. ඔවුන් සමග විවිධ ක්‍රියාකාරකම් පැවැති ස්ථාන වලට යාමට එසැණට  හැකිවු අතර එහිදී ඔවුන් සමග කතා බහක යෙදෙන්නටද හැකි විය.

ඉන්දියාවේ විවිද ප්‍රදේශයන්හි සිට මෙහි පැමිණි  බොහෝ යුවතියෝ එරට විශ්ව විද්‍යාල  සහ උසස් අධ්‍යාපන ආයතනය වල විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අධ්‍යාපනය හදාරති. උපාධි ලාභී යුවතියෝද මේ අතර වුහ.තම අනාගතය ගොඩ නගා ගැනීම උදෙසා ඉන්දීය රූ රැජින තරගාවලියට එක්ව ඇති ඔවුන්ගේ විස්තර ඉතා රසවත්ය.

 

මන්සි ග්‍රේවෝල්  උතුරු ඉන්දියාවේ චන්දිගාර් හි පදිංචි 21 හැවිරිදි යුවතියකි.  ඇයට  සොයුරන්  දෙදෙනෙකි.    ඇය  එරට විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යාව  පිළිබඳ උපාධියක් හදාරන අවසන් වසරේ සිසුවියකි.  අනාගතයේදී වෛද්‍ය සායනයක් ආරම්භ කිරීමට ඇය බලාපොරොත්තු වන්නීය. ඇය මෙම තරගාවලියට සහභාගී වී ඇත්තේ විනෝදාංශයක් ලෙසයි.  ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක් බව ඇය කීවාය.

ජතාලිකා මල්හෝත්‍රා මුම්බායි නුවර පදිංචි  19 හැවිරිදි යුවතියකි. ඇයට ඇත්තේ එක් සොහොයුරෙක් පමණි. ඇය  මුම්බායි  විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධිය හදාරන එහි දෙවන වසරේ සිසුවියකි.

ඇයගේ සිහිනය ලෝක රූ රැජින වීමයි. එමෙන්ම කලාකාරිනියක් වීමට කැමති බවත් කීවාය. ශ්‍රී ලංකාවේ  ආගන්තුක සත්කාරය අතින්  ඉහළ මට්ටමක ඇති සුන්දර රටක්  බව ඇය කීවාය.


ලෝපාමද්‍රා රවුට්  මහාරාෂ්ට්‍රයේ නාග්පුර්හි පදිංචි 22 හැවිරිදි යුවතියකි.  ඇයට එක් සොහොයුරියක් සිටී.  
 ඇය  එරට විශ්ව විද්‍යාලයක  විද්‍යුත් ඉංජිනේරු  උපාධිය හදාරන අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුවියකි.
ඇගේ බලාපොරොත්තුව  ඉන්දියා රූ රැජින ලෙස ඇගේ රටට කිර්තියක් අත් කරදීමයි. අනාගතයේදී නිළියක් වීමට ඇය සිහින මවයි.

 සෝනල් රිහානි 21  හැවිරිදි වියේ පසුවෙන විශ්ව විද්‍යාල සිසුවියකි. ඇය කල්කටාවේ පදිංචිකාරියකි.  
ඇය  මුම්බායි සරසවියේ කාබනික රසායනය පිලිබඳ උපාධියක් හදාරයි.
ඉන්දියා රූ රැජින වීමට සිහින දකින ඇගේ අනාගත බලාපොරොත්තුව කතිකාචාර්යවරියක් වීමයි.
ශ්‍රී ලංකාවට පැමිණියේ පළමු වරට බව කී ඇය ශ්‍රී ලංකාවට ඛෙහෙවින් ආදරය කරන බව කීවාය.

ජන්තී හසාරිකා විසි හැවිරිදි යුවතියකි.  තම පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු සිටින බව කී ඇය මව,පියා සහ සොහොයුරිය හැරුණු කොට සුරතල් බලූ පැටවෙක් සිටින බවත් කිවාය.
බැංගලෝරයේ පදිංචිකාරියක වන ඇය බැංගලෝරයේ  ‘වෝග් කොලේජ්‘  හි මෝස්තර  නිර්මාන ශිල්පය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරයි.
සාර්ථක මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වීමට බලාපොරොත්තු වන ඇය එහි එක් පියවරක් ලෙස  මෙම රූ රැජින තරගාවලියට ඉදිරිපත්ව ඇත.
ශ්‍රී ලංකාවේ මිනිසුන් ඉතා කාරුණික  බව  ඇය කීවාය.


සාහිත්‍යා ජෙගනාදන් විසි හතර හිවිරිදි යුවතියකි.  චෙන්නායි හි උපත ලද ඇයට එක් සොහොයුරෙක් සිටී.
ඇය 2009 වසරේ චෙන්නායි රූ රැජින ලෙස කිරුළු පැළඳි යුවතියකි.
ඇය ජනමාධ්‍ය සහ පුස්තකාල සේවා පිළිබඳ උපාධියක් හදාරයි.
ඇය ලෝක ජන මාධ්‍ය කර්මාන්තයට එකතුවීමට බලාපොරොත්තු වන්නීය.   
ඉන්දීය රූ රැජින විමට පෙරුම්පුරන බව කී ඇය මින් පෙර දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවට ඛෙහෙවින් ආදරය කරන බවත් කීවාය.

 අමර්ජෝති කොවුර් විසි හතර හැවිරිදි යුවතියකි.  චන්දිගාර් හි පදිංචි  ඇයට බාල සොයුරෙක්  සිටී.
ඉන්දියාවේ  ‘ඉන්ෆොසිස්‘ සමාගමේ  මෘදුකාංග ඉංජිනේරුවරියක ලෙස  සේවය කරන ඇය මෙම රූ රැජින තරගාවලියට ඉදිරිපත් වී ඇත්තේ සමාජ සේවාවන්  කිරීමට මින් ලැබෙන ජනප්‍රියත්වය පිටුවහලක් වන බැවිනි.
ඇයගේ අනාගත බලාපොරොත්තුව වන්නේ සමාජ සේවා වැඩකටයුතු කිරීමත්  දරුවන්ට රැකවරණය සැලසීමත්ය.
ඇය මෙරටට පැමිණ ඇත්තේ පළමු වරට වන අතර ශ්‍රී ලාංකීය ජනතාවට ඇය ආදරය කරන බව කීවාය.


 කෝයල් රානා විසි එක් හැවිරිදි යුවතියකි.  දිල්ලි නුවර පදිංචි ඇයට සොහොයුරෙක් සහ සොහොයුරියක්  සිටියි.   දිල්ලි විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හදාරන ඇය එහි තුන්වෙනි වසරේ සිසුවියකි.
ඉන්දීය රූ රැජින වීම පෙරුම්පුරන ඇය අනාගතයේදී තමන්ගේම ව්‍යාපාරයක් කිරිමට බලාපොරොත්ත වෙයි.
මෙම  අවස්ථාව සලසා දුන් සිනමන් හොටෙල් ඇන්ඩ්  රිසෝට් හෝටල් ජාලය තම සිත් බැද ගත් බව ඇය කීවාය.

අර්පිතා කොවුර් විසි හැවිරිදි යුවතියකි. බැංගලෝරයේ පදිංචි ඇය පවුලේ එකම දරුවා වෙයි. ‘ඉන්ටිරියල් ඩිසයිනර්‘ පාඨමාලාවක් හදාරව ඇය  නේපාලයේ විශ්ව විද්‍යාලයක දෙවන වසරේ ශිෂ්‍යාවකි.
ඇය  නිව්යෝක් හි ඒ හා සම්බන්ධ ලොව විශාලතම සමාගම හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටී.
ඇය ශ්‍රී ලංකාවේ පවතින කාලගුනික  තතත්වයන්ට කැමති බවත් මෙම අවස්ථාව සලසා දුන් ශ්‍රී ලංකාවේ සිනමන් ඇන්ඩ් රෙසෝට් ආයතනයට ඛෙහෙවින් ස්තුතිවන්ත වන බවත් පැවසුවාය.
ඇය ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වෙන අතර මිස් ඉන්ඩියා තරගාවලියට සහභාගී විම තුලින්   ලක්ෂ ගනන් ජනතාව අතරට යාමට හැකිවන බව ඇය කීවාය. ඉන්  තමාගේ ඉලක්කය ජය ගැනීම පහසු බවත් ඇය කිවාය.


 යොෂිකි සින්දර් විසි තුන් හැවිරිදි තරුණියකි.  උතුරු ඉන්දියාවේ පදිංචි ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ හොහොයුරික් සිටියි.
ඇය වෘත්තියෙන් ඉංජිනේරුවරියකි. ගායිකාවක් ලෙසත් මෝස්තර නිරූපන ශිල්පිනියක් ලෙසත්  කටයුතු කරන ඇයගේ බලාපොරොත්තුව මිස් ඉන්ඩියා තරගයෙන් ජයග්‍රහනය කර ලෝක රූ රැජින තරගයට එක්වීමයි.
ඉතාමත් දක්ෂ තරුණියක වන ඇය මෙරටදී පැවති  ‘මිස් ඇක්ටිවිටි‘  අභියෝගාත්මක තරගාවලියේදී  කැපී පෙනෙන දස්කම් දැක්වුවාය. නමුත් එම කිරුළ දිනාගැනීමට ඇයට නොහැකි විය.
ශ්‍රී ලංකාවට පැමිණි දෙවන වතාව මෙය වන අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ලංකාව සුන්දර රටක් බවත් ඇය  කීවාය.

සංජනා ගනේෂන් විසි දෙහැවිරිදි තරුණියකි.  බාල සහෝදරියක් පමණක් සිටින ඇයට සුරතල් පූස් පැටවුන් හතර දෙනෙකු සිටින බව කීවාය.   ‘කඩල්ස්‘ සහ ‘පබල්ස්‘ යන නම් වලින්   නිවුන් පුස් පැටවුන් දෙදෙනෙක් ඒ අතර වන බවත් බ්ලැකී සහ රොකී අනිත් දෙදෙනා බවත්  ඇය පැවසුවාය.
පරිගණක  ඉංජිනේරුවරියක් ලෙස කටයුතු  කරන ඇය ඉන්දියාවේ දක්ෂකම නිරූපන ශිල්පිනිය වීමට පෙරුම් පුරයි.
ශ්‍රී ලංකාවට පැමිණි  ප්‍රථම අවස්ථාව මෙය බව පවසන ඇය මෙහ අවස්ථාව සලසා දුන් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් ආයතයට බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් පැවසුවාය.

දීප්ති සැට්  විසි හතර හැවිරිදි තරුණියකි.  මුම්බායි පදිංචි ඇය පවුලේ එකම දරුවා වෙයි.
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරා ඇති අය ඉන්දියා රූ රැජින වීමට බලාපොරොත්තුවෙන් සිටියි.
ඇයගේ එකම සිහිනය වන්නේ කෙදිනක හෝ ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ මාධ්‍ය ජාලයේ විධායක නිලධාරිනිය වීමයි.

ශ්‍රී ලංකවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවත්  මෙරට ජනතාව ඉතා කාරුණික බවත් ඇය කීවාය.

 ඉර්ෂිකා මෙහෙරෝත්‍රා විසිදෙහැවිරිදි තරුණියකි.  හයිද්‍රාබාද් හි පදිංචි ඇය මුල්‍ය කටයුතු සහ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් හදාරන දෙවන වසරේ  විශ්ව විද්‍යාල සිසුවියකි.
ඉන්දියා රජයේ පරිපාලන තන්ත්‍රයට එක්වීමට බලාපොරොත්තු වන ඇය ඉන්දීය රූ රැජින වීමට අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ආදරය කරන බවත් ඇය පැවසුවාය.

නිඛිලා නන්ද්ගෝපාල් දහ අට හැවිරිදි තරුණියකි. බැංගලෝරයෝ පදිංචි ඇය එහි උසස් බාලික විදුහලක දොළොස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරයි. භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව ඇගේ ප්‍රියතම විෂයන් වෙයි.
බේරුවල  ‘සිනමන් බේ‘  හෝටලයේ පැවති ‘මිස් ඇක්ටිවිටි‘ අභියෝගාත්මක තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගනිමින්   ෆෙමිනා මිස් ඉන්ඩියා රූ රැජින තරගාවලියේ එක් අංගයක් වන  ‘මිස් ඇක්ටිවිටි‘ වීමේ භාග්‍ය  ඇය උදාකරගත්තාය.
සෙසු යුවතියන්ට වඩා මනා ඉවසීමකින් සියළු අභියෝගාත්මක තරගවලදී ජයග්‍රහණය උදාකරගැනිමට කටයුතු කළ ඇය ඒ සඳහා ඉතා වෙහෙසක් ගත්තාය.
ඇගේ අනාගත බලාපොරොත්තුව මෝස්තර නිරූපන සමාගමක් ආරම්භ කිරීමයි.
ඇය ශ්‍රී ලංකාව සුන්දර රටක් බව කීවාය.


 ආරාධනා නයර් විසිපස් හැවිරිදි යුවතියකි. කේරලයේ උපත ලද ඇය මේ වන විට ඉන්දියාවේ අග නගරය වන දිල්ලි හි වාසය කරයි. ඇයට ඇත්තේ එක සොහොයුරෙක් පමණි.
ගුවන්සේවිකාවක් ලෙස කටයුතු කර ඇති ඇය මේ වන විට එන්.ඩී.ටී.වී මාධ්‍ය ආයතනයේ .ජනමාධ්‍යවේදිනියක් ලෙස සේවය කරයි.  
ඇය ජනමාධ්‍ය වේදය පිළිබඳ පශ්චාත් උපාධිය හදාරයි.
ඇය කරන සියළු දේ සාර්තක වන බව පවසන ඇය ඉන්දියාවට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීම එකම අරමුණ බව කිවාය.
ශ්‍රී ලංකාවේ  පිහිටිමට ඇය කැමති බව කීවාය.

සිම්රන් කන්ද්වාල්  18 හැවිරිදි යුවතියකි. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇයට වැඩිමහල් සොහොයුරියක් සහ බාල සොහොයුරෙක් සිටියි.
ඇය වානිජ  අංශයෙන් අධ්‍යාපනය ලබන සිසුවියකි. ඇය දොළොස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.
ඇයගේ දෙමව්පියන් ඉන්දියාවේ  රෝහලක් පවත්වාගෙන යක බවත් එහි රෝගීන්ට නොමිලේ ඛෙහෙත් හේත් ලබා දෙන බවත් ඇය පැවසුවාය.
 සමාජ සේවය කිරීමට බලාපොරොත්තු වන අය ඉන්දීය රූ රැජින තරගයට ඉදිරිපත්ව ඇත්තේ එමගින් ජනතාවට ලංවීමට අවකාශය ලැඛෙන බැවින් බව කීවාය.
ශ්‍රී ලංකාව ජීවත්වීමට සුදුසු රටක් බව ඇය කීවාය.

අදිති වොට්ස් විසි එක් හැවිරිදි යුවතියකි. උතුරු ඉන්දියාවේ ජායිපුර්හි පදිංචිකාරියක වන ඇයට වැඩිමහල් සහෝදරයෙන්  සිටියි.
පුනෙයි හි  නීති විද්‍යාලයේ තුන්වන වසරේ සිසුවියක වන ඇය නිළියක් වීමට බලාපොරොත්තු වන බව කීවාය.
ඕනෑම වෘත්තියක් සඳහා අධ්‍යාපනය අවශ්‍ය බැවින් උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන බව ඇය කීවාය.
ශ්‍රී ලංකාව පිළිබඳ සුබවාදී සිතුවිලි වලින් තම සිත පිරී ගිය බව ඇය කීවාය.

වර්ෂා ගෝපාල් බැංගලෝරයේ පදිංචි 19 හැවිරිදි යුවතියකි. ඇයගේ වැඩමහල් සහෝදරයා ලංඩනයේ පදිංචි බව ඇය කීවාය.
ඇයගේ බලාපොරොත්තුව වරලත් ගනකාධිකාරිනියක වීමයි. ඇය බැංගලෝරයේ විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමණාකරනය පිළිබඳ උපාධියක් හදාරයි.
ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බව අය කීවාය.

ගේල් ද සිල්වා ඉන්දියාවේ ගෝවේ පදිංචි විසි එක් හැවිරිදි යුවතියකි. ඇය පවුලේ එකම දියණියයි.
ව්‍යාපාර පරිපාලනය පිලිබඳ උපාධියක් හදාරන ඇය දෙවන වසරේ විශ්ව විද්‍යාල සිසුවියකි.
ඇගේ බලාපොරොත්තුව  දක්ෂ මෝස්තර නිරූපන ශිල්පිනියක් වීමයි.
ශ්‍රී ලංකාව පිළිබඳ සුභවාදී තොරතුරු ලෝකයාට හෙළි දරව් කරන බව ඇය කිවාය.

ටී.ජේ භානු උතුරු ඉන්දියාවේ රායිපුර්හි පදිංචි විසි එක් හැවිරිදි යුවතියකි.   ඇයට සොහොයුරන් දෙදෙනෙකි.
රායිපුර් හි විශ්ව විද්‍යාලයක වෙළඳ දැන්වීම් ප්‍රකාශනය පිළිබඳ උපධියක් හදාරන ඇය එහි දෙවන වසරේ සිසුවියකි.
ඇයගේ බලාපොරොත්තුව නිළියක් වීමයි.
ශ්‍රී ලංකාවට ආදරය කරන බව ඇය කිවාය.

අරීෂා ඛාන් ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි 19 හැවිරිදි යුවතියකි. ඇයට එක් සහෝදරියක් පමණක් සිටියි.
ඹුම්බායි විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ  අධ්‍යාපනය ලබන සිසුවියක් වන ඇය මාධ්‍ය පිළිබඳ උපාධියක් හදාරයි.
චිත්‍රපටි නිෂ්පාධිකාවක්  සහ නිළියක් වීම වීම ඇගේ එකම පැතුමයි.
ශ්‍රී ලංකාවේ ඉතා හොඳ මිනිසුන් සිටින බව ඇය කීවාය.

අස්වතී රමේෂ් කේරලයේ අන්ද්‍රා ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණියකි. ඇයට බාල සොහොයුරෙක් පමනක් සිටියි.
ඇය බැංගලෝරයේ විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමනාකරනය පිළිබඳ උපාධි පාඨමාලාවක් හදාරන දෙවන වසරේ සිසුවියකි.
ඇය මුල්‍ය සමාගමක් ආරම්භ කිරීමට බලාපොරොත්ත වෙයි.
මෝස්තර නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමටද ඇය ආශාවක් දක්වයි.

මේදිනී ඉගූර් බැංගලෝරයේ පදිංචි විසි එක් හැවිරිදි යුවතියකි. පවුලේ එකක දරුවා වන ඇය බැංගලෝරයේ විශ්ව විද්‍යාලයක ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් හදාරයි. ඇය එහි හතරවෙනි වසරේ සිසුවියකි.
තමන්ට රගපෑමට නොහැකි බව  පැවසු ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙසත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක්  ලෙස කටයුතු කිරීමටත් කැමති බව කීවාය.
ශ්‍රී ලංකාවට පැමිනි ප්‍රථම අවස්ථාව මෙය බවත් මෙම සංචාරය නිසා ලංකාවේ ජනතාව සමග ලගින් ඇසුරු කිරීමට හැකි වු බවත් ඇය කිවාය.

මාලතී කහේර්  අග්‍රා හි පදිංචි විස් තුන් හැවිරිදි තරුණියකි. ඇයට බාල සහෝදරයෙක් පමනක් සිටියි.
 ඇය ලක්නව්හි උසස් අධ්‍යාපන ආයතනයක මෘදුකාංග ඉංජිනේරු  උපාධිය හදාරයි.
ව්‍යාපාරික කාන්තාවක් වීමට බලාපොරොත්තු වන ඇය ඉන්දීය රූ රැජින සහ ලෝක රූ රැජින වීමට බලාපොරොත්තු වන බව  කීවාය.
ඇගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවත් තමන් ශ්‍රී ලංකාවට බොහෝ ආදරය කරන බවත් ඇය කිවාය.


චාමිනී සෙකියුරියා මුම්බායි හි පදිංචි විසිදෙහැවිරිදි තරුනියකි. හෝටල් කළමණාකරන උපාධියක් හදාරා ඇති ඇය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට බලාපොරොත්තුවෙන් සිටියි. ඉන්දීය රූ රැජින කිරුළ හිමිකරගැනිම ඇගේ එකම බලාපොරොත්තුවයි.
 ඇය ශ්‍රී ලංකාවට පැමිනි ප්‍රථම වතාව බවත් එයට අවස්ථාව සලසා දුන් සියළු පාර්ශවයන්ට ස්තුති වන්ත වන බවත් ඇය කීවාය.



අදහස් (0)

ලංකාවට ආ රූ රැජින වතගොත

ජිලෝ Monday, 17 March 2014 12:13 PM

ලස්සන සැම දේ මෝහතට සුව දේ එහි කෙලවර දුක දේ. (නදී)

:       0       0

කමනී Monday, 17 March 2014 12:16 PM

ඉන්දියා උපාධිය ගැන දන්නෝ දනිති. මෙයාලගේ රටට අපි ගියහම සැලකීම කොහොමද? (නදී)

:       0       0

කමනි Monday, 17 March 2014 01:36 PM

මේගොල්ලො ඇත්තට ලස්සන ඇති. ඒත් ඉස්සර ඉන්දීය රූ රැජිනියන්ට කිට්ටු වෙන්නවත් බෑ. (අ)

:       0       0

ජේන් Monday, 17 March 2014 02:15 PM

කව්ද අනේ මෙයාලව තේරුවේ.(නදී)

:       0       0

ලංකාසිරි Monday, 17 March 2014 03:23 PM

අත්තෙටම ඇති ලස්සනක් නෑ. (අ)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Monday, 17 March 2014 03:01 AM

ලාටු ..නොගෑවට මූන හඳ වගේ- ගම් බද ළංකා කෙල්ලන් ගේ.// මොනව වුනත් රූකඩ නටවන්න හොදයි මේ අය. (නදී)

:       0       0

දයා අලහකෝන් Monday, 17 March 2014 04:00 PM

අනේ අපේ රටේ ගම්බද කෙල්ලන්ගේ මයිලක් විතරවත් වටින්නේ නැත (අ)

:       0       0

ද සිල්වා Monday, 17 March 2014 04:17 AM

ඉන්දියාවේ ඉඳන් රු රජිනියෝ අව කියල ලංකාවේ ඉන්න දුප්පත් අපේ ප්‍රශ්න විසදෙන්නේ නැහැනේ ? වෙන්නේ අපේ තිබෙන්න විදේශ විනිමය ටිකකුත් වියදම් වෙන එක.(නදී)

:       0       0

බණ්ඩාර කුවෙට් Monday, 17 March 2014 09:33 AM

ලොව විශ්ව ගම්මානයක් වෙලා ධනාත්මකව සිතන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 242 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 543 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1410 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1667 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2148 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1097 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20367 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18256 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site